ඉතින් ඊට වඩා බියසුළු ආකාරයේ ගරිල්ලා ප්‍රහාර එල්ල කරන සෝමාලියානු කොල්ලකරුවන්ව මර්දනනය කරන්න අපේ වීරෝදාර නාවික භටයින්ට හොඳින් අත්දැකීම් තිබුණා. කුඩා බෝට්ටු යොදා ගනිමින් නාවික සංග්‍රාම කිරීමේ දක්ෂතාවයෙන් ලෝකයේ තවමත් අංක 1 ට ඉන්නේ ශ්‍රී ලංකා නාවික රණවිරුවන්. ඒ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යම් සීමාවන්ට යටත්ව නාවික ආරක්ෂාව සැපයූ අතර මසකට රටට ලැබුණේ ඩොලර් මිලියන 8 ක් විතරයි. මෙය වැඩිදියුණු කරමින් කරන් ගියොත් අපේ රටට මහා ධනස්කන්ධයක් උපයාගත හැකි වෙනවා.
නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.
1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.
2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.
3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.
4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.
5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.
ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.
ඩොලර් මිලියන 8ක් ලෙස නාවික අරක්ෂාවෙන් රටට ලැබුණ මුදල, ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව මසකට ඩොලර් මිලියන 65 ක විදේශ විනිමයක් ඉපයීමට පටන් ගත්තා. එම මුදල අපේ රටේ මුදලින් නම් ආසන්නව රු. 8,450,000,000.00