බයි තක්සලාවට මරණ තර්ජනලු 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,241
    8,378
    113
    iraj.png


    ‘බයි තක්සලාව’නම් යූ ටියුබ් නාලිකාව මෙහෙයවන්නන් ඇතුළු රජය විවේචනය කරන්නන්ට දැන් මරණ තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

    නාඳුනන තුවක්කකරුවන් විසින් වෙඩි තැබීම් සහ කොන්ත්‍රාත් පන්නයේ ඝාතන සංස්කෘතියක් රට පුරා අඛන්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බවත්, සිවිල් ජනතාව අවදානමට ලක්වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

    මෙම වාතාවරණය තුළ රජයේ ක්‍රියාකලාපය ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන කණ්ඩායම් වෙත පවා ක්‍රමානුකූල බිය ගැන්වීම් එල්ල වෙමින් පවතින බව විපක්ෂ නායකවරයා පවසයි.

    බයි තක්සලාව මෙහෙයවන ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ යන අයගේ නිවෙස් අසල ලියාපදිංචි නොකළ යතුරුපැදිවලින් පැමිණි නාඳුනන පුද්ගලයන් ගැවසී ඇති බව ද ඔහු පවසයි.

    ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් සහ පුරවැසියන් මුහුණදෙන වර්ධනය වන අනාරක්ෂිතභාවය මෙයින් පිළිබිඹු වන බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

    ජනමාධ්‍යවේදීන්ට එරෙහි මෙම තර්ජන ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන අතර එය වහා නැවැත්විය යුතු බවත්, බලධාරීන් මෙම නාඳුනන පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

    රජය සිදුකරන නිවැරදි ක්‍රියා සඳහා ප්‍රශංසා කිරීමටත් වැරදි දේ විවේචනය කිරීමටත් සියලුම පුරවැසියන්ට අයිතියක් ඇති බව පවසන විපක්ෂ නායකවරයා, ඊට එරෙහිවීමට රජයට හෝ සන්නද්ධ කණ්ඩායම්වලට බලයක් නොමැති බව ද පවසයි.
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    බයි තක්සලාව මෙහෙයවන ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ යන අයගේ නිවෙස් අසල ලියාපදිංචි නොකළ යතුරුපැදිවලින් පැමිණි නාඳුනන පුද්ගලයන් ගැවසී ඇති බව ද ඔහු පවසයි.