බංගලාදේශයේ බොදුනුවන්ට හිරිහැර සිදුවීම ප&
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බංගලාදේශයේ මියන්මාරයට ආසන්න දකුණු තීරය අසල කොක්ස් බසාර් දිස්ත්‍රික්කයේ Cox’s Bazar district සිදුවු ප්‍රචන්ඩකාරී සිදුවීම් ලොව කිසිදු දහමක් අනුමත නොකරන තත්වයක් බව පලමුවෙන් පැවසිය යුතුමය.
ඊට පෙර මියන්මාරය තුල රෝහින්ග්‍යා මුස්ලිම් වරුන්ට සිදුවු ඉතාමත් දරුණු ඛේදවාචකය ගැන අප අපගේ දැඩි විරෝධය පලකළාසේම මෙම සිද්ධිය පිළිබඳව අප බංගලාදේශයේ සිටින බොදුනු ජනතාව වෙත අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. මේ සිද්ධියට අදාල යෞවනයා විසින් එම වරද කළද නොකළද ඒ ගැන බංගලාදේශයේ බොදුනු ජනතාව පලි නැති බව අප තරයේ විශ්වාස කරන්නාවු කරුණකි. මෙසේ නිරපරාදේ අහිංසක බොදුනු ජනතාවට සිදුකළ විනාශය ඉස්ලාම් දහමට අනුව විශාල වරදකි. නබි වදනකට අනුව මුස්ලිම් පාලනයක් තිබෙන මෙවැනි රටක සිටින අන්‍යාගමික ජනතාවට නිරපරාදේ හානියක් කරන මුස්ලිම් වරයෙක් වේද? ඔහුට ස්වර්ගයේ සුවඳවත් අඝ්‍රාණය කළ නොහැක්කේය.
මෙම සිද්ධියට පසුබිම් වී තිබෙන්නේ යෞවනයෙක් විසින් සිය face book මුණුපොත තුල අල්-කුර්ආනය පිලිස්සු ඡායාරූපයක් පලකිරීම බව පැවසේ. බංගලාදේශ ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරුවෙකු පවසන්නේ එම යෞවනයා පවසන පරිදි මෙම ඡායාරූපය ඔහුගේ Profile (ආකෘතිය) වෙත කිසියම් වෙනත් කෙනෙකු විසින් එවා අත්වැරැද්දකින් Tag (ඇමුණුම්) වී ඇති බවයි. මෙයට එරෙහිව ප්රචන්ඩ ක්‍රියා ආරම්භ වු සැනින් එම ගිණුම වසා ඇති අතර පොලීසිය විසින් අදාල යෞවනයා සහ ඔහුගේ මව ආරක්ෂාව තකා පොලිස්භාරයට ගෙන ඇත. එම දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරියෙක් පවසා ඇත්තේ මෙම සිද්ධියට අදාල යෞවනයා සහ ඔහුගේ මාපියන් තවදුරටත් ආරක්ෂිතව රඳවාගෙන පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.
මිලියන 150 කට අධික සංඛ්‍යාවක ජනතාවක් සිටින බංගලාදේශයේ 1% ක ජනතාවක් බොදුනුවන්ය. පුවත් පත් මගින් වාර්තා කරන පරිදි මෙම සිද්ධියෙන් බෞද්ධ පංසල් 10 ක් සහ නිවාස 40 ක් පමණ විනාශ වී ඇති අතර පුද්ගලයන් 20 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇත. බංගලාදේශ ආරක්ෂක අංශ විසින් වහා ක්‍රියාත්මක වී ඇති නිසා සිද්ධිය ඉන් ඔබ්බට යාම වැලකී ඇත.
මෙම සිදුවීම මියන්මාරය ආසන්නයේ සිදුවීම තුල මියන්මාරයේ මුස්ලිම් සංහාරයට එකට එක කිරීමක් ලෙසටද සමහර විචාරකයන් පෙන්වා දෙන කරුණකි. කෙසේ වුවද ඉස්ලාමය නම් මෙය කිසිසේත්ම අනුමත නොකරන තත්වයකි. කිසියම් කෙනෙකු හෝ පුද්ගල කන්ඩායමක් සිදුකළ වරදකට වෙනත් අහිංසක ජනතාවක් පලි නැත.