මෙව පරිස්සමෙන් කරන්න ඕන වැඩ.හැමොම ඇවිල්ලා ලාබ උපාදි විකුනුවොත්,ලංකාවටත් එක්ක හොද නෑ.
අනිවාර්යෙන්ම
මෙව පරිස්සමෙන් කරන්න ඕන වැඩ.හැමොම ඇවිල්ලා ලාබ උපාදි විකුනුවොත්,ලංකාවටත් එක්ක හොද නෑ.
mamath ehemaiමම කියන්නද එහෙනම් මුලින්ම ....මම නම් ශ්‍රි ලකා රජය විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ ඇති රජයේ විශ්වවිද්‍යාලයක සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයක මාගේ අධ්‍යාපන කටයුතු කරමින් යනවා..







mama nam kiyanne hodai,oya government uni wala eun kegahanne unta rassawal nethiwena nisa.nethuwa wena ekakata newei.
duka thama ethakota ithin gov campus ekakin ganna degree ekata kohomath pili ganeemak nathi wei. 
ලංකාවේ පළමු වැනි පෞද්ගලික ව්ශ්වවිද්‍යාලය ළගදීම සිසු අයිතියට...කාටද පුලුවන් ඒ මොකක්ද කියලා කියන්න...
umbalata ona rajaye serama campus wahala dannada?
ow private campus dammoth aniwa gov campus serama kada watenawa. mokada danata gov campus wala wada karana prof. la idan sulu sewakaya pawa private campus walata yanawa wadi padiyata wada karanna. arawa ballata yanawa.duka thama ethakota ithin gov campus ekakin ganna degree ekata kohomath pili ganeemak nathi wei.
![]()
meke meaning eka mokakada machan?
පේරාදෙනිය සරසවියේ නංගිලා මල්ලිලා අද මහ පාරේලු. හේතුව එයාලට පා ගමනින් කොළඹ යන්න කැරලි මර්ධන පොලීසිය සහ හමුදාව ඉඩ දුන්නේ නැතිලු.. ඒත් ඇයි මෙයාලා පා ගමනින් කොළඹ එන්න ආවේ..? පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්නවට විරුද්ධවලු.. ඔව් කවුරු හරි කුලප්පු කරන පලියට හරි වැරදි හැම දේටම පාරට බහින්න උද්ඝෝෂන කරන්න, විශ්ව විද්‍යාල වල අය ආසයි.. ඒ වගේම තේරුමක් නැතිව රණ්ඩු වෙන්න ගහමරා ගන්න වගේම එයාලවත් තේරුම නොදන්න බර වචන වලින් විප්ලවවාදය ගැන කතා කරන්න එයාලාට පුළුවන්.. ඒත් ඒ අය නොදැකපු පැත්තක් තියෙනවා ඒක තිත්ත ඇත්තක් උනත් ඒ දිහාට හැරෙන්න එයාලා කැමති නැහැ.
මුලින් මම කල්පනා කලා ඇයි එයාලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැති කියලා. ඇත්ත. රජයේ විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරීන්ටවත් දෙන්න තරම් ප්‍රමාණවත් රැකියා ප්‍රමාණයක් අපේ රටේ නැහැ.. ඒක වෙන්න ඇති හැමදාම ලිප්ටන් වට රවුමේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ලඟ රැකියා විරහිත උපාධිධාරින් වාඩි වෙලා ඉන්නේ උද්ඝෝෂණ කරන්නේ උපවාස කරන්නේ. ඒ අස්සේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලිනුත් උපාධිධාරීන් බිහි වෙන්න ගත්තම තත්වය තවත් බරපතල වෙයි.. ඒත් නංගියේ මල්ලියේ ඔයාලා හිතනවද අපේ රට හැමදාමත් මේ තත්වේ තියෙයි කියලා. අපි හැමදාම තුන්වැනි ලෝකේම ඉන්න ඔනිද.. ආස නැද්ද අපේ රටත් සංවරිධිත රටක් වෙනවට. ඒහෙම උන දාක සමහර විට අපේ රැකියා අවශ්‍යතා සපුර ගන්න පිට රට වලින් ශ්‍රමිකයෝ ගෙන්වන්න වෙයි.. අපේ රටේ අයට උඩ බලාගෙන ඉන්න වෙයි. ඇයි අපේ අය ඒ රැකියා වලට සරිලන අධ්‍යාපන සුදුසු කම් සම්පූර්ණ කරලා නැහැ.
