ප්‍රථම වතාවට ගව ඝාතකාගාරය.............?
මහනුවර මහනගර සභා වසර එකසිය හතළිස් අටක ඉතිහාසයේ ඉතිහාසගත තීන්දුවක් ගනිමින් මහනුවර නගරයේ කටුකැලේ පිහිටි ගව, එළු, කුකුල් ඝාතකාගාරය මාර්තු මස 15 වැනි දා සිට වසා දැමීමේ යෝජනාව ඊයේ දින රැස්වූ මහා සභාව වැඩි ඡන්දයෙන් සම්මත කළේ ය.
මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක නෙරංජන් විජයරත්න (එ.ජා.ප) මහතා විසින් 2012/09/25 වැනි දින සභාවට යෝජනා කළ යෝජනාවකට අනුව එය නගර සභා සෞඛ්‍ය කාරක සභාවටත්, මුදල් කාරක සභාවටත්, පශු වෛද්‍ය ඒකකයටත්, යොමු කිරීමෙන් පසු මහනුවර නගරයට ගව ඝාතකාගාරයක් අවශ්‍ය නො වන බවට එම ආයතන විසින් තීරණය කරන ලදී.
එම වාර්තා ඊයේ දිනයේ නගර සභාව රැස්වූ අවස්ථාවේ දී තර්ක විතර්කවලට භාජනය කිරීමෙන් අනතුරු ව මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට සිය විරෝධය පළ කිරීම හේතුවෙන් එම යෝජනාව ඡන්දයක් දක්වා ගෙනයාමට සිදු විය.
එහි දී එම යෝජනාවට පක්ෂව ඡුන්ද 81ක් ද, විපක්ෂව ඡන්ද 03ක් ද හිමි වූ අතර, මන්ත්‍රීවරු දෙදෙනෙක් සභා ගර්භයේ නො සිටියහ. ඒ අනුව එක්දහස් අටසිය හැට පහේ (1865) මහනුවර නගර සභා ආඥා පනත ආරම්භ කිරීමෙන් අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ශුද්ධ භූමියේ ප්‍රථම වතාවට ගව ඝාතකාගාරය වසා දැමීමට තීරණය විය.

Good work