බදියුදීන්ගේ_සහය_ගෝඨාභය
සාකච්චා සාර්ථකයි බදියුදීන්ගේ සහය ගෝඨාභය රාජපක්ෂට!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්රමුඛ ශ්‍රීලංකාවේ මහජන කොන්ග්රසය (ACMC) පක්ෂය තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හා මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇති බවත්, එහෙයින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කිරීමට සිය පක්ෂය සූදානමින් පසු වන බවත් ය.
එසේම මුස්ලිම් ජනතාවට ඇති ගැටළු වලට විසඳුම් ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟවූ බවත්, සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණද ඔහුගේ ජයග්‍රහණය අපැහැදිලි බැවින් ඔහුට සහය දීම සම්බන්ධයෙන් තම පක්ෂය කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඒම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ඉදිරියේදී මුස්ලිම් ජනතාවට ඇති ගැටළු සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතා හෝ සිය පක්ෂයේ කිසිදු අයෙකු වරදකරුවෙකු වී නොමැති බවත්, එහෙයින් සිය පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා හට ජනාධිපතිවරණයේදී සහය ලබා දීම කිසිදු අයුරකින් ප්‍රතික්ෂේප කළ නොහැකි බවද, මුස්ලිම් ජනතාවගේ බහුතරයක් තම පක්ෂය සමඟ සිටින බවත්, මුස්ලිම් ජනතාවගේ ඡන්දය නොමැතිව කිසිදු අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණය ජයගත නොහැකි බවද ඒම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
https://www.colombotribune.com/2019/08/28/colombo-tribune-gotahaya-rajapakshe-rishad-badyudeen/
සැයු. මෙම ප්‍රවෘත්තිය මාගේ නිර්මාණයක් නොව Colombo Tribune වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි. ලින්ක් එක ඉහත සඳහන් වේ

Last edited: