බදු:රැසක්:අඩු:කෙරේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බදු:රැසක්:අඩු:කෙරේ

    වැට් බද්ද 8% දක්වා අඩු කෙරේ : පනවා තිබු බදු රැසක් ඉවතට.

    ReduceTax.jpg


    වැට් බදු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කැබිනට් හමුවේදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇත.

    ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව දැනට සියයට 15 ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වන සියයට 2ක් වන බදු සියල්ලේ එකතුව වන සියයට 17 ක් වන මුළු බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. එය ලබන දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

    මිට අමතරව විදුලි සංදේශන බද්ද සියයට 25ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර ඇත. විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබෙන සම්ප්‍රේෂණ සඳහා පනවා තිබු බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත.

    එමෙන්ම ආර්ථික සේවා බද්ද, කොටස් වෙළදපලේ ආදායම් මත පනවන ප්‍රාග්ධන ආදායම් බද්ද, උපයන විට ගෙවීම් සඳහා වන බද්ද, පොලී මත පනවා තිබෙන බදු අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.


    4713e95052bb3358848059772c9976bf938b0ae9.png



    🚨 ගෘහස්ත නිශ්පාදන මත අය කරන ජාතිය ගොඩ නැගීමේ බදු අහෝසියි

    🚨 ආර්ථික සේවා ගාස්තු අහෝසියි

    🚨 බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද අහෝසියි

    🚨 කොටස් වෙළඳ පොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු අහෝසියි

    🚨 උපයන විට ගෙවන බදු අහෝසියි

    🚨 පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසියි

    🚨 ණ්‍ය සේවා බදු අහෝසියි

    🚨 ඉදිකිරීම් ආදායම් බදු සියයට 28 සිට 14ට කපා හැරෙයි

    🚨 ස්හාධිපත්‍ය හා මහල් නිවාස වලින් අයකරන වැට් බදු අහෝසියි

    🚨 ආගමික ස්ථාන මත අයකරන සියලු බදු අහෝසියි

    🚨 විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදු අහෝසියි

    🚨 විදුලි සංදේශ ගාස්තු 25%කින් අඩුකරනවා

    🚨 වැවිලි කර්මාන්තයෙන් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස්


    Source: Dimuwa Facebook Page.

    අහෝසි කළ බදු

    1.) හර බද්ද කියන්නෙ උඹ උඹේ එකවුන්ට් එකෙන් 10,000ක් ගත්තොත් රුපියල් 5 ක්ද කොහෙද කපාගන්නවා.ඒක අහෝසියි.
    2.) කොටස් වෙළෙඳපලේ ප්‍රාග්ධන ලාභ බද්ද කියන්නෙ, උඹ shares අඩුවට අරන් කාලයක් තියන් ඉඳල විකුණනකොට උඹ වැඩිපුර හම්බු කරන ලාභයෙන් කොටසක් කපා ගත්තා බදු විදිහට. ඒක නිදහස්
    3.) සැලරි එකෙන් කැපෙන PAYE එක දැන් නෑ.
    4.) සල්ලි FD දාලා තිබ්බොත් ඒකෙන් එන පොළියට දැන් ගහන්නෙ නෑ
    5.) ඔය apartment වලට ගහන ටැක්ස් එක. මේක අයින් කරපු එක්ක පට්ට හොඳයි. මිනිස්සුන්ට අඩුවට නගර කිට්ටුව ඔක්කොම පහසුකම් තියෙන ගෙවල් ගන්න පුළුවන්. ලොකු ඉඩම් එළි කරන්න ඕනෙ නෑ

    බදු සංශෝධන

    1.) උඹ බිව්වත් බයිට් එකට වැට් ගහනවා. ඒක 8% දැන්.
    ඒවගේම ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) දැන් නෑ

    2.) උඹේ අවුරුද්දෙ සැලරි එකතුව හරි බිස්නස් ආදායම ලක්ශ 250ක් වෙනකල් උඹ බදු ගෙවන්න ඕනෙ නෑ. ඉස්සර තිබ්බෙ ලක්ශ 10යි. දැන් මේකෙන් ගොඩක් අය ජොබ්ම නැතුව බිස්නස් කරන්න බලනව. තියෙන සල්ලි ආයෝජන කරනව

    3.) ගොඩක් local contractors ලා වැටුන 28% බද්දෙන්. එයාල NBT එක්ක ඔක්කොම 30% ගෙවන්නත් තිබ්බෙ ඒත් දැන් 14%. දැන් ඉදිකිරීම් පැත්තට මේක පට්ටම සිරා.

    4.) ෆෝන් බිල් ඩේටා පියෝ ටීවී ඔක්කොම බිල් වලට ගහපු බදු වලින් 25%ක් අඩු කරනව.

    5.) පිට රට අය මහන්සි වෙලා හම්බු කරල ගෙදරට එවන සල්ලි ටිකකත් යහපාලනයෙන් බදු ගැහුවා. ඒකත් නිදහස්

     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,760
    113
    මාලඹේ
    කෝ දැන් යූඇන්පී සමනළයෝ ටික
    උන් කියයි බදු අඩු කළ ඒකත් වැරදි කියලා​


    ඉන්න හිතෙන රටක්:yes::yes:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩෝ අරුන් ළමයින්ගෙ ඉතුරු කිරීමේ ගිණුම් වලට ගහපු බද්දත් නැති කරොත් ලොකු දෙයක් බං.:(
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කෝ දැන් යූඇන්පී සමනළයෝ ටික
    උන් කියයි බදු අඩු කළ ඒකත් වැරදි කියලා​

    එයාලා බිසි, විපක්ස නායක හොයනවා.
    :lol::lol::lol::lol::lol:
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අඩෝ අරුන් ළමයින්ගෙ ඉතුරු කිරීමේ ගිණුම් වලට ගහපු බද්දත් නැති කරොත් ලොකු දෙයක් බං.:(
    ඒක "රඳවා ගැනීමේ බද්ද (with holding tax)" නේ. උඩ තියෙන list එකේ ඒක පෙන්න නම් නෑ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒක "රඳවා ගැනීමේ බද්ද (with holding tax)" නේ. උඩ තියෙන list එකේ ඒක පෙන්න නම් නෑ.
    ඒක නේද "පොලී මත අයකරන රැඳවුම් බදු අහෝසිය" කියන්නෙ?:confused::confused::confused:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඈ බං ඔහොම අඩු කරලා ආණ්ඩුවට ආදායම් හොයන්නෙ කොහොමද...? ආපහු නට්ටං වෙලා ගෙවන්න වෙනකොට බදු පිට බදු ගහයි එලෙක්ශන් එකෙන් පස්සෙ. :confused::confused::confused:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ඈ බං ඔහොම අඩු කරලා ආණ්ඩුවට ආදායම් හොයන්නෙ කොහොමද...? ආපහු නට්ටං වෙලා ගෙවන්න වෙනකොට බදු පිට බදු ගහයි එලෙක්ශන් එකෙන් පස්සෙ. :confused::confused::confused:

    Moda wahallunwa rawattala chande gannane ban :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,760
    113
    මාලඹේ
    ඈ බං ඔහොම අඩු කරලා ආණ්ඩුවට ආදායම් හොයන්නෙ කොහොමද...? ආපහු නට්ටං වෙලා ගෙවන්න වෙනකොට බදු පිට බදු ගහයි එලෙක්ශන් එකෙන් පස්සෙ. :confused::confused::confused:

    උබ ට ඕනෙනම 15% ගෙවාපන් එකේ අවුලක්. නැහැ:lol::lol:


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,760
    113
    මාලඹේ
    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ

    කකුළුවා කොමත් දිය සැලියේ.
    ලිපි ගිණි මෙලේව්වේ මංගල හිතු හැටියේ.