පෝරකය ඕනද?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔන්න දැන් අපි යනවා ගල් යුගයට….​

    සතෙක්ගෙ හමක් පොරව ගත්තු, ගල් ගෙඩියක් උල් කරලා ඒකෙන් ප්‍රාථමික අවියක් හදා ගත්තු ආදි මානවයෙක් ( ඇඟ පුරා ලොම් පිරිච්ච, දිගැටි මුහුණ, ඉදිරියට නෙරා ගිය දත් සහිත ) බිම පහුරු ගාගෙන ගාගෙන යනවා…පොළවේ වසන යම් ජීවියෙක් අල්ල ගන්න දරන උත්සාහයක් කියමුකො….එතනට තවත් ඒ වගේම මුල් කාළයේ මානවයෙක් එනවා….අර බිම හාරමින් සිටි ආදි මානවයා හිස ඔසවලා, නළල රැලි ගන්වලා අලුතින් ආපු එකා දිහා බලනවා….මේ ඔවුන් අතර දෙබස:​

    1 : “ඌ…බජ බජ හුජාබු” ( “මේ ඒරියා එක මගේ යකෝ!” )

    2 : “හවුවා….ගැජ ගැජ ගජුන්ගා” ( ” එව්වා හඳේ ඩෝ !” )

    1: “උග් උග් උග් …. ගව්වා … හබ්බුජා…බජා” ( “බැහැපිය පරයා එළියට ! නැත්තන් තොගෙ *)

    2: ” ආගා….ආගා…ගිජා ගිජා ගිජා ගිජ්ජුචා” ( ” කරපිය බලන්න පුළුවන් නම් තොට !” )

    ඔන්න ආවේගය…පළවෙනි එකාගෙ අම්මා මතක් කරලාද කොහෙද? ගත්තා අහුවෙච්ච ගල් පතුර කෙළලා ඇරියා …
    “උජා…!” (” ඉඳා!” ) ….

    “ගවුකුචා!” ( “අම්මෝ!” )

    දැන් එකෙක් ඩවුන්….ඌ ඉවරයි එතනම….

    ඔන්න ගල් ගුහාවේම සෙට් එක සද්දෙට දුවගෙන එනවා…අර ගහපු අනිත් එකා එතන බලාගෙන ඉන්නවා….අනිත් එවුන් ටික රවුමට හැදිලා කහ කහ ඉන්නවා….උන් අතරින් එනවා උස මහත, ලොම් තද “ඇල්ෆා” ඉස්සරහට….ඌ බලනවා මිනී මරුවා දිහා…..

    දැන් අර මැරිච්ච එකාගෙ ගෑණි එනවා…. ඇවිත් බිම වැටිලා ඉන්න මිනිහව අල්ලලා හොල්ලනවා….
    “හාගා….හාගා….හාගේ හාගා….හගෝ හාගා…!” ( “අනේ කථා කරන්න වස්තුවේ…නැගිටින්න රත්තරං”)

    අරූ මැරිලා…ඉතින් ගෑණු කෙනා ඔලුව උස්සලා බලලා කෑ ගහනවා….​

    “අරා….කා…කා…කා…ගවුකුචා….අරා…අරා….” ( “මූව මරපියව් ! මගේ අහිංසකයා මරා ගත්තා…!…හෙණ ගානවා තොට…!”)

    අර “ඇල්ෆා” එකා මිනී මරුවා දිහාට ඇඟිල්ලක් දික් කරලා අනිත් එවුන්ගෙන් ප්‍රශ්ණ කරනවා….​

    “අග්ගා…චකා…චකා…බකා?” ( “කියපියව් කොල්ලනේ ! මූට මොකද කරන්නෙ?” )

    අනිත් උන් එක හඬින්….​

    “හච්චා…හච්චා…ගච්චා…ගච්ච….බච්චා…බච්චා….කච කච කච…කජෝ” ( “ඕකට ගල් ගහලා මරපියව්!”)

    “ඇල්ෆා” තමන්ගේ අතේ තිබ්බ දණ්ඩක් අහසට උස්සලා බෙරිහන් දෙනවා….

    කස්ටිය වට වෙලා අරූට අහුවෙන දේකින් නෙළනවා…ටික වෙලාවකින් ඌත් ලේ විලක් මැද්දෙ ඩවුන්…..​

    උගේ මිනියටත් පයින් ගහලා අරුන් ටික “බජ බජ බජ” ( “දුන්නා වැඩේ තිතට!” ) කියාගෙන යනවා….

    මේ කාලෙදි මොළයේ සංකීර්ණ සැකසුමක් විකසනය වෙලා නෑ….ගහෙන් බැහැලා තාම කී දොහද?…ඉතින් :​

    “ආවේගය ආවා >> කෙළලා ඇරියා >> අපරාධ කරුවෙක් සහ වින්දිතයෙක් බිහිවුණා >>> වින්දිතයාගේ පාර්ශවය සහ නිරීක්ෂකයන් ආවා >> වෙච්ච දේ දැකලා උන්ටත් ආවේගයක් ආවා >> උනුත් අපරාධ කරුවාට කෙළලා ඇරියා >> ඌත් වින්දිතයෙක් උනා….ගේම් ක්ලෝස් !”

