පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වල ඉතිහාසය

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
Meka gana oye kaa gahana kauruth no kathaa...lassanata dakke naha wagey Side step karala giyaaa..
එක්කො මෙයාට මාලබෙන් ලොකු කුට්ටියක් හම්බෙලා . නැත්තන් මෙයාගෙ පුතෙකුත් A/L ඇනගෙන මේකට දාලා . වෙන ඉතින් මොනවා කියන්නද :lol:
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එක්කො මෙයාට මාලබෙන් ලොකු කුට්ටියක් හම්බෙලා . නැත්තන් මෙයාගෙ පුතෙකුත් A/L ඇනගෙන මේකට දාලා . වෙන ඉතින් මොනවා කියන්නද :lol:

    all you people are good at is making assumptions......once you go outside of the bottom of the well you're in, then only you'll get the true picture & not what your GMOA Ayyas have brain washed you
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Did you find it out yourself or is it something your GMAO people bottel fed all of you
    i did
    Even I started in my 3rd term in 2nd year...we have 6 month terms....I don't know what is behavioral blah blah thing...maybe you people have given a different name for some thing which exists in every place.....for a fact i know our uni was just the 3rd Uni in the world to introduce the Community orientation Program.Maybe you don't have them in your uni
    ඇයි බන් ආදා වගේ ලිස්සන්නේ ?ටී ස්ට්‍රීම් කරන්න ඉස්පිරිතාල ඕනෑ නැද්ද ?
    Aney matanam oney nam 2nd shy karala yanne thibuna...mata 1st shy ekenma Dental hambuna...habai mata wadak nathi nisa Daala aawa....
    දුකයි නේ :sorry: වැඩක් නැති නිසාද යන්න බැරි වෙච්ච නිසාද ? ගියා නම් මේ වගේ කුහක කතා කියන්නෙ නෑ නෙ

    methana ERPM ekada dan mathrukaawa uney?? giya paara ERPM eken 25% pass.Subject wise pass wechcha kattiya eetath wadaa wadiy...Giya march wala thibba PLAb exam ekenuth pass welaa thiyenne 22%...ehema baluwama ERPM pass wenawa FMG's la wadiyen.api dannawa Local faculty walin Common MCQ ekata kattiya ganna averages tika....31% average thiyene faculty thiyeddi apey evun 50% aran pass wenne
    බොරු කියන්න එපා සමහර අවුරුදු වල 93% ඕක ෆේල් .
    Kiyaa ganna deyak nathi wunaama Irrelevant wenawa wagey...India wala figures gana kathaa keruwe mama nemei methana....
    ඔයා මෙතන පිටරට යුනි අල්ලගෙන කියවනවා . මේකෙ මාර්තෘකාව pmc වල ඉතිහාසය. මාතෘකාවට අදාලව කතා කරන්න
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඇයි බන් ආදා වගේ ලිස්සන්නේ ?ටී ස්ට්‍රීම් කරන්න ඉස්පිරිතාල ඕනෑ නැද්ද ?

    kauda lissuwe?? oyaane lissala yanne??

    දුකයි නේ :sorry: වැඩක් නැති නිසාද යන්න බැරි වෙච්ච නිසාද ? ගියා නම් මේ වගේ කුහක කතා කියන්නෙ නෑ නෙ

    hapoi ow hari dukai.....avurudu 7k thisse bada wala adda wagey karey nathuwata

    බොරු කියන්න එපා සමහර අවුරුදු වල 93% ඕක ෆේල් .

    kiyanne balanne mona avuruddeda 93% fail uney kiyala?? April exam eken 600k karala 149k pass.....borunam oppu karala pennanna

    ඔයා මෙතන පිටරට යුනි අල්ලගෙන කියවනවා . මේකෙ මාර්තෘකාව pmc වල ඉතිහාසය. මාතෘකාවට අදාලව කතා කරන්න

    Mama kiuwe Manipal,Monash wagey ewa mehe arinna yaawa kiyalai...ethakota oyaa thamai Indiawe,nepal figures alla gena kiyewwe.....mathrukaawen pita panne mama nemei.....mathaka naththam back obala anith pages balaa ganna
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඇයි බන් ආදා වගේ ලිස්සන්නේ ?ටී ස්ට්‍රීම් කරන්න ඉස්පිරිතාල ඕනෑ නැද්ද ?

    kauda lissuwe?? oyaane lissala yanne??

    දුකයි නේ :sorry: වැඩක් නැති නිසාද යන්න බැරි වෙච්ච නිසාද ? ගියා නම් මේ වගේ කුහක කතා කියන්නෙ නෑ නෙ

    hapoi ow hari dukai.....avurudu 7k thisse bada wala adda wagey karey nathuwata

    බොරු කියන්න එපා සමහර අවුරුදු වල 93% ඕක ෆේල් .

    kiyanne balanne mona avuruddeda 93% fail uney kiyala?? April exam eken 600k karala 149k pass.....borunam oppu karala pennanna

    ඔයා මෙතන පිටරට යුනි අල්ලගෙන කියවනවා . මේකෙ මාර්තෘකාව pmc වල ඉතිහාසය. මාතෘකාවට අදාලව කතා කරන්න[/QUOTE]

    Mama kiuwe Manipal,Monash wagey ewa mehe arinna yaawa kiyalai...ethakota oyaa thamai Indiawe,nepal figures alla gena kiyewwe.....mathrukaawen pita panne mama nemei.....mathaka naththam back obala anith pages balaa ganna
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    all you people are good at is making assumptions......once you go outside of the bottom of the well you're in, then only you'll get the true picture & not what your GMOA Ayyas have brain washed you
    Don't you see the flaws in your logic ? you were never there in a government uni to identify its weaknesses . you have no idea whatsoever what this country really need . you don't know the facts about the degree about malabe pmc offers . and yet you are calling me brainwashed :D wake up mate :D
     
    Jul 3, 2010
    50
    4
    0
    ලන්කාවෙ වෛද්‍ය විද්‍යාලයකට යන්න තරන් ප්‍රතිඵල ගන්න බැරුව දෙමව්පියන්ගෙ සල්ලි වලින් රට ගිහින් උපාදි සල්ලි වලට අරන් මෙහෙ අවිල්ලා ඒ වියදන් කරපු සල්ලි ඔක්කොම හම්බු කරගන්නකන් නින්ද යන්නෙ නැති පන්ඩිතයො පොර ටෝක් දෙනවා.. "I've passed the same Common MCQ paper you people get & passed ERPM"ලු.. එහෙනන් ඔය දොස්තර මහත්තයට හරියට A/L පාස් වෙන්න බැරි උනේ අයි දන්නෙ නෑ??? ලැජ්ජ නැති කමක මහත!!!
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    mama nam kiyanne private unis aniva danna one.. ethakota oya gov uni vala inna un pissu kelinne nathuva vadak karagena idi.. anika un igena gannth minisunnge tax valine.. lol
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    kiyanne balanne mona avuruddeda 93% fail uney kiyala?? April exam eken 600k karala 149k pass.....borunam oppu karala pennanna
    2009 දි written papers වලින් 6.1% පාස් උනේ .

    Mama kiuwe Manipal,Monash wagey ewa mehe arinna yaawa kiyalai...ethakota oyaa thamai Indiawe,nepal figures alla gena kiyewwe.....mathrukaawen pita panne mama nemei.....mathaka naththam back obala anith pages balaa ganna
    මනිපාල් මොනාශ් ගැන මහ ලොකුවට කියලා අපේ රටේ හොද නෑ කියල කිව්වම මං අපේ රටේ ගණන් හිලව් පෙන්නුවා . ඔයා කවුරු උනත් වැඩක් නෑ ඉන්න රටට ගරු කරන්න ඉගෙන ගත්තෙ නැත්තන් . මනිපාල් වලින් උදාහරණ ගන්න තිබ්බා ඒ රටේ සෞඛ්‍ය තත්වය අපිට වැඩි උනා නම්. කරුණාකරලා දැන්වත් මාතෘකාව ගැන කතාකරන්න
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    me anduwen balen kerepu ekama honda wadeda manda? eka hariyata kereot 100% hoda wadak. Private Uni's are good. deal with it
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලන්කාවෙ වෛද්‍ය විද්‍යාලයකට යන්න තරන් ප්‍රතිඵල ගන්න බැරුව දෙමව්පියන්ගෙ සල්ලි වලින් රට ගිහින් උපාදි සල්ලි වලට අරන් මෙහෙ අවිල්ලා ඒ වියදන් කරපු සල්ලි ඔක්කොම හම්බු කරගන්නකන් නින්ද යන්නෙ නැති පන්ඩිතයො පොර ටෝක් දෙනවා.. "I've passed the same Common MCQ paper you people get & passed ERPM"ලු.. එහෙනන් ඔය දොස්තර මහත්තයට හරියට A/L පාස් වෙන්න බැරි උනේ අයි දන්නෙ නෑ??? ලැජ්ජ නැති කමක මහත!!!

    hapooo hariyata mehe minissunge tax salli walin pinata igena gena ikan beheth dena suddawanthayo wagey kathaa karanne...mata A/L 2A's 1 B lokka....mama udinma pass.....dura palaath walin B,C ara gena giya evunta wadaa mata othanata yanne sudusukam thiyenewa.....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Don't you see the flaws in your logic ? you were never there in a government uni to identify its weaknesses . you have no idea whatsoever what this country really need . you don't know the facts about the degree about malabe pmc offers . and yet you are calling me brainwashed :D wake up mate :D

    you don't know about the degree given at PMC either....since you are studying for Pinata....better you use your time to treat patients or studying your books than wasting all of ours(Including mine) tax money by sitting in front of your computer & doing pora talk in EK
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    2009 දි written papers වලින් 6.1% පාස් උනේ .

    2009 thamai mulinma Common MCQ eka dunne...eka gana kauruth dana gena hitiye naha.....dan hamoma common mcq paper ekata answer karana method eka alla genai inne....dan 25% pass wenne ekai....

    මනිපාල් මොනාශ් ගැන මහ ලොකුවට කියලා අපේ රටේ හොද නෑ කියල කිව්වම මං අපේ රටේ ගණන් හිලව් පෙන්නුවා . ඔයා කවුරු උනත් වැඩක් නෑ ඉන්න රටට ගරු කරන්න ඉගෙන ගත්තෙ නැත්තන් . මනිපාල් වලින් උදාහරණ ගන්න තිබ්බා ඒ රටේ සෞඛ්‍ය තත්වය අපිට වැඩි උනා නම්. කරුණාකරලා දැන්වත් මාතෘකාව ගැන කතාකරන්න

