බදු අවුලට විසදුම් නමයක් පාටලී ගෙන්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රාජ්‍යයක් පවත්වාගෙන යන්න බදු අවශ්‍යයි. විශේෂයෙන්ම රටේ ආරක්ෂාව, නීතිය හා සාමය, සෞඛ්‍ය, ප්‍රවාහනය, විදුලිය, ජලය වැනි පොදු පහසුකම් සපයා ගැනීම සඳහා රජයට මුදල් අවශ්‍යයි. සෘජු බදු, වක්‍ර බදු කියලා වර්ග දෙකක් තියෙනවා. වැට් වැනි බදු අයිති වෙන්නේ වක්‍ර බදු වලට. ඒවා භාණ්ඩ හා සේවා මත නිපදවෙන්නේ. ඒ වගේම සෘජු බදු ආදායම් බදු හැටියට, එහෙම නැත්නම් වාණිජ බදු හැටියට, උපයන විට ගෙවීමේ බදු හැටියට අයකර ගැනීමක් රජය කරගෙන යනවා.

    අපි දන්නවා බදු වලට එරෙහිව තියෙන විරෝධතාවයන්. උදාහරණයක් හැටියට ඉහළ ගණයේ ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකර ගැනීමේදී, තමන්ට රටේ ආර්ථික සංවර්ධනයට ආයෝජනය සඳහා තියෙන මුදල් ආණ්ඩුව බදු වශයෙන් අයකර ගැනීම නිසා රටේ ආයෝජන වලට බලපෑමක් එල්ල වෙනවා කියන එක චෝදනාවක්. වෘත්තීයවේදීන් ඇතුළු කළමනාකරණ සේවා ඒ කියන්නේ ඉහළ මධ්‍යම පන්තිය හෝ පහළ මධ්‍යම පන්තියෙන් බදු අය කර ගන්න කොට ඒ අය රාජ්‍ය සේවයේ හෝ පුද්ගලික අංශයේ සේවය කරනවා නම් ඒගොල්ලන්ට ලොකු උදාසීන කමක් එනවා තමන්ගේ සේවාවන් ඉටුකර ගැනීමේදී.

    වැට් වැනි බදු නිසා, සමාජ ආරක්ෂණ බද්ද වැනි බදු නිසා, පහළම, පහළම ශ්‍රේණිවලට සමාජයේ තමන්ගේ ජීවන බර වැඩිවීමට, ඒක උපස්ථම්භක වෙලා තියෙනවා. ඒ සමගම සමාජ සාධාරණත්වයේ මූලධර්මයත් යනවා. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. ඇති හැකි අයගෙන් බදු ගැනීම තමයි සිදු විය යුත්තේ. ඒ වගේම විධිමත් සමාජ සේවාවකුත් රජය විසින් ඒ අනුව මිනිස්සු තෘප්තිමත් වෙන ආකාරයට සැපයිය යුතුයි. ඒක සිදු නොවීම නිසා, පොදු ප්‍රවාහනය අසාර්ථකයි. මිනිස්සුන්ට සිද්ධ වුණා පුද්ගලික ප්‍රවාහනයට යන්න. රජයේ පාසල් පද්ධතිය අසාර්ථකයි. පුද්ගලික පාසල් පද්ධතිය මධ්‍යම පන්තියට ගැලපෙන ගැලපෙන ආකාරයට සකස් වෙලා, ඒ අනුව ඉදිරියට යනවා. රජයේ රෝහල් පද්ධතියෙන්, මධ්‍යම පන්තියට අවශ්‍ය සේවාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුද්ගලික රෝහල්වල වර්ධනය වෙනවා.

    උද්ධමනය වැඩිවීම වේගය යම් ප්‍රමාණයකට පාලනය වෙලා තිබුණත් සෑම භාණ්ඩයකම මිල තුන් ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. ඒකත් එක්තරා ආකාරයක වක්‍ර බද්දක් මේ රටේ මිලියන විසි දෙකක් මත පටවන ලද. ඒ වගේම වැට් බද්ද 15% ට වැඩි කළා. සමාජ ආරක්ෂණ බදු නමින් Turn over Tax එකක් ගැහුවා 2.5 ක. ඒක ප්‍රතිගාමී අදහසක්. බදු පිට බදු ලැබෙමින් යන නිසා. ඒ වගේම ආදායම් බදු . උපයනවිට ගෙවීමේ බදු තමයි අද මේ ඇවිල්ලා තියෙන ලොකුම ප්‍රශ්නය. පොලී අනුපාතික 30% ඉක්මවලා ගිහින් තියෙනවා. එක බරක් හැටියට ඇවිල්ලා තියෙනවා. මොකද මිනිස්සු ණය අරන් තියෙනවා. නිවාස ණය අරන් තියෙනවා. වෙනත් ණය අරන් තියෙනවා. ඊළඟට කල්බදු සේවාවන් වලින් වාහන අරන් තියෙනවා. ඒ සියලු දෙනාම ලොකු අර්බුදයකට මේක තුළ ගිහින් තියෙනවා. ඒ වගේම ඉන්ධන හා විදුලි බල ගාස්තු දරාගත හැකි නොහැකි තත්වයකට පත්වෙලා තියෙනවා.

    2019 දි යහපාලන පාලනය තියෙනකොට Payee එකෙන් අපට එකතු වුණා බිලියන 49 ක්. ගෝඨාභය රාජපක්ෂ කියන පිස්සු ජනාධිපතිවරයත් පී. බී. ජයසුන්දර හා අජිත් කබ්රාල් කියන සුදු කරපටි අපරාධකාරයොනුත් එකතුවෙලා මේ ටැක්ස් එක අයින් කළා. ඒක නිසා මේ ටැක්ස් එක ලැබුණු ආදායම බිලියන 49 සිට බිලියන 14 ට අඩු වුණා. දැන් නැවතත් ඉතා අසාමාන්‍ය ලෙස මේ උපයන විට ගෙවීම් බදු වැඩි කරලා තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙනවයි කියලා කියනවා. අලුතෙන් බදු දැනට අටලක්ෂයක් එකතු කරගන්න. ඒ කියන්නේ අපේ මුළු සමස්ත ශ්‍රම බලකායෙන් 10% ක්. ඒ හරහා බිලියන 100 ක් උපයන්න තමයි මේ බලාපොරොත්තු වෙනවයි කියලා ආණ්ඩුව කියන්නේ.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් බදු නොගෙවන ලද ප්‍රමාණය ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයට බිලියන දෙසිය එකක්. මුළු Payee Tax එකෙන්ම එකතු කරන ප්‍රමාණය වගේ දෙගුණයක්. ඒක එකතු කරගන්න මුදල් අමාත්‍යාංශයට තිබෙන වැඩපිළිවෙල මොකක්ද? සමස්ත බැංකු පද්ධතියේ තියෙන බිලියන 1200 ක් වූ නැවත අයකරගත නොහැකි බොල් ණය. එහෙම තියාගෙන තමයි මහජන බැංකුව, ලංකා බැංකුව, ඒ බොල් ණය අයකරගන්නේ නැතුව, විදුලිබල මණ්ඩලයෙන්, ඛනිජ තෙල් සංස්ථාවෙන් ණය ටික විතරක් පෙන්න පෙන්න, හැමදාම විදුලි ගාස්තු වැඩි කරන්නයි, තෙල් ගාස්තු වැඩි කරන්නයි කතා කරන්නේ.”

    මේ නව බදු ක්‍රමයේ ගැටළු, ඒවාට හා සමස්ත බදු ක්‍රමයේ ඇති අවුලට 43 සේනාංකය යෝජනා කරන විසඳුම් මෙසේය.

    1. ඍජු බදු සම්බන්ධව දැනට හඳුන්වා දී ඇති ක්‍රමවේදය මෙයට වඩා ජනතා හිතවාදී කිරීම

    මේ බදු ක්‍රමයෙන් ප්‍රධාන වශයෙන් පීඩා විඳින්නේ බදු ස්ථර වල පහල මට්ටමේ සිටින පිරිස්ය. පවතින අති උද්ධමනකාරී තත්ත්වයට අනුරූපව වැටුප් වැඩිවීමක් සිදු නොවූ පසුබිමක, නව බදු ප්‍රතිපත්තියක් හරහා වෘත්තිකයින් මිලදී ගැනීමේ හැකියාව තවදුරටත් අඩුවී රට හැර යාම වැඩිවී එම සේ වාවන් බිඳවැටීමේ අවධානමක්ද මතු වී ඇත.

