බයිබලය හා කුරානය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට වෙන වැඩ තියනව බන්....සිරාවට උබට මොකක් හරි කේස් එකක් තියනව බන් බේතක් හේතක් ගනින්....මෙතන ත්‍රෙඩ් දදා කාලෙ කන්ඩ එපා....අන්න හොරෙන් ගෙනාපු ප්‍රාඩෝ 150 403 ක් වරායෙන් නිදහස් කරන්ඩ යනව...ගනින් එකක් සල්ලි කාරයලු නෙ....

    හා

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Toin toin.....

    28sowao.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    රත්තරං;19439628 said:
    කව්රු හරි මේන්න මේ ටික බයිබලේ ලිව්ව තුමා...

    biblical-drawing-earth.jpg

    හ්ම් ගොඩක් දේවල් පිලිගන්ඩ අමාරු දේවල් තමා බං.. :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නැචුරල් සිලෙක්ශන් , සවයිවල් ඔෆ් ද ෆිටස්ට් සුපිරි තියරිනෙ.බොරු උන තැනක් හොයා ගන්න තාම බැරි උනා :(අද්යාපන අමත්යාන්සෙට පිස්සුද මන්ද මේවගේ බහු බූත පෙල පොත් වලට ඇතුලත් කරන එක :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    මේ ලෝකෙ කොහොම ජීවත් වුණොත්ද බං අපේ ජීවිත සාර්ථක වෙන්නෙ ?
    හොඳම කරලද ? අවශ්‍ය වෙලාවට නරකත් කරලද ? :confused:

    අපිට පොඩි කාලෙ උගන්නපු දේවල් නෙමේ, අපි ලොකු වෙලා සමාජෙට බැස්සම තියෙන්නෙ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :eek:

    උබ බුද්ධාගමේ නේද...කව්ද කර්මය එසේත් නැත්නම් පිං පව් දෙක ඇති කලේ මේ ලෝකෙට... :dull:

    :lol::lol::lol:

    ටීවි එකේ ගිය බණක තිබුණ කතාවක් සෑහෙන්ඩ මගෙ හිතට වැදුණ..
    ඒකේ කියපු විදියට අපිට කවුරු හරි ලොකුකරදරයක් කරානං, පලිගන්න එක බොරුවැඩක්ලු..
    මොකද දන්නවද, අපිට කර්ම විපාක අනුව ඒක වෙන්ඩ තිබුණ දෙයක්ලු.. අපි පලිගත්තොත් තවත් කර්මයක් අපි හදාගන්නවලු.. :shocked:
    හැබැයි එයා අපිට කරදර කරල කරගත්ත කර්මය එයාට පස්සෙ ගෙවන්ඩ වෙනව..
    යුද්ධ කිරීම බෞද්ධ ආගමට පටහැනියි... ත්‍රස්තවාදීන්ව අපි වෙඩි තියල මැරුව.. මේවටත් අපිට ඉස්සරහට කර්මය ගෙවන්ඩ වෙයිද ? අනේ මංද මට මේ හිතුණ දෙයක්...
    නැත්තං බුද්ධාගම වැරදිද ?

    රත්තරං;19439647 said:

    චේතනා ව තමා කර්මයට මුල වෙන්නේ. ප්‍රානඝාත අකුසලයක් වෙන්න කාරනා 5ක් සම්පූර්න වෙන්න ඕනේ(උදාහරනෙකට උබ කාර් එක පාරේ එලවද්දි ඒකට උබ නොදැනුවත්ව කූබි යටවෙලා මලාට පවක් නෑ, මොකද උබට මරන සිතක් නෑ ).. මරන චේතනාවෙන්ම මැරුවනම් අනිවා ගෙවන්න වෙනවා

    ප්‍රශ්න සේරම දාලා ත්‍රෙඩ් එකක් දාන්න :):)

    10502089_591983027589078_6412152599708173281_n.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ලෝකෙ කොහොම ජීවත් වුණොත්ද බං අපේ ජීවිත සාර්ථක වෙන්නෙ ?
    හොඳම කරලද ? අවශ්‍ය වෙලාවට නරකත් කරලද ? :confused:

    අපිට පොඩි කාලෙ උගන්නපු දේවල් නෙමේ, අපි ලොකු වෙලා සමාජෙට බැස්සම තියෙන්නෙ...

    කොහෙද ඉතින් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කිව්වට අහන්නේ නෑනේ... මම ඉතින් මුශ්ලිම් මුනියා උනත් බුද්දාගමෙන් උත්තර දෙන්නම්:growl::growl::growl:හැබැයි මේ අවසාන එක.. ත්‍රෙඩ් එකක් දාපන් සේරම ප්‍රශ්න දාලා උත්තර දෙනවා සේරටම... මායා කාරයෝ කියලා වතුරේ ගිල්ලන්නේ නෑ.. යක්ශයෙක් ආරූඩ වෙලා කියලා පුච්චලා මරන්නේ නෑ.. උත්තර දෙනවා:lol::lol::lol::lol:

    බුදු දහමෙන් කියන්නේ නෑ අද්‍යාත්මික දියුනුව විතරක්ම ගිහියාට ඇති කරගන්න කියලා. ගිහියාට භෞතික දියුනුවේ වැදගත්කම බුදුන් වහන්නේ හුගක් තැන් වල දේශනා කරනවා පුලුල් ලෙස:)

    හැම වෙලේම ලෞකික දේට ඇලෙන උබ මම වගේ ගිහියන්ට දුප්පත් කම කියන දේ පට්ට දුකක් කියල බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම

    “දාලිද්‍යං භික්ඛවේ දුක්ඛං
    ගිහීනං කාම භෝගිනෝ”

    ඉතින් බුදුන් වහන්සේ ගිහියන්ට කියනවා මහන්සි වෙලා බුද්දිය යොදවලා නිවැරදි මාර්ගෙන් (දැන් ඒකත් ලියන්න ගියොත් අත කැඩෙනවා ) හම්බකරගනින් දියුනුවෙයන් හැදියන් කියලා:):)

    තුප්පහි වැඩ නොකර දාර්මිකව හම්බ කරගනින් කියලා මෙන්න මෙහෙම කියනවා -“ධම්මිකේ හි ධම්ම ලද්දෙහී” :eek::eek:

    සම්මා ආජීවයෙන්, සම්මා කම්මන්තයෙන් (උබට ඔය වචනෙන් තේරෙන තේරුමම තමා ඕකේ තියෙන්නේ:P:P ) ගේම ගහගනිල්ලා කියල තමා කියන්නේ. මොකද අපි තෝරාගන්නේ ලෞකික මාර්ගයද ලෝකෝත්තර මාර්ගයද ඔය දෙකෙන් කෝක තෝරගත්තත් වැඩේ හරියට කරපන් කියන එකනේ බුදු දහමේ කියන්නේ :)

    නැතුව මේ හැම එකාම මහන වෙයන් සේරම අත ඇරපන් කැලේට පල භාවනා කරපිය රහත් විය කියලා විතරක් කොහෙවත් කියලා නෑ...කරන දේ හරියට කරපිය කියල කියන්නේ... හරි.. සබ්බේ සත්තා ආහාරට්ඨටිකා - මොක කරන්නත් කාලා ඉන්න එපැයි:cool::cool:

    දැන් තමා උබ කිව්ව පොයින්ට් එක... දැන් ගෑනිටයි ලමයින්ටයි කන්න දෙන්න පින්ම කලෑකිද? :lol::lol:

    ඔන්න ඕක ගැන දීර්ඝව කියන්න වෙනවා. ඒත් ශෝට් ඇන්ඩ් ස්වීට් කියන්නම් ඕනේ ගොනෙක්ට තේරෙන්න:oo::oo:

    “ශීලෙ පටිද්දාය නරෝ සපඤ්ඤෝ” - ප්‍රඥාවන්තයා ගේම ගහද්දි සීලය තමා බේසික් එක කරගන්න ඕනේ:)

    දැන් උබ අහයි හරි පුකක්නේ මාත් උබෙන් ඇහුවේ සීලෙන් ගේම ගහන්න බෑ කියල නේද කියලා:baffled::baffled::baffled:

    ආන්න එතෙන්දි මෙන්න මේ වචනේ එනවා - ප්‍රඥාවන්තයා:dull:

    කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මොකක්ද මේ ප්‍රඥා වන්තයෙක් වෙන එකේ වාසිය? අඩෝ මූ කපටියෙක්ද අංකූරෙක්ද? ලෝකෝත්තරයෙක්ද මේ ප්‍රඥාවන්තයා කියන එකා??? නෑ
    නෑ :no::no:

    ඌ ඇවිල්ලා නියම සෙන්ටිමෙන්ටල් ගේමක් ගහන රියල් බුවෙක්..... මඩ අතේ ගාගන්නේ නැතුව මඩේ තියෙන නෙලුම කඩන බුවෙක්:lol::lol:

    ඔන්න දැන් ඒ කියන බුවා ගැන කතා කරමු... සිල්වත් මොල කාරයා ගැන.. උබ ඔය අහන දේ:dull::dull:

    ඔය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී ගිහියකුගේ මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරක් තියෙනවා:):)

    “උට්ඨාන සම්පදා”
    උත්සාහ සම්පත්තිය,
    ආරක්ඛ සම්පදා”
    අර පිරිමැස්ම,
    “කළ්‍යාණ මිත්ථතා”
    කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය,
    “සමජීවිකතා සම්පදා”