    ආවේගය >> ක්‍රියාව ( අපරාධය ) >> ප්‍රති-ආවේගය ( ප්‍රතිචාරය ) >> දඬුවම

    සූට්ටක් ශිෂ්ඨාචාරය​

    Reciprocal Justice කියන එකේ මූලික දෙසුම් බොහෝ ප්‍රාථමික සමාජවල සම්මත නීති පද්ධතිවල තිබුණත්, ඒ පිළිබඳව මූලිකම ලේඛණගත කියවීම ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව 1850 දි පමණ බැබිලෝනියාවේ ( වත්මන් ඉරාකය ආශ්‍රිත ප්‍රදේශය ) රජකළ හමුරාබි රජුන් කරවන ලද “හමුරාබි ඛේත සටහන්” සහිත ශිලා ලේඛන වලින්….

    එහි එන රෙගුලාසි අංක 196 කියනවා “මිනිසෙකු තවත් මිනිසෙකුගේ දතක් කඩා දැමුවහොත්, ඒ මිනිසාගේ දතක් අහිමි කරනු ලැබිය යුතුය….මිනිසෙකු තවත් මිනිසෙකුගේ ඇසක් උපුටා දැමුවහොත්, ඔවුහු ඒ මිනිසාගේ ඇසක් උපුටනු ලැබීම යුක්තිය වේ” යනාදි වශයෙන්…

    ඕකම තව ටික කාළයක් ගියාට පස්සෙ, මේ බැබිලෝනියාවේ හමුරාබින්ට උපදේශණ සේවාවන් වල නිරත වුනු “රාබින්” හෙවත් ජුදා දහමේ ( යුදෙව්වන්ගේ ) මුල් නිර්මාතෘවරුන් මේ නීතිමය පැහැදිලි කිරීම් වලින් කෙටුම්පත් සකස් කරනවා….

    එයිනුත් අවුරුදු දෙසිය පණහකට පමණ පස්සෙ ඊජිප්තුවේ සිට හය ලක්ෂයක් යුදෙව්වන් නිවහල් භාවය කරා ගෙන ගිය මෝසෙස් නම් නායකයා සීනායි කඳුබඩ ප්‍රදේශයේදි මේ ව්‍යතිශංගික නීති වඩා දරදඬු විදියට යුදෙව් සමාජයට හඳුන්වා දෙනවා….මේක බයිබලයේ පැරණි තෙස්තමේන්තුව / ගිවිසුම කියවන කෙනෙකුට “නික්මයාම” ( Exodus – Chapter 21 ) නම් පරිච්ඡේදයේ 12 ඡේදයේ සිට ඉදිරියට හමුවනවා…

    “යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම්, ඒ තැනැත්තා මරනු ලැබිය යුතුමය” ( 21 : 12 )

    ඕක ඉතින් ඉස්ලාමයටත් යනවා….සුරාහ් අල් මයිදා 5:45…

    ඊළඟට ඉතින් රෝමයට යනවා – Lex Talionis කියලා ලතින් බසින් හඳුන්වනු ලබනවා…එතනින් බටහිරට, අතනින් පෙරදිගට…ඔහොම තමයි….කාළය ක්‍රමයෙන් ගතවෙනවා….හමුරාබි සටහන් සහිත ගල් කණු දූවිල්ලෙන් වැහෙනවා….මුලින් දුප්පතුන්ගේ කල්ලි අතරේ හැදුණු වැඩුණු ක්‍රිස්තියානියෙන් මහා පල්ලි සංස්ථා බිහිවෙනවා…ඉස්ලාමය අධිරාජ්‍ය හදනවා….රෝමය මහා සම්ප්‍රදායක් වෙනවා…එතැන් සිට ක්‍රමය පමණක් වෙනස් වෙමින්, හරය එක ලෙසම පවතිමින් සම්ප්‍රදාය ඉදිරියට එනවා….උල සහ බෙළි කපන මන්නය තොණ්ඩුවක් වෙනවා…තොණ්ඩුව ඉලෙක්ට්‍රෝඩ සහිත පුටුවක් වෙනවා….පුටුව ඇඳක් වෙලා එන්නත් පද්ධතියක් ඒකට සවි වෙනවා…

    මේ ලෝකයට වර්ථමානයේ වැරදිලා තියෙන එක තැනක් තමයි, ප්‍රාථමික නොදියුණු ශිෂ්ඨාචාර පාලනය කරන්න, හසුරුවන්න, මිනිසා මනෝවිද්‍යාව ගැන නිසි විද්‍යාත්මක අවබෝධයක් නොතිබුණු යුගයේ, මිනිසාව හැසිරවිය හැකි ආකාරය ගැන විද්‍යාත්මක ගවේෂණයක් නොතිබුණු කාළයේ, සාපේක්ෂ උගතුන් ( වත්මනට අනුව පට්ට නූගතුන් ) විසින් පනවන ලද නීති සහ සම්මුතීන් ඒ විදියටම ඉදිරියට කරගහගෙන යාම….

