බයගුල්ලෝ බලන්න එපා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    3,705
    5,664
    113
    මේක හොල්මන් කතාවක්. ගෲප් එකකින් ගත්තෙ. ආස හිතුන නිසා ශෙයා කරෙ. මම දවල්ට හොල්මන් කතා කියවන්නෙ නෑ.රෑට කියවද්දි තමයි ගති.කලින් වගේ බයගුල්ලෝ කියවල මට බනින්න එපා මහ රෑ හොල්මන් කතා දැම්ම කියලා. ස්කිප් කරලා යන්න.


    '' මේක මට දැනට අවුරුදු දෙකකට කලින් උනු සිද්දියක්...අවුරුදු ගානක් දුක් මහන්සියෙන් ඉගෙන ගත්තු මට දෙයියන්ගෙ පිහිටෙන් ජිවීතේ හීනයක් වෙලා තිබුන ගුරුවරයෙක් වෙන සිහිනේ සැබැ වීමත් එක්ක ඉස්සරදම රාජකාරි කරන්න ලැබුනේ දුශ්කර ප්‍රදේශයක තිබුන ලස්සන පාසලක..මම ගැන කියනවනම් නගරාසන්න ප්‍රදේශයක් සමීපයේ හැදුනු පව්ලේ දෙවනි පිරිමි ලමයා තමයි මම..
    රැකියාව ලැබීමත් සමග නවාතැන් ගැනීම සදහා පාසල සමීපයෙන් කාමරයක් සෙව්වත් මගේ වෙලාවට හම්බුනේ නැහැ..කොටින්ම ඒ පැත්තෙ අයට තව කෙනෙක් නතර කරගන්න තරම් හැකීයාවක් නොතිබූ බව සමහර අයගෙ කතාවලින් පෙනුනා.ඒත් එක්කම පොඩි කඩයක් ලගට ඇවිත් තේ එකක් බොන ගමන් මම කඩේ මුදලාලි මහත්තයාගෙන් මේ පිලිබදව අහනකොට ඔහු තැනක් ගැන කියන්න උනා ..එත් ඒ ගැන කියලා මහත්තයලට එතන හොද මදිවෙයි කියලා මයෙ හිතේ කියලා කතාව වෙනස් කරන්න හැදුවත් මගේ පෙරැත්ත මත ඔහු ඒතැනට යන මාර්ගය කියන්නට උනා.ඒ අනුව ගිහාම ලස්සන වැවක් ලගම පුංචි කටුමැටි ගහපු ගෙදරක් දැක්කම ආසා හිතුනා මං පරිසරේ විදින්න කැමති මනුස්සයෙක් නිසාදෝ එතන දැක්ක ගමන් හිත කිව්වෙම මෙතන නවතින්න කියලා වගේ...ගස්වල කනු වලින් වැට හදලා තිබුනු කඩුල්ලෙන් ගිහින් කතාකරාම වයස 60 විතර ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එලියට ආවා .ඒ දෙන්නට කාරනෙ කිව්වම හරි සතුටින් මාව පිලිගත්තා ඒ දෙන්නා අහිංසක විදිහට කතාකරන කොට මගෙ හිත තවත් ඒ තැන ඉන්න තිබ්බ ආසාව වැඩි උනා..මට කලිනුත් ඒ ගෙදර දුශ්කර සේවයට ආපු අය ඉදලා තියෙන බවා සීයා කිව්වා..කොහොමෙන් කොහොම හරි මට කාමරේ පෙන්නුවා කාමරයක් කිව්වට ඒක ගෙටම අල්ලලා හදලා තියෙන තවත් ගෙයක් වගේ එලියෙන් දොරක් එක්ක ඒකට ඇතුලු උනාම චූටි කුස්සියකුයි පොඩි කාමරයකුයි සාලෙකුයි එක්ක හරි ලස්සනට පිලිවෙලට තිබුනා..එලියෙන් මැටි ගහලා හදලා තිබුනට ඇතුලෙ බිත්ති ලස්සනට මැටි ගාලා හදලා කියන්න තේරෙන් නෑ මාරම අලුත් අද්දැකීමක් මට.ඉතින් කොහෙමෙන් හරි මම එහෙ නැවතුනා ..

    ඉතින් මාසයක් පමන සාමාන්‍ය පරිදි කාලේ ගතවුනා ..ඒ ගෙදරටත් මාව පව්ලේ කෙනෙක් ගානට ලන් උනා..මේ සිද්දිය වෙන්නෙ සෙනසුරාදා දවසක මම පාසලෙ අමතර පංති කරලා එනකොට හවස 5.30 වගේ ඇති..බස් එකෙන් ඇවිත් බැහැලා ටිකක් දුර පයින් එන්න ඔනේ ..මේ පැත්තෙ වන අලි කරදර තිබුනත් ගමේ අය ලග පාරක් විදිහට කැලෙන් වැටුන ආඩිපාරක් යොදාගෙන තිබුනා ඇත්තටම පාරෙන් යනවට වඩා ඒක ලගයි..මමත් බස් එකෙන් බැහැලා දවසම මහන්සි වෙලා හිටපු නිසා මේ ලග පාරෙන් යන්න හිතන් එනකොටම ඒ ගමේ හිටියා රාළ මාමා කියලා කෙනෙක් එයා බයිසිකලේ ඇවිත් මං ලගින්ම නතර කරලා කතාකරන්න උනා ..ඒ මිනිස්සු අහිංසකයි වගේම හරි හොදයි ඒ හින්දමදෝ මටත් හරි ආදරෙයි හැමෝම වගේ..ඉතින් එයා මාව ගෙනත් දාන්න හැදුවත් හේනෙ ඉදන් මහපොලවත් එක්ක ඔට්ටු වෙලා එන ඒ මනුස්සයට කරදර කරන්න එපා කියලම හිත කියපු හින්දා මම පුරුදු ව්ිදිහටම එන්න ආවා ඒ එන්න හදනකොට මාමා ඒයාලග වැළක අමුනලා හිටපු වැව් මාළු වගයක් මට දුන්නා සල්ලි දෙන්න හැදුවත් ගත්තෙ නැති හින්දා ස්තූති කරලා අඩියට දෙකට ගෙදර එන්න කැලේ පාරට ගොඩවුනේ යාන්තමින් කළුවර වැටිලා තිබුන හින්දා අලි එන්න කලින් ගෙදරට එන්න හිතාගෙන ..එරමිනියා පදුරු මැද්දෙන් මිනිස්සු ගිහිල්ලම පැදූනු පාරෙන් මගක් දුර එනකොට මහ අමුත්තක් දැනෙන්න ගත්තා ..මගෙ පස්සෙන් තව කෙනෙක් එනවා වගේ හොදටම දැනුනා ඒ හින්දා නැවතිලා හොදට බැලුවා ඒත් පෙන්න හිටියේ නෑ .මන් තනියම මටම හිනාවෙලා ආයෙම එන්න එනකොට මට ඉස්සරහින් කෙනෙක් යන බව පෙනුන හින්දා අඩියට දෙකට එයා ලගට ගියා .ඇහෙන දුරට ගිහින් කතාකරාට මාව ගනන් ගත්තෙවත් නැතුව ඒ මනුස්සයා ඝන කැලේ පැත්තට හැරිලා ගියා .එත් එක්කම ඉවසගන්න බැරි ගදක් එන්න ගත්තා මම හිතුවෙ මාළු වල වෙන්නැති කියලා නහය අකුල අකුල ඉක්මනට ගෙදරට ආවා.මම එනකම් ඒ සීයා කඩුල්ල ලගට වෙලා බලන් ඉන්නවා දැක්කම මොන මහන්සිය තිබ්බත් අමතක වෙනවා ..කඩුල්ලෙන් ඇතුලට යනවත් එක්කම සීයා මහ අමුතු විදිහට මන් දිහා බලලා එල්ලන් හිටිය වැව් මාළු එක දිහත් බලලා කැලේපාරෙන්ද ආවෙ ඔකත් එල්ලන් කියලා ඇහුවා ..මට ඒක එච්චර ගානක් ගියෙ නෑ එයාට වචනෙන් දෙකෙන් උත්තර දීලා මාළු එකත් ආච්චිට උයන්න දීලා මම මගෙ කාමරේට ගියා ..

    ඉක්මනට ඇදුම් මාරු කරන් නාගන්න එලියට ඇවිත් බලද්දි වතුර නැහැ එහෙ වතුර දෙන්නෙ වෙලාවකට විතරයි .බැරල් ඒකේ වතුර පුරවලා තියෙන්නෙ ඒකෙන් නාගන්න රෑ වෙලා වැවට යන්න එපා කියලා සීයා කියද්දිත් මගෙ පන්ඩිත කමට වැවට ගිහින් ටෝච් එකත් පත්තු කරලා වතුරට එලිය වැටෙන්න කුඹුක් ගහේ තියලා රෙදි ටිකත් තියලා ඉක්මනට නා ගන්න වැවට බැස්සා..මේ වෙනකොට වෙලාව 7 ගානක් විතර ඇති ..ටිකක් නනා ඉන්නකොට එහා මංකඩෙ කවුද නානවා සද්දෙ ඇහෙන හින්දා බයක් දැනුනෙත් නෑ ..ඒත් දිගට්ම සද්දෙ විතරක් ඇහුන නිසා කවුරුත් පේන්න නැති හින්දා ටෝච් එක ගහලා පැලුවට කවුරුත් පේන්න හිටියේ නෑ .වතුරත් නිශ්චලයි කෙනෙක් නාන තැනක වතුර එහෙම තියෙන් නැති හින්දා පොඩි අමුත්තක් දැනුනා ..ඒත් එක්කම ඉක්මනට සබන් සෝදගෙන ටවල් එක පිටින්ම එන්න හදද්දි ආයෙම අර සද්දෙ ඇහෙන්න ගත්තා මම නාපු තැනට ලගම නාන ම්ංකඩේ ..එතන මට පේන දුර හදඑලිය හොදට වැටිලා පේනවා එතන බෙල්ල ලගට වගේ කොන්ඩෙ තියෙන පිරිමි කෙනෙක් නානවා පෙනුනා හොදටම.ඒහින්දම ටිකක් හිත ගැස්සිලා තිබ්බ එකත් හරි ගියා කවුද කියලා දන්නැති උනත් කතාකරන්න හිතාගෙන ආපහු යන්න හදද්දි ඒ කෙනා වැව මැද්දට යනවා .වතුර අඩු කාලෙට ඒ වැවෙ වලවල් කපලා තියෙන හින්දා කිසිම කෙනෙක් යන් නෑ එහෙම .ඒ වෙලාවත් හරි මූසලයි මුට පිස්සුද කොහෙද කියලා මම ගෙදර එන්න ආපහු පාරට එනකොටම සීයාත් ටෝච් එකක් අරගෙන ඇවිත් මාව හොයන්න ..අපි දෙන්නම ගෙදර ගිහින් මම රෙදිටික වැලට දාන්න ගේ පිටිපස්සට ගියා කැළේ පැත්තට නිකම් කැලේ අඹරගෙන වගේ එකෙක් දිව්වා .මම හිතුවෙ කැලේ සතෙක් කියලා .සීයට ඇවිත් කිව්වම වතුර බොන්න එන සත්තු කියලා ආච්චිගෙ මූන දිහා බලලා ගේ පිටිපස්සට ගියාමට ඉන්න කියලා ..ආච්චි උයන්න බලද්දි මාළු කුනු වෙලා කියලා කිව්වා .මගෙ ඇස් උඩගියා රාළෙ මාමා මට මාළු දුන්නෙ එයා අල්ලන් එන ගමන්මයි එයා දෙනකොටත් උන් අලුත් පිට තිබ්බා..මොකුත් නොකියම බෙදල දුන්නු බත් එක කෑවා ඒකෙත් ඌරු මසුයි සම්බෝලෙකුයි තිබ්බේ.රස්නෙ පිටින් එකත් කාලා කාමරෙට ගියේ ඇගට කියාගන්න බැරි තරම් මහන්සි හින්දා නිදාගන්න ..එහෙම්මම මට නින්ද ගියා 11.45 වගේ ඇහැරුනා වැහි පොදක් යන හින්දා සීතලට මැටි බිත්ති නිසා රෑට සීතල වැඩියි..ඇදට වෙලාම ඉන්නකොට ගේ පිටිපස්සෙන් බර අඩිතියලා කෙනෙක් කැලේ පැත්තට යනවා ඇහෙනවා.මුලින් වැඩිය ගනන් ගත්තෙ නෑ ඒත් එන්න එන්න සද්දෙ ලග ලගම ඇහෙනවා .සීයා කියලා හිතුවා ඒ අඩිය තියෙන වේගෙන් කියන්න පුලුවන් සීයා නෙමෙයි කියලා ..ඒත් එක්කම මගෙ කාමරෙ එලියෙන් තියෙන දොර නිකම් සතෙක් පහුරු ගානවා වගේ ඇහෙන්න ගත්තා ඇස් උඩ ගිහින් කන්දෙක රත් වීගෙන දාඩිය පාරකුත් දැම්මා.වෙලාව බැලුවා හරියටම 12.15 යි .නැගිටලා දොර ලගට ගිහින් කන් දීගෙන අහගෙන ඉද්දි සද්දෙ නැතිඋනා ..

    ඒත් හිතේ සැකේට දොරපියනක් ඇරලා හිමීන් එලිය බලද්දි හද එලියෙන් හැඩ් දැඩි සරම කැහැපොට ගහගත්තු කෙනෙක් ලාවට දැක්කා පොඩ්ඩක් හොදට බලන් ඉද්දි මතක් උනා වැවේදි දැකපු මනුස්සයා කියලා ඒත් එක්කම කුණු ගදක් ආවා නහය ගලවාගෙන යන තරමේ.අතින් නහය තද කරන් ඒ මිනිහා දිහා බලන් හිටියා හොරෙක් වද්ද කියලා .ඒත් හොරුන්ට් ගන්න තරම් දෙයක් ඒ ගෙදර තිබ්බෙ නෑ ..කල්පනාවෙන් අයින් වෙලා අයෙම මිදුල දිහා බැලුවට ඒ මිනිහා ගියපු අතක් පේම්න නෑ එලිය හොදට හදඑලියෙන් පේන නිසා මන් දොර ඇරන් එලියට ඇවිත් වට පිට බැලුවට හොයාගන්න බ්ැරි උනා..ඒත් එක එලියක් මිදුලට වැටිලා තිබ්බා ඒක ලගට ගිහාම ඒක ඊට වඩා ඈතට යනවා හිතාගන්න බැරිඋනා මොකද්ද කියලා ඔහොම ඔහොම ඔක පස්සෙන් ගිහාම දන්නෙම නැතුව අර රෙදි වනද්දි සතෙක් යනවා වගෙ ඇහුන තැනින් ඇතුලට ගිහින් ඝන කැලේ .එතකොට අමුත්තක් දැනුන හින්දා එලියට එන්න එනකොට කිසිම පාරක් හොයාගන්න බෑ කොච්චර ඇවිද්දත් ආයෙ බලද්දි එතනමයි ..කැගැහුවා පුලුවන් තරම්..ඒත් කාටවත් ඇහුන් නැද්දෙ සද්දෙ පිටෞන් නැද්දෝ කියලා මට අදටත් ප්‍රශ්නයක් ..අර මිදුලේ හිටිය මනුස්සයා මගෙ මූන ඉස්සරහට ආවා ඒ මූනේ තිබ්බේ ලේම ලේපාට ඇස් දෙකක්.කෑ ගහගෙනම වැටුනා විතරයි මතක උදේ ගමේ අය හොයලයි මාව හොයාගෙන තියෙන්නෙ.තොවිලෙකුත් කරලයි පරණ තත්වෙට ආවෙ..අදටත් මගේ ජිවිතෙ උණු බයානකම සිද්දිය මේක..වැවෙ වලකට වැටිලා මාළු අල්ලන්න ගියපු කෙනෙක් නැතිවෙලා තියෙනවා..එ කෙනාගෙ සොහොන තිබිලා තියෙන්නෙ මම එදා ආපු කැලෑ පාරේ..පීලී ගදට පස්සෙන් ඇවිත් තියෙන්නෙ කියලා වෙද මහත්තයා ඇගට ගෙන්නලා අහද්දියි දන්නෙ..ඒ කෙනත් හේන් වැඩ කාලෙට ගොඩක් වෙලාවට මම හිටපු කාමරෙ ඉදලා තියෙනවලු ගෙදර යන්න් බැරි තරමට රෑ උනාම...කතාව දිග වැඩි උනානම් සමාවෙන්න
    🙏
    ..මට උනු ඇත්තම කතව.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,917
    1
    90,170
    113
    32
    Kalutara
    ඔය කිව්වට බොරු වෙන්න ඇති.

    ඊළඟ කොපි පේස්ට් කලාට පස්සේ චේද වෙන් කරලා පොස්ට් කරපන්. කියවන්නත් පට්ට කට්ටක් කන්න ඕන, කියෙව්වට පස්සේ කොහේ බැලුවට පේන්නේ අකුරු...
    ------ Post added on Oct 5, 2023 at 1:46 AM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,705
    5,664
    113
    උඹ වගේ ට්‍රාන්ස් පොන්නයන්ට හොඳයි ඔය කතා කියෝලා බය වෙන්න.
    පිට කොටුවෙ පොන්නයොන්ගෙන් 150ට පුක පලාගත්ත cis පොන්න ලොල්ලට තාම රිදෙනවද 😅මෙතන අඩන්නේ නැතුව ආපහු උන්ට ම කියලා පුක මහ ගනින් පොන්නයෝ

    මැරිච්ච එකෙක් කොහොමද බන් පේන්න එන්නේ ?
    සරමකුත් ඇඳගෙන
    හොල්මන් ප්ලාස්මා state එකේ ඉන්නවා කියනවනෙ. ඒක ද්‍රව සහ වායු අතර තත්ත්වයක්. ඇස්ට්‍රල් දේහයත් ඒ විදියලු නෙ. සමහරවිට පේන්න පුලුවන්.දැකලා නොපෙනී ගියපු සීන් නම් මටත් වෙලා තියෙනවා.
    ------ Post added on Oct 5, 2023 at 4:56 AM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,705
    5,664
    113
    මැරිච්ච එකෙක් කොහොමද බන් පේන්න එන්නේ ?
    සරමකුත් ඇඳගෙන
    මේක බලපන්කො. ඒකෙ නම් වාද්‍ය භාණ්ඩ ටික උස්සලා මේසයක් උඩිනුත් තියලා. 👇


    මං මේ වෙනකන් anonymous post විදියට ඔයාලට ලියුවෙ මාත් එක්ක කිව්ව වෙන කෙනෙක්ගෙ අත්දැකීමක්නෙ..අද මං කියන්නෙ මං අත්වින්ද සත්‍ය සිද්ධියක්..ටිකක් දික් වෙයි කතාව..මේක ටිකක් පරණ කතන්දරයක් උනත් මේ සිද්ධි දාමය මට අද ඊයෙ උනා වගේ මතකයි..
    ඒ මට මතක විදියට 1996 හෝ ඒ ආසන්න අවුරුද්දක්..මං 2 වසරෙ විතර..( එච්චර පොඩි කාලෙ ඒවා මතකද අහන්නෙපා, මට ඊටත් පොඩි කාලෙ ඒව මතක තීනවා.අනික මේ සිද්ධිය විශේෂ නිසා හොඳටම මතකයි) ඉතිං මං ගියේ බාලිකා පාසලකට.නගරෙ තිබුන ලොකුම සහ හොඳම බාලිකා පාසල තමයි ඒක.ළමයිනුත් ගොඩාක් ඉන්න ඉස්කෝළයක්..ඉතිං ඔහොම ගොඩක් ළමයි ඉන්න ඉස්කෝලෙක විශේෂ දක්ෂතා තීන කැපී පෙනෙන ළමයෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමේනේ..මං මේ කියන්න යන කෙනත් අන්න ඒ වගේ කෙනෙක්..ඒ අක්ක එතකොට 12,13 වසරවල වෙන්නැති..එයාගෙ ඇත්ත නම මං මේකෙ කියන්නෑ, මොකද ඒ නම අහපු ගමන් මතක් වෙන අය අදටත් ඉන්නවා ඒ වගේම මේක කියවන්නත් ඉඩ තීනවා..මං කතාවට එයා ශාලු අක්කා කියලා හඳුන්වන්නම්..
    ඉතිං මේ ශාලු අක්කා all rounder කෙනෙක්..ඒකියුවෙ ඉස්කෝලෙ තිබ්බ හැම දේටම හරිම දක්ෂය කෙනෙක්.මට මතක විදියට ඒ දවස්වල එයා ඉස්කෝලෙ deputy head prefect දත් කොහෙද?නටන්න, සින්දු කියන්න, ක්‍රීඩා මේ හැම දේටම ගොඩක් දක්ෂයි.ඒවගේම තමයි එයා හරිම ලස්සනයි.පුංචි කාලෙ අපිටනම් ඉතිං එයා විශේෂ ඒකයි..අන්න අර ලස්සන අක්කා කිය කිය අපි පස්සෙන් යනව මතකයි එයා බලන්න..එවගේම තමයි මෙයාට හොඳට බෙර වාදනය පුළුවන්.සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක්ට හොඳට බෙර ගහන්න පුළුවන් කියන්නෙ ඉතිං විශේෂ හැකියාවක්නෙ..ඔන්න ඔයි වගේ කෙනෙක් තමයි ශාලු අක්කා..මේ හේතු නිසාම වෙන්නැති ඉස්කෝලෙ වගේම මුලු නගරයෙත් මෙයා ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්..ගතිගුණත් හරිම හොඳයි..ඒනිසා හැමෝගෙම වගේ ආදරය, ගෞරවය දිනාගෙන හිටපු චරිතයක්..

    එත්...
    😓
    😓
    මේ ඔක්කොම ලබල නිසාද දන්නෑ, එයාගෙ ආයුශ කෙටි උනා..දවසක් ඉස්කෝලෙ එන අතරතුර එයා ආව ත්‍රීවීල් එක ඉස්සරහින් ආව ලොරියක ගැටිල ලොකු අනතුරක් උනා..ශාලු අක්කා එතනම නැති උනා කියලා තමයි ඒ දවස්වල කට්ටිය කතා උනේ..ඒක මාරක වංගුවක් තිබ්බ තැනක්.මෙහෙන් වංගුව ගන්න කෙනාට එහා පැත්තෙන් එන වාහනේ පේන්නෑ..ඉතින් අන්තිමේ එච්චර වටින ජීවිතයක් අකාලයේ මියැදුනා..ඒ මළගෙදරට අම්මත් එක්ක මාත් ගියා..ලොකු සෙනඟක් සහභාගී උන මළගෙයක් ඒක..මට මතකයි අපේ අම්මත් ඇඬුවා..ඒකාලෙ ඉස්කෝලෙ යන ළමයෙක් මැරෙනව කියන්නෙ හරිම කම්පා සහගත සිද්ධියක්..ඉස්කෝලෙ, ගෙවල්වල හැමතැනකම ඒ වෙනුවෙන් සුදු කොඩි දැම්මා..කාලයක් යනකන් ඒ මරණෙ මතක අපි අතරෙ තිබ්බා..
    ඔහොම කාලයක් ගියා..මේ විදියට අවුරුද්දක් හමාරක් වගේ යනකොට තමයි ඉස්කෝලෙ එක එක අත්භූත දේවල් සිද්ද වෙන්න පටන් ගත්තෙ..මං කිව්වනේ අපේ ඉස්කෝලෙ නගරෙ තිබ්බ ලොකු ඉස්කෝලයක් කියලා..මේකට ක්‍රීඩා පාසලේ ලමයිත් ආවා..ඒකියන්නෙ දුශ්කර ඉස්කෝලවල ක්‍රීඩාවලින් හොඳ දක්ෂතා පෙන්නන ළමයි අපේ ඉස්කෝලෙට ගන්නවා..එයාලා ඉස්කෝලෙ ඉගෙන ගන්න අතරම අපේ පාසල නියෝජනය කරමින් ක්‍රීඩා තරඟවලට සහභාගී වෙනවා..එයාලා ගොඩක් ඈත ප්‍රදේශවල ඉන්න ටිකක් දුප්පත් ළමයි නිසා එයාලට ඉන්න ඉස්කෝලෙ ඇතුලෙම හොස්ටල් එකක් තිබ්බා..මේක ගොඩක් පරණ ඉස්කෝලයක්.ඒකාලෙම වගේ හදපු ටිකක් පරණ බිල්ඩින් එකක් තමයි හොස්ටල් එකට අරං තිබ්බෙ..මේක තිබ්බෙත් ඉස්කෝලෙ ප්‍රධාන හරියට ටිකක් ඈතට, කොනට වෙන්න..ඒකියන්නෙ ටිකක් හුදෙකලාව තිබුන පරන පාට බිල්ඩින් එකක්..මේකේ හිටිය ලමයි තමයි මුලින් මුලින් බය වෙන්න පටන් අරං තිබ්බේ..ඉස්කෝලෙ uniform එක ඇඳපු කෙනෙක් එහේ මේහෙ යනවා දැකල ළමයි බය වෙලා තිබ්බා..ඉතිං ශාලු අක්කා කියල තමයි ඒ ගැන කට්ටිය කතා උනේ..ඒත් මේක පිටට ආරංචි වෙන්න ඉස්කෝලෙ පරිපාලන ඉඩ දුන්නෑ.. හොස්ටල් එකේ ලමයි ටික ටික අයින් වෙවී අහල පහළ ගෙවල්වල බෝඩ් වෙන්න ගියා..ඒකෙන් තමයි ඔච්චර හරි කතාවක් එලියෙ අපිට ආරංචි උනේ..


    ඔයි බිල්ඩින් එකේම පහල කාමරේක තමයි නර්තන අංශයේ වාද්‍ය භාණ්ඩ කාමරේ තිබ්බෙ.ඉතින් මං මේ කියන කාලෙදී අපි සමස්ත ලංකා නර්තන හෝ නාට්‍ය තරඟයකට පුහුණු උන කාලයක්.තරඟවලට දින ලං වෙනකොට අපි රෑ 10,11 වෙනකනුත් ප්‍රැක්ටිස් කරනවා..එතකොට මං 10 වසරේ වගේ වෙන්නෝනේ..ඔහොම දවසක් රෑ ප්‍රැක්ටිස් කරන ගමන් හිටියෙ..ඔයි අතරෙ එක පාරටම කරන්ට් ගියා..අපි ඉතිං ඉටිපන්දම් පත්තු කරන් ටෝච් ගහන් තව ටික වෙලාවක් ප්‍රැක්ටිස් කරන් ගියා කරන්ට් එනකන් කියලා..අපිටනම් හරිම විනෝදයි, ඒත් ඉතින් කරුවලේ හරියට දෙයක් පේන්නෙත් නෑ, කරන්ට් එන පාටකුත් නෑ..වෙලාව රෑ 10ට විතර..මිස් කිව්වා දැන් ඇති ප්‍රැක්ටිස් නවත්තල ගෙවල්වලට යමු කියලා..ඊටපස්සෙ අපි කීපදෙනෙක්, මතක විදියට අපි 5 දෙනෙක් වගේ අර වාද්‍ය භාණ්ඩ ටිකත් අරං වාද්‍ය භාණ්ඩ කාමරේට යන්න සූදානම් උනා..අපේ ඉස්කෝලෙ භූමි ප්‍රමාණෙත් ටිකක් ලොකුයි..ඉතිං අපි ප්‍රැක්ටිස් කරපු ශාලාවේ ඉඳල අර වාද්‍ය භාණ්ඩ කාමරේට ටික දුරක් යන්නත් තීනවා..එදා මට මතකයි හොඳට හඳ එලියත් තිබ්බ දවසක්..වෙලාව රෑ 10 පහු වෙලා..මතක තියාගන්න මේ ඔක්කොම වෙන්නෙ කරන්ට් එකත් නැතුව කරුවලේ..එලියකට තිබ්බෙ හඳ එලිය විතරයි.
    ඉතිං අපි පස් දෙනා අර වාද්‍ය භාණ්ඩ ටිකත් උස්සන් හොඳ කයියකුත් දාන් වාද්‍ය භාණ්ඩ කාමරේට යන්න පිටත් උනා..මෙච්චර රෑ වෙනකන් ඉස්කෝලෙ ඉන්න ඔන්න අපිට තමයි චාන්ස් එක ලැබුණෙ, වෙන කාටද මෙහෙම මහ රෑ කරුවලේ ඉස්කෝලෙ ඇවිදින්න හම්බෙන්නෙ කිය කිය පාරම් බබා හයියෙන් හිනා වෙවී කට්ටිය දැන් යනවා වාද්‍ය භාණ්ඩ කාමරේට..මං කිව්වනේ හොස්ටල් එක තිබ්බ බිල්ඩින් එකේමයි වාද්‍ය භාණ්ඩ කාමරේ තිබුනෙ කියලා.මට මතක විදියට ඒ වෙද්දි හොස්ටල් හිටිය ළමයි ඔක්කොම අයින් වෙලා බෝඩින්වලට ගිහිං තිබ්බා..ඒකියන්නෙ ඉස්කෝලෙ මේ හරියට හිටියෙ අපි 5 දෙනයි අපේ පස්සෙන් ආව නැටුම් මිසුයි විතරයි..

    මෙහෙම සද්දෙන් කයියත් ගහන්, හඳ එලියෙන් වාද්‍ය භාණ්ඩ කාමරේට ලං වෙන අපිට, කාමරේ ඇතුලෙන් යාන්තමට බෙරයක් ගහනවා ඇහෙනවා..බෙර ගහනවා කිව්වට බෙර බැඳන් කරන වාදන වගේ නෙමේ, නිකන් හරි හිමීට මුනු මුනුවකුත් එක්ක බෙරේට කරට තට්ටුවක්..(මේක ටයිප් කරන වෙලෙත් මට නිකන් ඒක ඇහෙනවා වගේ) ඒක හරියට කෙනෙක් තනිකම පාලුව එක්ක මුමුනමින් තමන්ගෙ දුක තුනී කරගන්නව වගේ....ළං වෙන්න ලං වෙන්න තමයි අපිට තේරුනේ මේක මේ එන්නෙ කාමරේ ඇතුලෙන් කියලා..අපේ කතාවල් හිනාවල් එක්ක උන් හිටි තැන්වලම අපි නැවතුනා..දැන් මෙහෙම කාමරේ අපිට පේනවා,මළ කරුවලේ ඒකෙ ඇතුලෙන් බෙරේකට ගහනවා ඇහෙනව..කටවල් පවා ලොක් වෙලා අපේ, ඒත් මොකක්ද වෙන්නෙ කියල එකපාර හිතාගන්න බැරි උනා..මන් වටපිට බලද්දි මිසුත් අපිට පිටිපස්සෙන් කාමරේ දිහා බලන් හිටන් ඉන්නවා..මං හිමින් සැරේ මිස් කියලා කිව්වා..ඒත් එක්කම වගේ අර සද්දෙත් නැතිවෙලා ගියා..කට්ටියම හොල්මන් වෙලා එක එක්කෙනා දිහා බලන් ඉන්නවා කතා කරගන්නවත් බෑ..එවෙලෙ අපේ පිටිපස්සෙන් ඒ ළමයි දෙන්නෙක්ගේ තාත්තලා දෙන්නෙක් ආවා..ඒක දැකපු ගමන් මිස් අනේ තාත්තල දෙන්න එන්නකෝ පොඩ්ඩක් කාමරේ ඇරලා මේවා ඇතුලට දන්න කියල..එවෙලෙ තව යාලුවෙක් කිව්වා මිස් කවුද ඇතුලෙ බෙර ගගහ කවි කියනවනේ කියලා..ඒපාර මිස් අනේ මේ මහ රෑ කවුරු බෙර ගහන්නද ළමයෝ කියලා අර තාත්තලවත් ඉස්සර කරන් ගියා..ඒත් මිසුත් බය වෙලා ඉන්නෙ කියල මට තේරුණා..වෙනදනම් රෑ කීයට ප්‍රැක්ටිස් ඉවර කරත් වාද්‍යභාණ්ඩ ටික පිලිවෙලට කබඩ් එකේ දාලම තමයි එන්නේ..ඒක මිස්ම දාපු නීතියක්..ඒත් එදා මිස් දොර ඇරපු ගමන් ඔන්න ඔහෙන් තියල ඉක්මණට එලියට එන්නකො දරුවො හෙට අස් කරගන්න බැරියැ, දැන් රෑ වෙලානෙ කියල කිව්වා..අපේ හිතුත් ටිකක් ගැස්සිලනේ තිබ්බෙ, ගොඩ වෙන තැනම තිබ්බ පුටු උඩ ඔහෙ දමල ගහල දොරත් වහලා එලියට ආවා..කෑගගහ දඟල දඟල ආපු එක්කෙනෙක්වත් මීක් සද්දයක් නෑ..වෙච්ච දේ හිත්වලම තියාගෙන අපි ඔක්කොම එදා රෑ ගෙවල්වලට ගියා..

    පස්සෙන්දා උදේ ඉස්කෝලෙ ඇවිල්ලා ගාතා කියල ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ item එකේ ඉන්න සේරම කට්ටිය එකට එකතු වෙලා වාද්‍ය භාණ්ඩ කාමරේට ගියා එදා දවසෙ ප්‍රැක්ටිස්වලට ලෑස්ති වෙන්න..හැබැයි කලින් දවසෙ උනේ මොකක්ද කියල කතා කරන්න ගියේ නෑ කවුරුත්..මට හිතෙන්නෙ අපි හැමෝටම ඒ ගැන කතා කරන්න බයක් තිබ්බ..අනික ඒක අහල අනික් අය අතරෙ විහිලුවක් වෙන්න වෙයි කියලත් සැක හිතුන..කවුද අනේ විශ්වාස කරන්නෙ මල රෑ 10ට කරන්ටුත් නැතුව කරුවලේ ඉඳන් බෙර ගගහ කවි කිව්ව කියල මනුස්සයෙක්..අනික එවෙලෙ මුලු ඉස්කෝලෙටම හිටියෙ item එකෙ හිටිය ළමයි ටිකයි, එයාලව එක්කන් යන්න ආව දෙමව්පියොයි විතරයිනෙ..ඒනිසා කවුරුත් ඒ ගැන කතා කරන්න ගියේ නෑ..අපි යද්දි මිසුත් ඇවිල්ලා..ඇතුළට ගිහිං බලද්දි කලින් දවසෙ එහෙන් මෙහෙන් දාලා ගියපු වාද්‍ය භාණ්ඩ ටික එතන මේසයක් උඩ පිළිවෙළට තියලා තීනවා..මිස්නෙ ඉතිං ඔයි වැඩේ කරන්න ඉන්නෙ, මං කිව්වා අනේ මිස් අස් කරලනේ ඔක්කොම කියල..මිස් මං දිහා බලන් ඉඳලා ඇහුවා ඇයි ඔයාලා නෙමේද උදේ ඇවිල්ල අස් කරේ කියලා..අපි 5 දෙනානෙ දන්නෙ භාණ්ඩ ටික එහෙන් මෙහෙන් දාලනෙ ගියේ කියලා.ඒත් ඒ කවුරුවත් උදේ ඇවිල්ල නෑ ඒ පැත්තටවත්..ඉතිං අපි නෑ කිව්වා..මිස් කිව්වා මං ඊයෙ ලොක් කරපු දොරත් ඇරල තිබ්බෙ..මං හිතුවෙ ඔයාලා කවුරු හරි ඔෆීස් එකෙන් යතුර අරන් ඇරල, බෙර ටික පිළිවෙළට තියලා අස් කරල ගිහින් කියලා..කට්ටියම ෆුල් හොල්මන්..එතකොට කවුද ඒක කරේ?? කාගාවවත් උත්තරයක් නෑ..එතකොට කලින් දවසෙ රෑ ඇහුන බෙර සද්දෙ??
    ඔයි ප්‍රශ්නවලට අදටත් උත්තරයක් නෑ..එදයින් එදා කවදාවත් රෑ 6න් පස්සෙ මිස් ප්‍රැක්ටිස් දැම්මෙත් නෑ..මිස්ටත් දෙයක් දැනුනත් අපි බය වෙයි කියල මිසුත් ඒ ගැන කතා කරන්න ගියේ නෑ..අපි කතා උනෙත් නෑ,හැබැයි මං දන්නවා එතන හිටිය අපි 5 දෙනාගෙම හිතේ රැඳුන අභිරහසක් තමයි ඒක..
    අදටත් රෑ වෙලා ඉස්කෝලෙ ඉස්සරහින් යන එන වෙලාවට මට ඔයි සිද්ධිය මතක් වෙනවා..
    පස්සෙ ඒ මුළු බිල්ඩින් එකම කඩල දැම්මා..හේතුව විදියටනම් කිව්වෙ පරණ නිසා කැඩුවා කියල..ඒත් දන්න අය දන්නවා හේතුව ඒක නෙමේ කියල.එයාගෙ නවාතැන පොළවටම සමතලා කරල දැම්මා..අද එතන කාර් පාර්ක් එකක්..අනේ එයා තාමත් ඉස්කෝලෙ කොහෙට හරි වෙලා ඇතිද? නැත්තං යන්නම යන්න ගිහිං ඇතිද? දන්නෙ එයාම විතරයි
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,096
    113
    41
    ඕවා උබවගේ පොන්නයෝ බයකරන්න ගොතපු කතා. බය කරලා කොහෙට හරි එක්කන් ගිහින් උදේ වෙනකන් පුක පලනවා. පොන්නයොත් හොල්මන්වලට බය නිසා අඩ අඩා පුක දික්කරගෙන ඉන්නවා.
     
    • Haha
    • Dislike
    Reactions: Ozone4 and fukamura

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,624
    10,901
    113
    පිට කොටුවෙ පොන්නයොන්ගෙන් 150ට පුක පලාගත්ත cis පොන්න ලොල්ලට තාම රිදෙනවද 😅මෙතන අඩන්නේ නැතුව ආපහු උන්ට ම කියලා පුක මහ ගනින් පොන්නයෝ
    මෙහ් තියෙන්නෙ පොර ටෝක්ස් දෙන ට්‍රාන්ස් ලොල්ලා පොන්නයන්ට කියල පුක පලාගත්ත හැටි 🤭

    මම campus යන්න කලින් ඉදපු කාලේ වැඩි හරියක් ම හිටියෙ වෙන ගමක රස්සාවක් කරන්න ඇවිත්.ඒකෙදි first time යාලුවෙක් සෙට් උනා , ඌ මම ගැන පරන විස්තරයක් මුකුත් දන්නේ නෑ. පස්සෙ කොහෙන් හරි ඒවා හොයාගෙන, මම හිතුවේ මූ හොද fit dial ekak කියලා. ඒ හින්දා මම ඒක එච්චර හිතුවේ නෑ. සද්ද නැතුව ඉදලා පස්සෙ ඒ බල්ල වේසකමකට එන්න ලේස්ති උණා. කැම්පස් කාලෙ පන්ති ගියපු එවුන් හිටියා කැම්පස් එකේ. යන්තම් එහෙන් මෙහෙන් බේරිල හිටියෙ ඒකාලෙත්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,245
    3
    117,118
    113
    Gampaha
    ඇත්ත හෝ බොරු හෝ මට වැඩක් නෑ...
    මංනං හෙන ආසයි මේ වගේ කතා කියවන්න... ඇත්ත කතා වලට වඩා ගොතපු කතා වල කික් එක වැඩියි කොහොමත්...
    තව දාන්ඩෝ...
     

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    ඕවා උබවගේ පොන්නයෝ බයකරන්න ගොතපු කතා. බය කරලා කොහෙට හරි එක්කන් ගිහින් උදේ වෙනකන් පුක පලනවා. පොන්නයොත් හොල්මන්වලට බය නිසා අඩ අඩා පුක දික්කරගෙන ඉන්නවා.
    හරියට හැම එකාම උඹේ පුක ඩ්‍රිල් කරනවා වගේද රහල්? කක්ක කරද්දී පුක රිදෙනවා නම් සිද්දලේප බාම් ටිකක් පුකේ ගාගෙන මසිනට පුක රෙඩි කරගනිං.
     
    Oct 3, 2023
    26
    22
    3
    උඹ වගේ ට්‍රාන්ස් පොන්නයන්ට හොඳයි ඔය කතා කියෝලා බය වෙන්න.
    mu trans ponnayekda :lol: :lol:

    මෙහ් තියෙන්නෙ පොර ටෝක්ස් දෙන ට්‍රාන්ස් ලොල්ලා පොන්නයන්ට කියල පුක පලාගත්ත හැටි 🤭
    iyaa hutto. mona ponnayekda me :lol::lol:
    ------ Post added on Oct 5, 2023 at 8:14 AM
     

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    mu trans ponnayekda :lol: :lol:


    iyaa hutto. mona ponnayekda me :lol::lol:
    ------ Post added on Oct 5, 2023 at 8:14 AM
    මේ ඉන්නේ @asanka+++ @Mr.dark @sudu1234 @hitlermash @rahal jayasekara @Randulaya @timetraveler1921 @skylander @sriyasas @Hydra @amawaka.day @John Napier @TechMod AKA ෆේල් පොන්නය. මූට මානසික ලෙඩක් තියෙන්නෙ. එක එක චරිත වලින් ඇවිත් කොල්ලොන්ගේ පී පාර කන්න ආසයි කියයි. කොල්ලොන්ගේ හුජ්ජ නාන්න ආසයි කියයි. මූ අපි බනින කමෙන්ට් කියෝලා අතේ ගහනවද කොහෙද ෆේල් පොන්නයා
     
    • Love
    Reactions: baluthadiya