ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරන ජයනාත් කොළඹගේ මහතා ‘පාත්ෆයින්ඩර්’ සංවිධානයේ බැරෑරුම් කාර්යක නිරත වන්නෙක් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.
මිලින්ද මොරගොඩ මහතාගේ මැදිහක්විමෙන් පිහිටුව ඇති පාත්ෆයින්ඩර් ආයතනය ඔත්තු සේවා සංවිධානයක් බවත් එය ඔත්තු සේවා ක්රියාවලියක් සදහාම බිහි කරන ලද්දක් බවත් ඔහු සදහන් කරයි.
තමන් මේ බව පැවසීමට පැකිලෙන්නේ නැති බවත් එය කීමෙන් තමන්ට සිදුවන ඕනෑම දේශපාලන අවාසියක් දරා ගැනීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියේය.
මෙම සංවිධානය සමග කටයුතු සඳහා දයා රත්නායක හා ලලිත් වීරතුංග මහත්වරුන් සම්බන්ධ වුවද ඔවුන් එතරම් ක්රියාකාරී මැදිහත්වීමක් සිදුකරන බවද ඇමතිවරයා පවසයි.
හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමින් වීරවංශ මහතා මෙම අදහස් පල කළේය.
ඇමති විමල්
June 10, 2020 at 10:26 pm | lanka C news