ශ්‍රීලංකා ව දල දේශීය නිෂ්පාදනයෙන් අද්‍යාපනය සඳහා වෙන්කරන මුදල කොපමණ දැයි ඔබ දන්නවාද ?එය 1% ට වඩා වැඩි බව යමෙක් පවසන්නේ නම් එය මුසාවකි..එයත් බෙදී යන අකාරය හාස්‍යජනකය. කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තාටකය සැදීම සඳහා වියදම් කරන ලද මුදල එම වසරේම මොනරාගල දිස්තික්කයේ සමස්ථ අද්යාපන වියදමත් එක සමාන අගයකි.එවන් දරුණු විෂමතා පවතින අද්යාපන ක්‍රමයක් තුල පෞද්ගලික විශවවිද්‍යාල යනු අතීසාරයට අබුඩ ගැසීමකි.
උසස්පෙළ දිස්තික් කොටා ක්‍රමය තවමත් ක්‍රියාත්මක වීම යනු එම අසමතුලිත අද්යාපන ක්‍රමය පවතින බවට හොඳම උදාහරණයයි.උසස්පෙළ දිස්තික් කොටා කර්මයේ උදව්ව්වෙන් දුප්පත් දුවා දරුවන් විශ්වවිද්‍යාල වරම් ලැබෙන රටක පෞද්ගලික විශවවිද්‍යාල යනු විහිලුවකි. ගුරුවරුන් නැති පාසල් දහස් ගණනකි. විද්‍යාගාර ,පුස්තකාල කිසවක් එහි නැත එවන් පාසල් යන ද සිය දරුවන් ටියුෂන් යවා හෝ ගොඩ දමා ගැනීමට දුප්පත් දෙමව්පියන්ට නොහැක. දරුවන් ටියුෂන් යවන්නට හෝ වත්කම් නොමැති ජනතාවක් සිටින රටක පෞද්ගලික විශවවිද්‍යාල යනු විහිලුවකි.
නිදහස් අද්යාවපන කර්මයට පෙර ලංකාවේ පැවතියේ අධිරාජ්‍යවාදී අද්යාපන ක්‍රමය බව අපි දනිමු. එහි අද්යාපන වරම් ලැබුනේ කාටද? ක්‍රිස්තියානි, ඉංග්‍රීසි කතා කරන වරප්‍රසාද ලත් පැලැන්තියට එම අද්යාපන අවස්ථා සිමා විය.නුතන යේ එකම සාධකය ආගම ,භාෂාව නොව මුදල්ය. මුදල් ඇත්තන්ට අද්‍යාපනය යනු එම නුතන අදිරාජයවාදී අද්යාපනයයි. අප ගමන් කරන්නේ එතනටද?
ලංකාවේ පිටට යන මුදල් ඉතිරි කල යුතු බව පෞද්ගලික විශවවිද්‍යාල වෙනුවෙන් හඬ නගන මහදැන මුත්තන්ගේ එක ප්‍රධාන සටන් පාටයකි.මහා මුහුදෙන් වටවූ ශ්‍රීලංකාවට වසරකට මාළු ආනයනය කිරීමට යන මුදල ඉහත සඳහන් පිට රට ඇදී යන මුදල මෙන් කිහිප ගුණයක් වැඩිය. කුරක්කන් සාටකයක් දමාගත් නායකෙයෙකු ඉන්නා රටේ කුරක්කන් ආනයනය කිරීමට යන මුදල ඉහත සඳහන් පිට රට ඇදී යන මුදලට ආසන්න වශයෙන් සාමාන බව ඔබ දන්නවද? අප ධිවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවට නිදහස් අද්‍යාපනය විනාශ කරන මාවත තෝරාගත යුතුද?කුරක්කන් වැවීම වෙනුවට නිදහස් අද්‍යාපනය විනාස කරමුද?