බඹරගල රජ මහා විහාරය හා පෙට්ටිගල දක්වා ගිය අපේ ගමන

ish5501

Junior member
  • Oct 21, 2015
    40
    36
    18
    Kandy
    www.sltraveler.com
    SL Traveler අප අපගේ දෙවන සංචාරය සදහා තෝරාගනු ලැබූයේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණියට ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික විහාරයක් වෙතයි. එනම් බඹරගල පුරාණ විහාරය වෙතයි. ආගමික හා සංස්කෘතික ස්ථානයක් සේම මෙම විහාරය සංචාරකයින් අතරද ප්‍රසිද්ධ ස්ථානයකි. බඹරගල කන්ද හෙවත් විහාරයට පිටුපසින් පිහිටා ඇති පෙට්ටිගල කදු මුදුන තරණය කිරීමට දැන් දැන් සංචාරකයින් බොහෝ දෙනෙක් පැමිණෙනවා අප දුටුවෙමු.

    බඹරගල රජමහා විහාරය සදහා යන ගමනේ අප මුලින්ම පැමිණියේ මහනුවර - මහියංගන මාර්ගයේ පිහිටි නගරයක් වන දිගන නගරයටයි. එතැන් සිට සෙනරත්වෙල මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ ගියවිට විහාරයට යන මාර්ගය දැක්වෙන නාම පුවරුව දැකගත හැකි විය. එම නාම පුවරුව අසලින් වමට හැරෙන මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගියවිට විහාරයට ලගාවීමට අපට හැකිවිය. පඩිපෙල් ගණනාවක් දිගේ ගිය අපට පහල මහලයේ වන වර්තමාන විහාරස්ථානය දැකිය හැකිවිය. දෙවන මහලය ඊට ඉහලින් පිහිටා ඇති අතර එහිදී පැරණි ලෙන් විහාරය හා ඇතුලත ඇති මහනුවර යුගයේ චිත්‍ර මෙන්ම බ්‍රාහ්මීය අක්ෂරද දැකිය හැකිවිය. මෙම බ්‍රාහ්මීය අක්ෂර ක්‍රි.පූ 2-3 සියවස්වලට අයත් බව මූලාශ්‍ර සදහන් කරයි.

    මෙම විහාරය නැවත වරක් ප්‍රතිසංස්කරණය වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේය. එකළ සෑදූ විහාරය හා පැරණි චිත්‍ර අදටත් ආරක්ෂා වී පවතින අතර සමහර ඒවා දුර්වර්ණ වී හා විනාශ වී ගොස්ය. මෙම විහාරයට පසුපසින් ඇති මාර්ගය කෙලින්ම දිවෙන්නේ බඹරගල කන්ද හෙවත් පෙට්ටිගල කදු මුදුනටයි. විහාරය හා එහි අවට සුන්දරත්වය විදගත් අප මින් පසුව පෙට්ටිගල කදු මුදුන තරණය කිරීම ආරම්භ කළෙමු. වැටි ඇති අඩි පාරේ ගමන් කළ අපට ගස් හා වැල් අතරින් රිංගමින් ඉහළට ඇදෙන්නට සිදුවිය. එකී මාර්ගයේදී අපට ප්‍රධාන ගල් ගුහා දෙකක් හමුවිය. එනම් සිතුවම් ලෙන හා ඉන්ද්‍රසාල ගුහාවයි.

    සිතුවම් ලෙනේදී අපට මැටි බදාම මත ඇදි මල් ලියකම් සහිත චිත්‍ර දැකිය හැකිවිය. ඉන්ද්‍රසාල ගුහාව එකළ අප මහා බුදුරජාණන් වහන්සේ වැඩ සිට ගුහාවක් බව සමහර ජනප්‍රවාද සදහන් කරන බව අසන්නට ලැබුණි. මෙම විහාර භූමිය තුළ මෙවැනි ලෙන් විහාර 79 ක් ඇත. ඒවායේ සමහරක වතුර බිංදුවක්වත් කාන්දු නොවන සේ සැකසූ කටාරම් දැකිය හැකිවිය. පෙට්ටිගල දක්වා කැලෑ මාර්ගයේ අවසාන ස්ථානය තරමක් අසීරු එකකි. ඊට හේතුව වන්නේ එහි වූ අධික බෑවුම් සහිත ස්වභාවයයි. කෙසේහෝ කදු මුදුනට නැගගත් අපට ඉතා සුන්දර දර්ශනයක් දැකිය හැකිය විය. එම සුන්දරත්වය තවත් තීව්‍ර කර ගැනීමේ අරමුණින් අප ගමන් කලේ කදු මුදුනේ එක් පසෙක වන විශාල ගල් තලාවක් සහිත පෙට්ටියක හැඩයෙන් වන පෙට්ටිගල වෙතයි. අවටින් හමන වේගවත් සුළග අපගේ විඩාව නිවා දමන ලදී.

    මෙම පෙට්ටිගලට පෙනෙන දර්ශනය අතිශය මනරම් එකකි. මන්ද ඊට පහලින් වික්ටෝරියා ජලාශය හා කදුවැටි රැසක්ම පිහිටන නිසාය. වික්ටෝරියා ජලාශයේ ජලය අඩු කාලයට මෙහි සිට පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් දැකිය හැකිවේ. මෙම කදු මුදුනේ සිට බැලූ විට හන්තාන, සෙම්බුවත්ත, පන්විල, නාරම්පනාව, තෙල්දෙණිය, රංගල, වෑගල, හුන්නස්ගිරිය, සෙනරත්වෙල වැනි ගම්මාන හා නගර පැහැදිලිව දැකිය හැකිවිය.

    අපේ මේ ගමනේ සුන්දරත්වය අලලා සැකසූ මේ වීඩියෝවත් නරබන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.......!



    .
    .
    .
    අපේ සංචාරක වෙබ් අඩවිය : www.sltraveler.com
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    Machan pansale idala udata yana paara kohomada? Wal wala ellila yanna wage amaru place tiyanawada?

    udatama yanna kochchara welawak giyada?
    පංසලේ ඉදන් උඩට යද්දි ඊතල ගහලා තියන විදිහට යන්න තියෙන්නේ. එක place එකක් තියනවා දකුණට හැරෙන්න (පංසල පහුවෙලා ටික දුරකින්). කට්ටිය ඔතනින් හැරෙන්නේ නැතුව දිගටම යනවා වැරදිලා. මීටරෙන් යන්න. පාර shape.