බන්දුලට කෙදිරි ගෑවෙන්නයි යන්නේ.. සීනි බදු වංචාවට CID කැදවයි.. ෆයිල් අරන්ම එන්න කියයි...... meek meek

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෙට (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

    ඒ පසුගිය ගෝටාභය රාජපක්‍ෂ රජය සමයේ සීනි ආනයනයේදී බදු වංචාවක් සිදුව ඇතැයි ලැබී ඇති පැමිල්ල මත සිදුවන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.


    සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ධ රුපියල් පනහ සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම අහිමි කරන ලදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී තිබේ.


    එවක රජයේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.


    එම සිදුවීමට අදාළව ඔහු සතුව කිසියම් ලිපිගොනු ඇත්තේ නම් ඒවාද රැගෙන පැමිණ ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වා ඇත.


    https://elakiri.com/threads/සීනි-බද...න්-එම-මුදල්-අය-කරගැනීමට-යළිත්-උපදෙස්.2139364/
     
    • Dislike
    Reactions: netudara

    Similar threads