~ බඹරකුස්සා ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බඹරකුස්සා
    ==========

    මේ තියෙන්නෙ Wangling tang නැමැති ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද ඡායාරූපයක්. National geographic ඡායාරූප එකතුවට කලකට පෙර එක්වු මේ ඡායාරූපයේ සිටින්නේ European honey buzzard (Pernis apivorus) නැමැති පක්ශි විශේෂය. මොවුන්ගෙ තිබෙන විශේෂත්වය තමයි බඹර වද, දෙබර වද, මී මැසි වද වලට පහරදී ඒවායින් කොටස් පැහැර ගැනීම. මේ ඡායාරූපයේ තිබෙන්නෙත් ඒ වගේ අවස්ථාවක්. වදයේ අයිතිකාර මැස්සන් මේ පක්ශියාව හඹාගෙන ගියත් ඔවුන් මඟ හැර තාමාගෙ රාජකාරිය කරගන්න මේ පක්ශියා වදයේ සිටින පිලවුන් සුහුඹුලන් ආහාරයට ගන්නවා.

    European honey buzzard ගේ ලඟම ඤාතියෙක් අපේ රටෙත් ජීවත් වෙනවා. ඒ තමයි Oriental honey buzzard (Pernis ptilorhynchus). සිංහලෙන් මේ පක්ශියාව හඳුන්වන්නෙ 'සිළු බඹරකුස්සා' ලෙස. ඒ පක්ශියාත් තමන්ගෙ යුරෝපිය සහෝදරයන්ගෙ ජීවන රටාවම තමයි අනුගමනය කරන්නෙ. බඹර වද දෙබර වද වලට ප්‍රහාර එල්ල කරමින් වදයේ කොටස් සොරාගෙන යනවා. පර්වත ආශ්‍රිතව ආනතියකින් පිහිටන බෑවුම් තුල ඉදිවෙන බඹර වද ඉලක්ක කරමින් සම්පූර්ණ ගුවන් සංදර්ශනයක් ඉදිරිපත් කරන සි්‍ළු බඹරකුස්සන් නිරීක්ෂණය ඉතාමත් සිත්ගන්නාසුළු වැඩක්. සිළු බඹරකුස්සන්ව නිරීක්ෂණය කරන තවත් අය ඉන්නවා. ඒ තමයි වලසුන්,වඳුරු විශේෂ ආදිය. තමන්ට ලංවෙන්න බැරි මැසි වද වලට සිළුකුස්සන් පහර දෙන විට ඒවායින් කඩා වැටෙන ප්‍රණීත කොටස් ආහාරයට ගන්න ඒ සත්ව විශේෂ පුරුදු වෙලා තියෙනවා.

    ගුවන්ගතව සිටින රැප්ටර් පක්ශියෙක් දුටු විගස උකුස්සෙකු බවට අප බොහෝ දෙනා නීර්ණය කරාට මේ රැප්ටර් විශේෂ එකින් එකට සහමුලින්ම වෙනස්. ඔවුන්ගෙ චර්යාවන්, ආහාර පුරුදු, පියාසර රටාවන් ඔවුන් එකින් එකට විශේෂිතයි..



    esBLiAW.jpg

     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    403
    253
    63
    ලංකාවේ Oriental honey buzzard දැකල තිබ්බට මේ කතාව දැන ගත්තේ අදයි. Rep+
     
    • Like
    Reactions: DJU9

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    Wild Sri Lanka කියලා documantry එකක් තියනවා. ඒකේ කැල්ලක තියනවා බඹර උකුස්සා මීවද කඩන.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    උබලා දැකලා තියෙනවද Central Bank honey buzzard
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    එල. මම අහම්බෙන් දැන් මාසෙකට විතර කලින් ලංකාවේ සිළු බඹර උකුස්සාගේ ෆොටෝ එකක් ගත්ත. ඔයා විනෝදයට Bird watching කරනවද?