චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නුද&

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නුද&

    වර්ෂ 2011දී උඩුගුවනට යැවූ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ටියෑංගොන්- 1 හි සුන්බුන් නුදුරු දිනයකදී පෘථිවිය මතට කඩාවැටෙනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

    මිනිසකු සහිත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් 2022 දි අභ්‍යවකාශයට යැවීමේ බලාපොරොත්තුවෙන් සිටින චීනය ඒ සඳහා අත්හදාබැලීමක් ලෙස මෙම යානය ගුවන් ගත කරන ලදී. ගුවන් ගත කිරීමෙන් වසර පහකට පසුව මෙහෙයුම් අවසන් වූ ටියෑංගොන් යානය සමඟ පැවති සබඳතා බිඳවැටුණු බව 2016 වර්ෂයේදී චීනය තහවුරු කළේය.

    යානය තම පාලනයෙන් මිදී ඇති බැවින් එය පෘථිවි වායුගෝලය සමග ගැටෙන ස්ථානය හෝ වේලාව සඳහන් කිරීම දුෂ්කර බව චීනය පවසයි. කෙසේවුවද මාර්තු 30 සහ අප්‍රේල් 02 අතර කාලය තුල මෙය සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

    යානය වායුගෝලයට ඇතුළු වීමෙන් පසු ගිනිගැනීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඉතිරිවන සුන්බුන් පෘථිවියට වැටෙනු ඇති බවත් ඔවුහු තවදුරටත් පවසති.

    එසේ වුවද විද්‍යාඥයින් පවසන්නේ මෙයින් පෘථිවියට හානියක් ඇතිවීමේ සම්භාවිතාව අවම මට්ටමක පවතින බවයි. මෙම සිදුවීම රාත්‍රී කාලයේ සිදුවුවහොත් එය උල්කාවක් ගිනිගන්නා ආකාරයෙන් දර්ශනය වේ යැයි පැවසේ.

    (බීබිසි ඇසුරිණි - 085)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    චිනේ බඩු නේ ...:rofl:


    දෙයියනේ පාර්ලිමන්ට් එකට වැටියන්කෝ ඔකේ ඉන්න ඔක්කොම හරක්ටික ගාල්වෙලා ඉන්න වෙලාවක :love::love::love::love:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ලංකාවට වැටියං

    ටියෑන්ගොන් 1 චීන අභයාවකාශ මධ්‍යස්තානය පිළිබද ඔබ අසා ඇති. එය මේ වන විට චීනයේ පාලනයෙන් මිදී පෘථවි කක්ක්ෂයේ ඒ මේ අත ගමන් කරමින් පවතිනවා.විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලබන සතියේ එය පෘථවියට කඩා වැටෙන බවයි. එය කඩා වැටීමේ අවධානම සහිත ගමන් මාර්ගය ලංකාවටත් ආසන්නයෙන් පවතිනවා. මේ ඒ පිළිබද නවතම අනාවරණයයි.

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,199
    20,806
    113
    හස්තිශෛලපුර
    මරුසිරා;23011927 said:
    චිනේ බඩු නේ ...:rofl:


    දෙයියනේ පාර්ලිමන්ට් එකට වැටියන්කෝ ඔකේ ඉන්න ඔක්කොම හරක්ටික ගාල්වෙලා ඉන්න වෙලාවක :love::love::love::love:

    මගෙත් පැතුම ඕකමයි, හරක් මඩුවේ එකෙක්වත් ඉතුරු වෙන්න හොද නෑ.. :yes::yes::yes: :love::love::love: