බඩ අඩු කරගන්න, බර අඩු කරගන්න, දියවැඩියාව සමනය කරගන්න - Wannaku Method

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ආහාර ගන්න වෙලාව සහ දිනචරියාව පහත ආකාරයට වෙනස කර ගන්න.


    උදේ පහට පෙර අවදි වන්න එපා. අවදිවූ විගස හිස් බඩ ලොකු ඇල් වතුර වීදුරුවක් හෝ දෙකක් බොන්න. උදේ ආහාරයට පෙර වතුර පමණක් බොනවා නම් වඩා හොඳයි.

    නමුත් උනුවෙන් යමක්පමණක් බොන්නට අවශ්‍ය නම් තේ කහට, බෙලිමල් වතුර, කෝපි, කොත්තමල්ලි, රණවරා වැනි පානයන් සුදුසුය.

    නමුත් සීනි, හකුරු, රට ඉඳි, මී පැණි, පැණි සහ කිරි එකතු කර ගන්න එපා. බිස්කට්, කිරි සහ කොළ කැඳ එපා.

    උදේ ආහාරය උදේ නමය පසුවී කන්න. එනම් උදේ 9 - 10 අතර කන්න. උදේ ආහාරයට පෙර බිස්කට්, කිරිතේ, කොළ කැඳ ආදිය කන්න බොන්න එපා.

    දවල් ආහාරය වනතුරු නැවත කිසිවක් කන්න එපා. දවල් ආහාරය දවල් 1 - 2 අතර කන්න.

    නැවත රාත්‍රී ආහාරය වන තුරු කිසිවක් කන්න එපා.


    රෑට පුළුවන් තරම් වෙලාසන ආහාර ගන්න. රාත්‍රී හතට පෙර රෑට කන්න. එනම් හත වන විට ආහාර ගෙන අවසන් වී තීබිය යුතුය. රාත්‍රී ආහාරය සවහ 6 - 7 අතරගන්න.

    සවස 7 සිට පහුවදා උදේ 9 ට ආහාර ගන්නා තුරු වතුර පමනක් බොන්න.

    මේ අතර තුර කාලයේදී වතුර වලට අමතරව යමක් බොන්න අවශ්‍ය ම නම් පමණක් තේ කහට, බෙලිමල් වතුර, කෝපි, කොත්තමල්ලි, රණවරා වැනි පානයන් ගන්න. . නමුත් සීනි, හකුරු, රට ඉඳි, මී පැණි, පැණි සහ කිරි එකතු කර ගන්න එපා.

    කෙසේ වුවත් වඩා ඵලදායක ක්‍රමය නම් උපවාස කාලය අතර තුර ජලය පමණක් පානය කිරීමයි.

    ආහාර පිඟාන බෙදා ගන්නා විට. පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න. ආහාර පිඟාන බෙදා ගන්න ආකාරය පිළිබඳව පසුවට විස්තර කරනු ඇති. මේ පියවර අනිවාර්යයෙන් මාසයක් කරන්න.


    පියවර 2b . - 16/8 –


    2a පියවර මාසයක් පමන පුහුනුවීමෙන් අනතුරුව 2b පියවරට යන්න.


    මෙම පියවරේ බලාපොරොත්තුව දවසේ ආහාර ගන්නා වෙලාව පැය අටකට සීමා කිරීමයි. ඉතිරි පැය දාසය කිසිදු ආහාරයක් ගන්නේ නැති නිසා සිරුරේ සීනි මට්ටම පහල ගොස් දියවැඩියාවට බෙහෙත් ගැනීම අවශ්‍ය නොවන මට්ටමට පැමිනේ. එසේම සිරුරේ නොයෙකුත් රෝග ඇති කරන්නට මුල් වන අතන මෙතන තැන්පත්ව ඇති මේදය; උපවාසයෙන් සිටිනා කාලය ඇතුලත සිරුරට අවශ්‍ය ශක්තිය ලබාගන්නට දහනය කර අවසන් කරයි. එවිට අනෙකුත් රෝග ගනනාවක් ඉබේම සුව වේ.


    පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමනක් ගන්න. ඉතිරි පැය 16 වතුර පමනක් බොන්න උදේ ආහාර වේල මගාරින්න.

    පලමු ආහාර වේල 11-12 අතර ගන්න. රාත්‍රී ආහාර වේල 6 - 7 අතර ගන්න.


    එහෙම නැතිනම් රාත්‍රී ආහාර වේල මගාරින්නත් පුලුවන්. පලමු ආහාර වේල 8-9 අතර අරගෙන දෙවන් ආහාර වේල 2-4 අතර ගන්න උනත් පුලුවන්.... පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න.


    ඔබේ රැකියාව සහ ජීවන රටාවට ගැලපෙන ආකාරයට ආහාර ගන්නා වේලාව සකස් කර ගන්න.

    මෙහි ඇති වැදගත් කම නම් ඔබ දවසින් පැය දහසයක් නිරාහාරව (උපවාසයෙන්) ගත කිරීමයි. උපවාස කාලය තුල වතුර පමණක් බොන්න. මේ කාලය තුල ඔබේ සිරුරට ඉන්සියුලින් ප්‍රතිරෝධය සමනය කර ගන්නට සහ ඔබේ සිරුරේ කාලයක් තිස්සේ ගොඩ ගැහෙමින් තිබූ වැඩිපුර මේදය ඇතුළු නොයෙකුත් අපද්‍රව්‍ය ශක්තිය බවට හරවා දහනය කර දමන්නට සිරුරට නිදහස ලැබෙනවා.


    16/8 ආරම්භ කල විගසම ඔබේ දියවැඩියාව තත්වය වේගයෙන් සමනය වන්නට පටන් ගන්නවා. ඉක්මනින්ම ඖෂධීය ප්‍රතිකාර නැතිවම රුධිරයේ සීනි මට්ටම පාලනය වනවා. නිරතුරුවම රුධිර සීනි මට්ටම පරීක්ෂා කරන්නත් ඔබේ වෛද්‍ය වරයා සමග නිතර සාකච්ඡා කිරීමත් මෙම කාලයේදී ඉතා වැදගත් වෙනවා.


    උපවාසයට හුරු වන්න ප්‍රායෝගිකව ලෙහෙසි ක්‍රමය නම් උදෑසන ආහාරය කෙමෙන් ප්‍රමාද කිරීමයි. එනම් මුලදී සතියකට පැය භාගය බැගින් උදෑසන ආහරය පමා කරමින් ගොස් දිවා ආහාරය දක්වා කල් දමන්න...


    මමත් අපේ බොහෝ දෙනෙකුත් අනුගමනය කරන ක්‍රමය මෙයයි. දවල් දොලහට පෙර කිසිම ආහාරයක් නොගනිමි ලෙස අදිටන් කර ගන්නේ නම් උපවාසය ඉතා පහසු කරුණකි.

    සාමාන්‍යයෙන් පාතරාසය ( උදේ ආහාරය )අපි තනිවම ගන්නා ආහර වේලකි. උපන්දින සාද මගුල් ගෙවල් ප්‍රිය සම්භාශන සියල්ල යෙදෙන්නේ දිවා ආහාරය සහ රාත්‍රී ආහරය මුල් කරගෙනය...බොහෝ විට නිවසේ සියලු දෙනා එකට ආහාර ගන්නේත් මෙම ආහාර වේල් දෙකයි.


    ඉතින් රාත්‍රී ආහාරය අතහරින්නට ලෙහෙසි නැත. නමුත් උදේ ආහාරය කවුරුවත් ඔබත් සමග කන්නට එන්නේ නැත.


    ආහාර පිඟාන බෙදා ගන්නේ කෙසේද ?.




    # පිගානෙන් 1/5 ක් පිශ්ඨය, 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න. ආහාර ප්‍රමානයට වඩා ආහාර අතර අනුපාතය වැදගත් බව සලකන්න. 1; 1; 3. ඔබට කන්නට පුළුවන් නම් බත් බාල්දියක් වුවත් කන්න. නමුත් ඒ් සමග කොළ ඒලවළු බාල්දියකුත් මස් හෝ ඊට සමාන දේ බාල්දි තුනකුත් බැගින් කන්න.




    # පිඟානෙන් 1/5 පමණක් පිෂ්ඨය සහිත ආහාර ගන්න.

    ( පිෂ්ඨය අඩංගු ආහාර පිඟානෙන් පහෙන් පංගුවකට පමණක් සීමා කරන්න)




    එම කොටසට හැකි සෑම විටම කඩල, කවුපි, මුන් ඇට,තම්බපු හාලේ බත් සහ පොලොස් කන්න.

    බත්. කොස් දෙල් දේශීය අල වර්ග බතල මයියොක්කා කුරක්කන්, කැරට්, බීට්, වට්ටක්කා සහ අළුකෙසෙල් වැනි එලවළු වර්ගත් අයත් වනනේත් පිඟානේ මේ කොටහටමයි.

    පැණිරස පළතුරු කන්නම ඒපා. එනමි ; අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු මිදි , වැනි පළතුරු.. මේ පළතුරු වලින් සෑදූ (ෆෘට් ජූස්) පළතුරු බීම වර්ග සීනි නොදා වත් බොන්න එපා. මෙම පළතුරු වල ඇති අධික සීනි සහිත ස්වභාවය නිසා ඉන්සියුලින් ප්‍රතිරෝධය ඉහල නංවයි.

    # මතක තබා ගත යුතු වැදගත් කරුණ නම්

    පිෂ්ඨය සහිත ආහාර නිසා තමයි දියවැඩියාවේ සීනි හැදෙන්නේ


    # පිඟානෙන් 1/5 පමණක් පිශ්ඨය රහිත එලවලු වර්ග කන්න.එ එනම් පිඟානෙන් තවත් පහෙන් පංගුවක් කොළ පාට එළවළු පළතුරු බෙදා ගන්න.. පලා වර්ග, මැල්ලුම් වර්ග,. කොල පැහැති එලවලු වර්ග එනම් ; කරවිල, තිබ්බොටු, බණඩක්කා, බෝංචි, මෑකරල්, පතෝල, වැටකොළු සහ තවත් ඒවැනි ඒලවළු වර්ග. කොළ පැහැති නොවන පිෂ්ඨය රහිත ඒලවළු; තක්කාලි, ගෝවා, කැකිරි පිපිඤා.කරවිල, තුඹ කරවිල, තිබ්බටු, අඹරැල්ල, වෙරලු,නංනං,පේර,ලොවි,උගුරැස්ස ,දිවුල්,බෙලි ආදිය මෙම කොටහට අයත් වෙනවා.එසේම කොළ කැඳ වර්ග අයත් වනනෙත් මේ කොටසට මයි. කොළ කැඳ සාදන විට පොල් කිරි වැඩියෙන් සහ බත් අඩුවෙන් යොදා ගන්න.




    # ඉතිරි පිඟානෙන් 3/5 ක් මේදය සහ ප්‍රෝටීන ගන්න. එනම් පිඟානෙන් පහෙන් තුන් කොටහක් පහත ආහාර බෙදා ගන්න.

    පොල් සම්බෝල ගොඩාක්, එක දවසකට කහ මදය සමග බිත්තර හතරක් ( 4 )කන්න, මාලු, මස්, මී කිරි, අලිගැටපේර, හතු, ටෝෆු, බටර්, පොල්තෙල්, එලගි තෙල්.කජු, රටකජු ,කොට්ටම්බා මද, පිඟානෙන් බාගයකට වඩා මෙම ආහාර අඩංගු විය යුතුය. මෙම කාණඩයේ ආහාර නිසා දියවැඩියාව සනීප වෙනවා.


    # තෙල් සඳහා හොඳ පිරිසිදු පොල්තෙල් සහ බටර් හොදා ගන්න. මෙම වර්ග දෙක අඩුවෙන් පාවිච්චි කල යුතු නැත. ඔබට ඇති තරම් කන්න පුළුවන්.



    # ලුනු අඩුවෙන් පාවිච්චි කල යුතු නැත.



    # චුට්ටක් කන්න එපා. අඩුවෙන් කන්න ඒපා. කන වෙලාවට ඇති වෙන්න බඩ පිරෙන්න කන්න.නමුත් අතරින් පතර, අනං මනං, චුට්ට චුට්ට, කන්න එපා

    .

    # අඩු කරනවානම් අඩු කල යුත්තේ පිෂ්ඨය සහිත ආහාරයි අනිත් ආහාර වර්ග වැඩි කරන්න.



    තෙල් වලට බය වෙන්න එපා. තෙල් සහිත ආහාර නිසා රුධරයේ කොලෙස්ටරෝල් වැඩිවී ඉන් හෘද රෝග වැලඳෙන බව යල් පැන ගිය ඔප්පු නොකල මතයකි.



    අදහස තමා පුලුවන් තරම් තෙල් සහ ප්‍රෝටීන් ආහාරයට එක්කර ගැනීම. ඔය දෙකම ස්වභාවයේ එකට තියෙන හොදම ආහාරය තමා මස් සහ මාලු.

    මස් වර්ග වලින් මේදය අධිකව පවතින රතු මස් වර්ග (හරක් මස් සහ ඌරු මස්) වඩා ගුණයි. යම් හේතුවක් නිසා ඔබ මේ මස් වර්ග ආහාරයට ගන්නට අකමැති නම් සුදු මස් වරග ( කුකුලු මස් )වල අවශ්‍ය පමණට මේදය අඩංගු නොවන නිසා ඒ් සමග නොවරදවා පොල් සම්බෝල හෝ බටර් ආහාරයට ඒක් කර ගන්න.


    අපේ රටේ බහුලව ඇති පොල් සහ පොල් තෙල් වල සිරුරට අවශ්‍ය මේදය මස් මාළු වලටත් වඩා හොඳින් තිබෙනවා.මී කිරි සහ අලිගැට පේරත් අපට අමතක වූ නමුත් ඉතාමත් ඉහල පෝෂණ ගුණයක් සහිත ආහාර වර්ගයි.දිනපතා උදේ ආහාරයට ලොකු පොල් සම්බෝලයක් අණිවාර්යයෙන් එකතු කර ගන්න.

    ලොකු පොල් සම්බෝලයක්, මුං ඇට පොඩ්ඩක්,ලොකු මැල්ලුමක්,බිත්තර දෙකක් සහිත ආහාර පිගානක් කියන්නේ දියවැඩියාවට අඩු වියදම් දිව ඔසුවකි.අප නිර්දේශ කරන ආහාර පිඟාන බත් අඩු, කොළ එළවළු අඩු, ලොකුම ලොකු පොල්සම්බෝලයක් හෝ පොල් ගොඩාක් වරදින්නේ නැති, බිත්තර දිනපතා හතරක්වත් කන, මස් මාළු බහුල, මී කිරි බත් වගේ කන ආහාර වේලකි. ඔබ කැමති නම් ඒක වේලකට මීකිරි හට්ටියක් පමණක් කෑවත් කමක් නැත. හැබැයි සීනි, පැණි, හකුරු හෝ පැණිරස සමග මීකිරි කන්න එපා.


    ------ Post added on Jan 10, 2022 at 10:33 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඕකෙ ගතයුත්තකට තියෙන්නෙ 16/8 කෑල්ල විතරයි

    පැය 16 නොකා ඉන්න විතරයි ඕන :yes:

    ඕනවට වඩා සංකීර්ණ කරගත්තාම කරන්න හිතෙන්නෑ
     
    • Like
    Reactions: Sen-lu
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    සිරුරට විස සහිත "තහනම් ආහාර" කන්නම එපා.

    එනම් සීනි, පාන්පිටි, කිරි, එළවළු තෙල් සහ පැකට් කරන ලද ආහාර. ඒවා පහතින් සවිස්තරාත්මකව දක්වා ඇත.




    තහනම් ආහාර නම් - සීනි, පැනි රස, සහ මේවා යොදා සකස් කරන ලද ආහාර, පැණිරස ආහාර වර්ග - හකුරු, පැණි, කිතුල් පිටි. රට ඉඳි, යොදය රහිත කිරි වර්ග, කෘත්‍රිම රස කාරක, කැලරි රහිත ආහාර සහ පානයන් වර්ග, සීනි රහිත ආහාර වර්ග (sugar free products, fat free products. calorie free products.) කොකා කෝලා, පෙප්සි කෝලා, පැණි බීම වර්ග, පැකට් කලල බීම වර්ග, චොකලට් බීම සහ පැකට් කල කිරි වර්ග,




    පාන්පිටි හාල්පිටි සහ පිටි වර්ග යොදා සාදන ආහාර වර්ග. ඉඳි ආප්ප රොටී පිට්ටු පාන් රෝස් පාන් වන්ඩු තෝසේ වඩේ කේක් ආප්ප බිත්තර ආප්ප මාළුපාන් හැලප පෑන් කේක් කැවුම් කේක් කොකිස් ආසමීී දොදොල් අයිස් ක්‍රීම් වටලප්පම් චූන් පාන් සහ ඒ වගේ දේවල් කන්න එපා.

    පරිප්පු. පපඩම් අල සෝයා මීට්.




    කිරි වර්ග එනම් නෙස්ටොමෝල්ට්, වීවා, මයිලෝ, ඇන්කර්, බොන්ලැක්, ඇනිලීන්, විටාජන්, සස්ටජන්, රත්ති, නෙස්ප්‍රේ, සහ කිරි වර්ග. කිරි පැකට් වර්ග. මාමයිට්.




    එලවලු තෙල්, සන්ෆ්ලවර් ඔයිල්..කෝන් ඔයිල්..වෙජිටබල් ඔයිල්,මාගරින්, ඇස්ට්‍රා මාගරින්,

    (පොල් තෙල් සහ බටර් කෑවාට කමක් නැත)

    රූපවාහිනියේ දැන්වීම යන ආහාර, - processed food, සකස් කල ආහාර .රස කාරක, පැකට් කල ආහාර, නූඩල්ස්, සෝයා මීට්, මේවා පොඩිත්තක්කත් කන්නේම නැතිව ඉන්න උත්සාහ කරන්න.




    බිස්කට් වර්ග - .බ්‍රෑන්ක්‍රැකර්, ක්‍රීම් ක්‍රැකර්. බිස්කට් වර්ග,

    එපා කිවුවාම පොඩ්ඩක්කත් කන්න එපාම තමා. ආපහු බේත් බොන්න ආස නම් කෑවට කමක් නෑ.

    අවවාදයයි. සෑම විටම ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් පිළිපදින්න.




    දියවැඩියාවට බෙහෙත් නැවැත්තුවත් අනිවාර්යයෙන්ම දිවි ඇතිතෙක් මාස තුනකට වරක් HbA1c පරීක්ෂාව කර ගත යුතු වනවා. එසේම එහි අගය 5.6 ට වඩා පහතින් තබා ගත යුතු වනවා.




    එසේම වසරකට වරක් නොවරදවා ඔබේ සර්වාංගයම, එනම් මුලු සිරුරම ඔබේ වෛද්‍ය වරයා ලවා පරීක්ෂා කරවා ගත යුතු වනවා. ඒ සමග පහත සඳහන් රුධිර පරීක්ෂාවන් කර ගත යුතු වනවා. මීට අමතරව වෙනත් අවශ්‍ය රුධිර පරීක්ෂාවන් ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරනවා ඇත.




    Lipid profile

    SGPT/ SGOT

    Serum creatinine

    Microalbuminuria

    HbA1c




    සතියට දෙවරක් විනාඩි විස්ස බැගින් ව්‍යායාම කරන්න.




    WorkoutA

    1.Squats 13

    2.Push ups 9

    3.Bridge 7

    4.Rowing 9 (or Pull ups 5 )

    As many rounds as possible in 20 minutes.




    දිනපතා විනාඩි 20 ක් භාවනා කරන්න.




    මේ පිළිබඳ වැඩි විස්තර පහල දිගුවෙන් ලබා ගන්න.







    නිතර අහන ප්‍රශ්ණ - FAQ

    හැමදාම මෙහෙම කන්න වෙයිද ?

    නැවත වතාවක් ඔබට දියවැඩියාව වැළඳුනු ආකාරයේ ආහාර රටාවකට ගියහොත් නැවත දියවැඩියාව හිස ඔසවනු ඇති.


    මෙම ආකාරයෙන් ආහාර ගැනීම ෆැටි ලිවර් තියෙන අයට හොඳයිද ?


    ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, පොලිසිස්ටික් ඔිවරි සිනඩ්‍රෝම්, අධි රුධිර පීඩනය සහ අධික රබාරුව ආදී ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසා ඇතිවන රෝග ගනනාවක් මෙම ආහාර රටාව මගින් සුව කරන්නට පුළුවන්.


    මෙම ආකාරයෙන් ආහාර ගත්තාම කොලෙස්ටරෝල් වැඩි වෙනවාද ?

