මහත්තයෝ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බේ සෝමාරාම නෙමේ ඔසී කොරයා.... ඔය නඩු කතන්දර පට්ට පල් බොරු යැයි ඔසී කොරයාගේ දාගොන්නේ රා තැබෑරුමේ බාර්මන් ලෙස සේවය කළ චාර්ලිස් මාමා දිනක් මාගේ පියා සමඟ කියනවා කුඩා කළ මම අසා සිටියෙමි.
------------------------------------------------------------------------------------------
බණ්ඩාරනායක ඝාතනය වනාහී පනහේ දශකයේ ලංකාව හෙල්ලුූ ප්‍රකට දේශපාලන කුමන්ත්‍රණයකි. ඒ ගැන බොහෝ පත පොත ලියැවී තිබේ. එහෙත් ඒවායේ දහසක් කාරණා ලියැවී ඇතත් සැබෑ සත්‍ය අදටද නීත්‍යනුකූල ලෙස වළලා දමා දෝයි මට සිතේ.
--------------------------------------------------------------------------------------------
බණ්ඩාරනායක මහතාට පසු කලෙක එතුමාගේ භාර්යාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලොව ප්‍රථම අගමැතිවරිය ලෙස ලංකාවෙ අගමැති තනතුරට පත්වූවාය. ඉන්පසු ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරිය ලෙස බණ්ඩාරනායක මහතාගේ දියණියකවූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කිරුළු පැළදුවාය.
-------------------------------------------------------------------------------------------
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඇති කෞතුකාගාරයේ බණ්ඩාරනායක ඝාතන නඩුවේ පිටපත් ද එකී නඩු භාණ්ඩ ද තැන්පත් කර තිබෙනු දැක ඇත්තෙමි. එහි ප්‍රදර්ශනය කොට ඇති එකී පිස්තෝලය සහ වෙඩි වැදුණු වීදුරු ජනේලය දුටු විට අදාල සිදුවීම ගැන යම් සංවේදනයක් මිනිසුන් තුළ ජනිත වේ.
එහෙත් එය දකින හැම විටම මට මා කුඩා කළ දාගොන්නේ අපේ මහගෙදරට පිටුපසින් පිහිටි වත්තේ පදිංචිව සිටි චාර්ලිස් මාමා එදා කියූ කතාව මතක් වේ. එහෙත් බණ්ඩාරනායක මරණයේ වගකීම නීත්‍යනුකූලව සෝමාරාම හා බුද්ධරක්ඛිත යන හාමුදුරුවරුන්ට පැවරී තිබේ. දේශපාලන කුමන්ත්‍රණ වල මැදපුරුක් ලෙස අවිඥානිකව සම්බන්ධවන එවැනි අසරණයින්ගේ ආත්ම වලට සිදුවන සංතෑසිය ගැන සිතාගත නොහැකිය.
----------------------------------------------------------------------------------
අදාල නඩු වාර්තා අනුව කිසියම් උසස් පොලිස් නිලධාරිකු (ටිරල් ගුණතිලක වැනි නමක් යැයි මට මතක) අදාළ පංසලේ හාමුදුරුවන්වහන්සේ බැහැදැකීමට නිල ඇදුමින් ගොස් වැඳීම සඳහා සැකසීමේ දී ඉණ තිබූ රිවොල්වරය ඉදිරිපස පෝටිකෝවේ තබයි. ඒ ගැන හාමුදුරුවන්ගෙ අවධානය යොමු වන අතර අවසන පංසලේ වෙල්යාය අද්දර කදුරු ගෙඩි වලට වෙඩි තබන්නට තල්දූවෙ සෝමාරාම හිමියනට අවස්ථාවක් ද ලැබේ. එකී හිමිවරු අගමැතිගේ අතිශය සමීපතම අධාරකරුවන් වූ අතර නිතර දෙවේලේ රොස්මිඩ් මැදුරට වැඩම කළ සඝගණ වූහ.
එහෙත් චාර්ලිස් මාමා කිව් පරිදි එකී කුමන්ත්‍රණයේ මහ මොළකාරයකු වූ එකී උසස් පොලිස් නිලධාරියා හිමිනම කදුරු ගෙඩි වලට වෙඩිතැබූ රිවොල්වරය ඇඟිලිසලකුණු නොමැකෙන ලෙස පොලිතින් කවරයක ඔතා සුරැකිව රැගෙන ආ බවත් අවසානයේ අරලිය ගහ මැදුරෙදී අගමැතිට වෙඩි තැබුවායැයි උසාවියට ඉදිරිපත් කළ රිවොල්වරය වන්නේ එය ය. එහෙත් සැබෑවටම වෙඩි තැබූ පිස්තෝලය ඔසී කොරයා සතුව සුරැකිව තිබූ බවත් ඔහු කීවා මතකය.
එතකොට කොහොමද සෝමාරාම පැටලෙන්නේ?..
----------------------------------------------------------------------
ඉතාම සරලය. පෙර කී පරිදි සෝමාරාම හා බුද්ධරක්ඛිත හිමිවරු අගමැතිගේ අතිශය කිට්ටුවන්තයෝය. බුද්ධරක්ඛිත හිමිගේ ගෝලනමක වූ සෝමාරාම හිමි අදාළ දින උදෑසනම කිසියම් පොදු කටයුත්තක් ගැන සාකච්චා කර ගැනීමට අගමැති මුණ ගැසීමට වඩින බව කුමන්ත්‍රණකරුවෝ සැක හැර දැන ගෙන තිබේ. ඒ අනුව උන්වහන්සේ අරලියගහ මැදුරට වැඩම කොට ඇති අතර අගමැතිතුමා පැමිණෙන තෙක් හිඳිනට අසුන්ද පනවා දී තිබේ. එවකට අදමෙන් දැවැන්ත ආරක්ෂක බළමුලුවක් හෝ ආරක්ෂක ක්‍රියාපටිපාටි තිබී නැත. ඒ අනුව අගමැතිවරයා සෝමාරාම හිමි ලඟට පැමිණ වැඳීමට සැරසෙද්දීම ශ්‍රමණ වෙසින් පැමිණි අංක එකේ දාමරිකයකු වූ ඔසී කොරයා වෙඩි තබා එදා පොළිතින් කොළයේ ඔතා තබාගත් සෝමාරාම හිමිගේ ඇගිලි සළකුණු සහිත රිවෝල්වරය ස්ථානයේ දමා තාප්පෙනුත් පැන අන්තර්දාන වී තිබේ. හාමුදුරු කෙනෙකු වෙඩි තිබ්බායැයි ඇති වූ සඳහන අනුව වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක පොලිස් භටයින් එතැන වික්ෂිප්ත වී සිටි සෝමාරාම හිමියනට ද වෙඩි තැබූ අතර උන්වහන්සේගේ වෘෂණ කොශ වලට ඉන්හානි වී තිබූ බව ද පැවසේ.
ආරක්ෂක භටයින්ගේ වෙඩි පහරින් තුවාල ලත් සොමාරාම සහ ඔසී කොරයා විසින් කුමන්ත්‍රණකාරී ලෙස දමා ගිය පෙරකී රිවොල්වරයත් අනුව සෝමාරාම හිමියන්ට පූරුවේ කළ මොකක්දෝ අන්දබජල් කරුමයක් පටිසන් දීම සිදුවිය. අවසන මරණ දඩුවම හිමි වූ සෝමාරාම අබිරහස් ලෙස ඊට පෙරාතුව වස දී මරා දැමුණු බව ද ඔහු තමන්ට සිදු වූ මහපොළොව නුහුලන අපරාධයට නිසි යුක්තියක් ඉටු නොවීම නිසා සිය ආගම ද අත්හල බව පැවසේ.

ඒ දිනවල සිය හාම්පුතා වූ ඔසී කොරයා එකී ගේමට හිස මුඩු කොට සිටි බවත්, ඒ ගැන විමසන වුන්ට තමන් කතරගමට වූ භාරයක් ඔප්පු කිරීම පිණිස හිස මුඩුකළා යැයි පැවසූ බවත් චාර්ලිස් මාමා කීවේය.
ඔසී කොරයාට ඇයි අගමැති මරන්න තරම් කේන්තියක්?..
---------------------------------------------------------------------------------
ඔසී කොරයාගේ කුප්‍රකට කුකුල් කෙටවීම බූරු ගැස්සවීම පිළිබඳ එවකට ලංකාවේම කුප්‍රසිද්ධ දාගොන්නේ සූදු පොළ බණ්ඩාරනායක අගමැතිවරයා විසින් දෙන ලද නියෝගයක් අනුව වැටලීමෙන් හා ඒවා මැඩලීමට නිරන්තරව කළ උත්සාහ නිසා එය ඇති වූ බව පැවසේ.
එසේම එවකට ලංකාවේ සිටි ප්‍රබලතම පාතාලනායකයා වූයේ ද ඔසී කොරයා බවත්, ඔහු ලව්වා මේ කටයුත්ත සිදුකරගැනීම පිටුපස වෙනත් ප්‍රබල දේශපාලන යටිකූට්ටු කුමන්ත්‍රණයක් දියත්වී ඇති බව සක්සුදක්සේ පැහැදිලිය.
---------------------------------------------------------------------------------------------
මා මෙම සිදුවීම පිළිබඳව චාර්ලිස් මාමා මාගේ පියාට කියූ කතාව ඇසුවේ මීට වසර 30ක් හෝ 35කට පෙරය. ඒ වැඩිහිටියන්ගෙ කතාවලට නෝමල් එකේ හොට දාගෙන අවිධිමත් අධ්‍යාපනයක් ලැබීමට මාතුළ තිබූ අවලං හැකියාව නිසාමය. එහෙත් එකී ඔසී කොරයා ද ඒ පැත්තේම නාහෙට නාහන කොල්ලන් සෙට් එකක් සමග ගෝරියක් දාගෙන ඇති වූ ගුටි හුවමාරුවකින් මීගමුව තෙල්වත්ත හන්දිය ප්‍රෙද්ශයේදී මරණයට පත්වී තිබේ. චාර්ලිස් මාමාද මීට වසර 20කට පමණ පෙර මිය පරලොව ගියේය.
-------------------------------------------------------------------------------------
ඒ අනුව නීත්‍යනු කූල ඝාතකයා ලෙස නිරපරාදේ අපකීර්තියට පත් එකෙකුත්, සැබෑ ඝාතකයා සහ ඔහුව මෙහෙය වූ දේශපාලන කණ්ඩායම අත සෝදාගෙනත් සිටිමත් වනාහී ලංකා දේශපාලන ඉතිහාසය තුළ ඉදිරියටත් සිද්ධවන ආකාරයේ අපබ්‍රංශ ක්‍රියාදාමයන්ය.
කෙසේවෙතත් මෙය මාගේ කණින්ම ඇසූ චිත්‍රපටයක් තැනීමට තරම් වූ ත්‍රාසය භීතිය අවිනිශ්චිත බව පිරි සත්‍ය කතා පුවතක්ය.
Author - සමනොළ විජයරත්න
උපුටා ගැනීම