    ratata mama garu karanawa...habai api thamai lokey hondama kiyala oluwa loku kara gena inne evunta mata oney naha garu karanne.....indiyawai lankaawai samaana karanne baha population ekey wenasa hinda....oney modayekuta therenewa polulation wadi wena kota health penetration eka adu wenawa kiyala.....me wagey podi rataka handiyak gaaney MOH office daanawa wagey karanna bah oye tharam loku rataka...
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    mama nam kiyanne private unis aniva danna one.. ethakota oya gov uni vala inna un pissu kelinne nathuva vadak karagena idi.. anika un igena gannth minisunnge tax valine.. lol
    ඕය කතාව Medical Faculty වලට එච්චර ගැලපෙන්නෙ නෑ නේද සහෝ . මම ඇතුළු ගොඩක් ලමයි (බොහෝවෙලාවට ඔයත්) ඔක්කොම ඉගෙන ගන්නෙ මිනිස්සුන්ගෙ ටැක්ස් වලින් තමයි . ඒත් හරියට ඉගෙනගත්ත කෙනෙක් අඩු ගානෙ ඒ මිනිස්සුන්ගෙ සල්ලි අපතෙ යවලා නෑ කියලා හරි කියන්න පුළුවන්
    Where's the money for all that men?? as it is government spends 1.2 million an year per med student to train them from tax payers money.....better keep a limited number of local seats & increase facilities rather than increasing the number & providing sub standard training....more money is needed for Developmental activities in the country rather than directing a huge amount of cash on local grads & ultmately they leave the country without serving the people
    They pay to learn for their own , again you should know better man , danne naththan katha nokara inna
    me anduwen balen kerepu ekama honda wadeda manda? eka hariyata kereot 100% hoda wadak. Private Uni's are good. deal with it
    පෞද්ගලික විශ්වවිද්‍යාල සහ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් සංකල්ප දෙකක්
    just waste of time, If we like or not The Government will do what it deserves.
    No the government will do what they like . will you deserve to die being treated by an underqualified undertrained pmc doctor ?
    you don't know about the degree given at PMC either.
    ආපු වෙලේ ඉදං බේගල් ඇදබෑවෙ මම නෙමෙයි සහෝ , පොඩ්ඩක් පිටිපස්සට ගිහිං බලන්න :lol:
    ...since you are studying for Pinata....better you use your time to treat patients or studying your books than wasting all of ours(Including mine) tax money by sitting in front of your computer & doing pora talk in EK
    ඔයා ගියේ ප්‍රයිවට් ඉස්කෝලෙකටද ? නැත්තම් අවුරුදු දෙක හමාරක් උසස් පෙළ ඔයත් ඉගෙන ගත්තෙ පිනට තමා . අනිත් එක ඔයාට ඔය සල්ලි ණයට දීලා මේ වගේ කතා කියන්න ජීවත් කරපු ඔයාගෙ අම්මා තාත්තත් බොහෝවිට පිනට ඉගෙනගෙන සල්ලි හම්බකරපු ඈයො තමා .අන්තිමට උසස් පෙළ ඇණගෙන ඔයත් කාබාසිනියා කළෙ මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි තමා . අඩුගානෙ හරියට ඉගෙන ගත්ත ළමයෙක් ඒ සල්ලි වලින් ප්‍රයෝජනේ අරගෙන තියෙනවා .

    ඔයා දැන් ලංකාවෙ කැම්පස් එකකට යන්න බැරි වෙලා , අම්මා තාත්තගෙ සල්ලි වලින් ඉගෙන ගෙන මෙහෙට ඇවිල්ලා ඒවා හම්බ කරන්න මිනිස්සුන්ව හූරං කනවා . ඒ අතර ඒ සල්ලිවලින් හරියට ඉගෙන ගත්ත ලමයින්ට පිනට ඉගෙන ගත්තා කියලා කියනවා . මචන් අපි ටිකකට සාධාරණව හිතමු නේද ? :D

    ratata mama garu karanawa...habai api thamai lokey hondama kiyala oluwa loku kara gena inne evunta mata oney naha garu karanne.....indiyawai lankaawai samaana karanne baha population ekey wenasa hinda....oney modayekuta therenewa polulation wadi wena kota health penetration eka adu wenawa kiyala.....me wagey podi rataka handiyak gaaney MOH office daanawa wagey karanna bah oye tharam loku rataka...
    එහෙනම් සමාන කරන්න ඉන්දියාවයි චීනෙයි , ඉන්දියාවයි ඇමරිකාවයි :lol: අච්චර උඩින් කතා කරපු කැම්පස් තියෙන ඉන්දියාවෙ සෞඛ්‍ය ලංකාවට වඩා ගොඩක් අඩුයි කිව්වම රිදුනා නේ ? :lol:

    thanks
     
    Last edited:

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    මමත් පෞද්ගලික වෛද්‍යවිද්‍යාල දානවට විරුද්ධයි.

