බදු වැඩි කරමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    127034411_3684220108304541_7629668171151857215_o.jpg

    ඒකාබද්ධ පුවත්පත් නිවේදනය : දුම්කොළ බදු ඉහළනංවා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ආර්ථිකය සුරකිමු.
    දුම්කොළ එය භාවිතා කරන්නන්ගෙන් 50%ක් සහ ශ‍්‍රී ලාංකිකයන් 20000ක් අකාලයේ මරාදමනු ලබයි. එය එක් පුද්ගල සහ ප‍්‍රජා මට්ටමේ දරිද්‍රතාවයෙහි ප‍්‍රධාන නිර්ණායකයක් වන අතරම මන්දපෝෂණ සහ අඩු ආර්ථික ඵලදායීතා විෂම චක‍්‍ර වලටද දායක වේ. දුම්කොළ භාවිතය සහ දුම්පානය කෝවිඞ් 19 හි දරුණු සංකූලතා ඇතිවීම සහ මරණ අවධානම වැඩිවීම කෙරෙහි දැඩි සම්බන්ධතාවයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව පෙන්වා දී ඇත. මේ අනුව, ‘මහජන හිතකාමී‘ රජයකට තම පුරවැසියන් කෝවිඞ් 19 වෛරසයෙන් බේරා ගැනීමට පමණක් නොව, දුම්කොළ ආශ‍්‍රිත විවිධ සෞඛ්‍ය ගැටලූ වැළැක්වීමටත්, ඒ හරහා ඇතිවන ගෘහස්ථ හා ප‍්‍රජා මට්මමේ ආර්ථික හා සාමාජයීය අහිතකර බලපෑම් වැළැක්වීම සඳහාත් දුම්කොළ පාලන ක‍්‍රියාමාර්ග දැඩි කිරීමට මෙය ලැබුණු මහඟු අවස්ථාවක් බව කිව හැකිය.
    දුම්කොළ භාවිතය අඩු කිරීම සඳහා දුම්කොළ බදු ඉහළ නැංවීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප‍්‍රඥප්ති නීතිරාමුව ^FCTC& යටතේ සාක්ෂි පදනම් කරගත් නිර්දේශිත ක‍්‍රමෝපාය හයෙන් එකකි. ශ‍්‍රී ලංකාවද 2003 වර්ෂයේ සිට දුම්කොළ පාලනය කිරීමේ ගෝලීය ගිවිසුම වන මෙහි පාර්ශව කරුවන් ලෙස කටයුතු කරයි. මෙම වසරේ අයවැය යෝජනාවලින් පැහැදිලි වන පරිදි මෙය වැඩිපුර උපයෝගී කර නොගත් උපායමාර්ග වලින් එකක් වුවද බදු ඉහළ නැංවීම, බලවත්, ඵලදායි, මෙන්ම ජයග‍්‍රාහී ක‍්‍රමෝපායක් බව නැවත නැවත ඔප්පු වී ඇත්තේ එය සිය පුරවැසියන් දුම්කොළ වලින් ආරක්ෂා කිරීම පමණක් නොව රජයේ බදු ආදායම ද වැඩි කරන බැවිනි. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, ගෝලීය දුම්කොළ පාලන ප‍්‍රඥප්ති නීතිරාමුව , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ශ‍්‍රී ලංකාව සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය, යන ආයතනයන් ඒකාබද්ධව 2016 දී සිදුකළ දුම්කොළ පාලනය සඳහා වන ආයෝජන පිළිබඳ සිද්ධි අධ්‍යයනයකට අනුව පෙන්වා දෙන ආකාරයට නියමිත ආකාරයෙන් දුම්කොළ බදු වැඩිකළහොත් 2030 වන විට එම ආයෝජනයේ ප‍්‍රතිලාභය 724 ගුණයකි. එනම් රජය ඒ වෙනුවෙන් වැයකරන සෑම රුපියලකටම රුපියල් 724ක් නැවත රජයට ලැබේ. ශ‍්‍රී ලංකා ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඉදිරි වසර හතර තුළ (2020-2023) විද්‍යාත්මක පදනමකින් දුම්කොළ බදු සිව් අදියරකින් වැඩි කිරීමෙන් රජයේ ආදායම ඩොලර් බිලියන 37 කින් ඉහළ යනු ඇති බවත්, දුම්කොළ භාවිතය 12.5% ට වඩා අඩු වන බව (වර්තමාන අගය වන 18% සිට) සහ අවම වශයෙන් ශ‍්‍රී ලාංකිකයන් 141, 391ක් අකල් මරණ වලින්් බේරා ගන්නා බවත්ය.
    එබැවින් ශ‍්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය හා දුම්කොළ පාලනය වෙනුවෙන් පෙනී සිටින වෘත්තිකයන් වන අප, යහපත් සෞඛ්‍ය සහ ආර්ථික මූලධර්ම මඟින් මෙහෙයවනු ලබන, විද්‍යාත්මක සාක්ෂ්‍ය පදනම් කරගත් තාර්කික බදු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසත්, දුම්කොළ බදු වැඩි කිරීම මඟින් සිගරට් මිල ඉහළ යාමෙන් සිගරට් භාවිතා කරන්නන් අඩු කිරීමටත්, ඒ හරහා අපගේ රටත් එහි පුරවැසියනුත් කෝවිඞ් 19 සහ අකල් මරණවලින් ආරක්ෂා කරන ලෙසත් ශ‍්‍රී ලංකා රජයෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ දන්නවද ජූලි, අගෝස්තු , සැප්තැම්බර් මාස 3 ඇතුලත ලංකාවෙ මිනිස්සු කෝටි 4458 (මිලියන 44,589) ක සිගරට් බීලා තියනව..

    බදු ගැහුව කියල මේ සිගරට් බොන එක අඩු වීමක් නම් වෙන්නෙ නැහැ..
     
    • Like
    Reactions: malakadss