බටහිර ඩොක්කුන්ගේ මාෆියාව

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බටහිර ඩොක්කුන්ගේ මාෆියාව

    ප්‍රමිතිය

    තමන් ඉගෙන ගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී, පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත.
    මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්‍යවරු හිඟය,
    ලැබ්වල කෙමිකල් නැත,


    උපකරණ යල්පැන ගොස් කැඩීබිඳී ගොසින්ය.
    කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත.
    ළමයින්ගේ හොස්ටල්, වැසිකිලි ගව ගාල් වැනිය.
    ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද ?
    මේ කෑ ගහන දොස්තරලාගේ දරුවෝ...., බංගලිදේශයේ, ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ, පිලිපීනයේ, රුසියාවේ, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති.
    දේශපාලුවන් තම දරුවන් දේශපාලුවන් කරන්නට දඟලන ඒකත් මේ වගේමය.
    බමුණු කුලය රැක ගත යුතුය.
    ලෙඩ්ඩුන්ට ආදරේට නොවේ.
    හොද්ද බොරවෙන බව දන්නා නිසාය .
    නමුත් දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට මළාට ඉඩ දෙන්නේ නැත.
    මේ නිසා විදෙස් ගතවී වෛද්‍ය අධ්‍යාපනය ලැබිය නොහැකි මධ්‍යම පන්තික දරුවන්ට අඩු මුදලක් ගෙවා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමේ මග අහුරා තිබේ.
    පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඇති වුවහොත් තරඟ කිරීමට සිදුවන නිසා ගාස්තු පහළ යනු ඇත.
    මේවායේ ප්‍රමිතිය ඉහලම මට්ටමේ නොමැති නම්, ඒවාට කඩිමුඩියේ අනුමැතිය ලබා නොදිය යුතුය.
    කිසිම ප්‍රමිතියක් නැති සයිටම් එකේ ප්‍රශ්නය ඇතිවුනේ ඒ නිසාය.
    ප්‍රමිතියක් නැති සයිටම් එකට GMOA සාමාජික... රජයේ දොස්තරලා ගණනාවක්ම තමන්ගේ දරුවන් ඇතුලත්කර... ගලේ පැහැරූ බළලුන්සේ සිටීම හාස්‍ය ජනකය.
    ප්‍රමිතිගත පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙහි පටන් ගත් විට, විදෙස් සිසුන් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමට මෙහි පැමිණෙනු ඇත...
    අපේ මුදල් ඉතිරිවී, රටට ආදායමක් ලැබෙනු ඇත.
    අපේ ළමයි මේ සඳහා බංගලාදේශයටත් යනවා ඒ උපාධිය මෙහේ පිලි ගන්නවාය.
    එහි ගිය ළමයින්ගෙන් ඒකෙ ප්‍රමිතිය ගැන දැනගත හැකිය...ලැජ්ජයි !
    රජයේ දොස්තරලා සමග එකතුවී ලෙඩුන් ගසාකන පුද්ගලික රෝහල් හරිම ශෝක්ය. ඔය කෑ ගසන්නේ වෙන මොකවත් නිසා නොවේ...
    දොස්තරලා වැඩි වී පුද්ගලික වෙදකමට කෙළවෙන නිසාය.

    පිපි පිපි රේණු සළන පී පී

    හවස හතරටත් කලින් රෝහලෙන් පැනගොස් පුද්ගලික වෙදකම් කරන.... ලයිට් කණුවට එක ගානේ ඇති ලේ/ මූත්තරා....මෙඩිසින් & සර්ජරි කියා බෝඩ්ගසා ඇති පෙට්ටි කඩවලටත් ප්‍රමිතියක් තිබේද ?
    ගෙඩියක් පලා බෙහෙත් දැමීමට වඩා සර්ජරියක් මේවායේ කල නොහැකිය .
    පෙට්ටි කඩේ PP එක හරි ගියොත්, ඉන්නා රෝහලෙන් මාරු කරන්නට මළාට බැරිය...
    මාරු කළහොත් වැටෙන්නේ ගෙම්බෙකු මෙන් පෙට්ටි කඩේ දිහා බලාගෙනය...
    ළඟ ඇති වෙනත් රෝහලකට කෙසේ හෝ මාරුවීම හදාගනියි...
    ඔන්න දැන් කලින් සිටි රෝහලේ අලුත් දොස්තර ලෙඩේ අදිනවාය...
    පෙත්සම් ගහනවාය...
    වතුර ටැංකියට ග්‍රමොක්සෝන් දානවාය.
    වෙනදා දොස්තරලා හතර දෙනෙක් සිටි මහ රෝහල් වල OPD එකේ දැන් දොස්තරලා 30/40ක් සිටිති.

    මෙන්න දොස්තරලාගේ අලුත්ම සෙල්ලම....

    තමන්ගේ ශිෆ්ට් එක පුද්ගලිකව වෙදකම් නොකරන ඩියුටි ඔෆ් දොස්තර කෙනෙකුට රුපියල් 2000කට (ලෙඩ්ඩු දෙන්නෙකුගේ ගාන) විකුනා, රෝහලෙන් පැනගොස්...තමන්ගේ පෙට්ටිකඩය රෑ 11වනතුරු ෆුල් ටයිම් රන්කිරීම.
    මෙසේ කරන්නේ ලෙඩ්ඩුන්ට ආදරේටය.
    ඔවුන් ඉඳහිට රෝහලට පැමිණෙන්නේ මූණ පෙන්වා ඩයරියේ බොරු OT ලියා... ඒකටත් මුදල් වංචාවෙන් ගැණීමට පමණකි.
    මේවා ඇල්ලීමට කඩාපනින හමුදාවක් ඇතත් කිසිම දොස්තර කෙනෙක් මේ ලියන මොහොත අල්ලා ගෙදර යවා නැත.
    ඒ සෞක්‍ය සේවා ජනරාල්ගේ සිට පහලට සියළුම පරිපාලන කටයුතු කරන්නේ දොස්තරලාම බැවිනි...
    පරිපාලන නිලධාරීන් නොවන නිසා දන්නා පරිපාලනයකුත්නැත...
    මෙඩිසින් ප්‍රැක්ටිස් නොකරන නිසා මෙඩිසින් දන්නෙත් නැත....
    ඉස්පිරිතාලවල වැදගත් අත්‍යාවශ්‍ය කිසිම බෙහෙතක් නැත්තේ, ලැබ්වල කෙමිකල් නැත්තෙත් මේ නිසාය.
    දොස්තර කුමන වරදක් කලත් තමන්ගේ එකා බේරාගැනීමට සංගමය පැනලා ඉදිරිපත්වෙයි.
    බේරෙන හැටි ගැන නීති උපදෙස් දෙයි.
    ඉතිං අයියන්ඩි කුමට බිය වන්නද ?
    ෆුල් ටයිම් කඩමු පොල් !.
    ඕනෑම මහරෝහලක තත්වේ ඕකය. . .
    බොරුයි කියනවා නම් ඔප්පුකර පෙන්වීමට සූදානම්ය.

    දත් ගැලවීම

    දත් දොස්තරලා...හීන්නූල් කාරයෝය...
    එක්කෝ චෙයාර් එක කැඩිලාය...
    එක්කෝ ලයිට් නැත...
    නැත්නම් වතුර නැත...
    ෆිලින් මැටීරියල් නැත...
    එහෙමත් නැත්නම් උදව් කරන සුලු සේවකයා නිවාඩුය.
    දත් ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත.
    ෆුල් ආතල් එකේ iPHONE එකේ ගේම් ගසමින්/ෆේස් බුකියේ කැරකෙමින් සිට දවල් 11වන විට පැනගනියි.
    ඩයරිය චෙක් කලොත් උදේ 8 සිට සවස 4 දක්වා වැඩකර තිබේ.
    කරන ඔන්කෝල් එකක් නැතත්, ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ.
    පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි.
    මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය.
    දත් දොස්තරලා වැඩ කරන්නේ උදය වරුව පමණකි.
    කඩා පනින හමුදාව චෙක් කලොත්, පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ.
    පුද්ගලික දත් කඩයේ ජෙනරේටර්, වතුර, ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර් එකක් තිබේ...
    හෝගාලා වැඩය.
    දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති.
    දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩි වැඩිවීම් දත් දොස්තරලාටත් ඉබේම ලැබේ.
    ෆුල් ආතල්ය.
    දොස්තරලා දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති කුඩා රෝහල් සහ ඩිස්පැන්සරිවල කොයි වෙලෙත් වැඩකරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණකි.
    එත් වරුවක් පමණකි. (අර ලීව් චිට්එක ? ආ ඒක තියෙනවා)
    හවසට අනික් දෙදෙනාගෙන් එක් අයෙක් කවර් කරයි.
    තිදෙනෙකුට කරන්නට තරම් දෙයක් මේ ආයතනවල නැත.
    වෙනදා එක දොස්තර කෙනෙක් පමණක් සිටි MOH ඔෆිස් වල පවා, දොස්තරලා හතර පස් දෙනෙක් සිටිති.
    වරුවක් පමණක් වැඩකරන මේ ආයතන වල දොස්තරලා එකිනෙකා මුණ ගැසෙන්නේ පඩි දිනයට පමණකි.
    සියළු දෙනාම ෆීල්ඩ් එකේය.
    සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රයිවෙට් බස් එකක් මෙන් දොස්තරලාගෙන් පුරවා තිබේ. අතිරික්තයක් මිස කිසිදු දොස්තර හිගයක් නැත.