    පසුගාමී සමාජ මේවා තුළ විෂම චක්‍රයක් නිර්මාණය කරගෙන ඉන්නවා….
    උදා:

    හේතුව

    යල්පැනගිය ගල් යුගයේ කාන්තාර ගෝත්‍රවලට, එහෙම නැත්නම් වෛදික සමාජ වලට ගැළපෙන සම්මුතීන් මගින් වර්ථමානයේත් තම රට තුල “සංස්කෘතිය” සහ “සභ්‍යත්වය හසුරුවනවා”

    ප්‍රතිඵලය

    නූතනත්වය සමග එන නිදහසට එක් ඔළුවකිනුත්, මෙකී ආදි කල්පික යල් පැනගිය සභ්‍යත්වයට සහ සදාචාරයට තවත් ඔලුවකිනුත් දෙපසට අදින “ඔලු දෙකේ බූරුවෙක්” වැනි සමාජයක් නිර්මාණය වෙනවා… ඒ තුළින් විශාල අසහනයක් නිර්මාණය වෙනවා….(මෙහෙම සතෙක් දැකලා නැත්නම් අර “දොස්තර හොඳ හිත” කාටුන් එකේ දොස්තරගේ නැවේ කුඹ ගහ මුදුනේ ඉන්න සතාව බලන්න)….

    විසඳුම

    ඔන්න එතකොට අර ආදි කල්පික දර්ශණයන් පමණක් හදාරලා තවමත් අපේ සමාජයේ නොනැසී සිය පැවැත්ම තහවුරු කරගෙන ඉන්න ව්‍යාජ විද්වතුන් පෙරට ඇවිත් ඒ ගල් යුගයෙන්ම විසඳුම් නිර්දේශ කරනවා….ඒ විසඳුම තමයි දඬුවම තවත් තද කිරීම සහ දඬුවමේ භයානක බව වැඩි කිරීම…

    ඒ මතය හිසට ගන්නා ජනතාව ඒකම කිය කියා යනවා….අර ආදි කල්පික නොදියුණු ශිෂ්ඨාචාර වල කිව්වා වගේ “මරන්න ඕන….ඉරන්න ඕන…පලන්න ඕන….උල තියන්න ඕන…රජ කාලේ දඬුවම් ඕන”…..

    දැන් මේ “මොවුන්ට දෙන්න ඕන රජ කාළේ දඬුවම්” කියන එක කියන්නෙ උපරිම ආවේගයක් ආවාම නේද?….දැක්කද ඒක අද කාළෙත් අර ඉස්සර “ආවේගය” අනුව දඬුවම් නියම කරන සමාජයේ සිතුම් පැතුම් වලටම සමපාත වෙන හැටි….කිසිම විශ්ලේෂණයක් නෑ…අවශ්‍යත් නෑ…ආවේගයට සරිලන විදියට දඬුවම තීරණය කිරීමනෙ ඒ කාලෙ කළේ….ඒ යුගය යළි ඉල්ලන්නෙත් ආවේගය මිස වෙන කිසිවක් ඔලුවේ නැති නිසා නේද…?..ඒකනෙ මේ ආවේගය සියල්ල තීරණය කරන “රජ කාලේ දඬුවම්” ඉල්ලන්නෙ…? …

    ලෝකය කොච්චර දුරක් ඇවිත් තිබුණත්, මැද පෙරදිග ගොබ්බ ගුබ්බෑයම් වල තාම නීති කියලා තියෙන්නෙ ඒ තුට්ටු දෙකේ ක්‍රමනෙ….නගර වල ප්‍රසිද්ධියෙ බෙලි කපනවා…අත පය කපනවා….අර නූගත්, නොදියුණු, ප්‍රචණ්ඩ, ප්‍රාථමික කාන්තාර ගෝත්‍රිකයන් හසුරුවන්න හඳුන්වා දීපු නීතිමයි තාම තියෙන්නෙ….ආවේගය විතරයි…වෙන කිසිවක් නෑ…ආවේගයට හරියන දඬුවම දෙනවා….එතකොට මේ රටෙත් ආවේගයක් ආපු ගමන් “අම්මපා මේවට තියෙන්න ඕන අර සවුදි අරාබියෙ නීති” කියන එකෙන් තේරෙන්නෙ ආවේගය නිසා එන ප්‍රාථමික, නොදියුණු අශිෂ්ඨ කමට තමන් නොදැනුවත්වම සමපාත වීම නෙවෙයිද?

    ආවේගය >> ක්‍රියාව ( අපරාධය ) >> ප්‍රති-ආවේගය ( ප්‍රතිචාරය ) >> දඬුවම

    ඉතින් මේ ප්‍රශ්ණය සහ අර්බුදය ගල් යුගය නිසා පටන් අරන්, ගල් යුගය හරහා, ගල් යුගයටම යනවා….

    දැන් එතකොට මොකක්ද මේ වෙලා තියෙන්නෙ?….

