බත් බැලයෝ පලා යති
රාජ්‍ය මාධ්‍ය අල්ලාගෙන සිටි බත් බැලයෝ පලා යති..! ‘කිසිවෙකුට හිංසා කරන්න එපා’; ජනමාධ්‍ය ඇමැති මංගල ඉල්ලයි..! - රට පුරා රතිඤ්ඤා හඬින් ගිගුම් දෙයි..!!
මරා-සිරා ජුන්ටාව නීති විරෝධී බව තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද සවස දුන් තීන්දුවත් සමග 26 දා රාත්‍රී රාජ්‍ය මාධ්‍යවලට බලහත්කාරයෙන් ඇතුළු වී සිටි බත් බැලයන් ආ ගිය අතක් නැතිව සැඟවී ඇතැයි වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුව අනුව පිස්සු ජනාධිපතියා දුන් අනෙකුත් තීන්දු සියල්ලද නීති විරෝධී ඒවා වන බැවින් ඒ නියෝග පිළිපැද ඇති සියළු දෙනා අලි අමාරුවක වැටී තිබේ.
මේ අනුව අයිටීඑන් නාලිකාව අල්ලාගෙන සිටි සුධර්මන් රදළියගොඩ හෙවත් යකඩ සුදා ද, ලේක් හවුසියට කඩා වැදී එය අල්ලාගෙන සිටි වසන්තප්‍රිය රාමනායක සහ දිනේෂ් දොඩංගොඩ බාන ද, ජාතික රූපවාහිනිය අල්ලාගෙන සිටි සරත් කෝන්ගහගේ ද ආගිය අතක් නැතැයි අප වාර්තා කරුවෝ පවසති.
එම මාධ්‍ය ආයතන වල සිටි නීත්‍යාණුකූල පාලකයෝ යලි ඒ ඒ් ආයතන වල පාලනය බාර ගැනීමට ඉදිරිපත් වී ඇති අතර ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉල්ලා සිටින්නේ මේ ආයතන බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි නීති විරෝධී පුද්ගලයන්ට කිසිදු හිංසාවක් නොකරන ලෙසයි.
මේ අතර නඩු තීන්දුව ජය ගත් බව විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග රට පුරා රතිඤ්ඤා හඬින් ගිගුම් දුන් බව අප ප්‍රාදේශීය වාර්තා කරුවෝ පවසති.