බමුණු කුලය රකින්නට
"කෝ ගැමුණු?"
ඊයෙ සයිටම් දෙමාපිය සංගමය මාධ්‍ය හමුවක් කැඳවලා කියනවා වෛද්‍ය ශිෂ්‍යන් සහ වෛද්‍යවරු මේ සයිටම් අහෝසි කරන්න කියන්නේ තියෙන වෘත්තිය කුහකත්වය නිසාලු.අනාගතයේ එයාලගේ දරුවන් එක්ක තරඟ කරන්න වෙයි කියල බයටලු.තව වෛද්‍යවරුන්ගේ බමුණු කුලය රැකගන්න ඕන කමටලු.
.
එහෙම කියුවට ඊයෙ සයිටම් දෙමාපිය සංගමයේ මාධ්‍ය හමුවෙ වෙනසක් තිබුණා.වෙනදට මාධ්‍යට අදහස් දක්වන එහි සභාපති ගැමුණු විජේරත්න මහත්තයා පේන්න හිටියෙ නෑ.හිටියෙ ඒකෙම ආචාර්යවරු විදිමට සේවය කරන වෛද්‍යවරු පිරිසක් සහ විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක්.
.
ඇත්තටම මේකට හේතුව විදිහට දැන ගන්න ලැබුණේ මේ වෙද්දි සයිටම් ආයතනය තුලම සිසුන් කොටසක් දැඩි අසාධාරණයට ලක් කිරීමලු.
සයිටම් ආයතනයේ ගුණාත්මක නොවන සායනික පුහුණුව සහ ප්‍රමිතිගත නොවන අධ්‍යාපනය හමුවේ ඉදිරියේදී විභාගවලට තම දරුවන් මුහුණ දෙන්නේ කෙසේදැයි දෙමාපියන් දිගින් දිගටම ප්‍රශ්නකර තිබුණා.මෙයට සයිටම් පාලනාධිකාරිය කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබුණ් නෑ.
.
මෙයට විසඳුමක් ලෙස මේ ආයතනයේ තම දරුවන් ඉන්න ආචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු තම පුද්ගලික ප්‍රතිකාර සේවා ස්ථාන වලදී ඔවුන්ගේ දරුවන්ට අමතර පුහුණුවක් ලබා දීමත් එම අවස්තාව ගැමුණු විජේරත්න වැනි මුදල් ඇතත් එවන් හැකියාවක් නැති දෙමාපියන්ගේ දරුවන්ට අහිමි වීම නිසාත් එම සිසුන් දැඩි අසාධාරණයට ලක්ව තිබෙනවා.මේ නිසා ඔවුන්ගේ දරුවන් අභිබවා වෛද්‍යවරුන්ගේ දරුවන් පෙරට පැමිණීමේ තත්වයක් පවතිනවා.
.
මෙවන් පසුබිමක ගැමුණු විජේරත්න ප්රමුඛ සයිටම් දෙමාපියන් බහුතරයක් යටත් කර සැමට සාධාරණයක් ඉටු කල හැකි එකම ක්‍රමය වන ප්‍රමිතිගත රාජ්‍ය වෛද්‍ය පීඨයක් කල යුතුයැයි ස්ථාවරයකට පැමිණ තිබෙනවා.
.
මේ අනුව සැබවින්ම බමුණු කුලය රකින්නට වෙර දරන්නේ නෙවිල් ප්‍රනාන්දු,නෙවිල් පෙරේරා ප්රමුඛ කීප දෙනෙක් බව පැහැදිලිය.
වෘත්තිය කුහකත්වයෙන් පෙලෙන්නේ කිසිදා සාධාරණ ක්‍රමයක් යටතේ තම දරුවෙක්ට වෛද්‍යවරයෙක් වන්නට බැරිබව සක්සුදක් සේ දත් සහ වෛද්‍යවරුන් කෙරේ දැඩි වෛරයකින් පෙලෙන රාජිත ප්රමුඛ පිරිස්බව පැහැදිලිය.
සයිටමයේ බහුතරයකගේ දෙමාපියන්ද අද වනවිට සයිටම් පූර්ණ ජනසතුවක් ඉල්ලීම සයිටම් විරෝධී පෙරමුණ ලත් ජයග්‍රහණයකටත් වඩා සයිටම් ආයතනය තුලින්ම ඊට එරෙහිව උපන් ප්‍රබල ස්වයං විවේචනයකි.