බදින්න පෙර සිතා බලනු

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    සතිෂ් පෙරේරා කියන්නේ අපි එක්ක කැම්පස් හිටිය පොරක්. තද බ්‍රයිටා. රැල්ලට විරුද්ධව උඩුගං බලා පීනලා කොළඹ ඉස්කෝලෙකින් පේරාදෙනියට එන්න තරම් ගට තිබුණු පොරක්!

    නමුත් ඉතිං ඔය මොන බ්‍රයිටෙක් ආවත් අනිව ඩෙෆා ඔළුව හප්පගන්න ගහේ ඔළුව හප්පගෙන පොඩ්ඩක් විතර වාත වුණා තුනේ කැලෑසියෙදි විතර මට මතක හැටියට.

    සතිෂ් ගේ සැබෑ බ්‍රයිටත්වය මට නම් පෙනුනේ, මැත ටියුට් එකේදී හරි, ට්‍රොනික්ස් ලැබ් එකේ දී හරි නං නෙමේ. අපි කොල්ලෝ කොයි කාටත් බලපාන එක්තර කාරණයක් ගැන සතිෂ් ගේ අදහස් මා එක්ක කියපු වෙලාවෙදියි.

    සතිෂ්: කතන්දර, මචං උඹ දන්නවද, කවද හරි දවසක බඳින්න යන කෙල්ලගේ උඹ මොකක්ද බලන්න ඕනෑ අවශ්‍යම දෙය කියලා?

    මම: මොකක්ද බං ඒ කතාව?

    සතිෂ්: නෑ, මං මේ කියන්නේ හිතපං උඹේ ඔය සිහින මාළිගා බිඳ වැටුණු දවසක උඹ කවද හරි මනමාලියෙක් බලන්න යනව කියල. කෙල්ලගේ මොනවද උඹ බලන්න ඕනෑ අනිවාර්යෙන්ම?

    මම: බලන්න ඕනෑ දේවල් නං මං දන්නවා බං. එත් බඳින්න කලින් ඒවා අපිට බලන්න දේවිද?

    සතිෂ්: උඹ කියන කුණුහරුප නෙමේ බං, මං කියන්නේ නිකම්ම පේන්න තියෙන ඒවා.

    මම: ඒ කියන්නේ කෙල්ලගේ නිකටේ උපන් ලපයක් තියෙනවද වගේ ඒවද?

    සතිෂ්: නෑ, බං, උඹ බලන්න ඕනෑ කෙල්ල දිහා නෙමෙයි කෙල්ලගේ අම්මා දිහායි.

    මම: ඒ මොකටද බං ඒ?

    සතිෂ්: මේකයි, කෙල්ලෝ සාමාන්‍යයෙන් ලොකු වුණාම අම්මා ගේ ෂේප් එක තමයි ගන්නේ. උඹ බලන්න ඕනෑ, අම්මා ගේ සයිස් එක කොහොමද කියලා. අම්මා කෙට්ටු නං හොඳයි, හැබැයි පුතෝ කෙල්ලගේ අම්මා මහත නං, අනිවා ඩෙෆා කෙල්ලත් නාකි වෙන කොට මහත් වෙනවා!

    අපි කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු පහකින් විතර සතිෂ් කාරයා බැන්දා. මාත් ගියා වෙඩිමට හෝටලේක තිබුණු. කෙට්ටුම කෙට්ටු මනමාලියෙක් සහ කෙට්ටු නැන්දම්මා කෙනෙක් වගෙයි මට මතක.

    මේ ලඟදී දැක්ක ෆේස් බුක් ෆොටෝ එකෙත් පේන්න තිබුනේ තාමත් වයිෆරේ ඒ ගානටම කෙට්ටුයි කියල.

    සතිෂ් පෙරේරා ගේ බ්‍රයිට් මොලේට ආපු මනමාලිය හෙවීමේ ක්‍රයිටීරියාව නරකම නැහැ වගේ!

    -කතන්දරකාරයා

    ප/ලි:
    ඉස්සර කාලේ විතරක් නෙමේ දැන් දැන් පවා, කොල්ලෝ කෙල්ලන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්ණ අහන කොට ගෙදර ඇවිත් අම්මගෙන් අහන්න කියලා සමහර කෙල්ලෝ කියන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති.

    උපුටා ගැනීම - kathandarakaraya blog
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    Owa Me kale Valid na yako... Gym gihin aga hadaganna puluwan dan one kellekta... Salli tiyenawanan dan Agata munata Pukata One magulak karaganna puluwan.
    eunata mahcan uwamanawa thibunata hamotama eka karanna motivation ekak naha.
    dan mama balapan.
    3n parak gym yanna try kara. eth masayayi dekayi. kammali kamata nawaththanawa
     
    • Love
    Reactions: rithik_putha

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    eunata mahcan uwamanawa thibunata hamotama eka karanna motivation ekak naha.
    dan mama balapan.
    3n parak gym yanna try kara. eth masayayi dekayi. kammali kamata nawaththanawa
    ඒක ඇත්ත. අසීමිත කැපවීම තියෙනවා නම් වෙනස් වෙන්න පුලුවන්. ගොඩක් අය ටිකක් කරල අත අරිනවා.
     
    • Like
    Reactions: BadBlueGenius

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    කව්ද බන් මේ ගොන් කතා ලියන්නේ !
    දැන් ඉන්න එවුන් ඔහොම අදුර ගන්න බෑ.. :lol: