බඩු සුපිරි.තට්ටුව නෑ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අත්වැරදීමකින් පොලිස් ජිප් රියෙන් ගොස් අත්තඩංගුවේ!

    අද සවස පස්වරු 06.00 ට පමන හදිසි වැටලීමක් සදහා පිටව ගිය බියගම පොලිස් ස්ථානයේ ජිප් රථය යම්කිසි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාල නිලධාරීන් වැටලීම කරනා අතරතුර රැගෙන පලාගොස් තිබූ අතර රාත්‍රී හතට පමණ එම toyota පොලිස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වීමෙන් පසුව ඒ බව රථය රැගෙන පලාගිය පුත්ගලයන් දෙදෙනාම අදාල පොලිස් ස්ථානයේ රථවාහන අංශයට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් දෙපල අත්තඩංගුවට ගෙන ඇත .

    .පසුව ජිප් රථය වඩුවේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් ඉවතට පැන නතර වී තිබී ඇති අතර සැකකරුවන් පාපොච්චාරනය කොට ඇත්තේ තමන් නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවත් පොලිසිය වටලෑ මොහොතේ තමන් සතු ඩීමෝ ලොරි රථයයැයි සිතා අත්වැරදීමකින් එසේ පොලිස් ජිප් රියෙහි නැග පලා ගොස් ඇති බවත් මද දුරකදී ලොරි රථයේ තට්ටුව පෙනෙන්නට නොමැති වීම නිසා කලබලවීම හේතුවෙන් ජිප් රිය මාර්ගයෙන් ඉවතට ධාවනය වූ බවයි .මදක් බීමත්ව සිටි බවද පවසා ඇත

    වඩුවේගම උතුර පදිංචි සෝමසිරි චන්ද්‍රානන්ද 55 සරත් විමලවීර 48 යන සැකකරුවන් දෙදෙනා හෙට දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    බියගම
    ජනිත් මුලාවේවීර
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,640
    113
    oya policiye un vehicle eke yathura gann na. horu 2nek allala gas bandala call karama awa. un jeep eka park karala horu dennage side ekata kathawa. 3weni hora hitiye 3wheel eke. u avilla lanuwa kapala vehicle eka start karan panna.

    munta satha 5ka molayak na policee adu kule un. DIG awat echarai
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොකක්...😂
    පත්තර කාරයගෙ කෙප්පයක් වගේ...
    මට නම් හිතෙන්නෙ මුන් දෙන්නා පොලිස් ජීප් එක උස්සලා වැඩේ වැරදුනාම ලෝයර් කෙනෙක් වෙන්න ඇති ඔය අමු කෙප්පය ගොතලා දෙන්න ඇත්තෙ. උසාවි වලින් ඔය වගේ කතා පිළි නොගන්නෙමත් නෑ බන්. දැන් මුන් දෙන්නා කියන විදිහට උන් කසිප්පු විකුණන එකනෙ වැරැද්ද වෙන්නෙ. එතකොට ඒකට වැරැද්ද පිළි අරන් දඩයක් කාලා එයි. හෙන පොඩි ගානක් කසිප්පු වලට ගහන්නෙ.

    ඔය වගේම සීන් එකක් තිබ්බා උසාවියෙ. ත්‍රී වීල් එකක් උස්සලා මාට්ටු වෙලා. මුන්ගෙ ලෝයර් උසාවියෙ කියන්නෙ උන් සංගීතෙකට ගිහින් එද්දි සැකකටයුතු ත්‍රී වීල් එකක් පාර අයිනෙ ස්ටාර්ට් කරලා තිබ්බලු. මුන් ඒක පොලීසියට භාර දෙන්න යද්දිලු අත් අඩංගුවට ගත්තෙ. නඩුකාරයටත් හිනා කතාවට. ඒත් ඉතින් ඔප්පු කරන්න බෑනෙ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනිවා මුන් දෙන්න ගහපු බ්‍රෑන්ඩ් එක හොයා ගත්තනම් "නාග සලන්" බ්‍රෑන්ඩ් නේම් එක යතටේ පිට රට පටවලා පට්ටම විදේශ විනිමයක් හොයන්න පුළුවන් :love2:
     
    • Haha
    Reactions: kinkon