පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම නතර ක

ABOLISH SAITM

Member
Jan 17, 2017
35
8
0
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම නතර ක

සයිටම් ගැටලුව සම්බන්ධව නිසියාකාර විසඳුමකට එළැඹෙනතෙක් ශ්‍රී ලංකාව තුළ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීම නතර කළ යුතු බව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ අටෙහි ආචාර්ය සංගම් එකමුතුව ඒකාබද්ධ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදයට අනුව විශ්ව මානව හිමිකම් සංහිඳියේ 26.1 වන වගන්තියට අනුව උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වීම හුදු දෙමාපියන්ගේ ආර්ථිකමය පසුබිම මත පදනම් වූවක් නොව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා හා දරිද්‍රතාවය මත පදනම් වියයුතු බවද සඳහන් වේ.
මේ ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් ලැබෙනතුරු සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධිය සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම වහාම නැවැත්විය යුතු බවත් වෛද්‍ය අධ්‍යාපනය, සායනික පුහුණුව හා වෛද්‍ය වෘත්තිය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ඇතැම් පාර්ලිමේන්තු සභිකයන් විසින් සයිටම් ආයතනයට පක්ෂාතීව කරන මුග්ධ ප්‍රකාශ තරයේ හෙළා දකින බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ගැටලුව විසඳීමට බලධාරීන් අපක්ෂපාතීව මැදිහත් නොවුණහොත් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල අටෙහි සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් ඇතිවිය හැකි අතර අතීතයේ අත්විඳ ඇති ඛිෙදනීය තත්ත්වය නැවතත් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
කොළඹ, යාපනය, පේරාදෙණිය, රුහුණ, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, රජරට විශ්වවිද්‍යාලයන්හී වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් එකමුතුව විසින් මෙම ඒකාබද්ධ පුවත්පත් නිවේදනය නිකුත් කර ඇත
 
  • Like
Reactions: xxc

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    Nayata andukola , apita oowa pebne naa,, dostharala private beth denaw , gmoa aya atinuth leddu marenne
    :rofl::P
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    =ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා හා දරිද්‍රතාවය මත පදනම් වියයුතු බවද සඳහන් වේ=කුසලතා හා දරිද්‍රතාවය LOL