බයෝබැබ් ගස් ගුප්ත ලෙස මියයයි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බයෝබැබ් ගස් ගුප්ත ලෙස මියයයි

    බයෝබැබ් ගස් ගුප්ත ලෙස මියයයි

    අප්‍රිකානු සවානා වනාන්තර වලට සුවිශේෂී බයෝබැබ් ගස් ගුප්ත ලෙස මියයෑමට හේතුව සොයාගැනීමට පරිසර විද්‍යාඥයන් තොරතුරු රැස් කරන බව වාර්තා වේ.

    පසුගිය වසර 12ක කාලය තුළ පැරණි සහ විශාල අප්‍රිකානු බයෝබැබ් ගස් විශාල වශයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර විද්‍යාඥයෝ පවසති.

    සිම්බාබ්වේ, නැම්බියාව, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ සැම්බියා යන රටවල මේ සංසිද්ධිය දක්නට ලැබේ.

    මෙලෙස මියගොස් ඇති ශාක සියල්ලම අවුරුදු දහසකට වඩා වැඩි ආයුකාලයක් සහිත ඒවා බව විදයාඥයෝ පවසති.

    මේ සඳහා පැහැදිලි සාක්ෂියක් නොමැති නමුත් කාළගුණ විපර්යාස හේතුවෙන් මෙම ශාක මියයන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති.

    උෂ්ණත්වය වැඩිවීම සහ නියං තත්ත්වයන් මේ සමඟ සම්බන්ධව ඇතැයි ඔවුහු විශ්වාස කරන අතර මෙය ඉතා කණගාටුදායක සහ දරුණු තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දෙති.

    දැවැන්ත බයෝබැබ් ශාක අවුරුදු සිය දහස් ගණනක් නොනැසී පවතින බව පැවසේ.

    (බීබිසි ඇසුරිණි )


    image_3ea0d0e0c5.jpg



    image_5ecc2c30a8.jpg


     
    • Like
    Reactions: waruna87 and 10A's