පෝරකයට ගිය විරුවන්
රට වෙනුවෙන් උපරිමය සිදුකර පෝරකයට ගිය විරුවන් දෙදෙනා
p15 2දරු පවුල් දෙකක් අසරණයි - දරුවන් පස් දෙනකුට පිය සෙනහස අහිමියි
මේජර් ඩික්සන රාජමන්ත්රී විවාහ වූදා...
මේ පිංබිමට සාමයත් ජාතියට නිදහසත් දිනා දුන් රණවිරුවන් දංගෙඩියට යෑවීමේ කුමන්ත්රණකාරී ම්ලේච්ඡ භාවිතාව නතර කරන්නට යෑයි අප යහපාලනයට කියන්නට වූයේ දැනට බොහෝ කලක සිටිය.
හරියටම කිවහොත් ඒ ආරම්භය අප ගනු ලැබුවේ ඉකුත් 2015 ජනවාරි 8 සිදුවූ සමනළ විප්ලවයෙන් මාස කිහිපයකට පසුවය. යහපාලනයත් සමඟ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිටද ඉහළින් ක්‍රියාත්මක වන්නට වූ සීඅයිඩීයේ කැකිල්ලේ විමර්ශනවල ආරම්භයේදීම අපි ඒ බව ආණ්ඩුවට කියා දුන්නෙමු.
එහෙත් අපේ කීම කෙසේ වෙතත් දැන් සියල්ල සිදුවෙමින් තිබෙන්නේ බීරි අලින්ට නොව බීරි හරක්ට වීණා වයන්නාක් පරිද්දෙන් බව නම් දැන් හොඳටෝම පැහැදිලිය.
අතීතයේ එක්තරා මූසල දිනයක ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලු ශක්තීන් බිංදුවටම ඇද දමමින් එවකට පැවති එක්සත් ජාතික පෙරමුණු රජයේ තිර පිටපතකට අනුව මෙන් සිදුවූ මිලේනියම් සිටි මහා පාවා දීමේ දෙවන කොටස අද ඉතා ශෝචනීය ලෙස රට ඉදිරියේ නිමාවක් නොමැතිවම දිගහැරෙමින් ඇත.
එවැන්නක් සිදු නොවෙන්නේ යෑයි කියන්නට අද ආණ්ඩුවේ කිසිවකු=ට හෝ හැකියාවක් තිබේද? ඇට නැති දිව හතර අතට නමා රට ඉදිරියේ ඕනෑම බොරුවක් ඇත්ත සේ කියන්නට හැකි ඇතැම් මැති ඇමැතීහු යහපාලනයේ සිටින්නාහ.
අප මෙසේ රට ඉදිරියේ සත්‍යය හෙළි කරද්දී එයින් කිපෙන ඒ මැති ඇමැත්තන් යහපාලනයේ නිරුවත වසා ගන්නට මාධ්‍යයට දෙස් දෙවොල් තැබීමෙන් නොනැවතී තර්ජනද කරන්නට බැරි නැත. අද එසේ මාධ්‍යයට තර්ජනය කිරීම යහපාලනයේ එක් සාමාන්‍ය සරල ක්‍රමයක් වී අවසන්ය.
එහෙත් එසේ මොකා මොන දේ කිව්වත් සිදුවෙමින් තිබෙන්නේ විදේශීය කුමන්ත්රණකරුවන් සහ කොටි ඩයස්පෝරාව ඉදිරියේ ලක් මවගේ ඇඳිවත උනා දමා ඇය විලියෙන් ඇඹරෙද්දී සංහිඳියාවත් සහජීවනයත් කර පින්නාගෙන ආණ්ඩුව අද සිංහ කොඩියේ සිංහයාට කොකා ගැස්සීම බව නම් නොකියාම බැරිය. තර්ජන කොතෙක් පැමිණියත් එය රටට කිවයුතුය.
නිවරදිව කිවහොත් මේ ආරම්භය සිදුවූයේ මීට වසර දෙකහමාරකට පමණ ඉහතදී රහස් පොලිසිය විසින් ක්‍රියාත්මක කළ ප්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනයත් සමගිනි. වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය අවසන් කරන්නට රට වෙනුවෙන් කැපවූ යුද හමුදා බුද්ධි අංශ රණවිරුවෝ නව දෙනකුම එදා එක පෙළට වැලිකඩ බෝඩිමට යෑවූහ.
එසේ වීරයන් සිරගත කෙරෙද්දී අපි ඊට එරෙහිව හඬ නැගුවෙමු. එහිදී රහස් පොලිසිය සිදු කළේ නීති පොත ගෙන අපටද ඉන් දමා ගැසීමය. යහපාලන පොලිසිය එසේ සිදු කරද්දී සුපිරි මාධ්‍ය නිදහසක් පිළිබඳ නන් දෙඩවූ යහපාලකයෝ කසාය බිව් ගොළුවන් පරිදි සිටින්නට වූහ.
එහෙත් අපේ ගමන නතර කරන්නට සීඅයිඩීයේ ප්‍රහාරවලට නොහැකිය විය. ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාඡ් මහතා ඝාතනය කළෙa යෑයි කියමින් නාවික හමුදා බුද්ධි අංශ විරුවෝ තිදෙනකු සිරගත කළහ.
එම සිද්ධියෙන් පසු සිදුවූ ශෝචනීයම සිදුවීම වූයේ යුද සමයේ දරකැඩීමට මිරුසුවිල් හමුදා කඳවුරට පැමිණි පිරිසක් ඝාතනය කළේයෑයි වරදකරු බවට පත්කරමින් යුද හමුදා කොමාණ්ඩෝ බළකායේ කෝප්රල් සුනිල් රත්නායක රණවිරුවාට මරණීය දණ්ඩනය ලැබීමය.
එහිදී අපේ හදවත්ද එදා මොහොතකට නතර විය. මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්දැයි සිතා ගැනීමට පවා නොහැකි විය. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදියාගේ සිටි රටම වැනසූ බොහෝ ත්රස්තවාදීන් නිදහස් කෙරෙද්දී සුනිල් රත්නායක වැනි විරුවන්ට සිරබත උරුම වීම අපේ ඒ කම්පනයට හේතු විය.
මේ කම්පනය නිසාම එදා අපි සුනිල් රත්නායක විරුවා සිරිගත වීමෙන් පසු දැඩි ලෙස අසරණ වූ ඔහුගේ කුඩා දියණියගේ සහ බිරිඳගේ දුක ලෝකයටට කීවෙමු. ඒ කොටි ත්රස්තයන්ට සමාවන් ලැබේ නම් සුනිල් රත්නායකලාටද එසේ වියයුතු බව සියල්ලන්ටම පෙන්වා දෙමිනි. මෙහිදී අපේ කල්පනාව වූයේ සුනිල් රත්නායක විරුවාටත් ජනාධිපති සමාවක් හෝ ලැබේවි යෑයි යන්නය.
එහෙත් ඔහු, නිදහස ලැබූ කොටි ත්රස්තවාදීන් තරම් පින් කර තිබුණේ නැත. එනිසා අදටත් ඔහු සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය. මෙයින් පසුව කරළියට පැමිණියේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය ය. එහිදීත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් සීවලී බුලත්වත්ත ඇතුළු රණවිරුවන් හත් දෙනකුම සිරගත කෙරිණි.
මෙහිදී උපක්රමශීලීව නීති පොත ගෙන රහස් පොලිසිය මේ රණවිරුවන් පිරිසට පහර දෙන අන්දම අපි ආණ්ඩුවට පෙන්වා දුන්නෙමු. එහෙත් සියල්ලෝ සිටියේ සංහිඳීයාව සහ සහජිවනය තුරුළට ගෙන හොරට නිදාගෙනය. එනිසා කිසිවකුත් ඇහැරවන්නට අපට නොහැකිවිය.
මේ හැම අවස්ථාවකදීම කාගේත් ඉලක්කය වී තිබුණේ ත්‍රස්තවාදය පරාජය කළ අවසන් සටනේදී දිවි පරදුවට තබා සතුරා අතරට යමින් උපන් බිම බොහෝ දේ කළ බුද්ධි නිලධාරීන්ය. සිදුවූයේ බුද්ධි අංශ දඩයමකි. ඒ දඩයම හමුවේ දිනෙන් දින වැනසී ගියේ රටේ ජාතික ආරක්ෂාවය.
මේ කතා පෙළ අතරේ ඊළඟට දිගඇරුණු තවත් කතාවක් වූයේ කොළඹ වැල්ලවත්තේදී තරුණයන් පස්දේනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගියේයෑයි කියමින් ඉකුත් යුද සමයේ නාවික හමුදා වේග ප්‍රහාරක බලගණයට අණ දුන් හිටපු නාවික මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් ඩී.කේ.පී. දසනායක හා ත්‍රිකුණාමලය නාවික බුද්ධි ප්‍රධානියාව සිටි කමාණ්ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික නිලධාරීන් පිරිසක් සිරගත කිරීමය.
මෙහිදීත් අපි සිදුවෙමින් තිබූ අවනඩුවේ තරම රටට කීවෙමු. යහපාලකයන් සිදුකළේ අපේ කීම කෙසේ වෙතත් මෙසේ රණවිරුවන් දංගෙඩියට යෑවූ සීඅයිඩීයේ ඇතැමුන්ට තරු සහ පටි පැළඳවීමය. එසේ කරන අතරේÊඅපි රණවිරුවන් රැක ගන්නට ඇප කැප වෙන්නෙමුයි කියමින් ඔවුහු රටට විහිළු සපයන්නටද වූහ.
මෙසේ නාවික බුද්ධි නිලධාරීන් පිරිස සිරගත කිරීමෙන් පසු ඉකුත් යුද සමයේ මේ රටේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට නායකත්වය දුන් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට අත තබන්නටද සීඅයිඩී විමර්ශකයෝ නිර්භීත වූහ.
මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය හමුවේ දුරකථන ඇමතුමක හුටපටයකට අත්අඩංගුවට ගත් උපන් බිමට අමිල මෙහෙවරක් කළ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අදටත් සිටින්නේ වැලිකඩ සිරගෙරය.
විලම්භීත යහපාලනයක් ඉදිරියේ මෙසේ ත්‍රස්තවාදයෙන් රට බේරාගත් විරයන් දඩයම් කෙරෙද්දී දිගින් දිගටම ඉටුවූයේ විජාතික කුමන්ත්රණකරුවන්ගේ මෙන්ම කොටි ඩයස්පෝරාවේ සහ දේශීය පරවාදීන්ගේ බලාපොරොත්තුය. සත්‍ය එය වුවද ආණ්ඩුව එයට නම් තැබුවේ සංහිඳියාව සහ සහජීවනය කියාය.
මේ අතරේ මෙකී සියලු කුමන්ත්රණකරුවන් ප්‍රීතියෙන් පිනා යන තවත් සිදුවීමක්ද ඉකුත් සතියේ වාර්තා විය. එය වන්නේ ප්‍රභාකරන්ගෙන් මේ බිම ගලවා ගත් සටනේදී යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සිටිමින් උපන් බිම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක යෙදුණා වූ තවත් බුද්ධි අංශ විරුවන් දෙදෙනකුට ත්‍රිකුණාමලය මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීමය.
එසේ මරණීය දණ්ඩනය හිමිවූයේ මේජර් ඩික්සන් රාජමන්ත්රී සහ කෝප්රල් ප්‍රියන්ත රාජකරුණා යන උපන් බිමට ණය නැති සුජාත විරුවන් දෙදෙනකුටය. මොවුන්ට අත් වූ මෙම ෙ€දනීය ඉරණමත් සමඟ එයට හේතු වූ කතාව පිළිබඳ අපි සොයා බැලීමක් කළෙමු.
ඉකුත් 1998 වසරේදී මේජර් රාජමන්ත්රිත් කෝප්රල් රාජකරුණාත් සන්නද්ධ බුද්ධි බළකාය යටතේ යාපනය 51 සේනාංකයට අයත් 512 බළසේනා මූලස්ථානයේ රාජකාරි කරමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුව යුද හමුදා බුද්ධි අංශ සසාමාජිකයන් පිරිසක් සමඟ ගොස් යාපනය කෝපායි ප්‍රදේශයේදී ඥණසිංහම් ඇන්ටන් ගුණසේකරම් නමැති කොටි ත්‍රස්තවාදියකු අත්අඩංගුවට ගන්නාහ.
එය සිදුවන්නේ එවකට රටේ පැවති සියලුම නෛතික බලතල අනුවය. එදා යුද හමුදාව මගින් මුදාගෙන තිබූ යාපනය අදර්ධද්වීපයේ ඇතැම් ප්‍රදේශවල විටින් විට ක්ලේමෝ බෝම්බ පිපිරෙන්නට වූ අතර ඥනසිංහම් නමැති කොටි ත්‍රස්තයා එම ප්‍රහාරවලට Rජුවම සම්බන්ධ බවට හෙළි වීම හමුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
පසුව 512 බලසේනා මුලස්ථානයට රැගෙන ආ මෙම කොටි ත්රස්තවාදියාගෙන් බුද්ධි නිලධාරීන් ප්‍රශ්න කිරීම ඇරඹීය. එය සිදුවූයේ කඳවුරේ තිබූ මහල් ගොඩනැගිල්ලක දෙවන මහලේදීය. එහෙත් මෙහිදී සිදුවූයේ කිසිවකුත් නොසිතූ අනපේක්ෂිත සිදුවීමකි.
හමුදා නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ එක්වරම ලැබුණු සුළු අවස්ථාවක් ප්‍රයෝජනයට ගත් එම කොටි ත්රස්තවාදියා හමුදාවෙන් බේරී පලායැමේ අදහසින් මහල් ගොඩනැගිල්ලේ ජනේලයකින් බිමට පැන්නේය.
එලෙස බිමට පැනීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ කොටි ත්රස්තවාදියා වහාම යාපනය රෝහලට ගෙන යන්නට එදා මේජර් රාජමන්ත්රීත් කෝප්රල් රාජකරුණාත් ක්‍රියා කළේය. එහෙත් අවසානයේ එම ත්රස්තවාදියා මරණයට පත් විය. මෙම සිද්ධියත් සමඟ එදා එම මරණයට සැකපිට එවකට 512 බළසේනා කඳවුර භාරව සිටි වත්මන් ලුතිනන් කර්නල් රොනී බර්තොලමියුස්, මේජර් රාමන්ත්රි සහ කෝප්රල් රාජකරුණා පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර පසුව මාස අටක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටි ඔවුහු ඇපමත නිදහස් වූහ.
අනතුරුව ඔවුන්ට චෝදනා එල්ල වූ මෙම නඩුව හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව හමුවේ යාපනය අධිකරණයෙන් වව්නියාවට මාරු කර විභාග වීමෙන් පසු අවසානයේ එය ත්‍රිකුණාමලය මහාධිකරණයට යොමු කෙරිණි. මේ අන්දමට විසිවසරක් තිස්සේ ඇදී ගිය ඒ කතාව අවසානයේ ඉකුත් සතියේ නිමාවට පත්වූයේ මෙජර් රාමන්ත්රීටත් කෝප්රල් රාජකරුණාටත් පෝරකය උරුම කර දෙමිනි.
අද දකුණේ ජනතාව අතරද ප්‍රකට විනිසුරුවරයකු වන මානික්කවාසගර් ඉලංෙච්ලියන් මහතා මෙම තීන්දුව ලබාදුන් අතර එහිදී කර්නල් බර්තොලමියුස් නිදහස් කිරීමටද විනිසුරු=වරයා නියෝග කර තිබිණි. යුද හමුදාවේ සක්‍රීය රාජකාරියේ යෙදී සිටියදී මරණීය දණ්ඩනයට යටත් කෙරුණු ඉහළම නිලධාරියා මේජර් රාජමන්ත්රී වීමද මෙහි ඇති විශේෂත්වයකි.
ඒ හා සමානම තවත් විශේෂත්වයක් වන්නේ යහපාලනය බලයට පැමිණීමත් සමඟ දීර්ඝ දකාලයක් තිස්සේ විභාග වෙමින් තිබූ මෙම නඩුව කඩිනම් නඩු කටයුත්තක් සේ සලකා විභාග කිරීමට තීරණය වීමය. මේ නඩු තීන්දුව අනුව අද ඔවුහු දෙදෙනාම දුම්බර බන්ධනාගාරයේ අ»රු කුටියක සිරවී සිටිති. එහෙත් තමන්ට එරෙහිව ත්‍රස්තවාදියෙක් මියයෑම හමුවේ මිනීමරුම් චෝදනාවක් එල්ල වී තිබියදීත් මේ වීරයන් දෙදෙනා ගෙවී ගිය විසිවසරක කාලය පුරා රටට කළ මෙහෙවර කිසිවකුත් දන්නේද?
එය බොහෝ දෙනා නොදන්නා කරුණකි. සරළවම කිවහොත් මෙවන් වීරයෝ මේ බිමේ නූපදින්නට අදටත් ප්රභාකරන්ගේ බෝම්බවල රුදුරු පහස විඳින්නට අපට සිදුවන බවනම් නිසැකිය. ත්රස්තවාදයට එරෙහි අවසන් සටනේදීත් ඉතාම සූක්ෂම බුද්ධි මෙහෙයුම් සිදු කරමින් ඔවුන් කළ මෙහෙය අප්‍රමාණය.
