පෝදා සටහන....
සුද්දා ඔවුන්ට ලේ වලින්ම පක්ෂපාති ජන කොටසක් සිංහල මිනිස්සු අතරෙම බෝ කරලයි යන්න ගියේ. ඒ ජන කොටස ජාතියක් වශයෙනුත් සුද්දට පක්ෂපාතියි. ආගමක් වශයෙනුත් පක්ෂපාතීයි.
"සිංහල" කියන ජන කොටසට ආවේණික සංස්කෘතියක් තිබුණා. ඒ සංස්කෘතිය පෝෂණය වුණේ මිහිඳු හිමිගේ ලංකාගමනයෙන් පසු මෙරටට බුදු දහම පැමිණීම නිසා. බුදු දහමත් එක්කම බොහෝ කලා ශිල්ප සහ කර්මාන්තයන් මෙරටට පැමිණියා. ඒත් එක්කම මේ රටේ අලුත් සංස්කෘතියක් බිහි වුණා. එතකොට ලංකාවේ හිටියේ සිංහලයා විතරයි. සිංහලයා බෞද්ධ දර්ශනයේ ආභාෂයෙන් ගොඩනගපු සංස්කෘතිය "සිංහල බෞද්ධ සංස්කෘතිය". මහින්දාගමනයෙන් පස්සේ ඉංග්‍රීසින් ලංකාව අල්ලගන්න තෙක්ම මේ රටේ තිබුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය. වෙනත් විදියකින් කියනවා නම් එදා සිංහලයා කියල කිව්වේ "බෞද්ධයාට".
අද සිංහලයා පිල් දෙකකට බෙදිලා. එක පැත්තකින් ආගමිකව පිල් දෙකකට බෙදිලා. බෙදිලා නෙමෙයි සුද්දා බෙදලයි ගියේ. සුද්දා මේ රට අල්ලගන්නකොට මේ රටේ තිබුණු පන්සල් බොහොමයක් සුද්දා යනකොට පල්ලි බවට පත් වෙලා. එදා හිටපු සිල්වත් භික්ෂුන් වහන්සේලා සුද්දගේ වෙඩි පහරින් මැරුම් කෑවා. මරණ සහතික ලියන්න කෙනෙක් එදා හිටියේ නෑ. ඉන් පස්සේ ඉතුරුවුණේ දුස්සීල භික්ෂුන් පමණයි. එදා සුදදා විසින්ම ඔවුන්ව හැඳින්වූවේ "ගණින්නාන්සේලා" කියලා. ඒ භික්ෂුන්ට බිරින්දෑවරු පවා ඉඳල තියෙනවා. අද ඉන්න සමන්තභද්‍ර වැනි අශෝභන භික්ෂු පරපුරක් දක්වා මේ සාසනය පිරිහෙන්නේ ඔය විදියට. හැබැයි පණ පුදලා ශාසනය වෙනුවෙන් කැපවුණු සංඝරාජ වරුත් එදා හිටියා. අපි අද සත්‍ය දකින්න ඇස් දෙක ලැබුවේ උන් වහන්සේලාට පින් සිදු වෙන්න.
සුද්දා ගියේ තවත් විදියකට සිංහලයව පිල් බෙදලා. ඒ තමා දේශපාලනිකව. සුද්දා අටවපු උගුලක වැටිලා බණ්ඩාරනායකවරු මේ බෙදීම තවත් තීව්‍ර කළා. ඉන් පස්සේ රෝහණ විජේවීර ආදීන්ගෙන් පටන්ගත්ත බෙදීමේ ඊළඟ අදියර තව දුරටත් සිද්ද වෙනවා.
මට බොදු බලසේනාව සිහිවෙනවා. ඇයි බොදුබලසේනාව බිහිවෙන්නේ? ඇත්තටම බොදුබලසේනාව බිහිවෙන්නේ පාඨලී ගේ 2020 ජනාධිපති සිහිනය වෙනුවෙන්. බලන්න එදා සුද්දා ඇති කරපු "බෙදීම" සිංහලයා විසින් අද කොච්චර දුරට ඇදගෙන ඇවිත් තියෙනවද කියල.
සිංහලයගේ "ආගමික බෙදීමට" නම් විසඳුමක් නැහැ. ඒක ප්‍රශ්නයකුත් නැහැ. මොකද බුදුන්ගේ දවසෙත් ජෛන, නිඝන්ට වගේ පිරිස් හිටපු නිසා. ඒ වුනාට සිංහලයගේ "දේශපාලන බෙදීමට" විසඳුමක් තියෙනවා. ඒක තමයි මේ රටේ චීනයේ වගේ "තනි පක්ෂ දේශපාලන ක්‍රමයක්" ඇති කිරීම. එහෙම කලොත් විතරයි පරයින්ට එකතුවුණු බාගෙට බාගයක් "නමට - සිංහලයින්ව " පාලනය කරන්න පුළුවන් වෙන්නේ.
මේ ප්‍රශ්නේ බරපතලකම වැටහෙන්නේ 2020 ජනාධිපතිවරණය ගැන හිතද්දී. ඇත්තටම එදාට තුන්කොන් සටනක් ආවොත් සිංහල බෞද්ධ ඡන්ද දෙකට බෙදෙනවා. එහෙම වුනොත් එදාටත් ලංකාවේ ජනාධිපති වෙන්නේ දමිලයන්ගෙයි, මුසල්මානුවන්ගෙයි ජනපති කෙනෙක්. එහෙම වුනොත් 2020න් පස්සේ අරාබි භාෂාවෙනුත් ශ්‍රී ලංකා ජාතික ගීය ගයන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.
- අරුණ වාසලමුදලි
https://www.facebook.com/aruna.wasalamudaliarachchi