ප‍්‍රථම වතාවට ගව ඝාතකාගාරය.............?

ප‍්‍රථම වතාවට ගව ඝාතකාගාරය.............?

533037_578788018799488_93645999_n.jpg


මහනුවර මහනගර සභා වසර එකසිය හතළිස් අටක ඉතිහාසයේ ඉතිහාසගත තීන්දුවක් ගනිමින් මහනුවර නගරයේ කටුකැලේ පිහිටි ගව, එළු, කුකුල් ඝාතකාගාරය මාර්තු මස 15 වැනි දා සිට වසා දැමීමේ යෝජනාව ඊයේ දින රැස්වූ මහා සභාව වැඩි ඡන්දයෙන් සම්මත කළේ ය.

මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක නෙරංජන් විජයරත්න (එ.ජා.ප) මහතා විසින් 2012/09/25 වැනි දින සභාවට යෝජනා කළ යෝජනාවකට අනුව එය නගර සභා සෞඛ්‍ය කාරක සභාවටත්, මුදල් කාරක සභාවටත්, පශු වෛද්‍ය ඒකකයටත්, යොමු කිරීමෙන් පසු මහනුවර නගරයට ගව ඝාතකාගාරයක් අවශ්‍ය නො වන බවට එම ආයතන විසින් තීරණය කරන ලදී.

එම වාර්තා ඊයේ දිනයේ නගර සභාව රැස්වූ අවස්ථාවේ දී තර්ක විතර්කවලට භාජනය කිරීමෙන් අනතුරු ව මුස්ලිම් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට සිය විරෝධය පළ කිරීම හේතුවෙන් එම යෝජනාව ඡන්දයක් දක්වා ගෙනයාමට සිදු විය.

එහි දී එම යෝජනාවට පක්ෂව ඡුන්ද 81ක් ද, විපක්ෂව ඡන්ද 03ක් ද හිමි වූ අතර, මන්ත‍්‍රීවරු දෙදෙනෙක් සභා ගර්භයේ නො සිටියහ. ඒ අනුව එක්දහස් අටසිය හැට පහේ (1865) මහනුවර නගර සභා ආඥා පනත ආරම්භ කිරීමෙන් අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ශුද්ධ භූමියේ ප‍්‍රථම වතාවට ගව ඝාතකාගාරය වසා දැමීමට තීරණය විය.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය අවුරුදු 148 ඇතුළත අහිංසක ගවයො කී දෙනෙක් නම් මරන්න ඇත්ද..
    ඒ මස් කී දෙනෙක් නම් රස කර කර කන්න ඇත්ද..
    ඔය මස් වැද්දො මොන තරම් පවු පුරවගන්නත් ඇත්ද..

    ගොඩක් පින් සිද්ධවෙන වැඩක් කරල තියෙන්නෙ..
    හැබැයි ඔය සක්කිලි ඔතන වැහුවා කියලා වැඩේ අතාරින්නෑ..
    ගේ අස්සෙ හරි හරක් මරනවා අනිවා..



     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඔය අවුරුදු 148 ඇතුළත අහිංසක ගවයො කී දෙනෙක් නම් මරන්න ඇත්ද..
    ඒ මස් කී දෙනෙක් නම් රස කර කර කන්න ඇත්ද..
    ඔය මස් වැද්දො මොන තරම් පවු පුරවගන්නත් ඇත්ද..

    ගොඩක් පින් සිද්ධවෙන වැඩක් කරල තියෙන්නෙ..
    හැබැයි ඔය සක්කිලි ඔතන වැහුවා කියලා වැඩේ අතාරින්නෑ..
    ගේ අස්සෙ හරි හරක් මරනවා අනිවා..




    ඔව් බන්.. කොහොම මරනවද මන්ද..මුන්ට හිතක් පපුවක් කියල දෙයක් ඇත්තෙම නෑ

    295215_381059771967200_1525068402_n.jpg


    මෙ බලපන්කෝ මෙත් මිනිස්සුම තමා මොකක් හරි පවුකාරකමකට සත්තු වෙලා ඉපදිලා පවු ගෙවනවා, මෙ මරන උන්ටත් ඔය ටිකම තමා