    ඇයි බන් උඹ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල දානවට විරුද්ධ:)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඇයි බන් උඹ පෞද්ගලික වෛද්‍යවිද්‍යාල දානවට විරුද්ධ:)
    රාජ්‍ය අනුග්‍රහය යටතේ වෛද්‍ය උපාධිය විකිණීම දැනටමත් ලංකාවේ ඇරඹී හමාරය.මේ ගැන විවිධ තර්ක විතර්ක මතුවන මේ මොහොතේ හුදු ද්වේශයෙන් මෙය පිටුදැකීම හෝ වැළඳගැනීමට පළමුව මේ පිලිබඳ ප්‍රාමාණික අවබෝධයකින් යුතුව බැලීම වටී.
    මේ සියල්ලට කලින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක අවශ්‍යතාවය කොතරම්දැයි අප සොයාබැලිය යුතුය.2010න් පසු වෛද්‍යවරුන්ට ලංකාවේ රැකියා නොලැබෙන බව මීට පෙරදී රජය තහවුරු ලෙසම පැවසූ කාරණාවකි.එසේ නම් ලංකාවේ ඇතැම් ප්‍රදේශවල වෛද්‍ය හිඟයක් පවතින්නේ කෙසේද යන්නත් එය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් විසඳාලන්නේ කෙසේද යන්නත් ඔබට දැනටමත් පැනයක් වනු නොඅනුමානය.ඊට ප්‍රධානතම හේතුව වෛද්‍යවරුන් හිඟයක් නොව ඔවුන් බෙදී යාමේ පවත්නා විෂමතාවයකි.පත්වන ඇතැම් වෛද්‍යවරු පුද්ගලික පහසුව පිණිසත් තම පශ්චාත් උපාධි කටයුතුවල පහසුව පිණිසත් අගනුවර හා ප්‍රධාන නගරවල රෝහල් සඳහා යොමුවෙති.ඉතින් මේ ගැටලුව පුද්ගලික වෛද්‍ය පීටයකින් විසඳේ යැයි ඔබ සිතනවාද...?මහජනයාගේ මුදලින් උගත් කෙනෙක් නගරයට සීමාවෙද්දී තමන් පුද්ගලිකව කෝටියකට ආසන්න මුදලක් විය පැහැදං කර උපාධිය මිලදී ගන්නා පොහොසත් පවුලක අයෙක් ඔබගේ ලෙඩ දුක් විමසා බලනු පිණිස ගමේ මධ්‍යම බෙහෙත් ශාලාවට ඒවි යැයි සිතීම හිතලුවක්ම නොවේද...?වෛද්‍යවරු අතිරික්තය නිසිලෙස කලමනාකරණය කිරීම තුලින් මිස පුද්ගලික වෙද උපාධි කඩයකින් උපාධි වෙන්දේසි කිරීමෙන් මේ ගැටලුව විසඳෙන්නේ නැති බව ඉතා පැහැදිලිය.මෙතැනින්ම මේ සංකල්පයේ පුහුබව පැහැදිලි වේ.
    මේ වෙද කඩය හොඳයැයි හුවාදැක්වීමට යොදාගන්නා තවත් තර්කයකි රටෙන් පිටරට විශ්ව විද්‍යාලවලට ඇදී යන බහුතර මුදලක් මේ නිසා රට තුල ඉතිරිවනවාය යන තර්කය.දැනට පිහිටුවා ඇත්තේ ලාංකික පුද්ගලික පීටයක් නොව යන්න මහජනතාව පලමුවෙන්ම අමතක කරන්නකි.මෙය රුසියානු විශ්ව විද්‍යාලයයක ශාඛාවක් පමණි.උපාධි සඳහා ගෙවන මුදලින් බහුතරය තවමත් රුසියානු මවු ශාඛාවට ඇදී යන බව සාමාන්‍ය ජනයා තවමත් එතරම් නොදන්නා කරුණකි.ඉතුරුවක් වන්නේ ලංකාවේ කාර්ය මණ්ඩලයට ගෙවන පඩි නඩිත් සිසුන්ගේ කෑම බීම ඉඳුම් හිටුම් වල වියදම් ආදියය.තත්වය එසේ තිබියදී වාර්ෂිකව පිටරටට වෛද්‍ය අධ්‍යාපන වියදම් ලෙස රුපියල් කෝටි 160ක් ඇදී යන බව කියැවේ.මෙය විශාල මුදලක් බව සැබෑය.නමුත් වඩාත් විහිලුවට කාරණය වන්නේ මෙ මුදල ලංකාවේ ඉතුරු කරගැනීමට තරම් සූක්ෂම ආර්ථික ඥානයක් ඇති රජයට රට වටේටම මුහුද තිබෙන බව අමතක වී වාර්ෂිකව ප්‍රමාණයක් ලුණු සහ මාලු ආනයනය කිරීමට මීට දහගුණයකට ආසන්න මුදලක් වැය කිරීමට කල්පනා වීමයි.අමතර දත්තයක් ලෙස කෝප් වාර්තාවට අනුව 2006දී රටට අහිමි වූ මුදල රුපියල් කෝටි 15000ක් බවත් මෙය රාජ්‍ය ආදායමෙන් 33%කට ආසන්න බවත් ගෙන හැර දක්වනු කැමැත්තෙමු.රට තුල මුදල් ඉතිරි කරගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තියේ වංකබව විදහා පෑමට මීටත් වඩා උදාහරණ අවශ්‍ය වේ යැයි නොහැඟේ.

    එම්.බී.බී.එස්. මාලබේ උපාධිය වෙනුවෙන් නැගී සිටින තවත් තර්කයක් වනුයේ රජයේ වෛද්‍යවරු සහ වෛද්‍ය පීට මීට එරෙහි වන්නේ තමන් ගොඩ නගාගෙන ඇති ඒකාධිකාරය බිඳ වැටේය යන බය සහ තමන්ට මේ මාලබේ පීටය සමග තරඟ කරන්නට ඇති බය නිසාය යන්න බවය.කතාව ඇත්තය.තරඟයක් පවතීනම් සැබෑවටම බිය විය යුතුය.එසේ නං මේ මාලබේ පීටයෙන් අනාගතයේ ඇති විය හැකි තර්ජනය ප්‍රමාණාත්මකව මැන බලමු.රජයේ පීට වලට ඇතුලුවන්නේ උසස් පෙල ජීව විද්‍යාව විෂය ධාරාවෙන් ඉහල ලකුණු ලැබූ සිසුන්ය.මෙහිදී ගෙනහැර පාන සුලබ තර්කයක් නම් කොලඹින් A 3ක් ගත් සිසුන්ද වෛද්‍ය පීට වරම් අහිමි කරගන්නා බවයි.මෙය මුලුමනින්ම අසත්‍යයකි.මේ තර්කය ප්‍රායෝගිකව සත්‍ය වනුයේ වාණිජ්‍යය ආදී විෂයයන්ටය.නමුත් කොලඹින් යන්තම් ලකුනු අඩුවන කෙනෙක්ට ආසන්න ලකුණු ඇති කෙනෙක්ට මොණරාගලින් වෛද්‍ය පීට වරම් හිමිවිය හැක.මෙයට කලයුතු හොඳම,පහසුම සහ සාධාරණම දෙය මෙම ඉසෙඩ් ක්‍රමය අහෝසි කරවා ඊට වඩා සාර්ථක ක්‍රමයක් පිහිටුවාලීම මිස පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම ඉසේරදේට කොට්ටෙ මාරු කිරීමක් නොවන්නේද?.පුද්ගලික වෛද්‍ය පීටයට අදාලව මේ තර්කය මතු කිරීමට නම් මෙසේ අසාධාරණයට ලක්වන සිසුවාට මේ මාලබේ පීටයේ වරම් හිමිවිය යුතුය.වෛද්‍යවරුන් වීමට යෝග්‍ය වන්නේ ඉහලම දක්ෂතා ඇති සිසුන් බවට විවාදයක් නැත.උසස් පෙල ඉහලම ලකුණු ගන්නා සිසුන්ව වෛද්‍ය පීටයට තෝරා ගැනීම සිදුකරන්නේ එහි යම් වැදගත්කමක් ඇති නිසාය.අනාගත වෘත්තිය සෘජුවම ජීවිතය හා මරණය තීරණය කරවන්නක් වන නිසාය.එසේ නම් මේ පීටයේ සිටිය යුත්තේ කඩයිම් ලකුණට පහල,ඉහලම ලකුණු ඇති හතලිස් දෙනෙකුය.අවාසනාවට කරුණ වන්නේ එය කල්පිතයක්ම බැවිනි.මක් නිසාද යත් ඒ හතලිස් දෙනාට ගෙවන්නට කෝටියක් තිබිය යුතුය.දැන් අපිට කෝටියක් ඇති ඉහලම ලකුණු ගත් ලමුන් සෙවීමට සිදුවේ.සයිටම් එකේ මිනිස්සුන්ටත් ගෙදර දොරේ වැඩ තියෙනවාය.ඉතින් ඔවුන් අවසානයේ මේ කරදරය කොරන්නට බැහැයි සිතා Cඑකයි Sදෙක ඇති කෝටියක් ගෙවන්නට පුලුවන් සිසුන්ට මේ උපාධිය දීල දාන්න තීරණය කරන ලදී.කතාව ඔන්න ඔය වගේ සැහැල්ලු වැඩකි.බරපතලම කාරණාව වනුයේ යථා තත්වයද මෙයම වීමයි.ඔබට බේත් දෙන්න හදන දොස්තරලා හදන මාලබේ සිම්පල් ප්ලෑන ඕකය.මේ බව සනාත කරගැනීමට හොඳම ක්‍රමය ඔබ හඳුනන මාලබේ පීටයේ උගන්නා ඥාති පුතා දුවගේ උසස් පෙල ප්‍රතිපල අසා දැනගැනීමයි.එවිට බහුතරය උසස් පෙල යන්තම් සමත් වූ සිසුන් බව ඔබටම අවබෝධ වන්නකි.මේ පීටයේ ඉගෙනුම ලබන බහුතරය උසස් පෙලින් වෛද්‍ය පීට යාමට ලකුණු දශම එකක් මදිවූ සිසුන් නොවන බව ඔබ සියල්ල නුවණින් සොයා බලා අවබෝධ කරගත යුතු සත්‍යයයි.උසස් පෙල, දක්ෂයා තේරිමට මිහිපිට ඇති හොඳම ක්‍රමය නොවන්නට පුලුවන.එහෙමය කියා කෝටියක් ගෙවිය හැකිකම සුදුසුකම කිරීම ගොන්කමක් නොවේද?වෛද්‍ය අධ්‍යාපනයේ සීමාකාරී සාධකය බුද්ධිය නොවිය යුතු යැයි සිතන්නට තරම් මේ රටේ මහජනයා අබුද්ධිකයැයි මේ මිනිසුන් සිතන්නේ ඇයි?සාමාන්‍ය සරසවිවල සිසුන් බඳවාගන්නේ වසරකට එක් කණ්ඩායමක් බැගිනි.මාලබේ සල්පිල මගින් වසරකට කණ්ඩායම් කිහිපයක් බඳවාගැනීම මේ වනවිටත් සිදුවෙමින් පවතී.මෙය අතංගුවෙන් මාලු අහිනකට කිහිපවරක් පහරදෙමින් හැකි උපරිම තරම් මාලු බෑමකට වඩා වැඩි වෙනසක් නැත්තකි.