    දැන් ඔය ගිහි ගේම ගහන ගමන් පිස්සු කෙලලා අද්‍යාත්මික දියුනුව කෙලෝගන්නේ නැතුව (උදාහරනෙකට කලින් එකේ උත්සාහ සම්පත්තිය කියලා ෆුල් ට්‍රයි එක දෙනවා දවසකට චේන් ටිකක් වැඩිපුර කඩන්න, සත්තු ටිකක් වැඩිපුර මරන්න, කෙලවෙනවනේ ඉතින් ) ගේම ගහගන්න සොෆ්ට් වෙයා එක හදලා දෙනවා මෙන්න මෙහෙම අධ්‍යාත්මික දියුණුවට හේතුවන කරුනු ටික කියල දීලා

    “ශ්‍රද්ධා සම්පදා”
    ශ්‍රද්ධා සම්පත්තිය,
    “ශීල සම්පදා”
    ශීල සම්පත්තිය,
    “ත්‍යාග සම්පදා”
    පරිත්‍යාග සම්පත්තිය සහ
    “ප්‍රඥා සම්පදා”

    ඔන්න ආයේම මම ප්‍රඥා සම්පත්තිය කියන තැනට උබේ ගැටලුවේ සමීකරනය පරිවර්තනේ කලා

    ඕක ගැන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම කියන සූත්‍රයේ සදහන් වෙනවා
    ඕකේ තියෙන්නේ බුදු හාමුඩුරුවෝ අනේ පිඩු ලොක්කට කරපු දේශනාවක්

    කියෝලා බලහං සිංහලනේ - කෙලින්ම පිටකෙන්ම උස්සලා ඕන් දැම්මා

    “ගෘහපතිය, ප්‍රඥා සම්පත්තිය කවරේද?

    “ගෘහපතිය, අභිජ්ඣා, විෂමලෝභයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු වරද්දයි. නොකටයුතුදේ කිරීමෙන්, කටයුතුදේ නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ව්‍යාපාදයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ථීනම්ද්‍ධයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, උද්‍ධච්චකුක්කුච්චයෙන් යුක්තව වාසය කරන්නේ කටයුතු නොකරයි. නොකටයුතු කරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි.
    “ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අභිජ්ඣා විෂම ලෝභය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලොභය දුරුකරයි. ව්‍යාපාදය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය දුරලයි. ථීනම්ද්‍ධය සිතේ උපක්ලේශයකැයි දැන සිතට උපක්ලේශවූ ථීනම්ද්‍ධය දුරලයි. උද්‍ධච්චකුක්කුච්චය සිතේ උපක්ලෙශයකැයි දැන සිතට උපක්ලේශවූ උද්‍ධච්චකුක්කුච්චය දුරලයි. විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව දුරලයි. ගෘහපතිය, යම් කලක පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකයාට අභිජ්ඣා විෂම ලෝභය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය ප්‍රහීණවූයේ වේද, ව්‍යාපාදය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය ප්‍රහීණවූයේ වේද, ථීනම්ද්‍ධය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ථීනම්ද්‍ධය ප්‍රහීණවූයේ වේද, උද්‍ධච්චකුක්කුච්චය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ උද්‍ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වේද, විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව ප්‍රහීණවූයේ වේද, ගෘහපතිය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මහත් ප්‍රඥා ඇත්තේද, පැතුරුණු ඒ ඒ ප්‍රඥාව ඇත්තේද, පැමිණි දේ දන්නේද, ප්‍රඥාවෙන් සමන්විතවූයේද, ගෘහපතිය, මේ ප්‍රඥා සම්පදායයි කියනු ලැබේ.
    “ගෘහපතිය, ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ලොකයෙහි දුර්ලභවූ, මේ සතර ධර්‍මයන් ලැබීම පිණිස මේ සතර ධර්‍මයෝ පවතිත්.
    “ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උට්ඨාන වීර්‍ය්‍යයෙන් පැමිණෙන ලද, අතේ බලයෙන් පුරුදුවූ, දහඩිය වැගිරවීමෙන් දැහැමින් ලද ධාර්මික භොගයන්ගෙන් කර්‍ම සතරක් කරන්නේ වේ. කවර සතරක්ද යත්,
    “ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරන ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් තමා සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මවු පියන් සුවපත් කරයි. පිනවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. අඹු දරු දාස කම්කරු පුරුෂයන් සුවපත් කරයි. පිනවයි. මනාකොට, සුවසේ පරිහරණය කරයි. හිතවතුන් සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මේ කරුණු සහිතව පරිභොග කරණ, යුක්ති සහගතව පරිභෝග කරණ කළයුතු දේ අනුව පරිභොග කරණ පළමුවෙනි කාරණය වන්නේය.
    “ගෘහපතිය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද, ඩහදිය වගුරවමින්, දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ අප්‍රියයන්ගෙන් හෝ දායාද ගන්නවුන්ගෙන් හෝ යම් ඒ ආපදා කෙනෙක් වෙත්ද, එබඳු ආපදාවන්හිදී වස්තුව කරණකොටගෙන ඒ ආපදාවන් වලක්වා ගනියිද, තමා සුවපත් කරයිද, මේ කරුණු සහිතව පරිභෝග කරණ යුක්ති සහගතව පරිභොග කරණ, කළයුතුදේ අනුව පරිභොග කරණ දෙවෙනි කාරණයයි.
    “ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ඤාති බලි (නෑයන්ට දීම), ආගන්තුක බලි (ආගන්තුකයන්ට දීම), පුබ්බපෙත බලි (මළගියවුන් උදෙසා දෙන දාන), රාජ බලි (රජුන්ට දීම), දෙවතා බලි (දෙවියන්ට පිදීම), යන පඤ්චවිධ බලි දෙන්නේ වේද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව, කළයුතු දේ අනුව කරන තුන්වැනි පරිභෝගයයි.
    “ගෘහපතිය, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මදයෙන් හා ප්‍රමාදයෙන් වෙන්වූ, ඉවසීමට හා සිල්වත් බවට බැසගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හුදකලාව තමාගේ ආත්මය දමනය කරත්ද, හුදකලාව තමාගේ සිත කෙලෙසුන්ගෙන් සංසිඳවත්ද, හුදකලාව තමන්ම ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවෙත්ද, එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමීන්හි විපාක දෙන ස්වර්‍ගය පිණිස පවත්නා සැප විපාක ඇති අග්‍ර සැප පිණිස පවත්නා දක්‍ෂිණාව (දානය) පිහිටුවයිද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව කළයුතු දේ අනුව පවත්වන සතරවැනි පරිභෝගයයි.
    “ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මේ යුතුකම් කරන්නේ වෙයි. ගෘහපතිය, යම් කිසිවකුගේ ධනය මේ යුතුකම් සතරින් වෙන්ව විනාශයට යත්ද, ගෘහපතිය, මේ භෝගයෝ අස්ථානයට පැමිණියාහුය. නුසුදුසු තැනට පැමිණියාහුය. යුතුකම් නොකොට පරිභොග කරණ ලදහයි කියනු ලැබේ. ගෘහපතිය, යම් කිසිවකුට මේ යුතුකම් සතරින් භොගයෝ ක්‍ෂය වෙතුද, ගෘහපතිය, මේ භොගයෝ නිසි තැනට පැමිණියාහුය. සුදුසු බවට පැමිණියාහුය. යුතුකම් කොට පරිභොග කළාහුයයි කියනු ලැබේ.
    “මා විසින් වස්තුව පරිභොග කරන ලදී. පොෂ්‍ය කළ යුත්.ෝ පොෂ්‍ය කරන ලදහ. ආපදා එතෙර කරන ලදහ.”
    “උසස් භූමීන්හි උපදින දක්‍ෂිණා දෙන ලදහ. තවද, පස්වැදෑරුම් බලි කරන ලදහ. සංයමවූ, බ්‍රහ්මචාරීවූ සිල්වත්හු උපස්ථාන කරන ලදහ. ගිහිගෙයි වාසය කරන්නාවූ පණ්ඩිත තෙමේ යම් අර්ත්‍ථයක් පිණිස වස්තුව කැමති වන්නේද,

    අන්න ඒ විදිහට ප්‍රඥාව ඇතිකරගෙන උබ ඔය කිව්ව නරක කරන්න වෙන වෙලාවල් වලට හොද කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්:):)

    මචන් මේවා ඉතින් ජැන්ඩියට ඇදලා ගිහින් දෙයියා තමයි පොර ඌ තමා වැඩකරු අපි ලව් යූ තෝ ලව් මී කියලා ඩ්‍රම් ගහලා අත්පුඩිහගලා ආතල් අරන් එන තරම් ලේසි නෑ...:lol::lol::lol: කියෝලා බලහං දෙතුන් පාරක්.

    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රත්තරං;19440184 said:
    මචන් මේවා ඉතින් ජැන්ඩියට ඇදලා ගිහින් දෙයියා තමයි පොර ඌ තමා වැඩකරු අපි ලව් යූ තෝ ලව් මී කියලා ඩ්‍රම් ගහලා අත්පුඩිහගලා ආතල් අරන් එන තරම් ලේසි නෑ...:lol::lol::lol:

    :lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;19440184 said:

    මචන් මේවා ඉතින් ජැන්ඩියට ඇදලා ගිහින් දෙයියා තමයි පොර ඌ තමා වැඩකරු අපි ලව් යූ තෝ ලව් මී කියලා ඩ්‍රම් ගහලා අත්පුඩිහගලා ආතල් අරන් එන තරම් ලේසි නෑ...:lol::lol::lol: කියෝලා බලහං දෙතුන් පාරක්.

    යේ මුනියා උබේ සේරම තමා එක පාර මෙහෙම කීවම අපි තමා කොර වෙනවනෙ උබ තම්බි මුනියා වෙච්චි මෙව්ව මේ හැටි කෝම තමා දන්නව මට යේක තමා හෙන ප්‍රශ්නෙ? ඇත්ත කියපං මුනියා උබ සිංහලයෙක් නේද ? :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යේ මුනියා උබේ සේරම තමා එක පාර මෙහෙම කීවම අපි තමා කොර වෙනවනෙ උබ තම්බි මුනියා වෙච්චි මෙව්ව මේ හැටි කෝම තමා දන්නව මට යේක තමා හෙන ප්‍රශ්නෙ? ඇත්ත කියපං මුනියා උබ සිංහලයෙක් නේද ? :eek:

    හම්බයෝ මාත් එක්ක කට ගහන් එන්නේ නැත්තේ කුරානෙයි හදීස් ටිකයි පාඩම් හින්දා බන්.. නිකන් කාටවත් කුනුහරපෙන් බැනලා වැඩක් නෑ. පොයින්ට් එකට දෙන්න ඕනේ රෙවෙන්නනම්. පානදුරාවාදෙදි කලෙත් ඒක. එහෙම නොකලනම් අද අපේ රටම කතෝලික.. සංස්කෘතික වහල්ලු වෙච්ච පිලිපීන් වගේ ජාතියක්.. අර මීගමුව පැත්තේ සමාජ සංස්කෘතිය රට පුරාම. අඩුම තරමේ හැම ආගමකම බේසික් ටිකවත් මීටරේ තියෙන්න ඕනේ නමින් සර්ච් කරලා නෙට් එකෙන් හරි හොයාගන්න...

    මම අලුත් ගිවිසුම් පරන ගිවිසුම් පයන්නක් දන්නෑ බයිබල් රීඩින් සයිට් එකෙන් බයිබලේ කියන එක කියෝනවා. එතකොට තමා ඔය ටික හම්බ උනේ. ලැජ්ජ නිසා ඒවා අයින් කරලා වෙන එකක් ලියලා කියල ඒකේ තිබ්බේ නෑ :lol::lol:

    ගුරු නානක් කියන්නේ ජේසු තුමා වගේම මගේ ෆේවරිට් ඩයල් එකක්. ආදරය කරන කෙනෙක්. ආගම ප්‍රචාරය කරගන්න බොරු ටිකක් කිව්වට හොද මිනිස්සු නබියා වගේ ලමා අපචාරී පිස්සෝ නෙමේ. කොලයක් ඈතට විසිකරන්න බැරි නිසා ගලක ඔතලා විසිකරනවා වගේ ගුරු නානක් ජේසු තුමා දෙන්නම කලේ මිනිස්සුන්ව යහ මගට ගන්න , හදන්න
    දෙයියගේ ඔතලා ආගමට විභවයක් දුන්නා..දැන් පිස්සු උට්ටලා ජේසු තුමාගේ උතුම් ජීවිතේ ආදර්ශෙට නොගෙන අර ගල ඔලුවේ තියන් දෙයියා පස්සේ පිස්සුවෙන් වගේ යනවා..
    නබිය කරේ දෙයියා බිජ්ජේ ඔතාන බඩු ගැහුවා ලමා අපචාර කලා හොරකම් කලා මිනී මැරුවා. කොටින්ම නිකන් ඉදන් බඩු ගහලා රොටී කන්න පොතක් ලිව්වා.. අන්න ඒකනේ වාසි පැත්තට හෝයියා කියල මම මුස්ලිම් උනේ:lol::lol:

    නිකන් ඉන්න වෙලාවක සහිස් බුහාරි සහිස් මුස්ලිම් වගේ හදීස් ටිකක් කියෝපන්... අයියෝ ඩොලර්:lol::lol:අම්මපා ඔය ටික විවුර්ත මනසකින් කියෙව්වොත් හම්බයෝ දැක්කහම හූ කියන්න හිතෙනවා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19440274 said:

    ගුරු නානක් කියන්නේ ජේසු තුමා වගේම මගේ ෆේවරිට් ඩයල් එකක්. ආදරය කරන කෙනෙක්. ආගම ප්‍රචාරය කරගන්න බොරු ටිකක් කිව්වට හොද මිනිස්සු නබියා වගේ ලමා අපචාරී පිස්සෝ නෙමේ. කොලයක් ඈතට විසිකරන්න බැරි නිසා ගලක ඔතලා විසිකරනවා වගේ ගුරු නානක් ජේසු තුමා දෙන්නම කලේ දෙයියගේ ඔතලා ආගමට විභවයක් දුන්නා..දැන් පිස්සු උට්ටලා ජේසු තුමාගේ උතුම් ජීවිතේ ආදර්ශෙට නොගෙන අර ගල ඔලුවේ තියන් දෙයියා පස්සේ පිස්සුවෙන් වගේ යනවා.. නබිය කරේ දෙයියා බිජ්ජේ ඔතාන බඩු ගැහුවා ලමා අපචාර කලා හොරකම් කලා මිනී මැරුවා. කොටින්ම නිකන් ඉදන් බඩු ගහලා රොටී කන්න පොතක් ලිව්වා.. අන්න ඒකනේ වාසි පැත්තට හෝයියා කියල මම මුස්ලිම් උනේ:lol::lol:

    නිකන් ඉන්න වෙලාවක සහිස් බුහාරි සහිස් මුස්ලිම් වගේ හදීස් ටිකක් කියෝපන්... අයියෝ ඩොලර්:lol::lol:

    ආගම් නැති වුනාට මෙ ලොකෙ මිනිස්සු මැරිලා නැ එත් කන්න බොන්න නැති උනහම ගොඩක් මිනිස්සු මැරිලා තියනවා / මෙ ටයිප් කරන තප්පරයෙත් මැරෙනවා :eek: ලොකෙ ලොකුම ප්‍රශ්නෙ ආගම් නෙමෙ විශෙශයෙන්ම අපෙ ශ්‍රි ලන්කාවෙ ගමකට ගියොත් ඉරටු කැලි වගෙ මිනිස්සු ඉන්න රටක් මෙ :eek: එ මිනිස්සුන්ට මොන ආගමෙවත් පිහිටක් නැ / ඔහෙ ගම් වලම කුලි වැඩ කරලා මැරෙනවා ........මිට වඩා කතා කිරිම අර්තයක් නැ
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.

    අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,

    අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.

    වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,

    :):):):)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;19440274 said:

    හම්බයෝ මාත් එක්ක කට ගහන් එන්නේ නැත්තේ කුරානෙයි හදීස් ටිකයි පාඩම් හින්දා බන්.. නිකන් කාටවත් කුනුහරපෙන් බැනලා වැඩක් නෑ. පොයින්ට් එකට දෙන්න ඕනේ රෙවෙන්නනම්. පානදුරාවාදෙදි කලෙත් ඒක. එහෙම නොකලනම් අද අපේ රටම කතෝලික.. සංස්කෘතික වහල්ලු වෙච්ච පිලිපීන් වගේ ජාතියක්.. අර මීගමුව පැත්තේ සමාජ සංස්කෘතිය රට පුරාම. අඩුම තරමේ හැම ආගමකම බේසික් ටිකවත් මීටරේ තියෙන්න ඕනේ නමින් සර්ච් කරලා නෙට් එකෙන් හරි හොයාගන්න...

    මම අලුත් ගිවිසුම් පරන ගිවිසුම් පයන්නක් දන්නෑ බයිබල් රීඩින් සයිට් එකෙන් බයිබලේ කියන එක කියෝනවා. එතකොට තමා ඔය ටික හම්බ උනේ. ලැජ්ජ නිසා ඒවා අයින් කරලා වෙන එකක් ලියලා කියල ඒකේ තිබ්බේ නෑ :lol::lol:

    ගුරු නානක් කියන්නේ ජේසු තුමා වගේම මගේ ෆේවරිට් ඩයල් එකක්. ආදරය කරන කෙනෙක්. ආගම ප්‍රචාරය කරගන්න බොරු ටිකක් කිව්වට හොද මිනිස්සු නබියා වගේ ලමා අපචාරී පිස්සෝ නෙමේ. කොලයක් ඈතට විසිකරන්න බැරි නිසා ගලක ඔතලා විසිකරනවා වගේ ගුරු නානක් ජේසු තුමා දෙන්නම කලේ මිනිස්සුන්ව යහ මගට ගන්න , හදන්න
    දෙයියගේ ඔතලා ආගමට විභවයක් දුන්නා..දැන් පිස්සු උට්ටලා ජේසු තුමාගේ උතුම් ජීවිතේ ආදර්ශෙට නොගෙන අර ගල ඔලුවේ තියන් දෙයියා පස්සේ පිස්සුවෙන් වගේ යනවා..
    නබිය කරේ දෙයියා බිජ්ජේ ඔතාන බඩු ගැහුවා ලමා අපචාර කලා හොරකම් කලා මිනී මැරුවා. කොටින්ම නිකන් ඉදන් බඩු ගහලා රොටී කන්න පොතක් ලිව්වා.. අන්න ඒකනේ වාසි පැත්තට හෝයියා කියල මම මුස්ලිම් උනේ:lol::lol:

    නිකන් ඉන්න වෙලාවක සහිස් බුහාරි සහිස් මුස්ලිම් වගේ හදීස් ටිකක් කියෝපන්... අයියෝ ඩොලර්:lol::lol:අම්මපා ඔය ටික විවුර්ත මනසකින් කියෙව්වොත් හම්බයෝ දැක්කහම හූ කියන්න හිතෙනවා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඒක නම් ඇත්ත නොදැන කතා කරන්න ගියාම කිච වෙනවා හරියට පුශ් බයිසිකලයක් විතරක් පැදපු එකෙන් ප්‍රාඩෝ එකක් ගැන කතා කරනවා වගේ :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;19440305 said:
    ආගම් නැති වුනාට මෙ ලොකෙ මිනිස්සු මැරිලා නැ එත් කන්න බොන්න නැති උනහම ගොඩක් මිනිස්සු මැරිලා තියනවා / මෙ ටයිප් කරන තප්පරයෙත් මැරෙනවා :eek: ලොකෙ ලොකුම ප්‍රශ්නෙ ආගම් නෙමෙ විශෙශයෙන්ම අපෙ ශ්‍රි ලන්කාවෙ ගමකට ගියොත් ඉරටු කැලි වගෙ මිනිස්සු ඉන්න රටක් මෙ :eek: එ මිනිස්සුන්ට මොන ආගමෙවත් පිහිටක් නැ / ඔහෙ ගම් වලම කුලි වැඩ කරලා මැරෙනවා ........මිට වඩා කතා කිරිම අර්තයක් නැ

    පොයින්ට් එක හොද එකක් බං ඕක වෙනමම කතා කරන්න ඕන දෙයක් ඒත් අපි ඕක මෙතන ටයිප් කලාට වෙන සුට්ටක් නෑ. ඇති හැකි විදියට්ට එහෙම අයට උදව් කරන එකයි වටින්නෙ :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19440305 said:
    ආගම් නැති වුනාට මෙ ලොකෙ මිනිස්සු මැරිලා නැ එත් කන්න බොන්න නැති උනහම ගොඩක් මිනිස්සු මැරිලා තියනවා / මෙ ටයිප් කරන තප්පරයෙත් මැරෙනවා :eek: ලොකෙ ලොකුම ප්‍රශ්නෙ ආගම් නෙමෙ විශෙශයෙන්ම අපෙ ශ්‍රි ලන්කාවෙ ගමකට ගියොත් ඉරටු කැලි වගෙ මිනිස්සු ඉන්න රටක් මෙ :eek: එ මිනිස්සුන්ට මොන ආගමෙවත් පිහිටක් නැ / ඔහෙ ගම් වලම කුලි වැඩ කරලා මැරෙනවා ........මිට වඩා කතා කිරිම අර්තයක් නැ

    ඒකනේ බන් සුද්දම දැන් කියන්නේ

    ඩූ සම්තින් යූස්ෆුල් ආෆ්ටර් යූ ප්‍රේයින් ෆෝ ද පීපල් හූ නීඩ් හෙල්ප් කියලා:lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19440184 said:

    මචන් මේවා ඉතින් ජැන්ඩියට ඇදලා ගිහින් දෙයියා තමයි පොර ඌ තමා වැඩකරු අපි ලව් යූ තෝ ලව් මී කියලා ඩ්‍රම් ගහලා අත්පුඩිහගලා ආතල් අරන් එන තරම් ලේසි නෑ...:lol::lol::lol: කියෝලා බලහං දෙතුන් පාරක්.

    පාට කන්නාඩියක් දාන් ඉන්න කෙනාට පේන්නේ ඒ පාටම විතරයි බන්..
    ඉතින් වෙනත් පාටක් දකින්න නම් ඒ කන්නාඩිය ගලවන්න වෙනවා..
    මෙතන ඉන්න අය ඇත්තටම දැනගැනීම සදහා ධර්මය ගැන අහනවනම් ඒ ගැන කියලා දෙන එක ගොඩක් වටිනවා..
    ඒත් මුන් ප්‍රශ්න අහන්නේ මට පේන පාට විතරයි මේ ලෝකේ තියෙන්නේ වෙන පාට නෑ එහෙම කියනවනම් ඒ බොරුකාරයෝ වගේ අදහසින්..
    ඉතින් එහෙම අයට දීර්ග දර්ම දේශනා කරලා තේරුමක් නෑ..

    මමනම් දර්මය ගැන දෙයක් කියද්දි දීර්ග විස්තරයක් තියෙනවනම් කරන්නේ අලුත් ත්‍රේඩ් එකක් දාන එක..
    එතකොට ඒ දර්මය අසා නැති අයට දැනගන්න ලැබෙනවා..
    එහෙම දැම්මත් කීයක් කියලා දාන්නද.. ත්‍රිපිටකය කොච්චර ලොකු එකක්ද..
    ඉතින් සැබෑ බවුද්දයෙක් හෝ සැබෑ ලෙසම බුද්ද ධර්මය ගැන දැනගන්න ඕන කෙනෙක් කියවන්න ඕනේ ත්‍රිපිටකය..
    සූත්‍ර පිටකයෙන් පටන් අරන් අබිධර්ම පිටකයට යන්න ඕනා..
    මටත් අබිධර්මය තේරුම් ගන්න අමාරුයි.. මන් හිතන්නේ අබිදර්මය තේරුම් ගන්න පැහැදිලි මනසක් අවශ්යයි..
    ඒ සදහා බාවනාව ප්‍රගුන කලයුතුයි..
    බුද්ධ දර්මයේ හරය තියෙන්නේ අබිදර්මයේ තමයි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19440383 said:
    ඒකනේ බන් සුද්දම දැන් කියන්නේ

    ඩූ සම්තින් යූස්ෆුල් ආෆ්ටර් යූ ප්‍රේයින් ෆෝ ද පීපල් හූ නීඩ් හෙල්ප් කියලා:lol::lol:
    නැ බන් ජොක් නෙමෙ කටුනායක ගාමන්ට් ෆැක්ටරියෙ කොල්ලා මැරුම් කැවා එත් සින්හලයෙක් එ වාගෙම හලාවත දිවරයෙක් මැරුම් කැවා එත් සින්හලයෙක් රට කරවන උන් ආගමික නායකයො හ්ම් ගැවද අඩුම ගානෙ මාදන නිවෙදනයක් :lol: සෙරම වාසියක් වෙනකම් විතරයි ආගම් පෙන්නෙ කන්න බොන්න නැති වෙලා පාරට බැස්සහම ලන්කාවෙ නම් සොරිම තමයි:no: එවාට ශොට් එක දෙනවා :no: එත් අනික් එවාට ........
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පාට කන්නාඩියක් දාන් ඉන්න කෙනාට පේන්නේ ඒ පාටම විතරයි බන්..
    ඉතින් වෙනත් පාටක් දකින්න නම් ඒ කන්නාඩිය ගලවන්න වෙනවා..
    මෙතන ඉන්න අය ඇත්තටම දැනගැනීම සදහා ධර්මය ගැන අහනවනම් ඒ ගැන කියලා දෙන එක ගොඩක් වටිනවා..
    ඒත් මුන් ප්‍රශ්න අහන්නේ මට පේන පාට විතරයි මේ ලෝකේ තියෙන්නේ වෙන පාට නෑ එහෙම කියනවනම් ඒ බොරුකාරයෝ වගේ අදහසින්..
    ඉතින් එහෙම අයට දීර්ග දර්ම දේශනා කරලා තේරුමක් නෑ..

    මමනම් දර්මය ගැන දෙයක් කියද්දි දීර්ග විස්තරයක් තියෙනවනම් කරන්නේ අලුත් ත්‍රේඩ් එකක් දාන එක..
    එතකොට ඒ දර්මය අසා නැති අයට දැනගන්න ලැබෙනවා..
    එහෙම දැම්මත් කීයක් කියලා දාන්නද.. ත්‍රිපිටකය කොච්චර ලොකු එකක්ද..
    ඉතින් සැබෑ බවුද්දයෙක් හෝ සැබෑ ලෙසම බුද්ද ධර්මය ගැන දැනගන්න ඕන කෙනෙක් කියවන්න ඕනේ ත්‍රිපිටකය..
    සූත්‍ර පිටකයෙන් පටන් අරන් අබිධර්ම පිටකයට යන්න ඕනා..
    මටත් අබිධර්මය තේරුම් ගන්න අමාරුයි.. මන් හිතන්නේ අබිදර්මය තේරුම් ගන්න පැහැදිලි මනසක් අවශ්යයි..
    ඒ සදහා බාවනාව ප්‍රගුන කලයුතුයි..
    බුද්ධ දර්මයේ හරය තියෙන්නේ අබිදර්මයේ තමයි..

    ත්‍රිපිටකය කියවන්න ගත්තට ඒක සරල නෑනෙ බං සමහර තැන් තේරෙන් නෑ :baffled:
     
    සිංහලෙන් කියන්නද? බුදු හාමුදුරුවේ වෙද ඇදුරෙක් නම් නම් සූත්‍ර පිටකය යනු ඒ ඒ ලෙඩ්ඩුන්ට ඒ ඒ වෙලාවේදී ලබා දුන් බේත් වට්ටෝරු.. අභිදර්ම පිටකයේ තියෙන්නේ කෙලින්ම වෙදැදුරානන් ලියපු වෛද්‍ය විද්‍යාව