ඵලදායිතාවය ඉහල නංවා ගැනීම (My 4000th post)

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඵලදායිතාවය ඉහල නංවා ගැනීම (My 4000th post)

    iphone-productivity-apps.jpg

    මාස ගනනාවක් එළකිරි එකත් එක්ක ඉඳලා ඔන්න මම මගේ 4000 වෙනි පෝස්ට් එක ගැහුවා. වෙනදා වගේ පිස්සු වැඩ කරන්නේ නැතිව හැමෝටම වැදගත් වෙන, දියුනුවට උදව් වෙන දෙය පලකරන්න හිතුවා.


    ඵලදායිතාවය කියන එක අද ගොඩක් දෙනෙක් භාවිත කරන දෙයක්. ඒකේ තේරුම ගොඩක් දෙනෙක් දන්නේ නැති වුනාට එය අපේ ජීවිතයට ඉතා අවශ්යයි. ඵලදායිතාවය කියන එකේ තේරුම තමන්ට තිබෙන සීමිත සම්පත් වලින් විශාල වැඩකොටසක් කර ගන්න එක. සම්පත් යනුවෙන් හැඳින්වෙන්නේ කාලය, මුදල් ශ්රමය වැනි දේවල්. මේ ලිපියෙන් මම කාලය නිසිලෙස පාවිච්චි කරන එක තුලින් තමන්ගේ ඵලදායිතාවය වැඩිකරගන්න එක ගැන විස්තර කරනවා

    syd-5aerlntueyg1b1urwbro_layout.jpg

    කාලය ඉතාම වටිනා සම්පතක්. එය ඉතා වේගයෙන් අවසන් වෙනවා. සාමාන්යයෙන් මිනිසෙක්ගේ ආයුකාලය අවුරුදු 70 පමන වෙනවා. ඒ වගේ සීමිත කාලයක් තමයි කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. එම කාලයෙනුත් වැඩි කොටසක් මහලු වයස හා ලමා කාලයට ගෙවුනාම කෙනෙක්ට දියුනුව සාදා ගැනීමට තිබෙන කාලය ඉතා සීමිතයි

    පුද්ගලයෙක් කාර්යාලයේ දී වුනත් ගෙදරකදී වුනත් යම් කිසි වැඩක් කරනවිට සත්ය වශයෙන්ම එම කාර්යයටම නියැලෙන්නේ මුලු කාලයෙන් සුලු ප්රමතිශතයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ශිෂ්යයෙක් තමන්ගේ විභාගයට අවශ්ය යම් පොතක් කියවා එහි තියෙන වැදගත් කරුණු සටහන් කරගන්නවා කියා හිතන්න. කියවීමට හා කරුනු සටහන් කර ගැනීමට එම වැඩය සඳහා ගතවෙච්ච කාලයෙන් කොපමණ ප්රැතිශතයක් වැයවුනාද කියා සොයන්න. නියත වශයෙන්ම තමන්ට යම් වැඩක යෙදෙන කාලය එයට වෙන්කර තිබෙන කාලයට වඩා තරමක් අඩුයි. අපි කාලය ගතවීම ගැන සිතුවේ නැති වුනත් විශාල කාලයක් වෙනත් දේවල් වලට ගතවෙලා තියෙනවා. මේකට මූලික හේතුව වෙන්නේ කාලය ගතවීම හා තමන්ට තිබෙන කාලය පිලිබඳ හැඟීමක් කාර්යය කරන පුද්ගලයාගේ මනසේ නොමැතිවීමයි.
    to-do-list.jpg

    කෙනක් තමන්ට නියමිත වැඩ නියමාකරයෙන් ලයිස්තු ගතකලා කියා හිතන්න එම පුද්ගලයා ඒවාට ගතවන කල්වේලා පවා සටහන් කරගෙන සිටිනවා. නමුත් ඒ කාර්යය කරද්දී එයට ගතවන කාලය පිලිබඳ දැනීමක් එම පුද්ගලයාට ඇත්තේ නෑ. සරල විදිහට කිව්වොත් කාර්යයට නියමිතව තිබෙන කාල පරාසය පාලනය කරගැනීමට හැකියාවක් නෑ. තමන්ගේ වැඩ අපිළිවෙළට සකස් කරගෙන වැඩ සියල්ල අනාගන්නා කෙනෙක්ට වඩා ඉහත විස්තර කරපු පුද්ගලයා සංවිධනාතමකව සිටිනවා වුනත් ඔහුටත් වැඩ නිමකිරීම පිළිබඳ ගැටලු රාශියකට මුහුන දෙන්න වෙනවා.