එසේ රටට සේවය කළ මේ වීරයන් දෙදෙනා මේ අන්දමට සිරගත වීමත් සමඟ අද ඔවුන්ගේ දරු පවුල්වලට අත්ව තිබෙන ඉරණම කුමක් වී තිබේද? රටට ආදරය කරන මිනිසුනේ සිතන්න. ඒ දරුවෝ ඒ බිරින්දැවරු මේ මොහොතේ වාවාගත නොහැකි වූ මහා දුකකට පත්ව සිටින්නාහ.
මේජර් රාජමන්ත්‍රීට දරුවන් තිදෙනෙකි. මේ තිදෙනාම දියණියන්ය. ඉනුත් වැඩිමහල් දියණිය තවමත් දොළොස් හැවිරිදි වියේ සිටින්නියකි. මේ දරුවන් තිදෙනාට ආදරණීය තාත්තාගේ රැකවරණය අහිමි වීම ම මොනතරම් හදවතට දුක් ගෙන දෙනවා ඇතිද?
එසේම කෝප්රල් රාජකරුණාට දරුවන් දෙදෙනකු සිටී. ඒ දියණියක සහ පුතකු ලෙසිනි. ඔහුගේ දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වන සිසුවියකි. අද ඇය සිය පියාගේ රැකවරණය අහිමිව ඇත්තේ සිය අධ්‍යාපනයේ එවන් වැදගත් කඩඉමක් පසුකර යැමට සුදානම්ව සිටියදීය. ඔහුගේ පුතු සිටින්නේ එළැඹෙන වසරේ හාපුරා කියා පාසල් ගමන ඇරඹීමට සූදානමිනි.
මොවුන්ට මෙසේ මරණීය දණ්ඩනය ලැබීමත් සමඟ ඉකුත් දිනෙක අප මේ වීරයන්ගේ බිරින්දැවරුන්ට ඇමතුමක් ගෙන කතා කළෙමු. ඒ අද ඔවුන් පත්ව සිටින අසරණ තත්ත්වය රටට පෙන්වා දීමේ අරමුණ ඇතිවය. එහෙත් පිළිතුරු වෙනුවට දිගින් දිගටම අපට ඇසුණේ නොකඩවා කෙරෙන හඬා වැටීම්ය. ඒ අතරේ ඉඳ හිට කියෑවුණු දේ අපව බොහෝ සංවේදී කළේය.
මොවුහු යමක් ඇති හැකි මිනිසුන් නොවන්නාහ. ඒ දරුපවුල් මේ දක්වා රැකුණේ මේ වීරයන් දෙදෙනාගේ ශක්තිය හමුවේය. එසේ තිබියදී සියල්ල අහිමි වී දරුවන් පස්දෙනකු සමඟ තනිවන මේ මව්වරු හෙට දිනයේ කෙසේ ජීවිතයට මුහුණ දෙන්නද?
මේ දරුවන්ගේ අධ්‍යාපනය. ඔවුන්ගේ අනාගතය. ජීවත් වීම. මේ සියල්ල අතරේ තමන්ගේ ආදරණීය සැමියන් බේරා ගැනීම සඳහා දරන්නට වන වෙහෙස. වියහියදම්. මේ සියල්ල අතරේ ඔවුහු අද අතරමංව සිටින්නාහ.
රට වෙනුවෙන් කැපවූ මේ විරුවන් දෙදෙනාට සමාවක් දෙන්නට යෑයි ආණ්ඩුවට කියමින් මේ මොහොතේ මෙහි සටහන් කරන්නට අපට පුළුවන. එහෙත් නිශ්ඵල දේ පිළිබඳ කතා කර වචන නාස්ති කිරීමෙන් ඵලක් නැත.
අප අද නිදහස් මිනිසුන් ලෙස මේ බිමේ වෙසෙන්නේ මෙවන් වීරයන් නිසාය. එනිසා රටට ආදරය කරන මිනිසුනේ, මේජර් රාජමන්ත්‍රීගේ සහ කෝප්රල් රාජකරුණාගේ දරු පවුල් දෙස බලා ඒ දරුවන්ගේ නෙත්වලින් කඩාහැලෙන කඳුළු පිසදැමීම අපේ යුතුකම නොවන්නේද? අප අවසන් වශයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේජාතියේ නාමයෙන් ඒ සඳහා පෙළ ගැසෙන්නයෑයි කියාය.
සමන් ගමගේ