    වෙලා තියෙන දේ පැහැදිලි කරන්න මම යොදා ගන්නවා, අපේ හිතවත් බ්ලොග් අඩවියක් වන “අසම්මත සටහන්” බ්ලොග් අඩවියේ “ජේමිස් බණ්ඩා” නම දරන විචාරකයා ලියන ලද ලිපියක් වන

    https://asammathasatahan.wordpress.com/2015/07/30/uniforms-for-mothers/

    එකට මම යොදපු පිළිතුරු කමෙන්ටුවක් එඩිට් කරලා…ආයෙ මුල ඉඳන් ලියනවට වඩා ලේසියි ඒක දාන එක…මේ රෑ බෝ වෙච්ච වෙලාවෙ…

    ලිංගික කුහකත්වය

    මේක මම ඕපන් කරන්නම් අර “මොනවද මුත්තේ මොකද කරන්නේ?” සින්දුවෙ පදයකින්ම … ( සොරි වෙන්න ඕන ප්‍රතිචාරය පමා වීම ගැන ..)

    “තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්න හැකි දේ නොම තේරෙයි මට”

    මේක තමා අපේ රටේ 50 – 60 දශක වලට පසුව සහ 80 දශකයට පෙර කාළය තුල සිය තාරුණ්‍ය ගෙවලා දැන් මේ වන විට වැඩිහිටියන් බවට පත්වෙලා ඉන්න අයගේ සියළුම සදාචාර විවරණයන් සහ සංස්කෘතික බ්‍රහ්ම ටෝක්ස් තනි පද පේළියකට සම්පිණ්ඩනය කළොත් ලැබෙන පද පේළිය….

    දැන් ඔය දොරමඩලාව කියන මානසික ගුබ්බෑයමට එන පොර ටෝක් කාරයන්ගේ ඉඳලා සියළුම දෙනා තමන්ගේ යෞවනය තුළ තමන් නුදුටු, තමන් පැතූ එහෙත් බොහෝ විට නොලැබුණු දේ අනාගත පරම්පරා වලට ලැබෙනවාට එරෙහිව අවි එසවීමක් තමයි ඔය රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ සහ ඒවා මගින් මෙහෙයෙවෙන ආයතන ව්‍යුහයන් තුල දකින්න ලැබෙන යල් පැනගිය මතවාදයන් සහ හැසිරීම්….තමන් විසින් “විඳවන ” ලද ජීවිතය ඉදිරි පරම්පරා වලුත් ඒ විදියටම විඳවිය යුතුයි කියන දෘඨ ස්ථාවරය තමයි අද සදාචාරය, අපේ කම, සංස්කෘතිය, සභ්‍යත්වය විදියට සම්ප්‍රේෂණය කරනු ලබන්නෙ….

    මේක විෂම චක්‍රයක්….වැඩිහිටියන් තමන්ට නොලැබුණු දේ තමන්ගෙන් ජනිත වූවන්ට ලැබෙනවාට තිබෙන අකමැත්ත / තමන් විඳවූ ජීවිතය තමන්ගේ පසු ජනිතයන් “විඳිනවා” දකින්න තියෙන අවිඥාණික අකමැත්ත නිසා මේවා දරුවන්ට පටවනවා…. ඒ දරුවො ලොකු වෙලා ඒවා ඊළඟ දුහිතෘ පරපුරට පටවනවා….ඔවුන් ඊළඟ පරපුරට….

    දේශපාලනය මේකට සෘජුව බලපානවා….ඉහත කී පරම්පරාවල් වර්ථමානයේදී සදාචාරය, සභ්‍යත්වය, සංස්කෘතිය නිර්වචනය කරන අය…..ශ්‍රී ලාංකික පවුල් ඒකක පාලනය කරන්නේ මේ අය…මොකද අපි ඇතැම් සංවර්ධිත රටවල මෙන් නිසි වයසට ආවාම ලෝකයේ අපට හිමි තැන හොයාගෙන පිටවෙලා යන අය නෙමෙයිනේ…ඉන්න දෙනව නම් අවුරුදු 40 ක් වෙනකල් උනත් අපි අම්ම අප්පගෙ ඔක්කෙ දපලා ඉන්න අයනෙ… ඒ නිසා අපේ සමාජයේ තරුණ, තරුණියන්ට දේශපාලනයේ මුදුනට දැනෙන තීන්දු ගන්න ලැබෙන ඉඩකඩ අඩුයි සාපේක්ෂව….ඒ නිසා දේශපාලනයේ කේන්ද්‍රය මේ ඊනියා වැඩිහිට් පරපුර… වඩාත් නිවැරදිව කියනවා නම් මැදි වයස් කාරයන් සහ පූර්ව සැඳෑ විය ගත කරන අය….. ඒ අයගේ තීරණ තීන්දු මත දේශපාලන බලය පැවතීම හෝ නොපැවතීම තීරණය වෙන්නෙ…ඉතින් බලයේ රැඳී සිටීම සඳහා දේශපාලනය මේ ස්ථරයන් පිනවන්න යල්පැන ගිය මතවාදයන් පෝෂණය කරනවා…..

    “ස්ත්‍රිත්වය” – අධිපතිවාදය, සභ්‍යත්වය, ෆැන්ටසිය සහ රියැලිටිය

    රටක් නිදහස් රටක්ද, නැද්ද කියන එක මනින කදිම මිනුම් දඬුව තමයි ඒ රටේ “ස්ත්‍රිත්වය” පිළිබඳව ඇති පොදු සමාජ විග්‍රහයන් කියවීම….

    සුද්දො එද්දි අපේ හිටපු එවුන්ගෙන් සම්පූර්ණ ඇඳුමක් ( යැයි සම්මත ඇඳුමක් ) අඳින්න අවසර තිබුණෙත් එහෙමත් පිරිසකට විතරයි….සුද්දො ඔවුන්ගෙ මධ්‍ය කාළීන ක්‍රිස්තියානි, බැරොක් සහ වික්ටෝරියානු සභ්‍යත්වයන් වල සංකලනයක් තුළින් අපිට පොදුවේ රෙදි ඇන්දුවා….( ඒක කරන්න ගියාම ඔය ලෙනාඩ් වුල්ෆ් එහෙම ලියනවා හම්බන්තොට පැත්තෙ ඊනියා වංශක්කාරයො දිසාපති කාර්යාලයට ඇවිත් විරෝධය පාපු හැටි ගැන… ) .. ඒකත් ඒ කාලෙ අපේ හැටියට ප්‍රගතිශීලියි … මොකද රෙද්ද අඳින එකටත් කුළ තහංචි තියෙන සිස්ටම් එකකට වඩා “අඩු ගානේ තොපි ඔක්කොම ඕක හොඳට වහගෙන හිටපියව්” කියන සිස්ටම් එක සාපේක්ෂව ප්‍රගතිශීලියි…

    මෙතෙන්දි අර ඉන්දීය අධිපතිවාදයේ ස්වාමි දියණියන්ගේ වස්ත්‍රය අපේ මානසික වහලුන් ඔවුන්ගේ සභ්‍යත්වය තුළ “උත්තම” කර ගත්තා සේම, බ්‍රිතාන්‍ය ස්වාමියන්ගේ වස්ත්‍රයත් උත්තම කරගෙන, ඔවුන්ගේ සදාචාර රේඛා, පරිමිතයන් උත්තම කරගෙන ස්වදේශික වහළුන් ෆැන්ටසියක් හදාගන්නවා….ඉන් පසුව ඒ ෆැන්ටසිය තුළ සිය ආත්මයට පරම ප්‍රමෝදජනක ස්ත්‍රීත්වය දකිනවා….

    ෆැන්ටසිය : “ගවුම අඳින, අධිරාජ්‍ය හිමියන් කියා දුන් ක්‍රිස්තියානි – වික්ටෝරියානු සංවරය සුරකින, ශ්‍රේෂ්ඨ, නිකැළැල්, දේවභාෂිතෝපගත ස්ත්‍රිය”

    ඊට පස්සේ ඒ ගොල්ල මේ ෆැන්ටසිය යථාර්තයක් බවට පත් කරගන්න ක්‍රමානුකූලව ට්‍රයි කරනවා….ඒ සඳහා සමාජ චින්තනය සකසනවා…කාළයක් ගියාට පස්සෙ අර ෆැන්ටසිය අනුක්‍රමික රියැලිටියක් වෙනවා….ඔන්න දැන් අපට වික්ටෝරියානු යුගයේ අපේ සීයලා, බාප්පලාගේ ෆැන්ටසියේ හිටපු ස්ත්‍රිය රියැලිටියෙත් ඉන්නවා…

    නමුත් පශ්චාත් ලෝක යුද සමයෙදි සුද්දො කියන සභ්‍යත්වය, සදාචාරය, හැසිරීම, හැදිච්ච කම, හොඳ නරක, යනාදියට තිබුණු සමාජ පිළිගැනීම මත කරන “ඒකාකෘතික” කරණය නවත්තලා “Personal Choice / Choice of the Individual” කියන නව මානය සොයාගෙන ගියා…නමුත් ඒ වෙනකොට අපිවත් වෙනස් කරන්න සුද්දා අපි ළඟ නොහිටපු නිසා අපි ඒ වෙනස් කමට ගියේ නෑ….අනෙක අධිරාජ්‍යය අමතක කරත්, සදේශපාලනිකව මේ වෙනස කරන්න තිබුණු අවස්ථාව එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඇතුළු දේශපාලක නඩයක් විසින් වාසි තකා වික්ටෝරියානු පදනම මත විකෘති ජාතිකත්වයක් ගොඩ නැගීම තුළ දියවී ගියා….මීට කළින් සුචරිතවාදී “වීරයන්” ඇතුළු ඊනියා නිදහස් සටන්කරුවන් මේක කරන්න ගිහින් ඇනගෙන නෝණ්ඩි වුනේ ඔවුන්ට මේ වෙනස් කම් ඝණීභූත කරන්න අවශ්‍ය කේන්ද්‍රයේ දේශපාලනික බලය නොමැතිකම නිසා…..නමුත් බණ්ඩාරනායක ප්‍රමුඛ පිරිසට ඒ අඩුව පිරිමැහුණු නිසා ඔවුන් මේක කොහොම හරි කර ගත්තා…අන්න ඒ විකෘතිය මුල් වරට ග්‍රහණය කරගෙන එදා ඉඳන් අද වෙනතුරු ඒක කරපින්නාගෙන ඇවිදින එවුන්ට අපි කියනවා ඊනියා ’56 දරුවෝ කියලා…සුද්දා පුද්ගල නිදහස කියන මානය තුළ වඩා දීප්තිමත් සභ්‍යත්වයක් සොයා ගත්තා….අපි තාම සුද්දා ඉතිරි කරලා ගිය පිළිණු වෙච්ච කෑම පීරිසිය දිවි හිමියෙන් රකිනවා…

    මෙතනදි වෙච්ච ලොකුම කරුමෙ තමයි මේ ජනප්‍රියවාදී 56 විකාරය ඊනියා “වාමාංශික දේශපාලනයක්” ලෙසට මේ සමාජයේම කොටස් විසින් හඳුනා ගනු ලැබීම….ඔවුන් මෙය “අධිරාජ්‍ය විරෝධී වමේ ව්‍යාපාරයක්” ලෙස හඳුන්වා ගැනීම තුළ වමටත් පිරිස් බලය රැකගැනීම සඳහා මේ අදහස් තමන්ගේ අදහස් අස්සට දාලා චට්නියක් හදාගන්න සිද්ද උනා….මේ “අපේ ක්‍රමයේ සමාජවාදය…අපට ගැළපෙන සමාජවාදය…මාක්ස්වාදයේ අපිට ගැළපෙන අර්ථකතනය” කියන්නෙ ඒකට….

    අද මේ මොහොත වනවිටත් ඉන්න ඊනියා වාමාංශිකය, විප්ලවවාදීන්ය කියාගන්න කොටස මේ අතින් වික්ටෝරියානු සිංහල බෞද්ධ සදාචාරවාදීන්ට දෙවැනි නෑ…..විශ්ව විද්‍යාලයේ පළමු වසර කෙල්ලන්ට කලිසම්, ත්‍රී ක්වාර්ටර්ස් ඇඳීම තහනම්…ගවුම් සායවල් විතරයි අඳින්න පුලුවන්….නියෝගය ඊනියා රැඩිකල් ශිෂ්‍ය සංගම් වලින්…මෙරට සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරයත්, එයින් ඉච්ඡා භංගත්වයට පත්වූවන් කැඩී වෙන්වී හදාගත් රැඩිකල් වාමාංශික ව්‍යාපාරත් මේ ගුඩු වෙච්ච මානසික තත්වයන්ගෙන් රට මුදවා ගනු වෙනුවට කලේ ඒක තවත් තීව්‍ර කරන්න උදව් කිරීම….ඔවුන්ට ශාස්ත්‍රීයත්වය සප්ලයි කරන්නෙත් අර 56 දරුවන් හෝ ඔවුන්ගේ පරිණාමික අවස්ථා….

    මේ තමයි අපි යථාර්තය ලෙස දකින, අපි යථාර්තය තුළ සම්මත කරන, අනුමත කරන ගැහැණිය….

    ඉතින් තවමත් Stereotyping ප්‍රබල විදියට ක්‍රියාත්මකයි…

    “ගැහැණු ළමයෙකු වනාහි… මෙන්න මේවා, මේවා, මේවා, මේවා….තිබෙන….මේ, මේ ග්‍රන්ථවල, ශුද්ධ ලියවිලි වල, කයි කතන්දර වල, පඬි ටෝක්ස් වල, ජන ප්‍රවාද වල තියෙන පරිදි වන….මෙන්න මේ මේ ලේඛකයන් අප කෙරෙහි පතළ මහා කරුණාවෙන් ලියූ සිරිත් මල්දම, අරක, මේක අනුව හිතන පතන … කෙනෙකු වන්නේය”

    ඉතින් පරිපූර්ණ යුවතියක, කාන්තාවක ලෙස සමාජයේ පිළිගැනීමට ලක්වෙන්න, සමාජයෙන් ප්‍රතික්ෂේප වීමෙන් වැළකෙන්න කාන්තාවන් මේ ස්ත්‍රිත්වයේ අර්ථ නිරූපණයට කීකරු වෙනවා…ඇයට වෙන කරන්න දෙයක් නෑ කීකරු වෙනවා ඇරෙන්න….”හොඳ කෙල්ලෙක් වෙන්න මේ වගේ වෙයන්!” කිව්වාම ඒ වගේ වෙනවා…
    ෆැන්ටසි – රියැලිටි ගැටුම

    මේක වඩාත්ම භයානක අතට හැරෙන්න ගත්තෙ අපි දියුණු ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ප්‍රවාහයන්ට නිරාවරණය වෙන්න පටන් ගත්තාමයි…

    තොරතුරු තාක්ෂණය හරහා අපට ලිබරල් ධනවාදී සමාජයේ වාණිජමය උත්සාහයන් + ලිබරල් සභ්‍යත්ව පරාමිතීන් එකතුවක් එනවා…”Baywatch” එකේ චූටි ස්විම් සූට් ඇඳගෙන පිරිපුන් ඇඟවල් තියෙන කෙල්ලො නිරුවත් තට්ටම් නටව, නටව ඇවිදිනවා….කෙල්ලො “සිනා නොමසෙන් දසන් දක්වා” කුඩු කරලා හයියෙන් කෑ ගහනවා…හැන්ඩි කොල්ලෙක් දැක්කොත් ඌ එක්ක ත්‍රිල් ගන්නවා…..කෙල්ලො කොල්ලො කිසි භේදයක් නැතුව නිදහසේ, සතුට බෙදාගෙන ජීවිතේ උපරිම වින්දනයක් ලබන්න උත්සාහ කරනවා අපේ අයට මාධ්‍ය හරහා පේනවා…

