පෞද්ගලික බස් ත්‍රස්තවාදය
අපේ රටේ පෞද්ගලික බස් සේවාව දැන් මස් වැද්දෙකු ගානය. කතාව නම් බස් මගියා වඩාගෙන යන්නට තරම් ආදරයක් පෙන්වමිනි.
ඒත් තමන්ගේ වාසියට දඩමීමා කරගන්නේත් ඒ බස් මගියාමය.
බස් ධාවන වර්ජන වලට මේ “බස්කාරයින්” ඉදිරිපත් කරන හේතූන්ගෙන් බහුතරයක් එක්කෝ ඔවුන් අතර ඇති පෞද්ගලික ප්‍රශ්න ය. නැත්නම් පරිපාලනමය ගැටළු ය.
නමුත් අන්තිමේ එය පඩිසන් දෙන්නේ අසරණ බස් මගියාට ය. තමන්ට උවමනා දේ ලබා ගැනීමට මෙසේ අසරණ බස් මගීන් තුරුම්පුවට ගන්නා මුං ත්‍රස්වාදීන්ට නොදෙවනිය.
(ඕනෑම ලාමක හේතුවක් සොයාගෙන ඕනෑම විටෙක බස් වර්ජනයකට සූදානමින් සිටින මේ බස් ත්‍රස්තයින් සමහර විට අපේ මේ ලිපිය නිසාද ඔවුන්ට අපකීර්තියක් සිදුවීයැයි බස් වර්ජනයකට යෑමට ඉඩ තිබේ.)
පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන අන්දමේ “ජනතාවට පහසුකම්
සපයන” පෞද්ගලික බස් රථ සේවාව ඇත්තේ හඳේ විය යුතුය.
මෑතකදී ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම පැවසූ අන්දමට මේ පෞද්ගලික බස් රථ සේවකයින්ට නම් ඇත්තෙන්ම කිසිදු චාරයක් නැත්තේ ය.
රියදුරන් බස් ධාවනය කරන්නේ කුපිත වූ කුළු මී හරකුන් දුවන්නාක් මෙනි.
දැන් බහුතරයක් කොන්දොස්තරවරුන් හා රියදුරන් ඔවුන්ට ලබාදුන් නිල ඇඳුම අඳින්නේ නැත. අතලොස්සක් හැරුනු කොට අන් සියළු කොන්දොස්තරවරුන්ගේ භාෂණය නම් අතිශයින් පහල මට්ටමක පවත්නේ ය.
එසේම, සවස 6න් 6.30න් පසුව, දිවෙන සමහර පෞද්ගලික බස් රථ වල සිටින කොන්දොස්තරවරුන්ගේ තත්වය මේ පෞද්ගලික බස් සංගම් හිමියන් දන්නේ දැයි අපි නොදනිමු. සමහර කොන්දොස්තරවරු ටී ෂර්ටය සහ කොට කලිසම පිටින් ය. සමහරු හොඳහැටි මත්පැනින් සප්පායම් වී ඇත්තාහ. සමහරුන්ට බස් රථය තුල මගීන්ගෙන් මුදල් එකතු කරමින් කෙලින් ඇවිදින්නට බැරි තරම් මොකක්දෝ වෙලාය. මොවුන් වෙනත් මත්ද්‍රව්‍ය ද භාවිතා කරනවා විය යුතුය.
කොන්දොස්තර එසේ නම් රියදුරා ?
මේ සියළු ජුගුප්සාජනක තත්වයන් විඳදරාගෙන මගීන් බස් රථයේ සිටින්නේ ඔවුන්ගේ නෝන්ජල් කමට නොව, දවස පුරාම තම කාර්යාල වල වෙහෙස වී අවසානයේ ඉක්මණින් නිවසට යාමට ඇති අතිශය මානුෂීය උවමනාව නිසාය.
මෙවැනි බසයක ගමන් කිරීම යනු තනිකරම ජීවිත අවදානමක් බව අප අමුතුවෙන් කිව යුතු ද?
විෂය භාර ඇමතිතුමනි, මේ සියල්ල අප සෑම දිනකම කියමු. ඔබ පාර්ශවයෙන් කුමක් හෝ ප්‍රායෝගික විසඳුමක් අවශ්‍ය ය.
බස් මගීන්ගේ ඉවසීමේ ද සීමාවක් තිබේ.
විදුලිය සේම ප්‍රවාහනය ද අත්‍යාවශ්‍ය සේවාවක් කල යුතු යැයි අපි හඟමු. එය පිළිගන්නට නොහැකි නම් හොඳම දෙය වන්නේ එම බස් හිමියාගේ බලපත්‍රය අවලංගු කිරීම ය.
එසේම, වැඩිපුර ලංගම බස් පාරට දමන්නට කුමාර වෙල්ගම ට හැකියාවත්, උවමනාවත් ඇති බව අපි විශ්වාස කරමු.
http://sinhalaya.com/news/sinhala/2011/09/07/2257/

Last edited: