හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ළඟ තබාගෙන සිටි බව කියන මුදල් අමාත්‍යාංශය සතු වාහනයක් අද (20) යලිත් අමාත්‍යංශය වෙත බාර දී ඇති බව වාර්තා වෙනවා.
අමාත්‍යංශය විසින් දින ගණනාවක් පුරා කළ ඉල්ලීම් නොසලකා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සන්තකයේ තබාගෙන සිටි මුදල් අමාත්‍යංශය සතු CAT - 0496 අංක දරන Benzes Jeep රථය අද දින සිය රියදුරා මගින් මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවයි කියන්නේ.