    සුද්දො හොඳට සෙක්ස් කරලා ෆන් ගන්නවා…නව යොවුන් කොල්ලො කෙල්ලො හොඳට සෙක්ස් කරනවා…නිදහසේ පාටි දානවා…බොනවා…ලිංගිකත්වය උද්දීපණය කළ හැකි විලාසිතා අත්හදා බලනවා…ජීවිතයේ තෘප්තකර හැඟීම් පෝෂණය කිරීම උපරිමයෙන් කරනවා….මේ මාධ්‍ය හරහා එන්නේ ඔවුන්ගේ සමාජයේ රියැලිටි වල එකතුවක් උනත්, ඒවා කරන්න නිදහසක් නැති අපේ අයට ඒක ෆැන්ටසි වෙනවා…අන්න ඒ මාධ්‍ය හරහා දකින බටහිර අයගේ රියැලිටියෙන් අපේ පසුගාමී සමාජ වල අලුත්ම පරම්පරාවේ අයට ෆැන්ටසියක් හැදෙනවා….

    අර සීයලා, මුත්තලාට හැදුණු 18 වැනි සියවසේ වික්ටෝරියානු ස්ත්‍රිත්ව විවරණය සහිත ෆැන්ටසිය වගේම එකක් මෙයාලටත් හැදෙනවා….පරම ප්‍රමෝද ජනක ස්ත්‍රියක් මේ අයත් විවරණය කරගන්නවා….

    21 වැනි සියවසේ ෆැන්ටසිය….

    තින් ඊට පස්සේ මේ 21 වැනි සියවසේ ෆැන්ටසිය හිසින් දරාගෙන, ඒ මනෝභාවය පිනවනන්න ඔවුන් රි‍යැලිටිය වෙත එනකොට රියැලිටිය තාම 18 වැනි සියවසේ…!…ඇයි ඉතින් සුද්දො අපිට 18 වැනි සියවසේ ෆැන්ටසිය හදල දුන්න නිසා අපි තාම ඒකෙ ඉන්නවා…සුද්දා එතනින් එහාට ගියා කියලා අපි දන්නෙ නෑනේ…අපි තාම උන් 18 වැනි සියවසේ හිටපු තැන….

    ඉතින් මේක දකින ඔවුන් ෆුල් හොල්මන් වෙනවා…ෆැන්ටසියේ ඉන්න සෙක්ස් වලින් ත්‍රිල් ගන්න ආස, කන බොන, විනෝද කාමී ගැහැණිය සිය නිදි යහනට ඇත්තටම ගෙනියන්න හිතාගෙන ඔවුන් පාරට බැස්සාම ඔවුන්ට හමුවන්නේ අර ඔවුන්ගේ අප්පලා, මහප්පලා, බාප්පලා, සීයලා ඔවුන්ගේ ෆැන්ටසිය අනුව රියැලිටියට ගේන්න කටයුතු කරපු ස්ත්‍රිය….ඇය සිපගන්න බයයි…පෙම්වතා සමග තනිවෙන්න බයයි…අතකින් අල්ලන්න බයයි…පොකුරෙන් ගැලවෙන්න බයයි…ලැජ්ජයි…නිදහසේ අදහස් ප්‍රකාශනයට බයයි….කයින් සහ මනසින් දෙමාපියන්ට සිරකාරියක්…

    ඇයි තාම ස්ත්‍රිත්වයේ සමාජ සම්මත අර්ථ නිරූපණය තියෙන්නෙ අර 18 වැනි සියවසේ මොඩල් එකේ නෙ…?….සම්මතය තීරණය කිරීමේ වැඩි බලය තියෙන්නෙ වැඩිහිටියන්ට නෙ….එයාලා තාම අල්ලගෙන ඉන්නෙ සම්මතයේ එයාලගෙ නිර්වචන නෙ….ඉතින් තාම කාන්තාව අර යටගිය දවස ස්ත්‍රිත්වයට කීකරුයි….මොකද සමාජ ගැරහීමෙන් මිදෙන්න ඕන නිසා….”හොඳ කෙනෙක්” වෙන්න ඕන නිසා…

    ඔන්න 21 වැනි සියවසේ ෆැන්ටසිය 18 වැනි සියවසේ රියැලිටිය එක්ක ගැටෙනවා….

    ඔන්න ඉතින් නව පරපුරෙන් සමහරක් අය අර පෙර පරම්පරා කලා වගේම ඔවුන් ගොඩ නගන ෆැන්ටසියත් රියැලිටියට ගේන්න උත්සාහ කරන්න පටන් ගන්නවා…

    එතකොට වැඩිහිටියෝ ඔවුන්ගේ රියැලිටිය රැක ගන්න මෙහෙන් අදිනවා….තරුණ පරපුර එහෙන් අදිනවා…මේ කඹ ඇදීමේ ප්‍රතිඵලයක් ලෙස “ඔලු දෙකේ බූරුවෙක්” නිර්මාණය වෙනවා…

    මේ ඔලු දෙකේ සමාජ බූරුවාගේ එක ඔලුවක් ලිබරල් චර්යා දේශනා කරනවා….ඒ අතට අදිනවා…අනිත් ඔලුව අධි සංරක්ෂණ වාදී ආදි කල්පිත අදහස් දේශනා කරනවා… ඒ අතට අදිනවා…

    මේ බූරුවා හමුවට පමුණුවනු ලබන සමාජ ජීවියා Full Confuse වෙනවා….ඒ Confuse වීමේ ප්‍රතිඵලය වෙන්නෙ අසහනය සහ පීඩනය….

    ඊට පස්සෙ කකුලක් දැක්කොත් මළ පනිනවා….දුක් විඳිනවා….ඒ දුකේ Focal Object එක ස්ත්‍රිය කියලා හිතාගෙන ඒ පීඩනය ඇය මතින් යවනවා….ගෑණුන්ට කුණු හරුප කියලා, ජැක් ගහලා, අවයව මිරිකලා, ගොසිප් හදලා, ඒ ද්වේෂය පිට කර ගන්නවා…

    ෆැන්ටසිය රියැලිටිය කරගන්න දඟලන දැඟලිල්ලෙ භයානකම අවස්ථාව තමයි ස්ත්‍රී දූෂණය…..

    ඉල්ලුම තිබෙනවා දරුණුවට….ඉල්ලුමට සරිලන සැපයුම ලොවෙත් හොයාගන්න නෑ…ඊළඟට බිහිවෙන්නෙ උද්ධමනය…සමාජය පැත්තෙන් බැලුවොත් අසහනය…උග්‍ර අසහනය…අවසානයෙදි පීඩනය පුපුරා යන්නෙ අනෙක් හැම පීඩනයකම වගේම ප්‍රචණ්ඩත්වය හරහා….පීඩනය වාන් දමන්නෙ ප්‍රචණ්ඩත්වයේ ඇළට…..

    ඉතින් කාව හරි එල්ලුවොත් මේක හරි යාවි කියලා හිතෙනවද?​



    හරි මේක් දැක්කම කියවන්න හිතෙන්නැතුව ඇති. ඒත් කොහොම හරි ටික වෙලාවක් අර මේක කියවන්න.
    ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් වෙයි එතකොට.
    මේක මම උපුටා ගත්තෙ මෙතනින්
    https://theruamknatha.wordpress.com/2015/09/15/%e0%b6%b4%e0%b7%9d%e0%b6%bb%e0%b6%9a%e0%b6%ba-%e0%b6%95%e0%b6%b1%e0%b6%af/

    මම මේක කියෙව්වාම හිතුනා මේක ශෙයා කරොත් හොදයි කියල. ඒකයි මෙතන දැම්මේ.
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    stri dusakayange , dadi asahana karayange ata deka kapuvama hari ban
    ethakota unta sex feelings enne na, eka untath hodai, kellontati hodai.
    jundda thiyenna hariyama ati, ata deken thami sex feeling enne.
    ellana ekata mamath viruddai
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    DNA test karala daduvama dunnama hari. DNA valata boru karanna bane

    මම කෙල්ලෙක් එක්ක කැමැත්තෙන් sex කරනවා:dull:
    ඒකි ඊළඟ දවසේ මගෙ සල්ලි ටිකට විදින්න මට විරුද්ධව rape case එකක් දානවා :dull:
    මගේ DNA ඒකිගේ ඇඟ ඇතුලේ :dull:

    මේ සමාජයේ ඕවා හරියට වෙනවා :shocked:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම කෙල්ලෙක් එක්ක කැමැත්තෙන් sex කරනවා:dull:
    ඒකි ඊළඟ දවසේ මගෙ සල්ලි ටිකට විදින්න මට විරුද්ධව rape case එකක් දානවා :dull:
    මගේ DNA ඒකිගේ ඇඟ ඇතුලේ :dull:

    මේ සමාජයේ ඕවා හරියට වෙනවා :shocked:

    badala nathnam condom ekak dala gaapan nathnam STD unath enna puluwan :angry::angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය එල්ලුම් ගහ ගැන අපි හිතන්නේ අර කොණ්ඩය වගේ එවුන් මරන්ඩ ගේන්ඩ ඕනේ කියල. හැබැයි අනාගතේ එල්ලෙන්ඩ නියමවෙන එවුන් ගැනත් අපි හිතන්ඩ ඕනේ. තරහකාරයෝන්ගෙන් නිත්‍යානුකුලව පලිගන්ඩ ඕක තරන් හොඳ වෙන ක්‍රමයක් නෑ. දේශපාලන බලය පාවිච්චි කරල අහිංසක මිනිස්සු ඔකට නොයවයි කියල සහතික වෙන්ඩ පුලුවන්ද අපිට. දැනුත් පොලිසියෙන් කොච්චර අහිංසක මිනිස්සු අල්ලනවද බොරුවට. එහෙම එකෙක් එල්ලුවොත් වෙන වැරැද්ද වැරදිකාරයො 100 එල්ලලා ලැබෙන යුක්තියට වඩා වැඩියි.