බය නැතුව ඇත්ත කිව්ව පැතුම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මා රටේ ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බව එදා ITN එකෙදී කී විට විශාල මඩ කැම්පේන් එකක් ක්‍රියාත්මක උනා. ලේබල් ගැහැව්වා. බැන්නා. ඒත් අපේ ප්‍රතිචාරය උනේ ඉවසන එක විතරයි. මොකද ඇත්ත කියන්නේ එහෙම එකක්. ඇත්ත කිව්වහම බය වෙන්න දෙයක් නෑ.

    අපි අර්බුදයට පෙරත් විවිධ දේ ප්‍රකාශ කළා. බංකොලොත් රටක තෙල්, බෙහෙත් නැති වෙන හැටි කතා කළා. ඒත් මේ වගේම බැනුම් සහ අපහාස විඳගෙන. අපිට ඒ ඉවසීම තිබුණා.

    මිනිස්සු අහන්න අකමැති දේ කියන කොට බැනුම් අහන්න වෙනවා. ඒක මේ ජොබ් එකේ හැටි. මිනිස්සු අහන්න කැමති නිසා බොරු හරි කියලා පොරවල් වෙලා වැඩක් නෑ. එහෙම කරලා මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න බෑ. රට හදන්නත් බෑ.

    අපි කියන මේ සිස්ටම් චේන්ජ් එක එන්නේ ඒ දේශපාලන සංස්කෘතියම වෙනස් කිරීම තුළින්. අපි හිතන පතන විදිය, ප්‍රතිචාර දක්වන විදිය හැම දේම. ඉතිං අපි අලුත් වෙන්න නම්, මේ දේශපාලන සංස්කෘතියම වෙනස් කර ගන්න උත්සහ කරන්න ඕනේ. අපි මේ දරමින් ඉන්නේ ඒ උත්සහය.

    ආර්ථිකය අර්බුදයෙන් ගොඩ එන්න පටන් ගත්ත මූලික අවදිය ගැන අපි ඔබට නොපැකිළව කියනවා. අපි හැමෝම එකා වගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පුරවැසියන් වෙමු. පාක්ෂිකයන් වීමෙන් වළකිමු.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     
    • Dislike
    Reactions: SLK_sri