උබලා මොකද හිතන්නේ බදියුදීන් ව නම් හිරේ දාන්නේ නැති පාටයි ඩිල් එකක් ගහලා බේරෙයි
රිෆ්ඛාන් බදුර්දීන් අත්අඩංගුවට
හිටපු කර්මාන්ත හ වාණිජ අමාත්‍ය රිශාඩ් බදුර්දීන්ගේ සොහොයුරු රිෆ්ඛාන් බදුර්දීන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ
ඉඩම් වංචාක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදුර්දීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බදුර්දීන්, කොළඹ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේය.
--------------------------------------------------------------------------------------
හිටපු ඇමැති රිෂාඩ්ගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේපයි
February 6, 2020 11:03 am
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
එම පැමිණිල්ල අද(06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කළේය.
ඊට පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු විධිමත්ව ආරම්භ වූයේ ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව බව සඳහන් කළේය.
ජනාධිපතිවරණයට පෙර මෙම නඩුවේ සැකකරුවන් හඳුනාගෙන තිබූණ ද රහස් පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට නොගත් බව පෙන්වා දුන් නීතිඥවරයා දේශපාලන බලපෑම් හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගත වූ බව කියා සිටියේය.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ තම සේවාදායකයාට ඉකුත්දා දුරකථන මඟින් තර්ජන එල්ල වී තිබෙන බව සඳහන් කළ නිතිඥ චන්ද්‍රසේන මහතා මේ පිළිබඳව ඔහු රහස් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවද පැවසුවේය.
මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විමසූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් ඒ අනුව දුරකථන විස්තර ඇමතුම් වාර්තා ලබාගෙන පරීක්ෂණ සිදු කරන බව දන්වා සිටියේය.
මෙම වාතාවරනය මත සැකකරුට ඇප ලබා දුනහොත් පරීක්ෂණවලට මෙන්ම සාක්ෂිකරුවන්ට ද බලපෑම් සිදුවිය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඉල්ලීම් කළේය.
එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයා කිසිදු පුද්ගලයෙකුට තර්ජනයක් කිරීමක් නොකළ බව සඳහන් කළේය.
එම නිසා ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට තරම් සාධාරණ කරුණු ඇප පනත යටතේ ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙස ද ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
දෙපාර්ශවය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම අවස්ථාවේ විමර්ශන කටයුතු සිදු වෙන හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවීමට ඉඩකඩ පවතින බවයි.
ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.
තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

Last edited: