පෝයට ඉගෙන ගත් දේවල්

sudunone

Member
May 23, 2009
3,781
121
0
පෝයට ඉගෙන ගත් දේවල්

මම ඇහුවා මධුපිණ්ඩික සූත්‍රය.

යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙළෙස් හැදෙන සඥ්ඥාවන් සිතේ කැරකි කැරකි තියෙනවනම්, ඒවා කෙරෙහි සතුටින් පිළිගත යුතු බවක් නැත්නම්, ගුණ කිව යුතු බවක් නැත්නම්, එහි බැස ගත යුතු බවක් නැත්නම්, මේකමයි රාග අනුසයේ අවසන් වීම, මේකමයි පටිඝ අනුසයේ අවසන් වීම, මේකමයි දිට්ඨි අනුසයේ අවසන් වීම, මේකමයි විචිකිච්ඡා අනුසයේ අවසන් වීම,
මේකමයි මාන අනුසයේ අවසන් වීම, මේකමයි භවරාග අනුසයේ අවසන් වීම, මේකමයි අවිද්‍යා අනුසයේ අවසන් වීම, මේකමයි දබර කර ගැනීමේ, වාද විවාද කර ගැනීමේ, කෝලාහල කර ගැනීමේ, කේළාම් කීමේ, බොරුකීමේ අවසන් වීම.ඔතනම තමයි මේ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතිව නිරුද්ධ වෙලා යන තැන.


කැමති කෙනෙකුට කියවන්න මෙන්න තැන: http://mahamevnawa.com/Download/01/MN_1_%5BWeb%5D.pdf

වාදවිවාද කරන්න, දබර කරන්න එන අය ගැන හිතන්න විදියකුත් මේ දේශනාව කළ ස්වාමීන්වහන්සේ කියල දුන්නා:

බල්ලා බලුකමට කෑවට මගෙ කකුල
මම යනවාද කන්නට උගෙ බලු කකුල
:rofl: