බංකොලොත් ගෝඨා බුදුන්වත් විකුණයි!

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බංකොලොත් ගෝඨා බුදුන්වත් විකුණයි!

    Gota_Lankanewsweb-1.jpg



    109
    Shares
    Share Tweet Pin Email Share
    SPYදේපල කොල්ල කා නිවනට යන සංඝරක්ඛිතගේ අලුත්ම ගේම….. නාග ලෝකය විකුණා පැය 48 මැතිවරණ මෙහෙයුමක්……. බංකොලොත් ගෝඨා බුදුන්වත් විකුණයි!
    Published on – Nov 13, 2019 කැළණිය රජමහා විහාරයට බුදුන් සමයේ සිට පවතින්නේ නාග ගෝත්‍රික සම්බන්ධයකි. ලංකාවට තෙවරක් වැඩම කළ බුදුන් වහන්සේ අවසන් වරට ලංකාවට වැඩම කරන්නේ ද කැළණිය ප්‍රදේශයේ පාලක මනිඅඛ්කිත නාරජුගේ ආරාධනාවක් ලෙස බව බෞද්ධ සාහිත්‍ය උගන්වයි.

    කැළණි විහාරය අසලින් ගලා බසිනා කැළණි ගංගාවේ විහාරය අසල එක් ස්ථානයක් නාග ලෝකය හා සම්බන්ධ බවද එතැනින් නාග ලෝකය වෙත ප්‍රවිශ්ඨ විය හැකි බවද නාගයන් විසින් වන්දනා කරනු ලබන ශ්‍රි පතුලක් එම ස්ථානයේ පිහිටා ඇති බවටද ජනප්‍රවාද පවති.

    එම සියලු අතිතාවර්ජන නැවත නැවතත් මතකයට ගෙන එමින් කැලණි ගං ඉවුරෙන් ධාතුන් වහන්සේලා මතු වූ බව අසන්නට දකින්නට ලැබුණු අතර ඒ හා සම්බන්ධ ඡායාරූප ප්‍රමාණයක් ද අප වෙත ලැබී පවතිනවා.

    ධාතුන් වහන්සේලා ප්‍රාදුර්භූත වීම හෝ ආගමික කාරණා සම්බන්ධයෙන් අප වෙත සැකයක්, විවේචනයක් නොතිබුණද ලංකාවේ සුවහසක් බෞද්ධ ජනතාවගේ අහිංසක ශ්‍රද්ධාව සමඟ දේශපාලන ගේම් ගැසීම අනුමත නොකරමු.

    මෙම දේශපාලන නාඩගම පිටුපස සිටිනා හස්තය කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ය. සංඝරක්ඛිත හිමියන් බුද්ධ චීවරය දරාගෙන දේපල තන්හාවෙන් ක්‍රියා කරනා ආකාරය පිළිබඳව අප මීට පෙරද අනාවරණය කොට ඇත්තෙමු. විශේෂයෙන්ම කැලණිය රජමහා විහාරයට අයත් ඉඩකඩම් මෙන්ම පැරණි ඩි. බි විජේතිලක වලව්වද සිය පෞද්ගලික දේපලක් ලෙස පරිහරණය කිරීමේ ආශාවකින් පෙළෙන සංඝරක්ඛිත හිමියන දායක සභාව පවා වෙනස් කරමින් රජමහා විහාරයේ පරිපාලනය වෙනස් කිරීමට කටයුතු කළ යුතුය.

    සිය දේපල තන්හාව මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් සංඝරක්ඛිත හිමියන් නොකරන දෙයක් නැත. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදින්ට උපරිම සහය ලබා දෙමින් ඔවුන් රජ කරන්නට සංඝරක්ඛිත හිමියන් දත කන්නේ රාජපක්ෂලා රජ වූ පසු ඒ මීයෙන් ම පැණි ලබා ගැනීමටය.

    නාමයෝජනා බාර දීමෙන් පසු කෙලින්ම කැලණිය රජමහා විහාරයට ගොස් ආශිර්වාද පුජාව සිදු කිරීමට ගෝඨාභය කටයුතු කරන්නේ ද, මහින්ද රාජපක්ෂ කැස්සටටත් කැළණි දුවන්නේ ඒ දේශපාලන භාවිතයේම කොටසක් ලෙසය.

    පෙර දා කැලණි ගංගාවෙන් මතු වන ධාතුන් වහන්සේලා සංඝරක්ඛිත හිමියන් යොදා ගන්නේ මෙම රාජපක්ෂ රාජාභිෂේකයේම කොටසක් ලෙස වීම ඛේදනීය තත්ත්වයයි. මෙම ධාතුන් වහන්සේලා හමුව වන උදාර මදුෂංක නම් තරුණයා මෙම ධාතුන් වහන්සේලා නාග ලෝකයෙන් වැඩි බව සඳහන් කරමින් නාග ලෝකය හා මනුෂ්‍ය ලෝකය සම්බන්ධීකරණය කරන පුද්ගලයා ලෙස මෙහිදි නාට්‍යමය කොටසක් ඉටු කිරීම මෙහි ඇති හාස්‍යජනක කොටසයි.

    විශේෂයෙන්ම සංඝරක්ඛිත හිමියන් මෙම ධාතුන් ප්‍රාදුර්භූත වීම හරහා ජනාධිපතිවරණයේ ඉදිරි දින දෙක තුළ රාජපක්ෂ කල්ලියේ මැතිවරණ ප්‍රචාරණය බුද්ධාලම්බන ප්‍රිතියෙන් යුතුව කැළණි විහාරයේ සිදු කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කොට ඇත. එහි ප්‍රථම පියවර ලෙස මෙවැනි ධාතුන් වහන්සේලා පහළ වන්නේ රටට අලුත් රජෙක් පහළ වීමේ පෙර නිමිති දක්වමින් බවට ගෙන යන ප්‍රචාරය පෙන්වියහැකිය . එසේ තිබියදි අලුත් ධාතුන්වහන්සේලා වන්දනා කිරීමට පැමිණෙන, දැනටමත් පැමිණ ඇති සැදැහැවතුන්ට රාජපක්ෂලා රජ කළ යුතු බවට පවසමින් බෞද්ධාගම දේශපාලනීකරණය කිරීම හෙලා දකිමු.

    මේ ආකාරයෙන් රාජපක්ෂ කල්ලිය සිය ජයග්‍රහණය වෙනුවෙන් රටට අමතරව ආගමද විකුණාකමින් සිටින අතර ඉදිරි 14, 15 දෙදින පුරා අහිංසක බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව භක්තිය උකස් කිරීමේ වැඩ පිළිවෙත් රාශියක් සංවිධානය කොට ඇත. ඒ සියළු විස්තර අනාවරණය කිරීමට අප සූදානමින්
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ වගේ බුද්ධාගම සහ ධර්මය ජෝක් එකක් විදිහට ගත්ත, බුදුන්ගේ ගුණාංග වෙලඳ බානඩයක් විදිහට ගත්ත, බුදුන් වහන්සේ එක්ක සෙල්ලම් කරන කාලකන්නි දූෂිත දේශපාලුවන්ට ඔබේ වටිනා චන්දය දෙන්න එපා.ඔවුන්ට එරෙහිව එය දාන්න.බය වෙන්න එපා.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    හාමුදුරුවෝ ගැන හෙන පැහැදීමක් තිබ්බා මේ සින් එකෙන් පස්සේ අප්පිරිය හිතුනා....:yes: හමුරුදුවෝ නාග ලෝකේ කියලා අමුතු ලෝකයක් මවලා නයි සින් එකක් ගැන කිවට, නාග ගෝත්‍රිකයන් කියන්නේ මිනිස්සුම මිසක් , මේ බඩගාගෙන යන නයි නෙවේ කියලා මිනිස්සුන්ට මතක් වෙන්නේ නැති එක තමා පුදුමේ.


    රාවනා කතාවේ උනත් දෙරණේ ගිය යක්ෂ නාග දේව කියන්නේ ලංකාවේ හිටපු ගෝත්‍ර කියලා පෙනන්නේ.... ඒ උනාට හමුරුදුවෝ කියන්නේ නයි කියලා :lol:


    චන්දෙ කාලේ හින්දා සමහරක්ගේ ඇස් අන්ද උන් ගානට වැටිලා.... ඒ උනාට බුද්දාගම ජෝක් එකට ගත්ත එක නම් සහ ගහනවා....:yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔහොම තමයි සිකියුරිටි ඔෆසර්ලා කොම්පැනියේ චේයාමන් වෙන්න දඟලන කොට, උන්ගේ ලෙවල් එකෙන් තමයි ගේම. නාග ලෝකෙත් විකුනලා මිනිස්සු ගොනාට අන්දවන්නයි බලන්නේ:lol::lol::lol: