බඳින්න ඩිවෝස් වෙන්න බබ්බු හදන්න ඉන්න අයට උපදෙස් ටිකක්.....

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඩිවෝස් උනේ ඇයි?
    උබ කැමැති නම් උබගෙයි වයිපරේගෙයි උපන් දින, වෙලාව, ස්ථානය එවන්න. (මම ජෝතිෂ්‍යකාරයෙක් නෙමෙයි. ඒත් මම ඒක ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්.) ඔයාලා වෙන් උනේ ඇයි කියලා මම දන්න දැනුමින් සමහර විට කියන්න පුළුවන් වෙයි
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,573
    1,264
    113
    මෙන්න මෙතන
    ඩිවෝස් උනේ ඇයි?
    උබ කැමැති නම් උබගෙයි වයිපරේගෙයි උපන් දින, වෙලාව, ස්ථානය එවන්න. (මම ජෝතිෂ්‍යකාරයෙක් නෙමෙයි. ඒත් මම ඒක ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්.) ඔයාලා වෙන් උනේ ඇයි කියලා මම දන්න දැනුමින් සමහර විට කියන්න පුළුවන් වෙයි
    එක් උනේ ඇයි කියලා කියන්න පුළුවන් ද?
     

    Priyan6897

    Member
    Aug 29, 2008
    21
    2
    3
    UKNjWES.jpg
    😂😂😂
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    බැන්ද ගමන් බබ්බු නම් හදන්න එපා. මොකද මොනවා හරි වෙලා ඉන්න බැරි තැන උඹ ලෝයර් කෙනෙක් ගාවට ගියොත් එයා ඉස්සෙල්ලම අහන්නේ බබාලා ඉන්නවද කියලා. ඩිවෝස් වෙන්න ගියත් නඩත්තු ගෙවන්න වෙනවා. වන්දි ගෙවන්න වෙනවා. ඊට පස්සේ දෙන්නටම ආයෙ බඳින්න ලේසිත් නෑ. මොකද බබ්බු ඉන්න අය බඳින්න කැමති නෑ වැඩි දෙනෙක්. බබ්බු නැති අයට තමා demand. ඒක නිසා අවුරුද්දක් දෙකක් විතර ගිහිල්ලා ඒ ගැන හිතන්න.

    Valid point
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    282657004_1335818040255464_5999461484704531887_n.jpg


    සෝමාලියාවේ සම්ප්‍රදායට අනුව පිරිමින් විවාහ විය යුත්තේ වයස අවුරුදු 17-18 දීය. පිරිමියෙකු වයස අවුරුදු 20 සමත් වී විවාහ නොවී සිටියහොත් ඔහු ගෝත්‍රයට නිගාවක් වන අතර අනෙකුත් ගෝත්‍රවලට නින්දාවකි. සෝමාලියානු ජාතිකයාට තම පළමු බිරිඳ තෝරා ගැනීමට අයිතියක් ඇති අතර ඔහුගේ තේරීමට බාධා කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.
    ඔහුගේ බිරිඳ ඔහුගේ පළමු දරුවා බිහි කළ පසු, ඔහුගේ මව ඔහුට ඇය කැමති දෙවන බිරිඳක් තෑගි කරයි. සෝමාලියානු සම්ප්‍රදායට අනුව පුරුෂයා තම 30 වැනි උපන්දිනය තෙවැනි භාර්යාව සමඟ සැමරිය යුතුය. සිව්වන බිරිඳ සම්බන්ධයෙන් ගත් කල, ඔහු ඇයව විවාහ කර ගත යුත්තේ, ඔහුට වයස අවුරුදු 40 ට පෙරය. මෙම වයස ගෙවී ගියහොත් ඔහුට භාර්යාවන් 4 දෙනෙකු නොමැති නම්, ඔහු තම පවුල සහ ගෝත්‍රය අපකීර් තියට පත් කළ බව විශ්වාස කෙරේ.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    282657004_1335818040255464_5999461484704531887_n.jpg


