බත් දුන් පියා! ❤
.......................
ඩඩ්ලි සේනානායක තමන්ගේ පියා වන ඩී. ඇස්. සේනානායකගෙන් පසු අප රටේ නායකත්වයට පත් විය. ඔහුට අඩුම තරමේ හාල් මෝල් තබා හාල් කඩයක්වත් නොතිබුනත්, "බත්දුන් පියා" ලෙස ඔහුව හැඳින්විය.
එයට ප්‍රධාන හේතුවක් වූයේ මලයාලම් දේශයෙන් පැමිණි එකළ දිවයිනෙහිම ප්‍රසිද්ධ "සුප්පාව කෘෂ්කෘඨ" නම් නක්ෂත්වවේදියෙක් කළ සුප්‍රසිද්ධ අනාවැකියයි.
එනම්, "පරාක්‍රමබාහු රජුගෙන් පසුව 'ඩඩ්ලි' යන නාමයෙන් යුත් කුමාරවරයෙක් සකල ශ්‍රී ලංකාවම සහලින් ස්වයංපෝෂිත කරන්නේය. එමෙන්ම ඔහු සෙන්පතියන්ට අභියෝග කරන තරමේ වීර පෞර්ෂයකින් යුත්තේය" යනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කිරීමයි. මේ 1950 වසරයි.
බොහෝ පුත්තු මෙන්ම පියාගේ රාජ්‍ය නායකත්වය නිසා මේ වැකියට ඇඳගත් ඩඩ්ලි සේනානායක මේ තමන් යැයි සිතා "බත්දුන් පියා" යන නාමයෙන් තමන්ව හඳුන්වා ගත්තේය. 1952 දී ඔහු ලංකාවේ අගමැති විය.
නමුත් සුප්පාව කෘෂ්කෘඨ නම් තුන්කල් දක්නා නැකැත්කරු පැවසූවේ වසර 75 කට පසු එළඹෙන අනාගතය ගැනයි. එනම් 2025 වසර ගැනයි!
වසර 75 ක් තිස්සේ කාලයේ වැලි තලාවට මුවාවී යටගිය "බත්දුන් පියා" පිළිබඳ සුප්‍රසිද්ධ අනාවැකිය දැන් දැන් පැහැදිලි වෙමින් පවතී.
ඒ ඩඩ්ලි සිරිසේනයි. ඔහුට රටටම බත සැපයිය හැකි හාල් මෝල් ජාලයක් තිබේ. එමෙන්ම ඔහු සෙන්පතියන්ට සුළුදිය පහවන මට්ටමට අභියෝග කළේ සමස්ත රටවැසියාට තමන් කවුදැයි මනාව පෙන්වමිනි. ඒ අභියෝගය හමුවේ සෙන්පතියන් මෙන්ම, "කොන්දක් ඇති නායකයන්" ගෙන් යුත් පරම්පරාවක්ම සීතලට තෙමුනු මුව පොව්වන් සේ දණ නමා, ඩඩ්ලිගේ අනූඅටේ මිලට එකඟ වී ඇත.
අනාවැකිය පැහැදිලිය. පොළොන්නරුවෙන් බිහිවූ පරාක්‍රමබාහුට පසු සහලින් රට ස්වයංපෝෂිත කරන බත්දුන් පියා වෙන කිසිවකු නොව, පොළොන්නරුවෙන්ම බිහිවී දැනටමත් සහලින් රට ස්වයංපෝෂිත කර ඇති ඩඩ්ලි සිරිසේන මහතායි.
අයියලාගේ පෞර්ෂයෙන් මල්ලිලාද, මල්ලිලාගේ පෞර්ෂයෙන් අයියලාද මැනිය නොහැකි බව එක දවසකින් රටකට පසක් කල ඒ මහා මිනිසා ඔහුයි.
අනාගතය පැහැදිලිය. අපිට තවදුරත් අවශ්‍ය වන්නේ කොන්දක් ඇතිබවට වෙළඳ දැන්වීම් පළකරන අතර "සහල් මිල" වැන්නකට ඇඹරෙන "පුහු වීරයින්" නොව, රටකට බත සැපයිය හැකි, සැබැවින්ම බිය නැති මෙවන් වීර පුතුන් ය.
බත්දුන් පියා, ඩඩ්ලි සිරිසේන,
රට භාරයි නුඹට පුතේ!