ප‍්‍රබල නඩු 11ක් ලෑස්තියි.. හතරකට වහාම නඩු.. ඔවුනට අධි චෝදනා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පසුගිය රජයන්හි පාලන කාලයන් තුළදී සිදුවූ වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන අයථා වත්කම් රැස්කිරීම් ඇතුළු බරපතළ ගණයේ වැරදිවලට අදාළව නඩු 11 ක් පැවරීමට අවශ්‍ය ලිපිගොනු ශ්‍රී ලංකා පොලිසිය විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.

    මෙම නඩුවලින් චෝදනා ලබා ඇත්තේ හිටපු රජයන්හි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක් සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසකි.

    මෙකී ලිපිගොනු අතුරින් පූර්ණ සාක්ෂි සහිත නඩු 4 ක් සඳහා වහාම නඩු පවරා අධි චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇත.

    අයථා ලෙස වත්කම් රැස්කිරීම් ඇතුළු වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 4 ක් අවශ්‍ය විමර්ශන නිමකර නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර තිබේ.

    ඉතිරි නඩු තුනට අදාළව වැඩිදුරටත් සාක්ෂි සපයා ගැනීම සඳහා කඩිනමින් පරීක්ෂණ කටයුතු නිම කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී ඇත.

    මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ අතිරේක ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහත්වරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් අවශ්‍ය කටයුතු මෙහෙයවමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වෙයි.

    @Walter White monawada ban me, hemadama kiyanawa witharai, wechcha deyak naha
     
    • Like
    Reactions: Ysa Karu