බඳින්න ඕනෙවට බඳින කසාද

May 26, 2016
71
4
0
බඳින්න ඕනෙවට බඳින කසාද

මං මේ මාතෘකාව ගැන කතාකරන්න හිතුවේ අපේ රටේ තරුණ තරුණියෝ ගොඩක් දෙනෙක් විවාහය කියන තැනදී මංමුලා වෙලා වගේ පෙනුන නිසා.
ඇත්තටම ඇයි අපි කසාද බඳින්නෙ? අම්මලා තාත්තලා කියන නිසා? වයස හරි නිසා? නෑදෑයෝ කියන නිසා? වටෙපිටේ මිනිස්සු කතාවෙන නිසා?
දෑවැද්දක් ඕනේ නිසා? සෙක්ස් කරන්න ඕනේ නිසා? බඳිද්දී හොයලා බලන හිතලා බලන අන්තිම හේතුව තමයි දැන් ආදරේ.. දැන් විවාහය කියන්නේ බිස්නස් එකක්. කෙල්ල උගත් නං හොඳ රස්සාවකුත් තියෙනවනන් හොයන්නේ රටේ ඉන්න උගත්ම සල්ලි කාරම රස්සාවට තත්වෙට පවුලට ගැලපෙන පෙනුමත් තියෙන කොල්ලෙක් .. කොල්ල ගේ පැත්තෙනුත් එහෙමයි.. හැබැයි දැන් මේ කසාද බිස්නස් එකේ හුවමාරු වෙන්නේ මිල මුදල් බලපුලුවන්කාරකන් මිසක් ආදරේ නෙමෙයි.. තමන් ආදරේ කරන , කරපු කෙනා දුප්පත් නිසා එහමත් නැත්තන් ගොඩක් උගත් නැති නිසා , පවුල් තත්වේ මදි හින්දා අම්මල තාත්තලා අකමැති නිසා කොච්චර ආදරේ කියා කියා හිටියත් අන්තිමට අත ඇරලා දාන අපේ කොල්ලෝ කෙල්ලෝ අන්තිමට හොයන්නේ අර මං මුලින් කිව්වා වගේ උගත් , රූමත් , ධනවත් , චරිතවත් , කඩවසම් වගේ පට්ටම් ගොඩක් තියෙන කොල්ලෙක් කෙල්ලෙක්ව.. මේක කොච්චර දුරට සාර්ථකද? අපි අවට ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත දිහා ටිකක් හැරිලා බලද්දී ඕන තරන් උදාහරණ ලැබෙයි.. සල්ලි තියෙන , බලය තියෙන තැන ගොඩක් වෙලාවට ආදරේ බින්දුවක්වත් නෑ.. ආදරේ නැතී තැන සතුට සැනසීම බින්දුවක්වත් නෑ.. අන්තිමට වෙන්නේ අම්මල තාත්තල කැමතිවෙලා බිස්නස් එකක් වගේ හුවමාරු කරගත්ත මිල මුදල් තත්වය බලය මැද්දේ තරුණ ජීවිත අන්ධකාරෙට වැටෙන එක.. ආදරේ කරලා බඳින එක කාගේවත් යෝජනාවකින් හඳහන් ගලපාගෙන බඳිනවට වඩා සාර්ථකයි කියලයි මම හිතන්නේ.. මොකද එතන වෙන මොනා නැතත් ආදරේ තියෙනවා.. සල්ලි බාගේ නැතුව අන්ත අසරණ උනත් නියම ආදරේ තියෙන තැන පවුල් ජීවිතේ සාර්ථකයි.. එකමුතුයි.. වැටිච්ච තැන ඉඳන් ගොඩ එන්න ආදරේ ලොකු ආශිර්වාදයක් වෙනවා.. එත් විවාහ වෙන්නේ මං අර උඩින් කියපු හේතු නිසා මිසක් ආදරේ , හැඟිම් ඇතුව නෙමෙයිනන් එතනම ජීවිතේ අවුල් ජාලයක් වෙනවා.. මිනිස්සුන්ට පෙන්න මවාපාන සැප සම්පත් ඉතිරෙන්න තියෙන සතුට ආදරේ නැති විවාහයකට වඩා විවාහ නොවී සිටීම හොඳයි.. මං කියපුවගේ ගත යුත්තක් ඇති , වැරදිත් ඇති.. මට ඕනේ උනේ මෙන්න මේ ටික කියන්න.. විවාහයකදී ආදරයට මුල්තැන දෙන්න.. අනිත් හේතු ගැන හිතන්න ඊට පස්සේ
 