    මේ සියලු දේට මූලික හේතුව වෙන්නේ අපි මනසේ කාලය ගැන සිතාගෙන ඉන්නා ආකාරයයි. උදාහරණයකට පැයක් ගතවෙන යම් වැඩක නියැලෙන කොට එයින් විනාඩ් 40ක් ගතවුනාට පසු අපි වැඩය කිරීමට ගතවූ විනාඩි 40 ගැන පමණක් මනසේ සටහනක් තබා ගන්න පුරුදු වෙලා සිටිනවා. එසේ නැතිව එම වැඩය නිමකිරීමට තව කොතරම් කාලයක් ඉතිරි වී තිබෙනවාද කියා අප කවදාවක් සිතනවද? විනාඩි 40ක් ගතවූ පසුව තවත් ඉතිරි වී ඇති විනාඩි 20 හා එහි අඩුවීම ගැන මනසේ සටහන් වෙනවාද ?

    countdown-clock1.jpg

    ඉතිරි වී ඇති කාලය ගැන අපි යම් යම් අවස්ථාවලදී සටහන් කරනවා. ඒ කෙසේ වෙතත් කාලය ගත්වීම හෝ අවසන් වීම ගැන සෑම විටම අපේ දැනීමක් නෑ. උදාහරණයකට තව පැය 24 කින් අවසන් කලයුතු වැඩක පැය ගනන අවසන් වීම පිලිබඳ අපි විමසිලිමත් ද ?. නැත මන්දයත් අපි කාලය ගනන් කරන්නේ ආරෝහණ ආකාරයෙන් මිස අවරෝහණ ආකාරයෙන් (countdown) නොවන නිසාය.

    අවරෝහණ ගනනයෙන් (counting down)තමන්ට කාලය අවසන්වීම පිළිබඳ මනා හැඟීමක් දැනෙනවා. ඒ වගේම යම් කිසි වැඩක් අවසන් කිරීම පිලිබඳ යම් ආතතියක්ද හිත තුල ඇතිවෙනවා. සාමාන්යයෙක් මධ්යම ප්රමාණයට ආතතිය තමන්ගේ හිත තුල තිබෙන එක ධනාත්මකව කෙනෙක් තුල බලපානවා. ඒ වගේම. අනවශ්ය වැඩ නවත්වා තමන් කරන කාර්යය කෙරෙහි මනා සිහිය පවත්වා ගැනීමටත් මෙයින් ඉඩ සැලසෙනවා.

    කාලයේ අවරෝහණ ගනන් කිරීම තමන්ගේ සාමන්ය වැඩකටයුතු වලට යොදාගන්න අවශ්ය වන්නේ ඉතා සුලු සම්පත් ප්රඩමාණයක්. මූලිකවම මේ සඳහා countdown clock එකක් අවශ්ය වෙනවා. යම් කාර්යයක් සඳහා අවශ්යවන කාලය නියමාකරයෙන් ඇස්තමෙන්තු කරගත්තාට පසු තමන් වැඩයෙ නියැලෙද්දී තමන්ට නියමිත කාලය අවසන් වීම පිලිබඳ එකෙන් දැනගැනීමට සැලැස්සෙන ආකාරයට ක්රිියා කරන්න. තමන්ගේ කාර්යය ඉතාමත් විශාල වුනත් වැඩි කාලයක් ඇස්තමෙන්තු කලත් එකේ මිලි තත්පර වල පවා වෙනසක් ඇතිවන ලෙස සකස් කරන්න. සරලව පැහැදිළි කලොත් කාලය අවසන් වීම තමන්ට දැනෙන්නට සකස් කිරීම අවශ්ය වෙනවා..

    මෙම ක්රිමය ඉතා සරල දෙයක්. නමුත් මානසික වශෙයෙක් කෙනෙකුට විශාල ධනාත්මක බලපෑමක් මේකෙන් ඇතිවෙන්න පුලුවන්. අප දන්නා ආකාරයට ක්රීඩාවල පමණක් නොව ඉතා විශල වපසරියට රැකියාවලට හා කාර්යයන් නිමකිරීමට මේ සරල ක්රොමය යොදගන්න පුලුවන්.

    රියදුරෙකුට තමන්ගේ ගමනාන්තයට ලඟාවීමට නියමිත කාලයේ වෙනස්වීම පිලිබඳ මේ ක්රටමයෙක් දැනගන්න පුලුවන්. එවිට නියමිත කාලයට ගමනාන්තයට ලඟාවීමට එය විශාල උදව්වක්. ඉදිකිරීම් ක්ශේත්රනයට, අධ්යාපනයට ආදී අංශ රැසකටම මේ ක්රලමය යොදාගන්න පුලුවන්.
    time.jpg

    ඉතාම සරල අදහසකට ලොකු වෙනසක් කරන්න පුලුවන්. මේ ක්රතමය පාවිච්චි කරලා කාලය නියමාකාරයෙන් යොදාගෙන ඵලදායිතාවය වැඩිකරගත් අය ගොඩක් දෙනක් ඉන්නවා. ඔබත් මේ අවරෝහණ කාල ගනනය (counting down) යොදාගෙන බලන්න. සමහර විට ඔබගේ ජීවිතය වෙනස් කිරීමට මෙය හේතුවෙයි.
    thumbs-up-low-res.jpg

     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    eth machan meken wenna puluwan anik de thama
    hari awabodayak nathuwa meke wipaka gana , wada
    karanna giyoth wenne anawashya widihata kalabala weema,
    nisi theeranayak ganna bari weema, hari hati awastha aduna
    ganna bari weema wage gatalu walata moona denna...

    e nisa meka karanna oneth kalayak thisse puru weemakin passei.e ara
    me kramaya sudusu naha..:no:

    kalamanakarana mattam wala mul mattam anthima bayanakai..
    e nisa parissamen mul tika pahu nokarana kenekta jayak wenuwata
    shokanthayak himi wenawa..
    eka siddanthayak adala wishayan wala ...:dull:
     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    eth machan meken wenna puluwan anik de thama
    hari awabodayak nathuwa meke wipaka gana , wada
    karanna giyoth wenne anawashya widihata kalabala weema,
    nisi theeranayak ganna bari weema, hari hati awastha aduna
    ganna bari weema wage gatalu walata moona denna...

    e nisa meka karanna oneth kalayak thisse puru weemakin passei.e ara
    me kramaya sudusu naha..:no:

    kalamanakarana mattam wala mul mattam anthima bayanakai..
    e nisa parissamen mul tika pahu nokarana kenekta jayak wenuwata
    shokanthayak himi wenawa..
    eka siddanthayak adala wishayan wala ...:dull:

    api deyak karanna one hariyata purudu wela thamai. Meka thamai Time Management wela ultimate goal eka. e kiyanne thamanta thamange time eka upto the last second calculate karagena eeta anuwa weda karanna puluwan vena eka. Me method eka (counting down which I've described in the article) use karanna one thamange wede gena 100% situational awareness ekak thiyena kenek witharai
    What you have said is true. Thanks for the comment.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    api deyak karanna one hariyata purudu wela thamai. Meka thamai Time Management wela ultimate goal eka. e kiyanne thamanta thamange time eka upto the last second calculate karagena eeta anuwa weda karanna puluwan vena eka. Me method eka (counting down which I've described in the article) use karanna one thamange wede gena 100% situational awareness ekak thiyena kenek witharai
    What you have said is true. Thanks for the comment.
    :) hmmm ow machan e tikath othanata ona nisai
    mama e tika ekathu kare, nathnam wishaya gana
    nodanna kenekta nodana kathara gama giya wage
    wenawa.dan wena godak phaladayitha wadasatahan
    wala wenneth eka.ekko ena eka igenagena naha
    sampoornayenama katha karanna ena de gana.
    nathnam ewage barapathala kama nodana kiyanne naha..
    passe oka " Rahas kochchiyak " wage giyama bihi
    wenne ada lankawe as panapitama penna inna thale
    athmarthakami, ........... ,........ .,............................................,.......................................................,,,,,,,...............,.,...... .,,,,,,,...


    wage un..
    api wage ratawalata oka awe waradiyata..
    aththatama sadalu thala wala thiyenna one ewa
    bimata denna hoda naha.. .:dull: