බදුල්ල පුරාණ උරුමය

Idias

Well-known member
  • Feb 25, 2016
    4,898
    753
    113
    බදුල්ල පුරාණ උරුමය

    ඌව පළාතේ අගනගරය වන බදුල්ල කොළඹ සිට කි. මී. 230ක් දුරින් පිහිටි රමණීය කඳුකර පෙදෙසක්. එය මුහුදු මට්ටමේ සිට මී. 680ක් ඉහළින් පිහිටා තිබෙනවා. බදුල්ලට විශාල සංචාරකයන් පිරිසක් යන්නේ එහි කඳුකර සිරියාව නැරඹීමට යි. බොහෝ දෙනෙක් මේ චාරිකා සඳහා දුම්රිය භාවිත කරනවා. නමුණුකුල කන්ද නගරයට ඈතින් පවුරක් සේ පිහිටා තිබෙනවා. බදුල්ලට යන වැඩිදෙනෙක් නගරය තුළ සහ ආසන්නවම තිබෙන පුරාවිද්‍යා සහ ආගමික උරුමයන් ගැන විමසිලිමත් වන බවක් නම් පේන්න නැහැ. මේ ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට ගන්නා උත්සාහයක්.
    නගරය

    Fh8zn3sOsS9Zs3n8_1-indavelcom.jpg

    බදුල්ල නගරය- indavel.comබ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ උඩරට රජවරුන් විසින්. ඒ කාලයේ උඩරට රජු විසින් පත්කරන ඌව දිසාව විසින් නගරය අවට පාලනය කළා.‍ ඉංග්‍රීසින්ට එරෙහිව මතුවූ 1818 ඌව කැරැල්ලේ මූලස්ථානයක් වූයේ බදුල්ල යි. පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් වුණා. බ්‍රිතාන්‍යයන් ඉදිකළ උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙන්.
    මුතියංගන රජමහා විහාරය

    RqDCCm26yOEbfgJv_2-%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1-%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-fb-page.jpg

    මුතියංගනය - මුතියංගන රජමහා විහාරය fb pageමුතියංගනය පිහිටා ඇත්තේ බදුල්ල නගරය මැද යි. සොලොස්මස්ථානවලින් එකක් ලෙස මුතියංගනය සැලකෙනවා. ජනප්‍රවාද‍‍යේ සඳහන් වන්‍‍නේ මුතු බවට පත් වු බුදුන්‍‍‍‍ගේ දා බිඳු ‍‍හෙවත් මුත්තක ධාතූන් ‍‍‍මෙහි තැන්පත් කර දාගැබ තනා ඇති බව යි. බුද්ධෝ‍‍ඝෝෂ හිමියන්‍‍‍ගේ සමන්තපාසාදිකා අටුවාවට අනුව බුද්ධත්ව‍යෙන් අටවන මස ‍වෙසක් ‍‍පො‍‍හෝ දින තෙවන වර ලංකාවට වැඩි ‍‍ගම‍නේ දී බුදුරදුන් ‍මෙම ස්ථානයට වැඩම කළ බව සැලකෙනවා. ජනප්‍රවාදයකට අනුව ‍‍දෙවන පෑතිස් රජු විසින් ‍මෙහි ‍‍දෙතිස්ඵල ‍බෝධියක් රෝපණය ‍‍කොට ‍චෛත්‍යය ද විශාල ‍‍කොට සාදවා ති‍බෙනවා.
    විහාර ප්‍ර‍‍‍වේශ‍‍යේ ‍‍‍තොරණ,‍ චෛත්‍යය, විහාර මන්දිරය සහ බෝධිඝරය ‍මෙහි සුවිශේෂී ‍අංගයන් වෙනවා. හිඳි බුද්ධ රූපයක් ‍දෙපස ‍‍මොණර රූප 02කින් ද යුත් ‍මෙහි ඇති මකර ‍‍තොරණ වි‍‍‍ශේෂත්වයක් හිමි කර ගන්නවා. ගල් පුවරු, ගල් කණු, සහ වෙස්සන්තර ජාතකය පිළිබිඹු කරන ‍‍පෙතිකඩ සිතුවමක් ද විහාරයේ දී දැකගත හැකියි. ඉඩෝර සමයට ‍‍‍පෙරහරින් නමුණුකුල කන්දට මෙම ‍පෙතිකඩ ‍‍ගෙන යාමෙන් වර්ෂාව ඇති වන බවට විශ්වාසයක් පවතිනවා. පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ‍‍ලෙස ප්‍රකාශයට පත් කර ඇති ‍‍මුතියංගන විහාරය 1979 පූජා භූමියක් ‍‍ලෙස නම් කර තිබෙනවා.
    බදුල්ල කතරගම දේවාලය

    Or7dP52KxuWS7TA9_3.jpg

    දේවාල ගොඩනැගිල්ල- amazinglanka.com, Ashan Geeganageකතරගම දෙවියන්ට වූ භාරයක් ඔප්පු කිරීම සඳහා පුරාණයේ මෙම දේවාලය ඉදිකර ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නගරය මධ්‍යයේ පිහිටි කතරගම දේවාලය දිවයිනේ දිගින් විශාලතම කතරගම දේවාල ගොඩනැගිල්ල ලෙසද සැලකෙනවා. උඩරට ගෘහනිර්මාණ ලක්ෂණ පළ කරන මෙය ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක්.
    එවකට ඌවේ පාලකයා වශයෙන් සිටි වීරවික්‍රම යුවරජුගේ සහ ගංගොඩ ලංකාධිකාරි ‍සෙන්පතිගේ සහයෝගයෙන් පෘතුගීසීන් රටින් එළවා දැමීමේ සටන බදුල්ලෙන් දියත් කිරීමට විමලධර්මසූරිය රජු (1592-1604) සමත් වුණ. බදුල්ලේ කතරගම දේවාලය ඉදි කිරීමට හේතු ‍වූයේ ද මේ සටන යැයි පැවසෙනවා.
    පෘතුගීසින් පරාජයට පත් කළ රජු මෙම දෙවොල ඉදිකොට තම භාරය ඔප්පු කළ බව ජන විශ්වාසයේ එනවා. නඩත්තුව සඳහා අක්කර පන්දහසක ඉඩ කඩම් පූජා කළ අතර දේවාල ආවතේව සඳහා පිරිසක් ද නම් කොට ඔවුන්ගේ නඩත්තුවට නින්දගම් ප්‍රදානය කළ බව ද සඳහන් සඳහන් වෙනවා. බදුල්ල කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය ද එම භාරයේම ප්‍රතිඵලයක්.
    CIhaat2whmDQRub4_4.jpg

    බස්නායක නිලමේ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල- amazinglanka.com, Ashan Geeganageදෙවන රාජසිංහ රජු පෘතුගීසින් සමග කළ රන්දෙනිවෙල සටන ජයගෙන බදුල්ලට පැමිණ එවකට ඌව යුව රජු වූ කුමාරසිංහ රජු සමග එක්ව බදුල්ල කතරගම මහ දේවාලයට යාබදව ඉදිරියෙන් ඇති දික් ගෙය සහ දෙවොලට මුහුණලා ඇති සිංහාසනය ගොඩනැගිල්ල ද තනවා තිබෙනවා. දෙවැනි රජසිංහ රජු දේවාලයේ සියලු අඩුපාඩු අංග සම්පූර්ණ කළ බව පැවසෙනවා.
    දේවාලයේ සම්පූර්ණ දිග අඩි 165ක්. එහි මාලිගාව කොටසේ පළල අඩි 23ක්. පිවිසුමෙහි විශාල දැව උළුවස්සක් දැකගත හැකියි. එය උඩරට සම්ප්‍රදායේ කැටයම්වලින් අලංකාර කර තිබෙනවා. දැවයෙන් නිර්මාණය කළ කතරගම දෙවියන්ගේ සහ බිසව වන වල්ලි අම්මාගේ මූර්ති දෙකක් ද මෙහි තිබෙනවා. පහළ මාලයේ බිත්තියේ පෙරහරක් ගමන් කරන ආකාරය සිතුවම් කර තිබෙනවා. ඉහළ මාලයේ දේවරූප සිත්තම් කර තිබෙනවා. මෙහි ගජසිංහ, නාරිලතා, භේරුණ්ඪ පක්ෂියා, මකරා, බෝපත්, පලාපෙති යනාදී මහනුවර යුගයේ කැටයම් දැකගත හැකියි.
    PzOEnbxLQhvZOIGn_5-travelsrilankaphotos.blogspot1.JPG

    උඩරට සම්ප්‍රදායේ බිතුසිතුවම්- travelsrilankaphotos.blogspot.comවාහල්කඩ තුළින් පිවිස උස් වේදිකා කිහිපයකින් සමන්විත පියගැටපෙළ පියමන් කොට මුලින්ම අඹරා ගෙයට පිවිසිය යුතු යි. දෙවොලට ඇතුළුවන තැන ඇත්තේ සඳකඩ පහණක්. එතැන් සිට මකර තොරණින් ඇතුළුව ඉදිරියට ගමන් කළ යුතු යි. දේවාලය මහල් දෙකකින් සමන්විත යි. බැතිමතුන්ට යා හැක්කේ ඉදිරිපස ආලින්දය කාමරයට පමණ යි. එහි ඇතුළත ඇත් දළ ජෝඩුවක් තැන්පත් කර තිබෙනවා. උඩරට කැරැල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොල නිලමේ තුමා විසින් මෙම ඇත් දළ දෙක දේවාලයට පූජා කර ඇති බව කියැවෙනවා.
    විමලධර්මසූරිය රජු විසින් ඉදිකරවන ලදැ යි සැලකෙන අතර පත්තිනි දේවාලයක් ද මහ දේවාලය අසල පිහිටා තිබෙනවා. පැරැණි බෝධි වෘක්ෂයක් මෙහි දැකිය හැකියි.
    දේවාලයේ රජ දවස සිට පැවත එන මංගල්‍යයන් සතරක් පවත්වනවා. ඒ කාර්තික (අවුරුදු), වෙසක්, ඇසළ සහ ඉල් මහ කාර්තික මංගල්‍යය යනුවෙන්. මෙයින් වඩාත් විචිත්‍රවත් මංගල්‍යය වන්නේ ඇසළ මංගල්‍යය යි. මෙය දින 16 ක් පුරා පැවැත්වෙනවා. ඇසළ මංගල්‍යය පැවැත්වෙන කාලය තුළ බදුල්ල නගරය ජනාකීර්ණ වෙනවා.
    ළිඳමුල්ල දේවාලය

    8SbqQUnnOfwbvp5X_6.jpg

    දේවාල බිම- wikipedia.orgබදුල්ල සිට ස්ප්‍රිංවැලි දක්වා දිවෙන මාර්ගයේ නගරයට සමීපව උස්බිමක පිහිටි පැරණි පත්තිනි දේවාලයක්. මෙය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වෙනවා. වසර සිය ගණනක් පැරණි විශාල පුස්වැලක් මෙම ස්ථානයේ දැකගත හැකියි. ඒ නිසා ගැමියන් පුස්වැල්තොට දේවාලය නමින් ද මෙය හඳුන්වනවා. දැනට ඇති දේවාලය උඩරට රාජධානි සමයේ ඉදිකළ බව සැලකෙනවා. මෙහි ගෘහනිර්මාණ ලක්ෂණවලින් ද ඒ බව පෙනෙනවා.
    දේවාල ගොඩනැගිල්ලේ මකර තොරණක් සහ දොරටුපාල රූප දෙකක් නිර්මාණය කර තිබෙනවා. දේවාල බිත්තිවල කිවුලේගෙදර අලුත් දෙවියන්, දැඩිමුණ්ඩ දොළහ දෙවියන් සිතුවම් කර තිබෙනවා. රෝග නිවාරණයට සහ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට මෙහි ඇති දිව්රුම්ගලට දිව්රීමට බෙහෝ බැතිමතුන් පැමිණෙනවා.
    බදුල්ල ටැම් ලිපිය සහ අම්බලම