    චැනල් ක්‍රීඩාව

    චැනල් ක්‍රීඩාවේ යෙදෙන විශේෂඥ දොස්තරලා ගැනද නොකියාම බැරිය.
    මේ බමුණු කුලයේ සුපිරිම එකය (සර් නොකියා ඩොක්ට කිව්වොත් බඩුම තමයි).
    හවස 4ට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ.... රෑ අටවෙන තුරුත් පැමිණ නැත.
    රජයේ රෝහලේදී විනාඩි පහේ පරක්කුවට කෑ ගහන ලෙඩ්ඩු..., රෝගී මූණූ, හපුටු කරගෙන, මනා ඉවසීමෙන්... සීරුවෙන්... ප්ලාස්ටික් පුටු රත් කරමින් බලා සිතිති.
    ඔන්න.... චැනල් සෙන්ටර් කීපෙකට ගොස්... සල්ලි පොට්ටනිය කාර් එකේ තැබූ එතුමාණෝ.... නලාව කරකවමින්... පුකට මෝටරයක් හයිකළාසේ කඩාගෙන බිඳගෙන පැමිණෙයි....
    වෛද්‍ය පික්පොකට් මහතා හමුවීමට පැමිණි රෝගීන් 33 කාමරයට පැමිණෙන්න....
    ලවුස්පීකරේ කෑගසයි...
    ලෙඩ්ඩු දොර ගාව පොරකති.
    සෙරෙප්පු ගලවන්න, ෆෝන් ඔෆ් කරගන්න...හා ෂර්ට් එක ගලවන්න ඉක්මනට... ඉක්මනට... සුදු කොට ගවුම් ගැටිස්සී මොරදෙයි.
    පුදුම හදිසියකි.
    මොකද අමාරුව...වැල්වටාරං නැතුව ඉක්මනට කියන්න... තව 68දෙනෙක් ඉන්නවා…
    විනාඩි පහයි...
    ගේම ඉවරයි
    පුදුම රෝගී පරීක්ෂාවකි...
    කොලිටිම රෝගී පරීක්ෂාවකි....
    කොම්පියුටරයක් වගේය ...
    හරි...හරි...මේ පරීක්ෂණ ටික කරගෙන ආයෙත් එන්න...දැනට මේක බොන්න. (දකුණු අතින් නලාව තබා වම් අතින් පොකට් එකට විද්දේය.)
    Proper history taking, inspection, palpation, percussion, and auscultation... differential diagnosis? side effects of drugs?
    එන්න එපා මාත් එක්ක පණ්ඩිතකං දොඩවන්න... මේව බොනව හරිද...
    නාන්නද සර්..?????
    හොඳට නාන්න...ඊළඟ එන්න...
    මොනවද සෑර් කන්න හොඳ...????
    ඇපල්, මිදී, චීස්,බේකන්,පිට්සා වගේ ඒව හොඳයි....මාමයිට් බොන්න...ඊළඟ එන්න.
    මේ කරන සෙල්ලම...තමන් ඉගෙනගත්, උසස් අධ්‍යාපනය ලැබූ ඉංගලන්තේදී කරානම්...,
    අවම වශයෙන් අවරුදු දහයකට හිරේ ගොස්....ලෙඩාට වන්දිත් ගෙවීමට සිදුවනවා සිකුරුය.
    සාමාන්‍ය චැනල් ගාස්තුව රුපියල් 1400යි (ලංකා හොස්පිටල්)
    දොස්තරට 1000යි.
    දිනකට 50 බැගින්(හුඟක් අය එයිට වැඩිය බලනවා)
    දවස් 330ක් (35ක් නිවාඩු කියමුකෝ) ලෙඩුන් බැලුවොත්
    වාර්ෂික ආදායම
    50X 1000 X 330 = 16,500,000 +
    (වාර්ෂික වැටුප් )1,800,000
    = 18,300,000 (ලක්ෂ 183යි) (ලැබ්වලින්, බෙහෙත් වලින් එන කොමිස්, රට සවාරි, සම්මන්ත්‍රණ හැර )
    නෑ...කොහෙත්ම පාඩු නෑ! .

    බෙහෙත් හිඟය

    දැන් කියන්නට යන්නේ, රෝහල් එකක වත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නොමැති වීමට හේතුවයි.
    ශ්‍රී ලංකාවට ගෙන්වන බෙහෙත් වර්ග අනුමත කිරීමට කොමිටියක් තිබේ.
    මේකේ සාමාජිකයෝ දොස්තරලාය.
    නියමෙටම හොද්ද බොර කරගෙන....කොළඹ ස්විමින්පූල් සහිත ගෙවල් දෙකතුනක් ඉක්මණටම හදාගතහැකි ජොබ් එකකි.
    කොම්පැණි (බොහෝවිට ඉන්දියන් ) කාරයින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන... කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් වර්ග (බෙහෙත් නිපදවීම ඉන්දියාවේ ගෘහ කර්මාන්තයකි)
    නිසි පරීක්ෂාවකින් තොරව අනුමත කිරීමට මේ දොස්තරලා සතයක් වත් පගාව ගන්නේ නැත.
    එක බෙහෙතක් අනුමත කරවා ගැනීමට අති විශාල මුදලක් වියදම් කිරීම...මේ සමාගම් වලට කජ්ජකි.
    තරුපහේ හෝටල්වල පවත්වන දොස්තරලාගේ සියලුම සම්මන්ත්‍රණ, ගෙට්ටු ගෙදර්, AGM වලට බරපැණ දරන්නේ දැවැන්ත ප්‍රකෝටිපති අන්තර්ජාතික ඹෞෂධ සමාගම්ය.
    කෝටි ගණන් වියදම් කර ගෙන්වන මේ ඉන්දියන් බාල බෙහෙත් වර්ග වලින් බොහොමයක් නියමිත දිනට කලින් නරක් වෙයි.
    ඉන්ජෙක්ෂන් වල පාට වෙනස් වෙයි...
    පෙතිවර්ග කුඩුවී දියවෙයි...
    එවිට කරනුයේ මෙම බෙහෙත් වලලා දැමීම පිණිස ආපසු එවන ලෙස දන්වා චක්‍රලේඛන සිය ගණනක් වසරකට නිකුත් කිරීමයි.
    මේ වන විට මේ බෙහෙත් වර්ග බොහොමයක් රෝගීන් වෙත නිකුත්කර හමාරය. (ඔවුන් සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි ).
    මේක බොරුවක්ද කියා ඕනෑම රජයේ දොස්තර කෙනෙකුගෙන් අහන්න.
    මේ තක්කඩි වැඩේ දිගින් දිගටම අනාදිමත් කාලයක සිට සිදුවන නමුත්, බෙහෙත් හිඟයේ වගකීම බාරගන්නා කෙනෙක් නැත.
    මේ කෝටි ගණන් වලලන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. දොස්තරලාගේ ගෙට්ටුගෙදර් සියල්ලටම ස්පොන්සර් කරන්නේ ඔෞෂධ සමාගම්ය.
    උපදේශකයින් ලෙස පමණක් වෛද්‍ය මණ්ඩලයක් තබාගෙන,
    සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අරක් ගෙන ඇති,
    පෙන්ෂන් යන තුරුම මහජන මුදල් ගසා කමින් දෙපාර්තමෙන්තුවේ ලැග ඉන්නා (මොවුන්ට මාරුවීම් නැත).... දොස්තර මාෆියා ඩිරෙක්ටර් නඩය එලවා දැමිය යුතුය.
    සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් පරිපාලන නිලධාරීන්ට බාරදිය යුතුය.
    විසඳුම එයයි.
    මෙසේ කළහොත් දොස්තරලා මාස හයක් එක දිගට ස්ට්‍රයික් කරනු ඇත.
    කුහක බමුණුකුල GMOA එක... හෙදියක් වෙදනලාව පාවිච්චිකර BP බලනවාට විරුද්ධ විය...


    නර්ස්ලාට, පාමසිස්ට් ලාට පැරා මෙඩිකල් අයට, RMO ලට, ඔක්කොටම ඩිග්‍රීයක් ගන්න නොදී කැපුවාය..

    දැන් සපෝට් එකට කව්රුවත් නැත !

    මේ සුපිරි බුද්ධිමතුන් තමන්ගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දොස්තර පුතුට කසාද බැඳීමට සොයන්නේ අඟහරු 7 නැති බොදු ගොවි කේන්දරය...