ඔයාලා මේ ගැන හිතුවද?
වසරකට කී දෙනක් A/L කරනවද ?
එතනින් කීදෙනක් විශ්වවිද්‍යාලයට සුදුසු කම් ලබනවද?
විශ්ව විද්‍යාල වලට යන ප්‍රමාණයට වඩා සුදුසු කම් නොලබන ප්‍රමාණය වැඩියි නේද?. ඒ දුලබ අවස්ථාව ලබපු ඔයාලාට කොහොමද මේ වගේ ආත්මාර්ථ කාමී කමක් ආවේ.. විශ්වවිද්‍යාලයෙන් එලියේ ඉඳන් දැනුම පිපාසයෙන් ඉන්නේ හෝඩියේ ඉඳන් ඔයාලා එක්ක ඉගෙන ගත්තු යාළුවෝ සහ ඉස්කෝලේ ඔයාලාට ඉහල පනිති වල හිටි අයියලා අක්කලා නේද. ඔයාලාට උපාධියක් රන් රුකියාවක් හොයා ගන්න අමාරු තත්වයක් අද රටේ තියෙද්දි , උපරිම සුදුසු කම විදියට උසස් පෙළ හෝ වෙනත් ඩිප්ලෝමාවක් තියාගෙන ඒයාලත් ආයතනයක් ආයතනයක් ගානේ රැකියා හිඟමනේ යනවා නේද?.
විශ්ව විද්‍යාලය ඇතුලේ ඔයාලාට ලැබෙන හැම පහසුකමක්ම රටේ අනෙකුත් ජනතාවගේ එකම එක දාඩිට බින්දුවක වත්කමක් නිසා ඔයාලට හම්බ වුනු දේවල් කියලා ඔයාලාගේ හෘද්ද සාක්ෂිය පිලිගන්නේ නැද්ද? . ඇත්ත මහපොල කියන්නේ සොච්චමක් තමයි ඒත් ඒ සොච්චම උනත් රජය ඔයාලාට දෙන්නේ මහජනතාවගේ මුදල් වලින් නේද...
ආස නැද්ද ඒ මුදල් ප්‍රමාණය වැඩි කර ගන්න. ඒකට කරන්න ඔනි හෙඳම දේ අපේ රටේ සල්ලි පිට රටවලට යන එක නතර කර එක නේද..
ඔයාලා මේ දේවල් දන්නේ නැහැ නංගියේ මල්ලියේ.. සමහර විට දැන දැනත් නොදන්නවා වගේ ඉන්නවා ඇති. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න වාසනාව අහිමි වුනු අනෙක් සහෝදර සහොදරියෝ ඉගෙන ගන්න කොයි තරම් දුක් විඳිනවද කියලා.. මම හොඳ උදාහරණයක් කියන්නද.. ඒ මම.. වෙන කෙනෙක් ගැන කියනවට වඩා මම ගැන කියන්න මට ලේසියි. අපි විඳින දුකත් අහන්න.. ඊට පස්සේ ඔයාලාට ඔනිමනම් පා ගමනින් කොළඹ යන්න..
මම කලේ ජීව විද්‍යා විශයන්. පළවෙනි පාර මැරීගෙන පාඩම් කලා ඒත් මම පැරදියි. දෙවනි වතාව මම උත්සහ කලා ඒත් මම ජීවිතෙන් පැරදියි. ඒ උනත් හීන ගොඩාක් මවාගෙන ජීවීතේ දිහා බලපු මම පැරදිලා වැඩි කලක් වැටිලා හිටියේ නැහැ. මට ඔනි උනා නැගිටින්න. මම තොර ගත්තේ තොරතුරු තාක්ෂණය.
අවුරුදු 18 පිරෙද්දි මම ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදියට රැකියාව පටන් ගත්තා. ඒ අතර තුරම රටේ ප්‍රසිද්ද පෞද්ගලික තොරතුරු තාක්ෂන ආයතනයන පුහුනු සේවිකාවක් විදියට වැඩ කලා. මාස හයකට පස්සේ පාසලින් අයින් වෙලා ස්ථීර සේවිකාවක් විදියට මම ඒ ආයතනයේ සේවයට ගියා. බ්‍රිතාන්‍ය තොරතුරු තාක්ෂන උපාධිය හදාරන්න පටන් ගත්තා. මගේ අම්මා අප්පච්චි පරම්පරාවලින් ආපු සල්ලි කාරයෝ නෙවෙයි. ඒ දෙන්නා ජිවිතෙ පටන් ගත්තේ අපි එක්ක. අපි අපේම කියලා ගෙදරකට ගියේ මම 10 වසරේ ඉගෙන ගනන්කොට ඒ සිමෙන්ති ගඩොල් වලින් බැඳපු වහලක් ගහපු කාමර දෙකකට.. ඒ කාමර දෙක ගෙයක් කරන්න අප්පච්චි බස් එකක සුක්කානමක් කරකවලා හම්බ කරන සොච්චම මදි උනත් මගේ ඉගෙනිමට පාසලෙන් අයින් වෙනකල් අම්මා අප්ච්චි දෙන්නා ලක්ෂ ගානක් වියදම් කරන්න ඇති. ඉතින් එහෙම එකේ ඉස්කෝලෙන් අයි වෙලා ඊට පස්සේ ඉගෙනිම් වලට වියදම් කරන්න කියලා මම කොහොමද කියන්නේ.
ඒත් මම ජීවිතේ පරාජය බාරගත්තේ නැහැ. අම්මාගේ ලොකු අයියාට ඒ කියන්නේ සල්ලිකාර මගේ ලොකු මාමාට ණය වෙලා මම කොම්පියුටරයක් ගත්තා. ඒ දවස් වල රුපියල් 63000 ක් . වත්තේ වවන එළවළුවකින් ඒ ණය ගෙවන්න අප්පච්චි උදව් කලා. මගේ පන්ති ගාස්තුව උනේ මගේ මාසේ පඩිය. මුළු මාසේම වැඩ කරලා පන්ති ගාස්තුවට ගෙවිලා ඉවර උනාම මට ඉතිරි උනේ රුපියල් 1372.62 යි. ඒ මුදල මට මුළු මාසේම බස් එකේ යන්නත් මදි. ඒත් කවදාවත් මම දුක් උනේ නැහැ. මම පුළුවන් තරම් වැඩ කලා මහන්සි උනා. වැඩ ඇරිලා ගෙදර ඇවිත් අහල පහල ළමයින්ට ඉංග්‍රිසි උගන්නලා මාසෙට රුපියල් 700ක් හොයා ගත්තා. සමහර මාස වල මට සල්ලි හම්බඋනෙත් නෑ. ඒත් මම යුතු කමක් විදියට ඒක කලා. මාස හයක් යද්දි මගේ පඩිය රුපියල් දාහකින් වැඩි උනා. ඒ අතරේම පළවෙනි විභාගෙය ගාස්තු ගෙවන්න උනා. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලේ ලියාපදිංචි වෙන්න උනා. එතනට සල්ලි හොයන්න විදියක් නැති පාර වත්තට වතුර මොටරයක් ගන්න කියලා ග්රමසේවක මහත්තයාට කියලා ලියුමක් ලියවගෙන හැටන් නැෂනල් බැංකුවෙන් වගා නයක් ගත්තා. ඒ රුපියල් 50000ක්. ඒක ගෙවන්න මට මාස 36ක් ලැබුනා මුලින් මාසෙට රුපියල් 2353.42ක් . පහු වෙද්දි වාරිකේ අඩුවෙනවා.. අදටත් මම ඒ කොලේ මා ගාව තියාගෙන ඉන්නවා. මොකද ඒ ණය ගෙවන්න මම ඒ තරම් දුක් වින්දා. නැතිම වෙලාවල යාළුවන්ගෙන් පවා ඉල්ල ගත්තා.
