පෝන්_එක_පිපුරැවොත්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පෝන්_එක_පිපුරැවොත්

    183254_280964172004613_265919098_n.jpg



    තවත් ජංගම දුරකථනයක් සාක්කුවේ පුපුරා යයි

    අද පස්වරු 01ට පමණ ගල්ගමුව පදිංචි උපාලි අමරසිංහ මහතාගේ ජංගම දුරකථනය රතිඤ්ඤා හඩට වඩා වැඩි ශබිදයකින් පුපුරා ගොස් තිබෙනවා.

    ගල්ගමුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන්ද එතැන සිට ඇති අතර පිපිරීම හේතුවෙන් ඔහු ඇඳ සිටි කිලිසමද ගිනිගෙන ඇත. 51 හැවිරිදි ඔහුගේ පාදයක් හා අතක් ද එම නිසා පිලිස්සී ඇත.

    ඔහු භාවිතා කර ඇති දුරකථනය වන්නේ Samsung GT E1085F ය

    පසුගිය ජූලි 09 වනදා ගම්පහ ප්‍රදේශයේ පදිංචි රංග දුමින්ද නම් තැපැල් සේවයේ නියුතු පුද්ගලයාගේද සාක්කුවේ තිබියදී ජංගම දුරකථනය පුපුරා ගිනිගෙන තිබුණා.

    එය සාක්කුවෙන් ඉවත්කිරීමට යාමේදී ඔහුගේ අතක්ද පිලිස්සී හදිසි අනතුරු අංශයට ඇතුලත් කර තිබුණා.

    2011 වසරේ මාර්තු මාසයේ 04 වෙනිදා ආරෝපනය කරමින් තිබූ ජංගම දුරකථනයක් පුපුරා යාමෙන් පැළෑද මාහේන මංගලාරාම විහාරස්ථානයේ සංඝාවාසයේ කොටසක් විනාශයට පත්වුණා. ගින්න හේතුවෙන් හේතුවෙන් එහි තැන්පත් කර තිබූ චීවර මෙන්ම ඉතා ඉහළ වටිනාකමකින් යුතු පොත්පත් හා උපකරණ විනාශ වී තිබුනා.

    2010 වසරේ ඔක්තෝබර් මාසයේ ජංගම දුරකථනයක්‌ පිපිරීම නිසා යාපනය චුන්ඩිකුලම් කඳවුරේ 19 හැවිරිදි සොල්දාදුවකුගේ ඇසක්‌ අහිමි වී තිබුණා.

    මෙම ජංගම දුරකථනය ආරෝපනය කිරීම සඳහා විදුලි පේනුවට සම්බන්ධ කර තිබියදී පිටින් ඇමැතුමක්‌ පැමිණි නිසා මේ සොල්දාදුවා එයට පිළිතුරු දීම සඳහා දුරකථනය ඔසවා තිබුණා. ඒ අවස්‌ථාවේ ජංගම දුරකථනය පුපුරාගොස්‌ ඇති අතර පසුව සෙබළා යාපනය රෝහලට ඇතුළත් කර තිබුණා.

    සෙබළාගේ ඇස්‌ දෙකටම හානි සිදුවී තිබූ අතර එක්‌ ඇසක්‌ සම්පූර්ණයෙන්ම අන්ධ වුණා.

    දැනට ජංගම දුරකථන නිසා ලංකාවෙන් වාර්තාවෙන්නේ මෙම අනතුරු හතරයි.

    නිෂ්පාදන තත්ත්වයෙන් බාල, ප්‍රමිතියෙන් තොර ලාභදායි ජංගම දුරකථන භාවිතා කිරීම මෙම අනතුරු වලට එක හේතුවක් වන අතර ඒවායේ භාවිතා වන කෝෂද ප්‍රමිතියෙන් තොරය. නමුත් ඉහත අනතුරේදී පුපුරා ගොස් තිබුනේ ප්‍රමිතියෙන් තොර දුරකථනයක් නොවේ.

    ඇතැම් විට දුරකථනය හොඳ එකක් වුවද ඔහු භාවිතා කල බැටරිය ලාභදායි බාල වර්ගයේ එකක් විය හැකිය. අවුරුද්දක් දෙකක් පමන ජංගම දුරකථනයක් භාවිතා කරන විට එහි බැටරියේ දෝෂ ඇතිවෙන අතර බොහෝ දෙනා එවිට පෙළඹෙන්නේ වෙලඳපොළේ තිබෙන අඩුම මිලට ඇති බැටරිය දාගැනීමටයි. කිසිවෙක් එහි ගුණාත්මකතාවය ගැන සොයන්නේ නැත.

    ආරෝපනය කිරීමට විදුලියට සම්බන්ධ කිරීමේදී ඕනෑම කෝෂයක් අධික ලෙස රත්වන ඇමතුමක් ලැබීමේදීද අධික විදුලි පරිභෝජනයක් වන නිසා රත්වීම තවත් වැඩිය.

    ඕනෑම මාදිලියේ ජංගම දුරකතනයක් Radio Frequency Transmitter විශේෂයකින් සමන්විත වෙන අතර ඒවා ක්‍රියාත්මක වන්නේ රේඩියෝ සංඛ්‍යාත තරංග භාවිත කරමින්. ඒ නිසා සම්ප්‍රේෂණ කුලුන හා සම්බන්ධ වී පණිවිඩ හුවමාරු වනවිට පිටවන විකිරණ ශරීරයට හානිකර ඒවා බවයි පර්යේෂණවලින් තහවුරු වී තිබෙන්නේ.

    ජංගම දුරකථන පමණක් නොව රේඩියෝ තරංග නිකුත් කරන ඕනෑම උපකරණයකින් මෙය සිදුවන්න පුළුවන් වන අතර බාල තත්වයේ දුරකථන ප්‍රමිතියෙන් තොර නිසා ඒවායේ තරංග පිටවීමද වැඩිවිය හැකි නිසා ඇමතුමක් ලබාගැනීමේදී එය මොලයට බලපාන ප්‍රමාණයද වැඩිය. ඇමතුමක් පැමිණෙන අවස්ථාවේදී එම තරංග වෘෂණ කෝෂ වලටද නිරාවරණය වීම නිසා මඳ සරු විමටද ඉඩකඩ වැඩිය.

    සාක්කුවේ හැර වෙනත් තැනක දුරකථනය දමාගන යෑම ප්‍රායෝගික නොවන නිසා ජංගම දුරකථනය සාක්කුවේ දමාගන සිටිනවිට යතුරු පුවරුව තමන් දෙසට සිටිනසේ දමාගන යෑම මේ සඳහා එක විසඳුමකි.

    පසුගිය වර්ෂ වලදී Nokia දුරකථන කිහිපයක්ද මෙලෙස පුපුරා ගොස් තිබුනා.http://www.pcworld.com/article/113416/nokia_investigates_exploding_cell_phones.html

    පසුගිය මැයි මාසයේ Galaxy S3 දුරකථනය නිකුත්වී මසකටත් අඩු කාලයක් යාමේදී Galaxy S3 දුරකථනයක් මේ ආකාරයටම රත්වී ගිණිගත් බවට එක්තරා වෙබ් අඩවියක් ජායාරූප කිහිපයක් පල කර තිබුණා.

    එහි බැටරියට අනතුරක් වී නොමැති නිසා Quad-core processor එක රත්වීම නිසා මේ ආකරයෙන් ගිණිගත් බව බොහෝ දෙනා සැක පල කල අතර එය දුටු සැම්සුන් සමාගම විසින් එහි අයිතිකරුට කතාකර එම දුරකථනය ලබාගන පරීක්ෂා කර තිබුනා.

    ඔවුන් එය මයික්‍රෝවේව් උදුනක දමා රත් කර Fire Investigations Report එකක්ද නිකුත් කර තිබුණා.

    පසුව එම සිද්ධියට මුහුණපෑ පුද්ගලයා තම වරද පිළිගෙන(http://www.igalaxys3.com/news/samsung-galaxy-s3-explosion-case-solved/) තිබූ අතර ඔහු පවසා තිබුනේ දුරකථනය වතුරට වැ‍ටුනු නිසා එය සෑදීමට මිතුරෙකුට ලබාදුන් බවත් ඔහු විසින් එම වතුර ඉවත්කිරීමට මයික්‍රෝවේව් උදුනක දමා රත්කිරීමේදී මෙලෙස ගිණිගත් බවයි.


    FB එකෙන් උසස් ලදී ... වැදගත් නිසා මෙතන දැම්මේ
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ෆෝන් එකක් එහෙම රතිඤ්ඤා සද්දෙට පුපුරන්නේ නෑ.
    වෙන්න පුළුවන් එකම දේ සර්කිට් එකේ ෂෝර්ට් එකක් වුනොත් රත් වෙනවා ගිනි ගන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි. වෙන්නේ රත්වෙලා දුර්වල තැනකින් පරිපථය කැඩිලා යන එක.
    අනිත් එක දැන් එන සමහර ෆෝන් බැටරි වල ප්රෝටෙක්ෂන් සර්කිට් එකක් තියෙනවා ෂෝර්ට් වුනාම ඔෆ් වෙන්න. මම එක චයිනීස් ෆෝන් බැටරි වලත් තියෙනවා දැකල තියෙනවා.
    හැබැයි ෆෝන් බැටරියක් ගින්නට දැම්මොත් නම් පුපුරනවා රතිඤ්ඤා කාලක් විතර සද්දේ එක්ක
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Genuine widiyata phone ekak use kara nam kawadawat ohoma wenne na, mama kawadawat 4n eka on karala charge karanne na , bageta charge karan duwannet na.. full charge karaganna bariunot gedara tiyala yanawa phone eka..