    බෙන්ස් කාර් එකේ දෙහි ගෙඩි සහ මිරිස් කරල්ද එල්ලා ඇත !


    https://lankanewsweb.net/sinhala/විශේෂාංග/නෙළුම්-යාය/16056-8255-2017-04-09-05-35-52


    බටහිර ඩොක්කු පසුපස යාම නැවැත්වීමේ කාලයයි මේ ...........
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මාෆියාව පටන් ගන්නේ මුන් කැම්පස් යන්නත් කලින්...AL වලදි...උසස් අධ්‍යාපනය නිකන් දෙන එකේ ප්‍රතිඵල...ඔසී ,NZ ,england වල වගේ හැම uni එකක්ම international student ලට open කරන්න ඕන....දැන් කියන්න එපා දුප්පත් එකාට කෙලවෙනව කියලා...ගවර්මන්ට් එකෙන් පුල් ලොන් එකක් දීල ජොබ් එක කරන කාලෙට ගෙවන්න වැඩ පිලිවෙලක් යෙදුවනම් ඔය උග්ගෝෂන හැම එකක්ම නවත්තලා ඉගෙන ගනී ...බලපන් ගවර්මන්ට් නිකන් උගන්වලා කීදනෙක් රට පනිනවද කියලා...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මාෆියාව පටන් ගන්නේ මුන් කැම්පස් යන්නත් කලින්...AL වලදි...උසස් අධ්‍යාපනය නිකන් දෙන එකේ ප්‍රතිඵල...ඔසී ,NZ ,england වල වගේ හැම uni එකක්ම international student ලට open කරන්න ඕන....දැන් කියන්න එපා දුප්පත් එකාට කෙලවෙනව කියලා...ගවර්මන්ට් එකෙන් පුල් ලොන් එකක් දීල ජොබ් එක කරන කාලෙට ගෙවන්න වැඩ පිලිවෙලක් යෙදුවනම් ඔය උග්ගෝෂන හැම එකක්ම නවත්තලා ඉගෙන ගනී ...බලපන් ගවර්මන්ට් නිකන් උගන්වලා කීදනෙක් රට පනිනවද කියලා...


    ;)
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    ඔවුන් සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි
    :lol::lol::lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    මාෆියාව පටන් ගන්නේ මුන් කැම්පස් යන්නත් කලින්...AL වලදි...උසස් අධ්‍යාපනය නිකන් දෙන එකේ ප්‍රතිඵල...ඔසී ,NZ ,england වල වගේ හැම uni එකක්ම international student ලට open කරන්න ඕන....දැන් කියන්න එපා දුප්පත් එකාට කෙලවෙනව කියලා...ගවර්මන්ට් එකෙන් පුල් ලොන් එකක් දීල ජොබ් එක කරන කාලෙට ගෙවන්න වැඩ පිලිවෙලක් යෙදුවනම් ඔය උග්ගෝෂන හැම එකක්ම නවත්තලා ඉගෙන ගනී ...බලපන් ගවර්මන්ට් නිකන් උගන්වලා කීදනෙක් රට පනිනවද කියලා...

    didn't read the full article but I agree with this comment!
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මාෆියාව පටන් ගන්නේ මුන් කැම්පස් යන්නත් කලින්...AL වලදි...උසස් අධ්‍යාපනය නිකන් දෙන එකේ ප්‍රතිඵල...ඔසී ,NZ ,england වල වගේ හැම uni එකක්ම international student ලට open කරන්න ඕන....දැන් කියන්න එපා දුප්පත් එකාට කෙලවෙනව කියලා...ගවර්මන්ට් එකෙන් පුල් ලොන් එකක් දීල ජොබ් එක කරන කාලෙට ගෙවන්න වැඩ පිලිවෙලක් යෙදුවනම් ඔය උග්ගෝෂන හැම එකක්ම නවත්තලා ඉගෙන ගනී ...බලපන් ගවර්මන්ට් නිකන් උගන්වලා කීදනෙක් රට පනිනවද කියලා...




    :yes::yes::yes::yes::yes:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නෙවිල් ගෙ කැම්පස් එකේ උපාධිය සෑහෙන්න ගනන් නේද බංගලදේශ උපාධි එක්ක ගත්තම ?
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    51010835-640723176371583-7344366919081787392-o.jpg
     
    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    ඔවුන් සියළු දෙනාටම "ටෞකණ්ඩ" දෙවි පිහිටයි..."පට්ටෞත්ති" දේවතාවියගේ ආරක්ෂාවයි
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    100 atta. eth tamanga job ekata garu karana. avankawa wada karana doctor la innawa.




    225 ain karala alut paksayak hadamu.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පුකට මෝටරයක් හයිකළාසේ කඩාගෙන බිඳගෙන පැමිණෙයි.... :lol: