බද්ධ කළ මුහුණින් යළිත් නව දිවියකට

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
බද්ධ කළ මුහුණින් යළිත් නව දිවියකට

බද්ධ කළ මුහුණින් යළිත් නව දිවියකට
2015.11.21
===========================

දරුණු ලෙස පිළිස්සීමට ලක් වූ ඇමරිකානු ගිනි නිවන භටයෙකුහට ලෝකයේ මෙතෙක් සිදුකළ වඩාත්ම සංකීර්ණ මුහුණු බද්ධ කිරීමේ සැත්කමින් පසු නව මුහුණක් ලැබී තිබේ.

මියගිය අයෙකුගේ මුහුණකින් ලබාගත් පටක බද්ධකරමින් ඇමරිකාවේ නිව්යෝර්ක් හි ලෑන්ගන් වෛද්‍ය මධ්‍යස්ථානයේ දී මෙම සැත්කම සිදුකරනු ලැබුවේ වෛද්‍ය එඩුවාඩො රෝද්රිගොස් (Dr Eduardo Rodriguez) විසින්.
ස්වෙච්චා ගිනි නිවන භටයෙකු වූ පැට්‍රික් හර්ඩිසන් ඉතා දරුණු විදියට පිලිස්සුනේ ගින්නට කොටු වී සිටි කාන්තාවක් බේරා ගැනීමට උත්සාහ කරද්දීය.

ඔහුගේ මුහුණ ඉතා දරුණු ලෙස පිලිස්සී තිබුණු අතර ඔහුට දෙකන්, ඇහි බැම, හිසේ සහ මුහුණේ සියලුම කෙස් සදහටම අහිමි වී තිබුණි.

පැය 26 ක සැත්කමකින් පැට්‍රික් හාර්ඩිසන් (Patrick Hardison) ට නවපෙනුම ලබාදීම සඳහා මුහුණ ආශ්‍රිත පටක දන් දී ඇත්තේ යතුරු පැදි අනතුරකින් මාරාන්තික තුවාල ලැබූ ඩේවිඩ් රෝදිබෝ (David Rodebaugh) විසින්.

මුහුණක් බද්ධ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවුණද මේ තරම් විශාල ප්‍රමාණයක පටක බද්ධ කිරීමක් මෙතෙක් සිදුවී තිබී නැහැ.

අනෙකුත් පටක බද්ධ වල දී සිදුවන ලෙසම පැට්‍රික් ට මුළු ජීවිත කාලය පුරාම මෙම බද්ධ කිරීමට අදාළ බෙහෙත් පාවිච්චි කරන්න සිදුවනු ඇත. එසේම මාස කිහිපයකින් සමේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සඳගා තවත් ශල්‍යකර්මයකට ඔහුට මුහුණ දෙන්න සිදුවේවි.

එහෙත් දැන් සුවය ලබමින් පසුවන හෙයින් පැට්‍රික් තම පවුලේ අය සමග මුළුමනින් ම නව ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ඡායා රූප සහ වීඩියෝ පහතින්.


e0b6b6e0b6afe0b78ae0b6b0-e0b69ae0b785-e0b6b8e0b794e0b784e0b794e0b6abe0b792e0b6b1e0b78a-e0b6bae0b785e0b792e0b6ade0b78a-e0b6b1e0b780.jpg


 

Similar threads