බටහිර යකා කොරහත් බිදගෙන යාම
යන බටහිර යකා කොරහත් බිදගෙන යාම
September 17, 2011 at 7:55 am | Lanka C News.
යන යකා කොරහත් බිදගෙන යන්නේ යි කියමන අප අතර ඇත. ඇමෙරිකානු සහ බටහිර ආණ්ඩු අපරටවල් තුල පිහිටුවා තිබූ ආධිපත්‍ය ක්‍රමයෙන් බිදවැටී පලා යන ආකාරයද සිහි ගන්වන්නේ එම කියමනමය. අපේ ආර්ථිකයේ ‘God Father” භුමිකාව රගපාමින් සිටි බටහිරයන්ට දැන් නාමිකව හෝ තව දුරටත් එය රගපෑමට නොහැකිව ඇත. තමන්ගේ රටවල ආර්ථිකයන් දරුණු අවපාතයකට ලක්ව මොරදෙන එම ආණ්ඩුවලට දැන් සිදුවී ඇත්තේ රැකියා නැතිව සහ එදිනෙදා ජීවත් වීමට ආදායම් මාර්ග නොමැතිවපුද්ගලික දේපල කොල්ලකමින් (looting) වීදි බැස සිටින ජනතාව පාලනය කරගන්නා උපාය මාර්ග ගැන සෙවීමටය. තමන් ණයබරින් හෙම්බත්වී සිටිනබව දැන් ඔවුන් ප්‍රසිද්දියේ පිළිගැනීමටද සිදුවී ඇත.
තව දුරටත් සොච්චමක් හෝ වෙනත් රටකට ලබදීමට ඔවුන්ට ආර්ථික හැකියාවක් නැත. තිබෙන සුළු මුදල පවා ඔවුන්ට සිදුවී ඇත්තේ තමන්ගේ එවුන් (Greece , Iceland , Spain , Ireland , Italy , etc ..) බංකොලොත් වීමෙන් වලකාගනීමට (bailout) යොදවන්නටය. ඇමෙරිකානු ජනපති ඔබාමා 10% පමණ වන තම රටේ විරැකියාවෙන් පෙලෙන ජනතාවගෙන් නැගෙන පීඩනයට විසදුම් නොමැතිව අදුරේ අතපතගාමින් සිටී. සමහරුන්ට තිත්තවූ ඇත්තනම් අද චීනය සහ ඉන්දියාවට මෙම රටවල් බංකොලොත් වීමෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වීමට සිදුවීමය්.
මොවුන් දැන් හිගන්නන්ය. සරලවම කියනවානම් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ එන කය්සාරුවත්තේ මොහන්දිරම් වැනි ලෝකෙට පරකාසේ හිගන්නන්ය. දැන් දෙන්නට ඇති ලැබූ ඇටයක්ද මොවුන්ට ඇත්තේ නැත. නමුත් නැති බව ඇගවීමටද අකමැතිය. මේ සදහා බටහිර දැන් ‘simple plan’ එකක් හොයාගෙන ඇත. එනම් උබලාගේ මානව හිමිකම් තැටිය හොද නැතිය, එම නිසා උබලට දීපු ආධාර අපි කපා හරිනවාය කියා (ව්‍යාජ අපබ්‍රංස කොන්දේසිද දමා) හෙමින් ලිස්ස යාමය. අන්තිමීදී මෙලෙස පොඩි ඝෝරනාඩුවක්ද දමන්නේ මේ රටවල ඉන්නා NGO වලින් යැපෙන කුලියට ලියන අප්පුලාට සහ බෝකර ගිය කළු සුද්දන්ට තාවකාලික විසිල් පහරක ආශ්වාදයක් ද ලබාදීමටය.
ඉස්සර ලංකාව සමග ලෝක බැංකුවට බොහෝ ප්‍රශ්න තිබුණි. වරක සිය කාර්යාලය පවා වසා දමා පිටව යන්නට ගියේය. නමුත් දැන් ලෝක බැංකුව තරම් අපේ ආර්ථිකය පසසන අයෙක් නැති තරම්ය. ණය දෙන්නටද කිසිම කොන්දේසියක් නැත. මෙම පෙරලියටද පැහැදිලි හේතුවක් ඇත. ලෝක බැංකුව තුල ඇමෙරිකාවේ ආධිපත්‍ය දැන් බිද වැටී ඇත. එහි අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගනු ලබන්නේ එයට ණය මුදල් ලබාදෙන ප්‍රමාණයේ ප්‍රතිශතයට අනුවය. ජපානය සහ චීනයේ භුමිකාව බලවත් වීම තුල ලෝක බැංකුව අප සමග වඩාත් සහජීවන කාරී ප්‍රතිපත්තියකට නිරායාසයෙන් යොමු වී ඇත. තව නොබෝ කලකින් ලෝක බැංකුවේ ප්‍රධාන කාර්යාලය බෙය්ජින් නුවරට මාරුවීමටද බොහෝ දුරට ඉඩ ඇත. මෙම සත්‍ය ‘synthetic’ සිහින වල සිටින්නන්ට නම් විසය. සමහරු බොරුවට නිදා සිටින්නේ නැවත බටහිර නැගිටින තුරුය. මොවුන්ටද ආසියාවේ නැගීටීම යන යථාර්තය පිළිගෙන අවදි වීමට කලයය්.