මම ඇන්දේ අම්මා අත්තම්මා 70 ගනන් වල ඇඳපු පරණ සාරි. දැම්මේ හම ගිය සෙරෙප්පු දෙකක්. රුපියල් 450ව වඩා වටින ඇඳුමක් ඇන්දේ නැහැ. ඒ මීට අවුරුදු තුනකට කලින් කාලේ ඒ කියන්නේ 2008 වසරේ. ඔය කාලේම මගේ අම්මා අසනීප උනා හෘද්ද්යාබාදයක්. හිතන්න වියදම කොහොමද කියලා.. ඒත් එක සතපහක් මට දෙන්න බැරි උනා. අප්පච්චි කොහොම නමුත් ඒ හැම දේම කලා. මම උදේ පාන්නර 5ට උයන්න පටන් ගන්නේ උදේට දවල්ට කෑම හදලා හත වෙද්දි ගෙදරින් යනවා. මගේ සේවා මුරය උදේ අටේ සිට හවස පහමාර වෙනකල්. මම පන්ති යන වෙලා ආවරණය කරන්න මට ඒ පැය ගාන වැඩ කරන්න උනා. හවස පහමාරට ඇවිත් ගෙදර එද්දි හය පහු වෙනවා. ඒ ආව ගමන් රෑට උයලා පාඩම් කරන්න පටන් ගත්තහම ආයි පුටුවෙන් නැගිටින්නේ පාන්දර පහට උයන්න.. මම නිදාගත්තේ බස් එකේ යද්දි එද්දි ඒ බස් වල වැඩ කරන අය අප්පච්චිව අඳුනන නිසා මාව බහින තැනදි ඇහැරවලා බස්සලා යනවා. මට තාම මතකයි දවසක් මම තද නින්දේ ලඟ හිටපු ගැණුළමයගේ උරහියට හොඳට වාරුවෙලා ගිහින්. ඒත් එයා වචනයක් කීවේ නැහැ.. නිදි මැරුවද කියලා අහලා හිනා වුනා.
අන්න ඒ වගේ දුක් විදලා උපාධියේ පළවෙනි අවුරුද්ද ඉවර කලා.. මේ කියන දේවල් බොරු නෙවෙයි.. මා එක්ක එකට එක පන්තියේ හිටපු සොයුරියක් මේ බිලොග් අවකාශේ ඉන්නවා. ප්‍රසිද්දියේ ඇගේ අනන්‍යතාවය හෙලි කරන්න බැහැ ඒත් මේ දේවල් වල ඇත්ත නැත්ත දැන ගන්න ඔනි කෙනක් පෞද්ගලිකව අහන්න මම ඇයව සම්බන්ධ කරන්නම්.
මගේ පළවෙනි අවුරුද්දේ සහතිකේ තියෙන්නේ Majoring in computer programming and computer technical support කියලා ඒත් අසම්පුර්ණ උපාධියක් එක්ක දෙවනි අවුරුද්ද කරන එක අදටත් මට හීනයක්. එහෙම කරනවනම් මට මාසෙකට පන්ති ගාස්තුව රුපියල් 20000 පනිනවා ඒ අතරේ පවුම් 290ක් හොයන්න ඔනි විභාග ගාස්තු ගෙවන්න. 2008 ඉඳන් තාමත් මම හීන දකිනවා ඒක කරන්න.