    r064cOqvAOIkLuZA_7.jpg

    ටැම් ලිපියේ පිටපතක්- EPIGRAPHIYA ZEYLANICA VOL. III‘බදුලු ටැම්ලිපිය’ ලෙස හඳුන්වනු ලබන ශිලාලේඛනය බදුලු කච්චේරී භූමියෙහි පිහිටුවා ඇත්තේ 1870 වසරේ දී යි. බදුලු කච්චේරි බිම උඩරට යුගයේ ප්‍රාදේශීය රජ මාලිගය පිහිටි ස්ථානය බවට ජනප්‍රවාද පවසනවා. මේ සුවිශේෂී ටැම්ලිපිය සොයාගෙන ඇත්තේ මහියංගණයට සැතැපුම් තුනක් පමණ ඈතින් පිහිටි සොරබොර වැව ආසන්නයෙන්.‍ සොරබොර වැව හා ආසන්නයේ කෘෂිකර්ම කටයුතු දියුණු කිරීමේදී එවක ආණ්ඩුවේ සහකාර එජන්ත වූ ජෙන් බේලී විසින් මෙය සොයාගන්නා ලද බව වාර්තාවල සඳහන්.
    පැති හතරකින් යුත් ටැම්ලිපි‍යේ උස අඩි 08යි අඟල් 05ක්. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති දීර්ඝතම ටැම්ලිපිය මෙය යි. මේ සෙල්ලිපිය අනුරාධපුර යුගයේ අවසාන කාලය වූ ක්‍රි.ව. 10 වැනි සියවසට අයත් අක්ෂර වලින් යුක්ත යි. මහියංගණය හෝපිටිගම ආසන්නයෙහි වූ වෙළෙඳ නගරය භාර ප්‍රධානීන්ගෙන් හා අවශේෂ පාලකයන්ගෙන් නගරවාසීන්ට හා වෙළෙඳ නගරයට එන වෙළෙන්ඳන්ට පැනවූ නීති විරෝධී දඩ හා නීති විරෝධි ආකාරයට අය කරගත් දඩ මුදල් මෙන්ම වෙනත් අයථා ගනුදෙනු සම්බන්ධයෙන් මහියංගණ විහාරය වැඳීමට පැමිණි රජුට සැල කිරීමත් සමග රජු නැවත එවැන්නක් සිදු නොවන සේ පනවන ලද නියෝග මේ ටැම්ලිපියේ අන්තර්ගත යි. වෙළෙඳ නගරයේ ක්‍රමික පාලනය සඳහා පැනවූ ව්‍යවස්ථාව වන මේ ටැම්ලිපිය බදුලු හෝපිටිගම ටැම්ලිපිය ලෙස හැඳින්වෙනවා. ටැම් ලිපිය කරවා ඇත්තේ උදය නම් රජ කෙනකු විසින්. අක්ෂර ලක්ෂණ අනුව මේ ලිපිය IV වැනි උදය රජ (ක්‍රි.ව. 946-954) කාලයට අයත් සේ සැලකෙනවා.
    BhGzu0A4HSW7qZg5_8.jpg

    අම්බලම - amazinglanka.com, Ashan Geeganageකච්චේරි භුමියේ පිහිටි අම්බලම 19 වැනි සියවසේ මුල්භාගයේ ඉදිකරන ලද්දක් වන අතර එය රාජකාරි සඳහා කච්චේරියට දුරබැහැරින් පැමිණෙන ජනතාවගේ විවේකය ගැනීමට තැනූ ගොඩනැගිල්ලක්.
    වෙලේකඩේ පැරණි ගොඩනැගිල්ල

    1GxpJ0DFM4ZL8CI5_9.jpg

    බලකොටුවක් සිහිපත් කරන පැරණි ගොඩනැගිල්ල- tourism. up.gov.lkබදුල්ල බණ්ඩාරවෙල පාරේ බදුල්ල රෝහල අසල මෙම ගොඩනැගිල්ල පිහිටා තිබෙනවා. මෙය පොදු වෙළෙඳපොළක් ලෙස ඉදිකර ඇත්තේ 1889 දී. එහි විශේෂත්වය නම් කුරුසයක හැඩයට ඉදිවූ ගොඩනැලිල්ලේ මැදින් බලකොටුවක් ආකාරයේ ව්‍යුහයක් පැවතීමයි. දිරාපත්වෙමින් පැවති මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා. මෙය 2008 දී පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා. වෙලක් අසල ඉදිකර ඇති නිසා එය වෙලේ කඩේ යනුවෙන් හඳුන්වනවා.
    ශාන්ත මාක් දේවස්ථානය

    SNNLZOyfqVs47fzf_10.jpg

    යටත්විජිත මතකය පවසන දේවස්ථානය - wikipedia.orgබදුල්ල මහියංගන පාරේ නගරය මැද පිහිටි මෙම පල්ලිය අයත්වන්නේ ඇංග්ලිකන් සභාවට යි. මෙය විවෘත කර ඇත්තේ 1857 අප්‍රේල් 25 බව සඳහන් වෙනවා. එයට මුල්වී ඇත්තේ බිෂොප් ජේම්ස් චැප්මන්. නගරයේ ඇති පැරණිම ගොඩනැගිල්ලක් වන මෙය පුරාවිද්‍යා සංරක්ෂිත ස්මාරකයක් ලෙස 2008 දී නම් කර තිබෙනවා.


    Source : Roar