    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පිටරටදී ලබාගන්නා වෛද්‍ය උපාධියත් මෙබඳුවම පැවතියදී ඊට විරුද්ධ නොවන්නේ මන්දයැයි කෙනෙකුට ප්‍රශ්න කල හැක.එය සැබෑවකි.පිටරටින් උපාධිය ලබා එන සියලු දෙනා ACT 16 නැමැති ප්‍රවේශ විභාගය සමත් වී තමන් රජයේ සේවයට ඇති යෝග්‍යතාව සනාත කල යුතුය.මෙම විභාගය රජයේ අවසාන විභාගයට වඩා තරමක් පහසු බව බහුතර පිලිගැනීමයි.ඒ කෙසේ වෙතත් බොහෝ සාමාන්‍ය ජනයා නොදන්නා කාරණය වන්නේ මෙසේ විභාගයට මුහුණ දෙන පිරිස අතරින් එය සමත් වන්නේ 10%ක් වැනි අගයක් වන බවය.ඉනුත් බහුතරය පලවන වෑයමින් සමත්වන්නෝ නොවෙති.ඊටත් වඩා අඩු ගුණාත්මයක් යටතේ උපාධිය ලබන මාලබේ ආයතනයය විදේශ විශ්ව විද්‍යාලයක් වුවත් එය ලංකාවේ පිහිටා ඇති නිසා එම යෝග්‍යතා විභාගය සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවන බව දැනටම ප්‍රකාශ වී තිබේ.තත්වය මෙසේ වද්දී විදේශ උපාධිධාරී සිසුන් මෙම විභාගයට මුහුණ දීමේද අවිනිශ්චිතතාවක් පහල වීම සාමාන්‍යය.මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය ගුණාත්මය පිලිබඳ කිසිඳු වගකීමක් නැති වෙද පරපුරක් රට තුල බිහිවීමය.මාලබේ යනු එක කඩයක් පමණි.තව මෙබඳු කඩ විසිගණනක් අවසර ලබාගැනීම සඳහා පෝලිම් ගැසී අවසානය.වෛද්‍යවරුන්ට රජයේ රැකිය ලබාදීම උගහට බව තෙපලන රජය මේ ගුණාත්මයෙන් බාල වෙදුන්ට උප්පැන්න දෙන්න මෙතරම් දතකන්නේ ඇයි දැයි යන්න හැබෑ ප්‍රහේලිකාවකි.තරඟයක් ඇති වන්නේ කරට කර සිටින දෙපාර්ශවයක් අතරය.ACT 16 නොලියන්නට වංක වීමෙන්ම තමන්ගෙ උපාධි ඵලයේ බංකොලොත්භාවය, අසමත්කම හා අඩු ගුණාත්මය එම ආයතන මගින්ම පිලිගෙන හමාරය.තරඟය ගැන පුරසාරම් එතනින්ම හමාරය.පුන පුනා කියවෙන තවත් කරුණක් නම් මාලබේ වෙද කඩය ගුණාත්මයෙන් අඩු බවය.මෙම ආයතනය තුල සේවය සලසන ඇතැමුන් ඉහත කී රජයේ ප්‍රවේශ විභාගය අසමත් අයවලුන් බව ඔබ දැන සිටියාද?වෙදුන් තනන මේ කඩයට අද වනවිටත් රෝහලක් තියා වාට්ටුඇඳක් වත් නොමැති බව ඔබ දන්නවාද?(තමන්ට රෝහලක් නොමැති බවවත් මතක් වූයේ පහුගියදිනවල මේ අර්බුදය අවධානයට යොමුවූ පසුවය )වෘත්තියමය වශයෙන් තර්ජනයක් නැති මේ සක්විති ව්‍යාපාරයට රජයේ වෛද්‍ය වරුන් හා වෛද්‍ය ශිෂ්‍යයන් මෙතරම් විරුද්ධ වන්නේ ඇයි කියා කෙනෙකුට සිතෙන්නට පුලුවන.තමන් නියැලෙන වෘත්තියෙ ගෞරවය වටිනාකම කෙලසෙන්නට පිඹුරුපත් සැකසෙද්දී අර්බුදයේ හැබෑ ප්‍රතිපල දන්නා ඔවුන් තමන්ගේ වෘත්තිය ගෞරවය රැකගැනීමට තරම් ආත්මාර්ථකාමී විය යුතු නොවේද?පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල මන බඳනා වැටුප් හමුවේ රජයේ පීටවල ගුරු වෙදැදුරන් ඇතැමෙක් දැනටමත් ඒ වෙත ඇදී යමින් පවතී.තමන්ගේ දක්ෂතාවය ඔප්පු කර පැමිණි සිසුන්ගේ අනාගතය තර්ජනයට ලක්වද්දී ඇස්කන් පියාගෙන පිටකොන්දක් නැතුවා සේ තමන්ගේ වෘත්තිය බාල්දු වීමට ඉඩදී සිටීමට තරම් පරාර්ථකාමී විය යුතුද?වක්‍රාකාරව මේ තර්ජනයට ලක්වන්නේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව නොවේද?
    තත්ත්වය එසේ තිබියදී මෙහි වඩාත් භයානකම තත්වය වනුයේ මේ වෙන්දේසියේ යටින් රාජ්‍ය හස්තය නිර්ලජ්ජිතවම දෘෂ්‍යමාන වීමයි.මේ අර්බුදය වෛද්‍ය උපාධි විකිණීම අරබයා පමණක් සිදුනොවන්නක් බව රටේ වර්තමාන සිදුවීම් දෙස නුවණින් බලන්නෙකුට වැටහී යයි.විකුණාගත හැකිනම් සිංහරාජය තල වවන්නටද වෛද්‍ය උපාධිය කලං ගානටද විකුණං කන්නටද රාජ්‍ය ප්‍රතිපත්තිය සැකසී අවසානය.එස් බී මහතා මෙම රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ලා මාධ්‍ය මගින් සෑහෙන වීර සැන්ඩෝ චරිතයක් වී අවසානය,නමුත් එතුමාගේ ඉතිහාසය දෙස හැරී බලනවිට සිතාබලා යමක් කිරීමට වඩා හුදෙක් යමක් කියා පසුව ඒ ගැන දෙවරක් සිතා බැලූ තැනත්තෙක් බව වැටහී යයි. එතුමන් මෙම නාටකයේ පණිවිඩය ලබා දෙන ශබ්ද විකාශන යන්ත්‍රය පමණි.රජරට වෛද්‍ය පීටය වැසෙන්නට යද්දී ඒ නොදකින මේ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය සුදුසුකම්වත් සපුරා නැති උපාධි කඩයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියි.උපාධියේ ගුණාත්මයේ දුර්වලතා පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍යතුමාගේ පුද්ගලික ලිපිගොනුව පැහැර ගෙන ගොස් එතුමාව නිහඬ කරවීමට අල්ලස් චෝදනා එල්ල කල හැකි ඉඩ කඩ ගැන සොයා බලයි.මෙහි ගුණාත්මය ගැන ප්‍රශ්න කල වෛද්‍ය නෝනිස් මහතාට මැරයින් දම්මවා පහර දෙයි.ගුණාත්මය ඔතරම්ම සහතික නම්,මාලබේ වෙද කඩය සුජාතක නම් මේ තරම් ද්වේශයකින් රජයට කටයුතු කිරීමට හේතු තිබේද?පවත්නා විශ්ව විද්‍යාලයීය ආරක්ෂක අංශය වෙනුවට එම මුදලට සිවු ගුණයකටත් වඩා ගෙවා ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට යන්නේ ඇයි?මේ සියල්ල අහේතුවකට සිදුවන දේවල් නොවේ.