    කොලෙස්ටරෝල් වල හෘද රෝග වලට බලපාන කොටස වන TGL කොලෙසටරෝල් මට්ටම පහත යයි. එසේම හෘද රෝග වලින් ඔබ ආරක්ෂා කරන HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහල යයි. මෙම දෙකේ අනුපාතය දෙක හෝ දෙකට වඩා අඩු නම් ( TGL/HDL = 2 ) ඔබේ හෘද රෝග අවදානම අවම වනවා පමනක් නොව ඔබේ දියවැඩියාවේ හේතු කාරකය වන ඉන්සියුලින් ප්‍රතිරෝධය ප්‍රශස්ත මට්ටමට පැමිණ තිබේ.

    සමහර අයෙකුගේ LDL මට්ටම සහ සම්පූරණ කොලෙස්ටරෝල් මට්ටම TCH ඉහල යන්නට පුළුවන් වුවත් එය හෘද රෝග වලට බල පාන්නේ නැති බව නවීන සමීක්ෂණ වාර්තා පෙනවා දෙයි.



    පැය දාහතරක් හෝ දාසයක් උපවාස කිරීමෙන් ( නොකා සිටීමෙන් ) ගෑස්ට්‍රයිටිස් හැදෙන්නේ නැද්ද ?


    අලුතින් සෑදෙන්නේ නැත. ඔබට ගැස්ට්‍රයිටිස් වැළඳී ඇතිනම් එය වැළඳුනේ ඇයි ? උපවාස කිරීමෙන්ද ? නැත. ගැස්ට්‍රයිටිස් ලෙස පොදු වහරේ හඳුන්වන තත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව සීනී, පාන්පිටි, කිරි, එළවළු තෙල් වර්ග සහ සකස් කල ආහාරයි. එම ආහාර නැවැත්වූ විගස ගැස්ට්‍රයිටිස් සුව වන්නට පටන් ගනී.



    මෙම උපවාස ක්‍රමයත් කාලෙන් කාලෙට එන රැල්ලක් විතරද ?

    මෙම උපවාස ක්‍රමය අපේ රටට නම් අලුත් දෙයක් නොවේ. ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අවුරුදු 2500 තිස්සේ දන් වලඳන්නේ දවසේ පැය හයක් පමණි එනම් සූරිය උදාවේ සිට දහවල් ඉර හැරෙන තුරු පමණි. ඉතිරි පැය දහ අටම උන් වහන්සේලා කිසිදු අහරක් වලඳන්නේ නැත. බුදු රජානන් වහන්සේ දන් වැලඳුවේ දිනකට එක් වරකි. අදත් ආරන්‍ය වාසී සමහර භික්ෂූන් වහනසේලා දන් වලඳන්නේ එක වේලක් පමණි. එයට ඒකාසනිකාංග ශීලය ලෙස හඳුනවති.

    අපේ බුදුරජානන්වහන්සේ එතෙක් මෙතෙක් විසූ දක්ෂම වෙදතුමා වනසේක.



    වගකීමෙන් මුක්ත වගන්තිය

    මෙම ලිපියේ හෝ පොතේ අඩංගුව ඇති උපදෙස් එලෙස අනුගමනය කිරීම නිසා ඇතිවන ඇති වූ හෝ ඇතිවිය හැකි සෘජු හෝ වක්‍ර කිසිදු අහිතකර බලපෑමකට වෛද්‍ය ජානක වන්නකු වන මම කිසිදු වගකීමක් දරනු නොලබයි. මෙම කරුණු හුදු මාර්ගෝපදේශයක්ම වන අතර ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්චා කර අදාල තීරණය ගත යුතු බව සලකන්න.



    වෛද්‍ය ජානක වන්නකු

    MBBS/SL


    SLMC reg number - 16507
    ------ Post added on Jan 10, 2022 at 10:35 AM
     
    • Like
    Reactions: IMUNA

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    16/8 karaddi puluwan nam.. rata noka indala, udeta kanna.. eke wenasak mata thibba, udeta kala rata iddi weight eka tikak wadiyen adu una mage.. habai..aye suprudu widahata kawama.. sathiyen aye anga enawa.. :( :(
     

    Sen-lu

    Well-known member
  • ඕකෙ ගතයුත්තකට තියෙන්නෙ 16/8 කෑල්ල විතරයි

    පැය 16 නොකා ඉන්න විතරයි ඕන :yes:

    ඕනවට වඩා සංකීර්ණ කරගත්තාම කරන්න හිතෙන්නෑ
    හාවඩ් වල රිසර්ච් එකක් තියෙනව. මාසෙකට වතාවක් විතර 3day fasting කරනව නම් මාරම හොඳයි කියල. මට නම් එච්චර බඩගින්නෙ ඉන්න බෑ. හැබැයි 3න් වේලක් කන්න ඕන. උදේට කන්න ඕන නැත්නම් ගැස්ට්‍රයිටිස් එනව වගේ අපි හිතපු දේවල් ගොඩක් දැන් වැරදියි වගේ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    That's extremism. Always use middle path. Enjoy your Life. Eat balance diet. It's good to fast and do intermittent fasting , but not always.
     
    • Like
    Reactions: Hunter4U

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    හාවඩ් වල රිසර්ච් එකක් තියෙනව. මාසෙකට වතාවක් විතර 3day fasting කරනව නම් මාරම හොඳයි කියල. මට නම් එච්චර බඩගින්නෙ ඉන්න බෑ. හැබැයි 3න් වේලක් කන්න ඕන. උදේට කන්න ඕන නැත්නම් ගැස්ට්‍රයිටිස් එනව වගේ අපි හිතපු දේවල් ගොඩක් දැන් වැරදියි වගේ.
    මම 2021 ඉඳන් 22:2 OMAD fasting

    2017 12:12 න් පටන් ගත්තෙ
     
    • Like
    Reactions: Sen-lu and abc321

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    හාවඩ් වල රිසර්ච් එකක් තියෙනව. මාසෙකට වතාවක් විතර 3day fasting කරනව නම් මාරම හොඳයි කියල. මට නම් එච්චර බඩගින්නෙ ඉන්න බෑ. හැබැයි 3න් වේලක් කන්න ඕන. උදේට කන්න ඕන නැත්නම් ගැස්ට්‍රයිටිස් එනව වගේ අපි හිතපු දේවල් ගොඩක් දැන් වැරදියි වගේ.
    wela tiyenne Ape issara diet ekata (Lot of carbs) dan life style eka set wenne na. ekai main issue eka.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    meka mamath karaa den nam out of control gihilla thiyenne

    aaye start karanava langadima..

    meals dekai kanne 10- 11 atha ude 06-07 athara hawasa... echcharai

    Sugar danne nathuva Coffee plain tea bonawa (Stevia ganna salli naththam )

    Hba1c 5.6 aran awaa.
     
    • Love
    Reactions: Hyaenidae

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    maaath oka tika dawasak kara mokek hari ekek ewih katha krnawa eke eka dewal kanna yanna pizza wage dewal ethakota aye maga erenawa, wedding set wenawa, nayange gewal wala ehma giyaam ban oke kaama nane kanna :no: aye patan ganna oni
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    වගකීමෙන් මුක්ත වගන්තිය

    මෙම ලිපියේ හෝ පොතේ අඩංගුව ඇති උපදෙස් එලෙස අනුගමනය කිරීම නිසා ඇතිවන ඇති වූ හෝ ඇතිවිය හැකි සෘජු හෝ වක්‍ර කිසිදු අහිතකර බලපෑමකට වෛද්‍ය ජානක වන්නකු වන මම කිසිදු වගකීමක් දරනු නොලබයි. මෙම කරුණු හුදු මාර්ගෝපදේශයක්ම වන අතර ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්චා කර අදාල තීරණය ගත යුතු බව සලකන්න.




    වෛද්‍ය ජානක වන්නකු

    MBBS/SL


    SLMC reg number - 16507
    ------ Post added on Jan 10, 2022 at 10:35 AM
    වට්දපක් :eek::eek:
     

    Sen-lu

    Well-known member
  • මම 2021 ඉඳන් 22:2 OMAD fasting

    2017 12:12 න් පටන් ගත්තෙ
    මමත් මාස 8ක් වගේ 16:8 කරා. මුලදි ටිකක් අවුල් වගේ උනාට පස්සෙ ගානක් නැතුව යනව හොඳ ප්‍රතිඵලත් තියෙනව. පස්සෙ වැඩේ ටිකක් අතපහු උනා ගෙදර මිනිස්සුන්ගෙන්, වටේට ඉන්න උංගෙන බේරෙන්න බෑනෙ බං නොකා නොබී ඉන්නව කියල. මේක දැක්කට පස්සෙ ආයෙ හෙට ඉදන් පටන්ගන්න ඕන.