    ඒ නිසා 43 සේනාංකය

    අ . දැනට බදු ගෙවිය යුතුයැයි තීරණය කර ඇති අවම මාසික ආදායම් මට්ටම රු 100,000 සිට 200,000 දක්වා ඉහල දමන ලෙසය.

    ආ .බදු කාණ්ඩ සඳහා අයකරන අනුපාතිකයන් 6% සිට 36% දක්වා ඇති අගයන් 4% සිට 24% දක්වා පහල දමන ලෙසය.

    මේ නිසා රජයට ලැබෙන ඍජු බදු ප්‍රමාණයේ අඩුවක් වන්නේ නම් ඒ අඩුවීම පියවා ගැනීම සඳහා 43 සේනාංකය පහත සඳහන් ක්‍රියාමාර්ගයන් යෝජනා කරනු ලැබේ.

    2. අංකයක් සහිත බදු ලිපිගොනු විවෘත කිරීම

    වසර 18 ට වැඩි සියලු දෙනා සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරලීම සඳහා අයවැයෙන් (2022) යෝජනා ඉදිරිපත් වී තිබුණි. බදු ලිපිගොනුව විවෘත කලද, අවම මාසික ආදායම වන ර 200,000 නොඉක්මවන්නේ නම් යමෙකු බදු ගෙවීමට අවශ්‍ය නොවනු ඇත. ඒ ක්‍රමය සඳහා විවිධ දෙපාර්තමේන්තු සමඟ ලිපි හුවමාරු වී තිබුණද නිශ්චිත ක්‍රියාවලියක් හඳුනා නොගෙන තිබුණි. තවද මිලියන 18 ක් පමණ වන වයස 18 ඉක්මවූ අයගේ ලිපිගොනු තැනීම හා නඩත්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ධාරිතාවට කළ නොහැකි බවද පෙනී ගොස් ඇත. මේ සඳහා කලයුතු විසඳුම වන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මැතිවරණ දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව හැඳුනුම්පත් අංකයට සමාන බදු ලිපිගොනුව අංකයක් (Tax File Number – TFN) සියලු වැඩිහිටි ජනයා වෙත නිකුත් කිරීමය. ඒ අංකය ඔවුන්ගේ සියලු ගනුදෙනු, බැංකු කටයුතු, ඉඩම් මිලදී ගැනීම් හා වෙනත් ලිපි ගොනුවල සඳහන් කර මේ සියල්ල පරිගණක මගින් අධීක්ෂණය කිරීමය.

    3. හෙවනැලි ආර්ථිකය (Shadow Economy) පාලනය කිරීම

    පාලනය නොවන මූල්‍ය සංසරණ ආර්ථිකය (Shadow Economy) ලංකාවේ 44% ක් තරම් ඉහළ අගයක පවතින්නේ, ආදායම් උපදවන්නක් ගේ නිසි තත්ත්වය සොයා ගැනීමට නිසි කාර්යක්ෂම ක්‍රමවේදයක් නොමැතිවීම නිසාය. ලංකාවේ භාන්ඩ, සේවා හා දේපල මිල සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි තරම් ඉහල මට්ටමක පවතින්නේ මේ හෙවනැලි ආර්ථිකය නිසාය. මෙය පහල දැමීමට නම් මේ හෙවනැලි ආර්ථිකය පාලනය කල යුතුය.මේ සඳහා ජාතික හැදුනුම්පත් අංකය හා බදු ලිපිගොනු අංක යෙදීම, විදුලි බිල, වාහන ලියාපදිංචිය, දුරකථන හා ජල බිල, බැංකු කටයුතු, කෙඩිට් කාඩ් හා ඉඩම් මිලදී ගැනීම් යනාදී සියලු කටයුතු වල දී අනිවාර්ය කල යුතු අතර, මේ සඳහා පුද්ගල අනන්‍යතාවය සහතික කරන ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේදයන් (Blockchain Technology) අනුගමනය කළ යුතු යැයි යෝජනා කෙරේ. එසේම ආදායම් ලබන එහෙත් කිසිදු ආකාරයකින් ඒවා නිත්‍යානුකුලව සටහන් නොවන වෘත්තීන් හා ව්‍යාපාර හඳුනාගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර වල සමාජ සමීක්ෂණ කිරීමට යෝජනා කෙරේ. ඒ හා සමග එකී වෘත්තීන් හා ව්‍යාපාර ආදායම් බදු ජාලයට එක් කිරීමට පියවර ගත යුතුය.

    4. මුදල් විශුද්ධිකරණය හා මුදල් සැඟවීම වැළැක්වීම

    මුදල් විශුද්ධිකරණය හා මුදල් සැඟවීම වැළැක්වීමට සියලු ගෙවීම් සඳහා ඩිජිටල් වීදිකාවක් (QR Payment Platform වැනි) යෝජනා කෙරේ.

    5. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම හා නොගෙවූ බදු මුදල් අය කර ගැනීම

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින (2016 සිට) ක්‍රමවේදය (Revenue Administrative Information System – RAMIS) තාක්ෂණ විගණනය කට ලක් කර සුදුසු පරිදි නවීකරණය කිරීමට යෝජනා කෙරේ. දැනට නොගෙවා පැහැර හැර ඇති බදු මුදල් ප්‍රමාණය රු බිලියන කි. මෙයින් වැඩි ප්‍රමාණයක් පැහැර හැර ඇත්තේ මහා ධන කුවේරයන් හා දැවැන්ත සමාගම් මගිනි. මේ මුදල් වහා අය කරගැනීමට නීති මගින් කටයුතු කල යුතුවේ.

    6. රේගු දෙපාර්තමේන්තුව පාරදෘශ්‍ය, කාර්යක්ෂම, අවංක ආයතනයක් බවට පත් කිරීම

    අන්තර්ජාතික විගණනයකට අනුව (Global Integrity Report) පසුගිය දශක දෙකක කාලය තුළ විදේශ වෙළඳාමේ දී ආනයන අපනයන යන්හි අගය වැඩි කිරීම (Over Invoice) හා අගය අඩු කර පෙන්වීම (Under Invoice) නිසා වාර්ෂිකව ඩොලර් බිලියන 02 ක පමණ එනම් දශකයට ඩොලර් මිලියන 40 ක් පමණ අයථා ආකාරයෙන් විදේශගතවීම දැකිය හැකි විය. ආණ්ඩුවේ මුළු විදේශ ණය ඩොලර් මිලියන 46 ක් වනවිට මෙහි බරපතල බව වැටහෙනු ඇත. ශ්‍රී ලංකාව වෙළඳාම් කරන රටවල රේගු කාර්යාංශ විසින් අපගේ අපනයන හා ආනයන සඳහා ලබාදී ඇති අගයන් අඛණ්ඩව සංසන්දනය කරන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට නොමැති බව ද පෙනී ගියේ ය. ආනයන අපනයන බදු හා අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් ආදියේ පවත්නා සංකීර්ණතා නිසා රේගුවට ආදායම් අහිමි වන බව පෙනී ගියේය. මෙයට අමතරව භාණ්ඩවල වටිනාකම් තක්සේරු කිරීමේ දුර්වලතා හා අපහසුතා විසින් රේගුවට ආදායම් අහිමි වන බව පෙනී ගියේය.ගුදම් ධාරිතා සීමා හා කන්ටේනර් තදබදය හෞතික ගැටලුවක් ලෙස පෙන්වා දෙනු ලැබීය. ස්කෑන් යන්ත්‍ර හා වෙනත් පරීක්ෂණ ක්‍රමවේද වල තාක්ෂණික සීමා පිළිබඳව සඳහන් කරන ලදී.ආනයනකරුවන්ගේ ගැටළු හා සංකීර්ණ පරිපාලනමය තත්ත්වයන්, දේශපාලන බලපෑම් ආදිය ද රේගු ආදායමට සෘණාත්මකව බලපා ඇත.

    ආනයන හා අපනයන සඳහා අධිමිල හා අඩු මිල යෙදවීම මගින් වාර්ෂිකව සිදුවන ඇමෙරිකන් ඩොලර් බිලියන 02ක පමණ විදේශ විනිමය අහිමිවීම වැළැක්වීම සඳහා විදේශ රේගුව ආයතන සමඟ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍ය බැව් යෝජනා කෙරේ. එයට පසු බිමක් ලෙස විධිමත් වෝහාරික අධ්‍යනයක් වෘත්තීය මට්ටමෙන් සියලු මූලික වෙළද භාණ්ඩ සඳහා සිදු කළ යුතු බැව් යෝජනා කරයි.

    7. ලංකාවේ ධනය නීතිවිරෝධී ලෙස විදේශ ගත වීම වැළැක්වීම

    විවෘත ගිණුම් ක්‍රමය (Open Account System) විසින් උණ්ඩියල් හා හවාලා ක්‍රම මුදල් රටින් පිටකිරීමට වලට අවශ්‍ය ප්‍රාග්ධන චක්‍රය නිර්මාණය වන බව හඳුනා ගෙන ඇත. මගීන් විදේශ ගතවීමේදී ගෙන යා හැකි මුදල් ප්‍රමාණය (ඇමරිකන් ඩොලර් 10,000) හා පැළඳ ගත හැකි ආභරණ යනාදිය අවභාවිතයට ගෙන විදේශ විනිමය හා රත්රන්, මැණික් ආදිය පරීක්ෂාවට භාජනය නොවී විදේශගත වන බව නිරීක්ෂණය වී ඇත. එසේම යම් නීති විරෝධී භාණ්ඩ (උදා : බීඩි කොල) සඳහා තිබූ ත්‍යාග මුදල් අත්හිටුවීම විසින් ඒවා නීතිවිරෝධීව රටට ඇතුළු වීම වේගවත් වූ බවටද මතයන් ඇත. මේ ප්‍රශ්න විසඳීම සඳහා විදේශ විනිමය පනත (Exchange Control Act – 1988) විධිමත් ලෙස සංශෝධනය කර උණ්ඩියල් හා හවාලා ක්‍රම වලට දැඩි දඬුවම් පනවා, විදේශ ගතවීමේදී විදේශ විනිමය රැගෙන යාම රත්‍රං රැගෙන යාම පිළිබඳව නව ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බැව් යෝජනා කෙරේ.

    8. සුරාබදු ආදායම කාර්යක්ෂම කිරීම

    සුරාබදු ආඥා පනත දුම්කොල බදු පනත කාර්යක්ෂමව ක්‍රියාත්මක කර ආණ්ඩුවට ආදායම් ලබා දීමට කටයුතු කල යුතුය. ඒ සමඟම මත්ද්‍රව්‍ය ආදී සමාජ විරෝධී ක්‍රියාවන් මර්දනය කිරීමට පොලිසිය, රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදිය සමඟ ක්‍රියාකිරීමට, සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කල යුතුය.

    9. ස්වාධින බදු කොමිසමක් පත් කිරීම

    ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පාරදෘශ්‍ය භාවයක් නොමැති වීම සහ දේශපාලඥයන් ජනතාවගේ බදු මුදල් තම පුද්ගලික සුඛ විහරණයට හා නාස්තියට ලක් කරන බව පෙනීයාම ජනතාව බදු ගෙවීමට මැළිවීමේ එක් හේතුවකි. බදු අය කර ගැනීම සාධාරණව, සමානව හා නීතිය සියලු දෙනාටම එක් අයුරින් ක්‍රියාත්මක වන අයුරින් සිදුවීම අධීක්ෂණය සඳහා ස්වාධීන බදු කොමිසමක් ස්ථාපිත කලයුතුය. මේ කොමිසම බදු මුදල් අපහරණය වන්නේදැයි ද සොයා බැලිය යුතුය. ආදායම් බදු දෙපාර්තමේන්තුව දේශපාලන අතපෙවීම් වලින් තොර ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම මේ මගින් සිදුවනු ඇත.
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මෝඩ යෝජනාවලියක්.

    හැම එකාටම ටැක්ස් ෆයිල් හදන එක තේරුමක් නෑ හැමෝටම ටැක්ස් ගහන්නෙ නැත්නම්.
    එහෙම තමයි ලෝකේ අනෙක් රටවල් වැඩ කරන්නේ. Usa බදු ෆයිල් ලංකාවේ ඉන්න ෆ්‍රීලංසර් කරන ඔක්කෝටම තියෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,222
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම තමයි ලෝකේ අනෙක් රටවල් වැඩ කරන්නේ. Usa බදු ෆයිල් ලංකාවේ ඉන්න ෆ්‍රීලංසර් කරන ඔක්කෝටම තියෙනවා
    ඇමරිකාව දිහා බලාගෙන එක නීතියක් හදනවා, චීනේ දිහා බලාගෙන තව නීතියක් හදනවා, ඉන්දියාව දිහා බලාගෙන තව එකක්... :-D

    ඔහොම කරලා රට ගොඩ දාන්න බැහැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033
    113
    වරිපනම් ඉල්ලගෙන උන්ට උඹල මොකද කරේ?