    ජනාධිපතිතුමනි,රුපියල් කෝටියක් වියදම් කර තමන්ගෙ දරුවා වෛද්‍යවරයෙකු කරන්නට උත්සාහ දරන අහිංසක අම්මාවරුන්ගේ සංතාපයන්ට උණු උනු ඔබේ හදවත ගිරුවා පත්තුවේ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයයේ අකුරු කරන ඔබේම අසල් වැසි දරුවාගේ අනාගත සිහිනය සුරැකීම වෙනුවෙන් උණු නොවීම ජාතියේ සැබෑම අවාසනාවකි.කමක් නැත අපට නොතේරෙනවා උනාට මේ සියල්ල ආශ්චර්යයේ කොටස් වීමට ඉඩ ඇත.නුදුරේම දවසක තම දරුවාට සත්තු වත්ත පෙන්නන්නට ආමර් වීදියෙන් 176කට ගොඩවෙන තාත්තා කෙනෙක් මෙසේ තම දරුවාට මුමුණනවා කන වැකුනොත්,කරුණාකර පුදුම නොවන්න.

    "පුතා දැක්ක නේද අර පහු වෙච්චි මෙඩිකල් ෆැකල්ටි ගොඩ.තාත්ති සල්ලි ගොඩාරියක් හම්බු කරල කවදහරි පුතාව එයින් එකකට දාල ලොකු දොස්තර මහත්තයෙක් කරලම තමයි පස්ස බලන්නෙ..
     
    Last edited:

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මන් අහන්නේ මෙච්චරයි

    1. ඇයි මුලින් හෝමාගම ශික්ෂණ රෝහල සායනික කටයුතු සදහා ලබා දෙන බවට පොරොන්දු වී පසුව ලබා දීමට
    නොහැකි බව පවසන්නේ ?

    2. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා රජයේ රෝහල් ලබා දීමට විරුද්ද නම් ඔවුන් ඒ සදහා පවුද්ගලික රෝහල් යොදා
    ගැනීමට විරුද්ද ඇයි ?

    3. ලංකාවේ වෛද්‍ය විද්‍යාල හැර ලෝකයේ අනිත් වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය තත්වය , පහසුකම් පිළිබද ඔබ සිදු
    කල ගවේෂණ මොනවාද ? කුමන පදනමක් මත ඒවාට වඩා ලංකාවේ පුද්ගලික විද්‍යාල තත්වයෙන් පහලයි කියන්නේද ?
    පුද්ගලික ව ඔබ ඒ පිළිබද නිසි සොයා බැලීමක් සිදු කල ද ?

    4. කුමන ආකාරයක උපාදිය ලබාගත්තත් අවසානයේ එම බි බි එස් විබගයට මුහුණ දිය යුථුයි නේද ?

    5. ඉදිරියට දැමීමට නියමිත වෛද්‍ය විද්‍යාල දැමීමටත් පෙර ඒවායේ තත්වය පිළිබද පවසන්නේ දිවැසින් ද ?

    6. අනිත් මිනිසුන්ගේ ඉගෙනගැනීමේ අයිති වාසිකම් පිළිබද ඔබට කතා කිරීමට ඇති අයිතිය කුමක් ද ? ඔබගේ අම්ම තාත්ත
    අනෙකුත් ළමයින් ට කන්න බොන්න දෙන නිසාද ? උසස් පෙළ සමත් වී කැම්පස් ගිය පමණින්
    අනෙකුත් සියලු සිසුන් ඉගෙන ගත යුත්තේ කොහෙන් ද , කුමක් ද , යන්න පිළිබද තීන්දු ලබා දීමට
    ඔබට ලයිසන් දුන්නේ කවුද ?