    සෝමාලියාවේ සම්ප්‍රදායට අනුව පිරිමින් විවාහ විය යුත්තේ වයස අවුරුදු 17-18 දීය. පිරිමියෙකු වයස අවුරුදු 20 සමත් වී විවාහ නොවී සිටියහොත් ඔහු ගෝත්‍රයට නිගාවක් වන අතර අනෙකුත් ගෝත්‍රවලට නින්දාවකි. සෝමාලියානු ජාතිකයාට තම පළමු බිරිඳ තෝරා ගැනීමට අයිතියක් ඇති අතර ඔහුගේ තේරීමට බාධා කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.
    ඔහුගේ බිරිඳ ඔහුගේ පළමු දරුවා බිහි කළ පසු, ඔහුගේ මව ඔහුට ඇය කැමති දෙවන බිරිඳක් තෑගි කරයි. සෝමාලියානු සම්ප්‍රදායට අනුව පුරුෂයා තම 30 වැනි උපන්දිනය තෙවැනි භාර්යාව සමඟ සැමරිය යුතුය. සිව්වන බිරිඳ සම්බන්ධයෙන් ගත් කල, ඔහු ඇයව විවාහ කර ගත යුත්තේ, ඔහුට වයස අවුරුදු 40 ට පෙරය. මෙම වයස ගෙවී ගියහොත් ඔහුට භාර්යාවන් 4 දෙනෙකු නොමැති නම්, ඔහු තම පවුල සහ ගෝත්‍රය අපකීර් තියට පත් කළ බව විශ්වාස කෙරේ.
    I am on my way to Somalian embassy or High commission

    මගේ සිහිනය....
    සල්ලි ටිකක් හම්බවුණාම,
    පට්ට පරණ, හද්ද හම්පඩ 4dr5 එකක් ගන්නව....

    Tig or mig වෙල්ඩින් ප්ලාන්ට් එකකුත් අරගෙන
    ගෙදර තියාගෙන කොනක ඉඳන් රීස්ටෝ කරනව......

    ගෑනියෙක් අරං ළමයි හැදුවොත් ඔය හීනෙ සැබෑකරගන්න පුලුවන් වෙයිද???
    මගේ උපදේශය නම්, TIG, MIG ගන්න එපා. oxy acetylene kit එකක් ගන්න.
    ------ Post added on Dec 23, 2022 at 2:11 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    අදහස් නම් හරි අපූරුයි.

    ඒ්ත් මේ ඔහුට දැනෙන හැගෙන විදිය. ඒ්ක ඩිපෙන්ඩ්ස්

    මැරැම් කකා..ආදරෙන් ඉන්න උන් මම තාමත් දකිනවා..අවබෝධය , කැපකිරිම තියනවනම් ...ඒච්චරයි
    ඔබ දකින දේ නෙමේ යථාර්ථය....
    මැරුම් කකා ඉන්නවා නම් කොහෙද බන් ආදරයක්. එව්වා ඇවිල්ලා Trauma Bond. අයින් වෙන්නත් බෑ ඉන්නත් බෑ. අද හරියයි හෙට හරියයි කියල හිතාගෙන ඉන්නවා. සමහරු පොඩි කාලේ අම්මලා තාත්තලා ගහ මරා ගනිද්දී දකින දේවල් එක්ක මේක තමා පවුල් ජීවිතයක් කියන්නේ කියල හිතාගෙන ජීවත් වෙන උනුත් ඉන්නවා. මේක තමා කරුමේ බැඳගත්ත බෙරේ ගහගන්නවා ඇරෙන්න වෙන මොකක් කරන්නද කියල හිතාගෙන ඉන්න උනුත් ඉන්නවා.
     
    • Like
    • Wow
    Reactions: c gate and JokerFan

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනිත් එක ඔය බඳින්න කලින් පූසි පැටව් වගේ ඉන්න අය. තරහ යන රාක්ෂිනියො. බැන්දට පස්සේ තමයි කැරට්ටුව එළියට එන්නේ. ඒ කරන්නේ රඟපෑම. පොඩ්ඩක් හරි තරහ යන්න ඕන. යන්නෙම නැත්තන් රඟපෑම තමා.
    Bump :yes:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    මම බැඳලා අයින් වෙලා ආයේ බැන්ද කෙනෙක්. ඉතිං මට හිතුණා මම ගත්තු අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න ඕන කියලා. කාට හරි ප්‍රයෝජනයක් වේවි නේ....

    කේන්දරය.

    ගොඩක් දෙනා කේන්දර බලනවා. කේන්දර ගොඩක් විශ්වාස කරනවා. විස්වාස නොකරන කෙනෙක් නැති තරම්. ඒ වුණාට අපි එකම කේන්දරය දෙතුන් දෙනෙක් ළඟට අරගෙන ගියොත් එක එක එක්කෙනාගේ උත්තර එක එක වගේ. කෙනෙක් හොඳයි කියනවා තව කෙනෙක් නරකයි කියනවා තව කෙනෙක් සීයට 75යි තියෙනවා. හරි උත්තරයක් නැහැ. ඒ කොච්චර බලලා බැන්දත්. බැඳපු එකාගෙන් ටික දවසක් ගිහින් ඇහුවම කියනවා මේ ගෑනි මහ යකින්නක් ඉන්නේ කියලා. හැබැයි ඕකට කියන්න හරි උත්තරයකුත් නැහැ. මොකද බඳින්න කලින් මූණ නෙමෙයි බැන්දට පස්සේ තියෙන්නෙ. සැබෑ ගති මතු වෙන්නේ බැන්දට පස්සේ. මේ නිසා වෙන්න ඇති යුරෝපය ඇමරිකාව වගේ රටවල ලිවින් ටුගෙදර් වගේ ඒව තියෙන්නෙ. මොකද එතකොට හිටිය හරියන්නේ නැත්තං අයින් වුණා. නඩු යන්නයි අරවා මේවා මොකුත් නෑ. ඒත් ගොඩක් ආසියානු රටවල් වල සංස්කෘතිය එහෙම නෙමෙයි. කේන්දරේ ගැන මගේ අදහස නම් ඒක ලොකු වැදගත් දෙයක් නෙමෙයි.

    එතකොට දෙන්නෙ බදින කොට මොනවද බලන්න ඕන...

    එයා ඔයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ ඔයා එයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඒ දෙක අනිවාර්යෙන් කතා කරගන්න. මොකද නැත්තං බැන්දට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. උදාහරණෙකට කිව්වොත් එයා ඉන්නේ දුරක නං එයා හැම සති අන්තෙම ගෙදර යන්න ඕන කියනව. ඔයා කැමති නෑ එහෙම යන්න. පොඩි නිවාඩුවක් හම්බ වුන ගමන් එයාට ට්‍රිප් එකක් යන්න ඕන. ඔයාට ඕන ගේම් ගහන්න. විශේෂයෙන් ඔය වැඩ කරන තැන්වල කෙල්ලො එහෙම ඔයාට කතා කරනවා නම්.... මම කියන්නේ ඔයා රාජකාරී වැඩ වලට.... ඒවත් බඳින්න කලින් පැහැදිලි කරලා දෙන්න. නැත්තං බැන්දට පස්සේ... ඔයා ඇයි වෙන කෙල්ලො එක්ක කතා කරන්නේ. ඔෆිස් එකේ වැඩ ඇයි ගෙදරදි.... ඔන්න ඕවගේ දේවල් කතාබහ කරන්න බඳින්න කලින්. මොකද නැත්තං ඊට පස්සේ දෙන්නගෙම මූණ හොඳ නැහැ. එක්කෝ රණ්ඩු.

    බොරුව භයානකයි....

    කොල්ලො කෙල්ලෙක්ව කොහොමහරි දාගන්න ලෝකෙ නැති බොරු දාහක් කියනවා. මට අරවා තියනවා මේවා තියෙනවා ලෝකෙ නැති බොරු. කෙල්ලොත් එහෙමයි. විශේෂයෙන් කොල්ලා හොඳ ජොබ් එකක් කරනවා නම්.... ඌට සල්ලි බාගෙ තියනවනං.... කෙල්ල ලස්සනට රඟපාල දැලේ දාගන්න තමයි හදන්නේ. බැන්දට පස්සේ අර රඟපෑම් ඉවරයි. කොල්ලා කියපු බොරු අහු වෙනවා. දැන් ඉතින් ඔන්න ආපහු පවුල් ප්‍රශ්න. ඒක නිසා කවදාවත් බොරු කරන්න එපා. අනෙක් පාර්ශවයන් බොරු කියනවා බොරු අහු වෙනවා නම් එක එක වෙලාවට එක එක ඒවා කියනවා නම්.... අයින් කරලා දැමීම නුවණට හුරුයි. මොකද එක බොරුවක් කියන කෙනා ෂුවර් නෑ. ඔයාටත් කරන්නේ බොරුවම වෙන්න පුළුවන්.

    අනිත් එක ඔය බඳින්න කලින් පූසි පැටව් වගේ ඉන්න අය. තරහ යන රාක්ෂිනියො. බැන්දට පස්සේ තමයි කැරට්ටුව එළියට එන්නේ. ඒ කරන්නේ රඟපෑම. පොඩ්ඩක් හරි තරහ යන්න ඕන. යන්නෙම නැත්තන් රඟපෑම තමා.

    දෑවැද්ද...

    කොල්ලෙක්ට නම් ඉතිං තියෙන ගේදොර ටික ගොඩක් වෙලාවට හම්බ වෙනවා නේ. කෙල්ලට තමයි ඔන්න ප්‍රශ්නෙ වෙන්නේ. තියෙන තැනක් වුනොත් කෙල්ලෙක්ට හම්බ වෙනවා. නැත්තං මුකුත් නෑ. ඒකටම කියලා ජොබ් එකක් තිබුණොත් හොඳයි නැත්තං මොකුත් නෑ. එහෙම මුකුත් නැති කෙනෙක් ගොඩක් වෙලාවට බඳින්නෙ බිස්නස් කට්ටිය. හැබැයි එක කොන්දේසියක් උඩ. මගේ බිස්නස් වැඩවලට උදව් කරන්න ඕන. ඉතින් මුකුත් නැති කෙල්ලෙක් එහෙම හරි හොඳයි කියලා මම හිතන්නේ.

    ගොඩක් කොල්ලෝ බඳින්න කලින් දෑවැද්ද හොයන්නේ නං නෑ. ගොඩක් වෙලාවට ඉතින් අම්මල තාත්තල තමයි ඕවා හොයන්නේ. කොල්ලට ඒව මතක් වෙන්නෙ බැන්දට පස්සේ. ආර්ථික අමාරුකම් දුෂ්කරතා එනකොට... අනෙක් යහළුවෝ දෑවැද්ද තියෙන උන් බැන්දහම.... ඔන්න ඉතින් තමන් බැඳපු එකාගේ දෑවැද්දත් මතක් වෙනවා. 😆 ඇත්තටම කෙල්ලටත් මොනව හරි දෙයක් තියෙනවනම්.... කොල්ලට ඒක හයියක් වෙනවා. කොල්ල අපතයෙක් වුනොත් ඉතින් ඒ ටික ඉවර කරලා දායි. හොඳ එකෙක් වුනොත් දෙන්නම දියුණු වේවි.

    ටිකක් කල් යනකොට නැන්දම්මා ට දුවව එපා වෙනවා..... මිනිහට ගෑනිව එපා වෙනවා. මොකද ඉතින් බැන්දට පස්සේ ඔන්න අඩු පාඩු පේනවා. මොනව හරි තියෙනකොට ගෑනිගෙ පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් අර තියෙන වටිනාකමක් එක්ක මොකුත් කියන්න බනින්න හිතෙන්නෙ නෑ. මිනිහටත් නැන්දම්මා ටත්.

    තව මෙහෙම දෙයක් තියෙනවා. ඔයා බඳින්න ඕන ඔයාගේ තරමේ හැටියට එක්කෙනෙක්. හිතන්නකෝ ඔයා ලොකු ජොබ් එකක් කරන සල්ලි එහෙම තියෙන කෙනෙක් කියලා. කෙල්ලට මොකක්වත් නෑ. ඉතින් ඔන්න ටිකක් කල් යනකොට ගෑනිව එපා වෙනවා. ඔයාට සල්ලි තියෙනවා දේපල තියෙනවා හොඳට ආදායම තියෙනවා ඉතින් ගෑනිව එපා වෙනවා. ඕක ගොඩක් වෙලාවට වෙන්න බිස්නස් කට්ටියට. ඒකනෙ සමහරු කියන්නේ බිස්නස් කාරයෝ නම් බඳින්න එපා කියලා. ඒක නිසා බඳිනකොට එක වගේ පවුලකින් බඳින්න.

    දෑවැද්ද වැඩි වෙන්න වැඩි වෙන්න හැබැයි කෙල්ල යන්නේ අඩියක් උඩින්. සල්ලි දේපල ලැබෙන කොට ඉතින් කවුරුත් එහෙමයි.

    ඔයා ඉන්නේ කොහෙද

    ඔයා ඉන්න ගෑනිගෙ ගෙදර නං. පොඩ්ඩක් සද්දෙ නොදා. කට වහගෙන inna. මොකද උඹට මොනවා තිබුණත්. උඹ ඉන්නෙ ගෑනිගෙ ගෙදර. උඹ කන්නෙ බොන්නෙ හැම දෙයක්ම එහෙයින්. හැමතිස්සෙම ගෙදර අයිතිය තියෙන කෙනාට ලොකු හයියක් හිතට එනවා. මොකද මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට තෝ බැහැපිය ගෙදරින් එළියට කියන්න පුළුවන් ඒකිට විතරයි. එතකොට ඔබ අසරණයි. හැබැයි ඕකෙ අනිත් පැත්තත් එහෙම්මම තමයි.

    බබ්බු හදන එක....

    බැන්ද ගමන් බබ්බු නම් හදන්න එපා. මොකද මොනවා හරි වෙලා ඉන්න බැරි තැන උඹ ලෝයර් කෙනෙක් ගාවට ගියොත් එයා ඉස්සෙල්ලම අහන්නේ බබාලා ඉන්නවද කියලා. ඩිවෝස් වෙන්න ගියත් නඩත්තු ගෙවන්න වෙනවා. වන්දි ගෙවන්න වෙනවා. ඊට පස්සේ දෙන්නටම ආයෙ බඳින්න ලේසිත් නෑ. මොකද බබ්බු ඉන්න අය බඳින්න කැමති නෑ වැඩි දෙනෙක්. බබ්බු නැති අයට තමා demand. ඒක නිසා අවුරුද්දක් දෙකක් විතර ගිහිල්ලා ඒ ගැන හිතන්න.

    සමහරු කියනවා බබ්බු හැදුවහම ප්‍රශ්න ඔක්කොම හරි යනවා කියලා. ඒක තනිකර බොරුවක්. තියන ප්‍රශ්න ඩබල් ත්‍රිබල් වෙනවා මිසක්. බබා ඇවිල්ල ඔයාලගේ ප්‍රශ්නෙ විසඳන්නේ නැහැනෙ...

    කොක්ක ගහගන්න ඕන කෙල්ල කපටිකමට කරන්නේ බැන්ද ගමන් ළමයි හදමු කියනවා. ඊට පස්සේ ළමයා ඉන්න හින්දා අයින් වෙන්නත් බෑ. මේ ගෑනියෙක් එක්ක ඉන්නත් බෑ. උඹට මැරෙන තාක් ජීවිතේ විඳව විඳව ඉන්න ඇහැකියි. හැබැයි ඉතින් මම නම් කියන්නේ ළමයි හිටියත් නැතත් ඉන්න බැරි නං අයින් වෙන්න. අපි ඉන්නකම් ජිවිතේ විඳිනවා මිසක් විඳවන්න ඕන නෑ.

    ගෑනිට / මිනිහට බෙහෙත්....

    සමාජයේ සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා විවිධ මානසික රෝග තියන. සමහරු නිස්කාරණයේ සැක ඇති කරගෙන මිනිහට බනිනවා. එක්කෝ මිනිහා කොච්චර සැලකුවත් ගෑනිට මදි. Depression. Delusions Disorder. Schizophrenia.

    ඕවා ඔක්කොම මානසික රෝග.
    කවුන්සලින් ගියාට වැඩක් වෙන්නෙ නෑ.
    ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න.
    චූටි පෙත්තක් දේවි බොන්න කියලා. බොන්න ඕනේ දවස් දෙකයි තුනයි අර තිබ්බ යක්ෂ ගති ඔක්කොම නැති වෙලා යනවා. හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ පෙත්ත පොවන එක තමයි අමාරුම වැඩේ. මොකද මානසික රෝග තියන කෙනා දන්නෙ නෑ තමන්ට මානසික රෝගයක් තියෙන විත්තිය. ඒක පේන්නේ එයත් එක්ක ජීවත් වෙන කෙනාට. සමාජයට පේන්නෙත් නැහැ. මිනිහා එක්ක ඉන්නකොට විතරයි ලෙඩේ තියෙන්නේ.

    වතුර එකකට හරි බීම එකකට හරි දාලා පොවන්න. සතියක් වගේ ඇතුලත ගෑනිගෙන් හොඳ වෙනසක් දැනෙනවා නම්... දිගටම දෙන්න. පුළුවන් තරම් බලන්න ගෑනිටත් වැඩේ පැහැදිලි කරලා දීලා එයාගේ කැමැත්තෙන් ම බොන්න පුරුදු කරවන්න. ගොඩක් මානසික රෝග වලට ජීවිතාන්තය දක්වාම බෙහෙත් බොන්න වෙනවා.

    ගෑනි ගෙදර ලොක්කා වෙන්න ගියාම....

    සමහර ගෑනු හිතන් ඉන්නව මං කියෙන විදිහට තමයි හැමදේම වෙන්න ඕන. හැමදේම කරන්න ඕන කියලා. දන්න රෙද්දකුත් නෑ. හිතන් ඉන්නේ එහෙමයි. මේක සමහර වෙලාවට ජානමය ගතියක් වෙන්නත් පුළුවන්. සමහර මිනිස්සු නං ඕන එකක් කරගන්න කියලා නිකන් ඉන්නවා. සමහරුන්ට නං ඉතින් මල පනිනවා. මේකට විසඳුමක් නම් මම දන්නෙ නැහැ. දන්න කෙනෙක් පහලින් comment කරන්න යන්න... 🤭

    ගෑණිට අරන් දෙන්න....

    බැඳලා කාලක් යනකල් නම් වටින කියන කිසි දෙයක් ගෑනිගෙ / මිනිහගෙ නමට අරන් දෙන්න එපා. වාහන, ගෙවල්, සෝලා පැනල්... වගේ ඒවා. මොකද අයින් වෙන්න වුණොත් ඒව ගන්න තව කලක් යනවා. මිනිස්සු ලැබෙනවට කැමතියි. දෙන්න කැමති නෑ....

    ඩිවෝස් වෙන්න....

    ඔයාලා දෙන්නා සතුටින් නෙමෙයි නං ඉන්නේ. ජීවිතේ විඳවනවා නම්.... ඔයාට කෙල්ල ගැන ආදරයක්... හැඟීමක් ඇති වෙන්නේ නැත්තං. ලිංගික ජීවිතයක් නැත්තං. කෙල්ල එපා වෙනකොට ලිංගික ජීවිතේ නිකම්ම නීරස වෙනවා. බයවෙන්න එපා. අයින් වෙන්න. ඩිවෝස් වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. ආයෙ බඳින්න පුළුවන්. නැත්තං තමන්ගේ පාඩුවේ වැඩක් බලන් inna.

    බැඳලා අවුරුද්දක් දෙකක් වගේ නං හිටියේ. ළමයි නැත්තං. ඩිවෝස් කේස් එකක් දාන්න. බයවෙන්න එපා වන්දි දෙන්න වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද දෙන්නටම බඳින්න තව කාලය තියෙනවනේ. එතකොට වන්දි ඉල්ල ඉල්ල අවුරුදු ගණන් යනවට දෙපැත්තම කැමති නැහැ. සාමදානයෙන් ඉවර කරගන්නව. තවත් ඉක්මන් කරගන්න ඕන නම් මෝෂන් එකක් දාන්න ලොයර්ට කියල.

