Mirror - "බොදු බල සේනා" සංවිධානයේ තේමා ගීතය මොබිටෙල් ආයතනය හරහා "රිගින් ටෝන්" එකක් වශයෙන් ලබා දෙනුයේ දායකයන්ගේ ඉල්ලීමක් නිසා බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
තම සංවිධානය හා මොබිටෙල් ආයතනය සමඟ ඇතිකරගත් ගිවිසුමක් මත බොදු බල සේනා තේමා ගීතය දායකයන්ට ලබාදීමට කටයුතු කර ඇති බවත්, එම 'රිගින් ටෝ'න් සඳහා මාසිකව අය කරනු ලබන රුපියල් 30 ක මුදල තම සංවිධානයේ අරමුදලට ලබා දෙන බවත් ඒ හිමියෝ පැවැසූහ.
මේ පිළිබඳ තම සංවිධානයට විරුද්ධව විවිධ මතවාද හා කටකතා ගොඩනැංවීමට උත්සාහ කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ තවදුරටත් පැවැසූහ.
උන්වහන්සේ එම කරුණු සඳහන් කලේ, ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එජාප සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා විසින් කල ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වැඩි කොටස් අයිතිය ආණ්ඩුවට තිබියදී, බොදු බල සේනාව නමැති මුලධර්මවාදී සංවිධානයේ තේමා ගීතය, ටෙලිකොම් සමාගම යටතේ වන මොබිටෙල් ජංගම දුරකථන ජලයේ රින්ගින් ටොන් එකක් වූ යේ කෙසේදැයි මංගල සමරවීර මහතා එහිදී ප්‍රශ්න කළේය.
මෙම 'රිගින් ටෝන්' එක සඳහා ලැබෙන මුදල් බොදුබල සේනාව සඳහා බැර කෙරෙන බවත් වෙනත් මුලධර්මවාදී සංවිධානයක් රහමන්ගේ තේමා ගීතය ද මෙසේ රින්ගින් ටොන් එකක් ලෙස අලෙවි කරන්නයි ඉල්ලා සිටියහොත් ආණ්ඩුව ඊට ඉඩදෙනවද කියා අසන බවත් මංගල සමරවීර මහතා පැවසිය.
මේ අතර, තම සංවිධානයේ කි‍්‍රයාකාරිත්වය නිසා කිසියම් අන්තවාදයක් නිර්මාණය වී ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙස ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ද කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

