ගෑස් පුපුරනකොට බයයි. දර ලිපේ උයන්න ඕනෙ. ගෙදර දර නෑ. යනව කැලේට. මහන්සියෙන් කපල ගේනව දර. ව්‍යායාමයක් වෙනව. ඇඟට හොඳයි.
දර ටික දාල ලිප පත්තු කරනව. මුට්ටියට දාන්න හාල් ඕනෙ. ගෙදර හාල් නෑ. හාල් ගේන්න යනව කඩේ. කඩෙත් හාල් නෑ. එනව ගෙදර. පයින්ම. ඇඟට හොඳයි.
බඩගිනියි. තේකක් වත් බොන්න ඕනෙ. ගෙදර පිටිත් නෑ සීනිත් නෑ. බොනව ප්ලේන් ටී. පිටි කෘත්‍රිමයි. ප්ලේන්ටි ඇඟට හොඳයි.
වැඩට යන්න ඕනෙ. නඟිනව වාහනේට. තෙල් නෑ. යනව ස්ටේෂන් එකට. කෝච්චි නෑ. එනව ගෙදර. පරිසරයේ වාහන දුම් අඩුයි. වායු දූෂණය අවමයි. ඇඟට හොඳයි.
කම්මැලියි. අද LPL මැච් යනව. දානව ටීවී එක. වැඩ නෑ. කරන්ට් නෑ. කපල. ටීවී බැලුවම ඇස් සවුත්තු වෙනව. ඒ නිසා ඇඟට හොඳයි.
- ධනාත්මක බයියා


#බයියෙක්ලෙසසිතමු