  • Like
Reactions: ^Buddhika^

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    redda thamai.....umba nam polawe paya gahapu ekek newei......adaraya nisa witharak bandala agahingakam eddi adaraya puken yanne...kawru monawa kiwwath aththa ekai...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    1462572743-40f1c2978387e3ecf4bc877a04278fd8.gif
     

    Panaroma777

    Member
    May 26, 2016
    10
    1
    0
    adareth thiyenne ona ban.anith ewath ona.naththan jeewath wenna baha.uba sujeewa prasannaarachchige novels kiyawanawa neda:P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කව්රු කොහොම කිව්වත් හැමෝටම ඕන ආදරේ කියන හේතුවට විතරක් කසාද බඳින්න තමයි , එත් එක 98% උන්ට කර ගන්න බැහැ , මේ ලෝකේ අපිට ඕන දේම කරන්න බැහැ , අන්තිමේදී පැමිණි දුක් පැණි රසයි කියල හැමෝම ඉන්නවා . මොකද කෙල්ලෙක් උනත් කැමති නැහැ බන් ආදරේ වෙනුවෙන් කියල බැඳලා දර ලිපේ බත් උයා උයා දුක් විදින්න :D . එත් උනුත් කැමතියි ආදරේ කියන හේතුවට විතරක් කසාද බඳින්න එක වෙන්නේ නැහැ ,දුක් විදින්න රැඳු වෙන්න තීන අකමැත්තට , පැමිණි දුක පැණි රස කර කර කන අය කැමති නැහැ එක දුකක් කියල පිලි ගන්න.:lol::lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අනිත් එක සුරංගනා කතා වලට වඩා ඇත්ත ලෝකේ වෙනස් බන් , දෙන්නෙක් අකමැත්තෙන් ගෙවල් වල බල කිරීමට කසාද බැනදත් ,ඒ දෙන්න එකට කාලය ගෙවද්දී ඉබේටම කැමැත්තක් ඇති වෙනව එක පස්සේ ආදරේ වෙන්නත් පුළුවන් :P
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ආදරේ කියන්නේ බිස්නස් එකක් තමය් , කවුරුවත් ගිහින් හිගන්නෙකුට ආදරේ කරන්නේ නෑ නේ . පෙනුම පවුරුෂත්වය හරි මොනවා හරි තියෙන කෙනෙකුට තමා ආදරේ කරන්නේ.
     
    May 26, 2016
    71
    4
    0
    redda thamai.....umba nam polawe paya gahapu ekek newei......adaraya nisa witharak bandala agahingakam eddi adaraya puken yanne...kawru monawa kiwwath aththa ekai...


    ai redda.. anith hethu gana aadare gana hithuwata passe thiyenne ahawal ekakatada man methana kiyanne sallli mulata daagan nathuwa aadare mulata daagena jeewithe liyahan kiyana eka.. thopi wage harakta eka theren naa..
     
    May 26, 2016
    71
    4
    0
    අනිත් එක සුරංගනා කතා වලට වඩා ඇත්ත ලෝකේ වෙනස් බන් , දෙන්නෙක් අකමැත්තෙන් ගෙවල් වල බල කිරීමට කසාද බැනදත් ,ඒ දෙන්න එකට කාලය ගෙවද්දී ඉබේටම කැමැත්තක් ඇති වෙනව එක පස්සේ ආදරේ වෙන්නත් පුළුවන් :P

    e aadare athiwenne sex , lamai saha loka apawaadayangen berenna pawula kiyana bandeema rakaganeeme uwamanaawa matha.. meka godak e wage pawul jeewitha gana ahaddi penena deyak..
     
    May 26, 2016
    71
    4
    0
    ආදරේ කියන්නේ බිස්නස් එකක් තමය් , කවුරුවත් ගිහින් හිගන්නෙකුට ආදරේ කරන්නේ නෑ නේ . පෙනුම පවුරුෂත්වය හරි මොනවා හරි තියෙන කෙනෙකුට තමා ආදරේ කරන්නේ.

    aadare nathi thanaka oya monawaa thibunath sabaa sathuta thiyeida?