ඒ හිනේ කවදා හරි හැබැ කර ගන්න කියලා දැන් මම තවත් අසම්පුර්ණ හීනයක් දකිනවා ඒ තමයි බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පරිගණක ඩිප්ලෝමාව කරන එක. ඊටත් සැහෙන මුදලක් ඔනි.
සතියේ දවස් පහ ඉස්කෝලේ වැඩ සති අන්නේ පෞද්ගලික පන්ති. ඒත් මට තාමත් ඒ මුදල හොයන්න බැරි වෙලා. 2008 මම හිටියට වඩා අද ජීවන වියදම ඉහලයි. අම්මට දෙවනි හෘද්ද්යාබාදෙත් ඇවිත් බෙහෙත් අරන් දෙන්න උදව් කරන්න ඔනි. මල්ලිත් ඉගෙන ගන්නවා. කොල්ලෙක් උනත් එයා පොඩියි අක්කා කෙනෙක් විදියට බලන්න ඔනි.
හැම ගින්දරක් එක්කම මමත් ආසයි ලස්සනට අඳින්න අළුත් සාරියක් හොඳ සෙරෙප්පු දෙකක්. ලස්සන හෑන්ඩ් බෑග් එකක්.. අනිත් අය තරම් නැතත් ලස්සනට.. ඒ දැන් මම ටීචර් කෙනෙක් නිසා. ඉස්සර එහෙම නැහැ. එකම කළු කලිසමට නෝලිමිට් එකේ රුපියල් 350 තියෙන බ්ලවුස් මාරු කර කර ඇන්දා. එකම සෙරප්පු දෙක හැම ඇඳුමටම ඇන්දා.
පිරටර විශ්වවිද්‍යාල වලට ගෙවන්න මුදල් හොයන්න අපි අන්න ඒ විදියට දුක් විඳිද්දි ඇයි නංගියේ මල්ලියේ ඔයාලා අපේ අටේ පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්න එපා කියලා කෑ ගහන්නේ.. ඔයාලාට අපේ දුක පේන්නේ නැති නිසාද? අපි දරන්න පුළුවන් මුදලකින් අපේ හීන හැබැ කර ගන්නවාට ඔයාලා අකමැති නිසාද.. එහෙමත් නැත්නම් මේ තිත්ත ඇත්ත ඔයාලා නොදන්න නිසාද?
මම මේ දෙවල් කිව්වේ ඇත්තටම ඇස් වලින් කඳුලු වැටෙද්දි.. උපාධිය සම්පුර්ණ කර ගැනිම හිනයක්ම වෙලා තියෙන කොට. ඔයාලා කියන මේ ආත්මාර්ථකාමී කතාවට මගේ හිත ගොඩක් රිදුනා..
අපි යමු.. අනාගතේට.. අත් වැල් බැඳගෙන.. එරෙහි වෙන්න එපා අපිට මොකද කොහෙන් ඉගෙන ගත්තත් අපි සේවය කරන්නේ අපේ අටට
මේ ගැන වාද කරන්න අයිතිය තියෙනවා.. ඒ වගේම මාත් එක්ක තරහත් වෙයි ඔයාලා.. ඒත් මම කිව්වේ ඔයාලා නොදුටුව පැත්තක් ගැන.
Source: http://kaveej.blogspot.com/2011/12/blog-post_21.html
uba rajaye uni ekaka wenna one aniwaryenama.private uni dammama kohomada machan rajaye evaa wahenne ??





Monade kiuwath oka kohomahri patan gannawa.pvt uni.. lankawata arthika peththen hoda unath 1ma aula okath rate anith dewal wage salli thiyana misunta itharak open wen 1.duppath minihata oke inna aunge bada purawanna salli nethivima......(meka lokuwata katha karanna ona 1) ape minissunta mewa therenne. TV wala kiyana dewal vitharai anne.....