    වටේ නොයා හරියට උත්තර දෙන්න
     
    • Like
    Reactions: KHz

    1) හෝමාගම රෝහල මෙයට ලබා දීමට එකඟ වුනු බවට සාක්ශි සපයන්න .
    රජයේ සම්පත් වලින් පෞද්ගලික කළු කඩ මුදලාලිලාට ලාභ උපයා ගැනීමට ඉඩ ලබාදීම නීති විරෝධී ක්‍රියාවකි ‍. අවසරය ලබා ගත යුතු අංශ කිසිවකින් අවසරයක් නොලත් එම ආයතනයට රජයේ සම්පත් තම ලාභය සදහා නොමිලයේ ලබාදීමේ නීතිමය තත්වය කුමක්ද ? මේ නුපුහුණු මාලබේ උපාධි අපේක්ශකයන් අතින් රෝගීන්ට සිදුවන හානියට වගකියන්නේ කවුදයි මම ඇසීමට කැමැත්තෙමි .අනික් අතට වෛද්‍ය සිසුන් පුහුණු කළ යුත්තේ හෘද රෝග ,ප්‍රසව හා නාරිවේද , ස්නායු රෝග , ළමා රෝග වැනි අංශ ගණනාවකින් යුතු ශික්ශණ රෝහලක මිස හෝමාගම වැනි මූලික රෝහල්වල නොවේ . වාට්ටු සීමිත ගණනකින් යුත් එවැනි රෝහලකින් හෝ වෛද්‍යවරු චැනල් කරන පෞද්ගලික රෝහලකින් ලංකාවේදී නම් ප්‍රමිතියට යුත් වෛද්‍ය උපාධිධරයෙකු බිහි කළ නොහැක.

    2) පෞද්ගලික රෝහල්වල ලෙඩුන් සිටිනුයේ රජයේ රෝහල්වලට සාපේක්ශව ඉතා සීමිත ගණනකි . එවැන්නකට රෝගීන් ඇතුළු වන්නේද තමන්ට ඇති ලෙඩය සොයාගෙන අවශ්‍ය වෛද්‍යවරයා චැනල් කිරීමෙනි .අධිකරණ වෛද්‍ය විද්‍යා ඇතුළු අංශ රැසක් පෞද්ගලික රෝහල්වල ක්‍රියාත්මක නොවේ . කණගාටුයි ප්‍රමිතියට අනුව දැනට ඇති ක්‍රමයෙන් නම් පෞද්ගලික රෝහල්වලින් විධිමත් වෛද්‍යවරු බිහි කළ නොහැක

    3) ඔව් , ලංකාවේ වෛද්‍ය විද්‍යල වල තත්වයන් ගැන විවිධ සමීක්ශණ කෙරී ඇත . ඔබ අසා ඇති තත්වයට හොදම පිළිතුර ලෙස ලංකාවේ සෞඛ්‍ය නිර්ණායක රැගෙන බලන්න .මූලික සෞඛ්‍ය දර්ශක අතින් ලංකාව සිටිනුයේ අසල්වැසි රාජ්‍යන්ට සාපේක්ශව ගව් ගණනක් ඉදිරියෙනි . එය වෛද්‍යවරු තනිව ලබාගත් ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට මම කුහක නොවෙමි .මෙයට හෙද කම්කරු පරිපූරක වෛද්‍ය සේවා ඇතුළු අංශ රැසකගේ දායකත්වය ලැබී ඇත . එහෙත් එයට හේතුව පැහැදිළිවම නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය බවට ඔබ පිළිගත යුතුය . පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 250 කට අධික සංඛ්‍යාවක් සිටින ඉන්දියාව සිටින්නේ කොතනද ? අනික් අතට මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින රටවල් වල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත (උදා . රුසියාව) නැතහොත් තිබෙන්නෙ එකක් දෙකක් පමණි ( උදා . එංගලන්තය , ඕස්ට්‍රේලියාව) රජය වෛද්‍ය විද්‍යාල දියුණු කළ යුතු බව ම පිළිගනිමි . නමුත් තෝසේ කඩ අරින්නා සේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇර ප්‍රමිතියක් රහිත උපාධිධාරී හිස් වලින් ලංකාව පිරවීමෙන් රටට හොදක් වේ යැයි මම නොසිතමි.

    4) ඔබ වැරදියි , විදේශ උපාධිධාරීන් තම උපාධිය ලබාගෙන ලංකාවට පැමිණ කටයුතු කිරීමට ප්‍රථම අංක 16 පණත යටතේ ERPM විභාගයට පෙනී සිට සමත්විය යුතුයි . මේ අවුරුද්දේ වෛද්‍ය නෝනිස් මහතාට පහරදුන් දින නිකුත් වූ ප්‍රතිඵල වලින් විදේශ උපාධිධාරීන් සමත් වූයේ 16 % පමණක් බව ඔබ දන්නවාද ?

    5) මේ තියෙන දත්ත සලකා බලන ඔබ ලංකාවේ ප්‍රමිතිගත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීමේ නොහැකියාව නොදකින්නේ නම් ඔබට තවත් කිවයුතු යමක් මට නැත

    6) ප්‍රමිතිගත තත්ව යටතේ සුදුස්සන් බදවාගෙන උසස් වෛද්‍ය උපාධිධාරීන් බිහි කරන ආයතනවලට මගේ අකමැත්තක් නැත . නමුත් නුසුදුස්සන් නුසුදුසු ලෙස බදවාගෙන වෛද්‍ය ක්ශේත්‍රයට කරන්නට යන හානියට , ක්ශේත්‍රය බාල්දු කිරීමට විරුද්ධ වීමට මට අයිතියක් ඇතැයි සිතමි . මන්ද මේ ලයිසන් ගැනීමට වළිකන හොර දොස්තරලා මේ රටේ අහිංසක ජනතාවට මෙන්ම වියපත් වූ දවසක කවදා හෝ අපිටත් ප්‍රතිකාර කරන නිසයි .
     
    Last edited:
    • Like
    Reactions: earthbender