බදුල්ලේ-දුප්පත්කම-දෙගුණයකින් අඩුවෙලා
බදුල්ලේ දුප්පත්කම දෙගුණයකින් අඩුවෙලා
පසුගිය වසර පහ ඇතුළත බදුල්ල දිස්ත්‍රික්කයේ දරිද්‍රතාව දෙගුණයකින් අඩුවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංඛ්‍යා ලේඛන අංශය පෙන්වා දෙයි. ඒ අනුව 2009 දි බදුල්ලේ දරිද්‍රතා අනුපාතය වූයේ සියයට 23.7 කි. 2013 අවසන් වන විට එය සියයට 13.3 දක්වා අඩුවී ඇත.
2009 දි බදුල්ල දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික ආදායම වූයේ රුපියල් 5428 කි. ඒ මුදල 2013 වන විට රුපියල් 8313 දක්වා ඉහළ නැඟ තිබේ.
මේ අතර බදුල්ල ජනතාවගේ කටයුතු සඳහා දිස්ත්‍රික්කය පුරා නව බස් නැවතුම්පළ 9 ක් ඉඳිකර තිබේ. මහියංගණය, දියතලාව, බදුල්ල, හාලිඇළ, පස්සර, ඇටම්පිටිය ලුණුගල වැලිමඩ ප්‍රදේශවල ඉඳිකළ බස් නැවතුම්වලින් ඒ අවට ජනතාවට ඉමහත් ප්‍රයෝජනයක් ලැබේ.