පෞද්ගලික රෝහල් නියාමනය 4 වැනිදා සිට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    පෞද්ගලික රෝහල් නියාමනය 4 වැනිදා සිට

    පෞද්ගලික රෝහල් නියාමනය 4 වැනිදා සිට

    පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි 04 වැනිදා වන විට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඒ යටතේ පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබන විට ඇතැම් රෝගීන්ට ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුවන බව කී අමාත්‍යවරයා එසේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රෝගියෙක් තමාට කතා කර ඔහු මුහුණ දුන් ගැටලුවක් පැවසූ බව ද ප්‍රකාශ කළේය.

    හෘද සැත්කමක් සදහා පෞද්ගලික රෝහලට ඇතුළත් වූ රෝගියාට පළමුව රුපියල් ලක්ෂ 07 ක මුදලක් වැය වන බව පවසා ඇති රෝහල සැක්කම සිදු කළ පසු රුපියල් ලක්ෂ 12 ක් ඉල්ලා ඇතැයි කී අමාත්‍යවරයා නමුත් රෝගී තත්ත්වය සුව නොවීම නිසා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ බිල මේ වන විට රුපියල් ලක්ෂ 18 ක් වී ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

    මෙවැනි සිද්ධීන් නිසා රෝගීන් දැඩි අසීරුතාවයට පත්වන බව කී අමාත්‍යවරයා පෞද්ගලික රෝහල් නියාමනය කළ යුත්තේ ඒ නිසා බව ද සඳහන් කළේය.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රුපියල් මිලියන 3400 ක වියදමින් බේරුවල මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත නව මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    මෙහෙම එකක් තියෙනවා නේද. ඔපරේෂන් එකකට ගියාම ඒක මොන වගේ අවසානයකට යයිද කියල කාටවත්ම කියන්න බැහැනේ. ඔපරේෂන් එකේදී සමහර විට වෙනස් දෙයක් නිරීක්ෂණය කරලා එජට අනුව ප්‍රතිකාරය ඒ වෙලාවේම තීරණය කරන්න සිද්ද වෙනවා සමහර වෙලාවට. දැන් වාහනයක් හදන්න ගිය්යත් ගෙයක් හදන්න ගියත් මුලින් කියපු ගානට වඩා සමහර විට දෙන්න වෙනවනේ. සමහර වෙලාවට icu දාන්න හිතපු නැති ලෙඩ්ඩු icu වලට දන්නා වෙනවා. ඉස්ප්රිතල වලින් කියන්නේ යන්න පුළුවන් දල වියදම නේද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කව්රු කලත් හොද දේට හොදයි කියන්න ඕන...

    ඇත්තටම මචන් මේව හොද වැඩ..
    බලහන් මෙහෙම හොයල බලල කරනව නම් රට හරි මගට ගන්න පුලුවන්..
    මුන් කරන්නෙ නැති එකනේ අවුල..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තටම මචන් මේව හොද වැඩ..
    බලහන් මෙහෙම හොයල බලල කරනව නම් රට හරි මගට ගන්න පුලුවන්..
    මුන් කරන්නෙ නැති එකනේ අවුල..

    මහින්දගේ කාලෙට වඩා මේ ආන්ඩුවෙන් මේ වගේ වැදගත් දේවල් හොයලා කරා.හැබැයි ඕවා කරන උන් ඔය නීති ගේනවට කැමති නැහැ.දැක්කනේ අර හොස්පිටල් එකක එන යන වෙලාවට ෆින්ගර් ප්‍රින්ට් තියන්න දාන්න හදනවා කියලා නිර්ස්ලා ස්ට්‍රයික් කරා.ඔන්න ඕකයි තත්වේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මෙහෙම එකක් තියෙනවා නේද. ඔපරේෂන් එකකට ගියාම ඒක මොන වගේ අවසානයකට යයිද කියල කාටවත්ම කියන්න බැහැනේ. ඔපරේෂන් එකේදී සමහර විට වෙනස් දෙයක් නිරීක්ෂණය කරලා එජට අනුව ප්‍රතිකාරය ඒ වෙලාවේම තීරණය කරන්න සිද්ද වෙනවා සමහර වෙලාවට. දැන් වාහනයක් හදන්න ගිය්යත් ගෙයක් හදන්න ගියත් මුලින් කියපු ගානට වඩා සමහර විට දෙන්න වෙනවනේ. සමහර වෙලාවට icu දාන්න හිතපු නැති ලෙඩ්ඩු icu වලට දන්නා වෙනවා. ඉස්ප්රිතල වලින් කියන්නේ යන්න පුළුවන් දල වියදම නේද?

    icu charges මේකෙන් නියාමනය වෙනවා හැමදෙයක්ක්ම හරි නැති උනත good move එකක්
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Meken wenne mokakda dannawada, leddunge jeewitha awadanamakata yana eka...
    Operation eka register wela tibboth eka ledekata, surgery eka atharatura wena deyak dekala eka karanne netuwa, register karapu lede witarak balana chance eka.
    Nethnam, karagena yana atharatura ledage barakaruwa ekka discuss karanna time out ekak ganna wena eka....
    Mewa hitanna wei...

    Karannanwale karanna puluwan weda neme mewa
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕව කරන්න කලින් රජයේ රෝහල් ටිකේ finger ප්‍රින්ට් මැෂින් ටික නියාමනය කලොත් නරකද.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඕව කරන්න කලින් රජයේ රෝහල් ටිකේ finger ප්‍රින්ට් මැෂින් ටික නියාමනය කලොත් නරකද.

    එක බැරි නිසයි මෙක කරන්නෙ :P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    Meken wenne mokakda dannawada, leddunge jeewitha awadanamakata yana eka...
    Operation eka register wela tibboth eka ledekata, surgery eka atharatura wena deyak dekala eka karanne netuwa, register karapu lede witarak balana chance eka.
    Nethnam, karagena yana atharatura ledage barakaruwa ekka discuss karanna time out ekak ganna wena eka....
    Mewa hitanna wei...

    Karannanwale karanna puluwan weda neme mewa

    පොඩ්ඩක් ඕස්ට්‍රේලියාවේ medical system එක ගැන හොයල බලන්න
    ඔයිට වඩා දේවල් කරලා තියෙනවා
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    ඕව කරන්න කලින් රජයේ රෝහල් ටිකේ finger ප්‍රින්ට් මැෂින් ටික නියාමනය කලොත් නරකද.
    ලෝකේ කොහෙවත් දොස්තරලගේ ෆින්ගර් ප්‍රින්ට් බලන්නේ නැහැ. එක ප්රයොගීක නැහැ. හිතන්න උදේ හයට විතර ඉමර්ජන්සි ඔපරේෂන් එකකට ඇවිත් උදේ දහය වෙනකම් ඒක ඇදුනොත් ඒ දොස්තර කොහොමද ෆින්ගර් ප්‍රින්ට් තියන්නේ? කොහේ හරි දුරකට ලෙඩෙක්ව අරන් ට්‍රාන්සේර් ගියොත් කොහොමද?
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    තිර රචනය, සංස්කරණය , අධ්‍යක්ෂනය
    විදග්ධ පුක් ශෝධක

    ඉදිරිපත් කිරීම
    විදග්ධ පුක් ශෝධක එන්ටර්ටේන්මන්ට්

    147 වසරක අඛංඩ පුක් සේදීමේ සේවාව තුලින් ජන හද දිනූ,

    පුක් සේදීම කලාවක්නම් එහි පිකාසෝව වූ
    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහින්දගේ කාලෙට වඩා මේ ආන්ඩුවෙන් මේ වගේ වැදගත් දේවල් හොයලා කරා.හැබැයි ඕවා කරන උන් ඔය නීති ගේනවට කැමති නැහැ.දැක්කනේ අර හොස්පිටල් එකක එන යන වෙලාවට ෆින්ගර් ප්‍රින්ට් තියන්න දාන්න හදනවා කියලා නිර්ස්ලා ස්ට්‍රයික් කරා.ඔන්න ඕකයි තත්වේ.
    අනිවා ෆින්ගර් මැශින්1 දාන්න ඕන.. හැමතැනටම...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    අනිවා ෆින්ගර් මැශින්1 දාන්න ඕන.. හැමතැනටම...

    එකට කරන්න ඕන රෝහල් පරිපාලනයෙන් දොස්තරලා අයින් කරලා වෙනම නිලධාරීන් පත් කරන එක
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මෙන්න මචන් කන්න පුලුවන්නම් හොද වැඩ.
    private hospital වල මිනිස්සුන්ගෙන් සල්ලි කඩන්නේ ඇගට නොදනී...

    රූම් එකේ ගනන් අහද්දී කියන්නේ room charges විතරයි. දන්නේ නැති මිනිස්සු ගෙවන්න ගියහම ඉහ මොළ රත්වෙන ගණන් තියෙන්නේ.

    admit කරද්දී ඒවා කියන්නේ නැ. ඕව ගැන දන්නා මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැ.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වැඩේ තියෙන්නෙ මේව කරන්නේ වරෙන්තු පිට ඉන්න නැව් හොරෙක්.අඩුවට බෙහෙත් දෙනවා කියල කලෙත් මුන් ඩීල් එකක් ගැහුව එක. ඉතින් කොහොමද මේව විස්වාස කරන්නේ ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    තිර රචනය, සංස්කරණය , අධ්‍යක්ෂනය
    විදග්ධ පුක් ශෝධක

    ඉදිරිපත් කිරීම
    විදග්ධ පුක් ශෝධක එන්ටර්ටේන්මන්ට්

    147 වසරක අඛංඩ පුක් සේදීමේ සේවාව තුලින් ජන හද දිනූ,

    පුක් සේදීම කලාවක්නම් එහි පිකාසෝව වූ
    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ.

    වෙල්කම් ග.ක.පු.සෝ
     
    Similar threads