    හැබැයි ළමයි ලැබිලා අවුරුදු ගණන් ගිහින් නඩු දැම්මොත්... ගෑනි හිතනවා ආයෙ බඳින්නේ නෑ වන්දියක් හරි නඩත්තු හරි අරන් ගෙදරට වෙලා ඉන්නවා ළමයත් බලාගෙන කියලා. ළමයෙක් හිටියොත් ඔයාට ගොඩක් වෙලාවට බඳින්න වෙන්නේ ආයේ ළමයෙක් ඉන්න කෙනෙක් ම තමයි. ළමයි නැති අය ළමයි තියෙන අය බඳින්නේ නැහැ.


    සමහරු හිතනවා බැන්දට පස්සේ ඔක්කොම හරි කියලා. ඩිවෝස් කියලයි එකක් මතකත් නැහැ. ඒ විදියට වැඩ කරාම නිකම්ම ඩිවෝස් වෙන තැනට තමයි යන්නේ. ඩිවෝස් උනාට පස්සේ තමයි හිතෙන්නේ කරගත්තු ගොන් කම කියලා. ඉතින් ඊට පස්සේ පරක්කු වැඩියි.

    පැමිණිලි පාර්ශවයට ගොඩක් වෙලාවට අනුකම්පාව යනවා. මොකද අනෙක් පාර්ශවයත් එක්ක ඉන්න බැරි නිසා එයා නේ නඩු දැම්මේ. එතකොට එයාගේ වරදක් නැහැ කියලා තමයි ඕන කෙනෙක්ගෙ හිතට එන්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා එයා හොඳමයි කියලා කියන්න බැහැ එයාගේ වැරදි තියෙන්න පුළුවන්. එහෙමයි කියල ආයේ නොබැඳපු කෙනෙක් නම් ඔයාට ලැබෙන්නේ නෑ. දුප්පත්ම කෙනෙක් ඇරෙන්න.

    ආයෙ බඳින්න අදහසක් නැත්තං... වයසට ගියාම බලන්න කෙනෙක් නැත්තං. දැන් තියෙනවා 5 ස්ටාර් වගේ අනාත නිවාස. දොස්තරලා නර්ස් නෝනලා... පැය 24 ම ඉන්නවා. සල්ලි දේපළ විකුණලා එහෙම තැනකට ගියත් කමක් නෑ කියල මම නම් හිතන්නේ. ඒවා ගැන නම් මට වැඩිය අත්දැකීමක් නැහැ. අහල තියෙනවා විතරයි.

    හරියන දෙන්නෙක් හම්බවුණාම ජීවිතයේ නියමයි. සතුටුයි. පොඩි පොඩි වලි ගියත්. ආයේ යාළු වෙනවා. ජොලියෙ ඉන්නවා. දෙන්නට දෙන්න වටිනවා. ආදරෙයි.

    හැබැයි ඉතින් ඕකෙ අනිත් පැත්ත වුණත් අපාය වගේම තමයි. ඉන්නවට වඩා හොඳයි මැරෙන එක කියලා හිතෙන්නේ. එහෙම හිතෙනවා නං අම්මල තාත්තල එපා කිව්වත් කමක් නෑ අයින් වෙන්න.

    බැන්දට පස්සේ දෙන්නට වෙනම ඉන්න තියේ නම් ගොඩක් හොඳයි.
    නැත්තන් ඉතින් අම්ම හරම කිව්වා මට.... තාත්ත මෙහෙම කිව්වා මට.... උඹ කන්කරච්චලේ.....

    මගේ ජීවිතයේ මම ගත්ත අත්දැකීම් ඔන්න ඔයාලත් එක්ක මම බෙදාගත්තා. මට වඩා තවත් අත්දැකීම් තියෙන අය මේකෙ ඇති. එයාලගේ කමෙන්ට්ස් උත් පහලින් කොටං යන්න.

    එහෙනම් ඉතින් සුභ අනාගතයක් 🙏
    Thanks!!!
    Up